Valentina Vladimirovna Tereshkova, 1937 මාර්තු 6 වැනි දින රුසියාවේ ඕධතඵඩධරඥ ගම්මානයේ උපත ලැබී ය. ඇයට තිබුණේ සාමාන්‍ය පවුල් පසුබිමකි. ඇගේ පියා ට්‍රැක්ටර් රියදුරකු ලෙස සේවය කළ අතර, ඇගේ මව රෙදිපිළි කම්හලක සේවය කරමින් සිටියා ය. සීමිත විධිමත් අධ්‍යාපනයක් තිබියදීත්, ඇය ස්කයිඩයිවිං (ඉහළ ගුවනේ සිදු කරන ක්‍රීඩාවක්) සඳහා දැඩි ඇල්මක් ඇති කර ගත් අතර , එය අවසාන වූයේ ඇය සෝවියට් අභ්‍යවකාශ ව්‍යාපෘතියට සම්බන්ධ වීමෙනි.
1962දී, අභ්‍යවකාශගාමී බළකායට බැඳීමට බලාපොරොත්තු වූ අයදුම්කරුවන් 400 කට අධික සංඛ්‍යාවක් අතරින් ඇයව තෝරා ගන්නා ලදි. ඇයගේ ධෛර්යය සහ ශාරීරික යෝග්‍යතාව පෙන්නුම් කළ බැවින්, ඇයගේ ස්කයිඩයිවිං අත්දැකීම ඇයගේ එම තෝරාගැනීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේ ය.
වොස්ටොක් 6 මෙහෙයුම
වයස අවුරුදු 26දී, ටෙරෙෂ්කෝවා 1963 ජුනි 16 වැනි දින වොස්ටොක් 6 යානයෙන් අභ්‍යවකාශගත වුණා ය. ඇයගේ මෙහෙයුම අතරතුර, ඇය පෘථිවිය වටා 48 වතාවක් කක්ෂගත වී දින තුනකට ආසන්න කාලයක් අභ්‍යවකාශයේ ගත කළ අතර, ඇය තනි අභ්‍යවකාශ ගමනක් සම්පූර්ණ කළ පළමු කාන්තාව බවට පත් විය. මෙම ජයග්‍රහණය ඇයගේ පෞද්ගලික නිර්භීතකම පිළිබඳ සාක්ෂියක් පමණක් නොව සීතල යුද සමයේදී සෝවියට් සංගමය සඳහා සැලකිය යුතු ප්රචාරක ජයග්‍රහණයක් ද විය.
ඇයගේ ජීවිතයේ අනෙකුත් කතා
ඇයගේ ඓතිහාසික ගුවන් ගමනෙන් පසුව, ටෙරෙෂ්කෝවා සෝවියට් දේශපාලනයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වූ අතර, අභ්‍යවකාශ ගවේෂණය සඳහා දිගටම පෙනී සිටියා ය. ඇය සෝවියට් සංගමයේ වීරයා පදක්කම ඇතුළු සම්මාන සහ ගෞරව රාශියක් ලබා ගත්තා ය. ටෙරෙෂ්කෝවා ෂුකොව්ස්කි ගුවන් හමුදා ඉංජිනේරු ඇකඩමියෙන් උපාධිය ලබා වැඩිදුර අධ්‍යාපනය හැදෑරී ය.
උරුමය
Valentina Tereshkova ගේ අභ්‍යවකාශ ගමන අනාගත ගගනගාමීන්ගේ අනාගත පරපුරට මඟ පෑදුවා ය. ඇයගේ ධෛර්යය සහ අධිෂ්ඨානය නිසා විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) යන ක්ෂේත්රවල වෘත්තීන් හැදෑරීමට ලොව පුරා සිටින කාන්තාවන් දිරි ගැන්විණි.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය
ස්වීඩ්න් ජාතික නව නිපැයුම්කරුවකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් විසින් නිර්මාණය කරන ලද නොබෙල් ත්‍යාගය විශ්ව පූජිත වූ ත්‍යාගයකි. මෙම ත්‍යාගය යන ලෝක සාමය, වෛද්‍ය විද්‍යාව, භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, සාහිත්‍යය සහ ආර්ථික විද්‍යාව ක්ෂේත්‍ර හය අරභයා ලොවට විශේෂිත වූ කාර්යය භාරයක් සිදුකළ පුද්ගලයන් සඳහා මෙය වාර්ෂිකව පිරිනමනු ලබයි. සෑම වසරකම ත්‍යාගලාභීන් ඔක්තෝබරයේදී ප්‍රකාශයට පත් කරන අතර, නොබෙල් දිනය යෙදෙන දෙසැම්බර් 10 දින මෙය ප්රදානය කරනු ලබයි. අද අපි මෙම වසරේ නොබෙල් ත්‍යාගලාභීන් හඳුනා ගනිමු.
සාමය සඳහා නොබෙල් ත්‍යාගය
මෙවර ලෝක සාමය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරි නමා තිබෙන්නේ ජපන් සංවිධානයක් වන Nihon Hidankyo වෙත ය. දෙවැනි ලෝක යුද සමයේදී හිරෝෂිමා සහ නාගසාකි පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් අයගේ බිම් මට්ටමේ ව්‍යාපාරයක් ලෙස මෙය සැලකේ. පරමාණු බෝම්බයෙන් පීඩා ලැබූ වින්දිතයන්ගේ සහාය වැඩි වශයෙන් ලබා ගනිමින් න්‍යෂ්ටික අවි අහෝසි කිරීම සඳහා ජපාන රජයට බලපෑම් කිරීමේ අරමුණින් 1956 වසරේදී hibakusha විසින් මෙම සංවිධානය පිහිටුවන ලදි.
වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය
මෙවර වෛද්‍ය විද්‍යා නොබෙල් ත්‍යාගය අමෙරිකානු ජාතික ජීව විද්‍යාඥයකු වන වික්ටර් ඇම්බ්‍රොස් සහ අමෙරිකානු ජාතික අණුක ජීව විද්‍යාඥයකු වන ගැරී රුව්කුන් යන දෙදෙනා හට පිරි නමා තිබේ. සෛල වර්ධනය සහ ක්‍රියා කරන ආකාරය තීරණය කිරීමට උපකාරී වන මයික්‍රො RNA සොයා ගැනීම වෙනුවෙන් ඔවුන් දෙදෙනා හට මෙම සම්මානය පිරි නමා තිබේ.
ආර්ථික විද්යානොබෙල් ත්‍යාගය
මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය බ්‍රිතාන්‍ය-අමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයකු සහ දේශපාලන විද්‍යාඥයකු වන ජේම්ස් රොබින්සන් , බ්‍රිතාන්‍ය-අමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයකු වන සයිමන් ජොන්සන් සහ තුර්කි-අමෙරිකානු ජාතික ආර්ථික විද්‍යාඥයකු වන Daron Acemoglu යන තිදෙනා හට පිරි නමා තිබේ. ජාතීන් අතර ධන අසමානතාව පැහැදිලි කිරීමේ ඔවුන්ගේ කාර්යය වෙනුවෙන් ඔවුන් තිදෙනාට මෙම සම්මානය පිරි නමා තිබේ.
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය
මෙවර රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය ජීව- රසායන විද්‍යාඥයකු සහ සංඛ්‍යාත්මක ජීව විද්‍යාඥයකු වන අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර් , රසායන විද්‍යාඥයකු සහ පරිගණක විද්‍යාඥයකු වන අමෙරිකානු ජාතික ජෝන් ජම්පර් සහ බ්‍රිතාන්‍ය ජාතික පරිගණක විද්‍යාඥයකු වන ඩෙමිස් හසාබිස් යන තිදෙනාට පිරි නමා තිබේ. පරිගණක මොඩියුල ආශ්‍රිතව ප්‍රෝටීන නිර්මාණය කිරීම සහ ඒවායේ ව්‍යුහය පුරෝකථනය කිරීම වෙනුවෙන් ඔවුන් තිදෙනාට මෙම සම්මානය පිරි නමා තිබේ.
සාහිත්‍ය නොබෙල් ත්‍යාගය
දකුණු කොරියානු ජාතික ලේඛිකාවක වන හැන් කෑන්ග්ට මෙවර සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය පිරි නමා තිබේ. Seoul Institute of the Arts ආයතනයේ නිර්මාණශීලි ලේඛනය උගන්වන ඇය 2016 වසරේදී අන්තර්ජාතික බුකර් ත්‍යාගයෙන් ද පිදුම් ලබා තිබේ. ඓතිහාසික කම්පනයන්ට මුහුණ දෙන සහ මිනිස් ජීවිතයේ බිඳෙනසුලු බව හෙළිදරව් කරන තීව්ර කාව්‍යමය ගද්‍ය රචනා නිර්මාණය කිරීම වෙනුවෙන් හැන් හට මෙම සම්මානය පිරි නමා තිබේ.
භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය
මෙවර භෞතික විද්‍යා නොබෙල් ත්‍යාගය භෞතික විද්‍යාඥයකු සහ ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලයේ සම්මානිත මහාචාර්යවරයකු වන අමෙරිකානු ජාතික ජෝන් ජේ. හොප්ෆීල්ඩ් සහ පරිගණක විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්යවරයකු වන බ්‍රිතාන්‍ය -කැනේඩියානු ජාතික ජෙෆරි ඊ. හින්ටන් යන දෙදෙනා හට පිරි නමා තිබේ. කෘත්‍රිම ස්නායු ජාල භාවිත කරමින් යන්ත්‍ර ඉගෙනීම සක්‍රීය කිරීමට පදනම දැමූ ක්‍රමවේදයන් හඳුන්වා දීම වෙනුවෙන් ඔවුන් දෙදෙනාට මෙම සම්මානය පිරි නමා තිබේ.
හර්ෂණී ගමගේ
ඉන්දියාව – මොනරා
(Indian Peafowl)
මොනරා ඉන්දියාවේ ජාතික පක්ෂියා වේ. ඉන්දියානු මොනරාට නිල් සහ කොළ පැහැති පිහාටු තිබේ. වර්ෂ 1963 වසරේදී මොනරා ඉන්දියාවේ ජාතික පක්ෂියා ලෙස තෝරා ගනු ලැබිණි. මොනරුන්ගේ වලිගය පිල් කලඹ ලෙස හඳුන්වනු ලබයි. මොනරා යන නාමය පිරිමි සතුන් සඳහා භාවිත වන අතර, සෙබඩ යනුවෙන් ගැහැනු සත්ත්වයා හඳුන්වයි. මොනරුන්ගේ පිල් කලඹ විදහාපෑම අලංකාර දර්ශනයක් වේ.
ඉන්දියානු සෙබඩගේ පිහාටු තද අළු, දුඹුරු සහ කොළ වර්ණවලින් පිහිටා ඇත. ඉන්දියානු මොනරා සහ සෙබඩ පෙනුමෙන් අසමාන ය. විවිධ පලතුරු වර්ග මෙන්ම සර්පයන්, කටුස්සන් සහ මීයන් වැනි සතුන් ද මොනරාගේ ආහාර වේ. හොටයේ සිට පෙඳය දක්වා සෙන්ටිමීටර් 100ත් සෙන්ටිමීටර් 115ත් අතර දිගකින් යුක්ත ය. මොනරාගේ බර කිලෝග්‍රෑම් 2.75ත් කිලෝග්‍රෑම් 4ත් අතර වේ. මෙම සත්ත්වයාගේ ආයු කාලය වසර 10ත් 25ත් අතර ය. මොනරුන්ගේ ස්ත්‍රී පුරුෂ දෙවර්ගයේම හිස මුදුනෙහි කුඩුම්බියක් තිබේ.
මාලදිවයින – කොරවක්කා
(White Breasted Water-hen)
කොරවක්කා මාලදිවයිනේ ජාතික පක්ෂියා වේ. මෙම පක්ෂියා තනිව හෝ යුගල වශයෙන් ජීවත් වේ. ඔවුහු වලිගය ඉහළට ඔසවමින් ඇවිදිති. ඔවුහු කෘමීන්, කුඩා මාළු, ධාන්‍ය , කොළ වර්ග සහ බීජ වර්ග ආහාරයට ගනිති. මෙම සත්ත්වයාගේ මුහුණ, ළය ප්‍රදේශය සහ උදර ප්‍රදේශය සුදු පැහැයෙන් ද අනෙක් කොටස් කළු පැහැයෙන් ද යුක්ත ය. කොරවක්කා වගුරු බිම් ආශ්‍රිතව බහුලව දක්නට ලැබේ. සෙන්ටිමීටර් 22ත් 33ත් අතර දිගකින් යුක්ත වන අතර, බර ග්‍රෑම් 203ත් 328ත් පමණ වේ. කොරවක්කා කලහකාරී චර්යාවට අනුගත වන විට ශාරීරිකව පෙනෙන ලක්ෂණ ද තිබේ. එනම්, සිරස් ඉරියව්වක් ගැනීම, ශරීරය පුම්බා ගැනීම, වඩාත් ඍජු ඉරියව්වකින් සිටගැනීම සහ පාදවලින් ඉස්සීම වැනි දෑ ය.
ස්විට්සර්ලන්තය- ටුරාකෝ
(Turaco)
ටුරාකෝ ස්විට්සර්ලන්තයේ ජාතික පක්ෂියා වේ. ටුරාකෝ එරට කඳු ආශ්‍රිතව ජීවත්වන වර්ණවත් පක්ෂියෙකි. කොළ මෙන්ම නිල් පැහැති ටුරාකෝ පක්ෂීන් ද දැකිය හැකි ය. මෙම පක්ෂියාගේ ආයු කාලය වසර 5ත් 9ත් අතර වේ. දිගු වලිග සහ කෙටි පියාපත් සහිත වේ. මෙම සත්ත්වයා හුදෙකලා පරිසරයක කූඩු සාදයි. සුදු පැහැති බිත්තර දෙකක් හෝ තුනක් දමනු ලැබේ. හොඳීන් වර්ධනය වූ නියපොතු ආධාරයෙන් කුඩා වයසේදීම නැඟී සිටීමට හැකි ශක්තිමත් පැටවුන් බිහි කරයි. මෙම පක්ෂියාගේ හිසේ ඉහළට කිරුළක් සේ විහිදී ගිය පිහාටු තිබේ. මෙම පිහාටු හොඳීන් වර්ධනය වී තිබේ. ටුරාකෝ පක්ෂියා සෙන්ටිමීටර් 40ත් 75ත් අතර දිගකින් යුක්ත වන අතර, ඉගිළීමට දුර්වල පක්ෂියකු වේ. බර ග්‍රෑම් 450ක් පමණි. සංක්‍රමණික පක්ෂියකු නොවන ටුරාකෝ රංචු වශයෙන් ජීවත් වන්නට කැමැත්තක් දක්වයි.
ජපානය – ග්‍රීන් ෆෙසන්ට්
(Green Pheasant)
ග්‍රීන් ෆෙසන්ට් ජපානයේ ජාතික පක්ෂියා වේ. කෙත්වතුවල සහ පඳුරු සහිත ප්‍රදේශවල වාසය කරයි. ගැහැනු සතුන් සම්පූර්ණයෙන්ම දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර, පැල්ලම් සහිත හිසක් තිබේ. පිරිමි සතාගේ ඉහළ කොටස දුඹුරු සහ අළු පැහැයෙන් යුක්ත වන අතර, දිගු, උල් වූ වලිගයක් ඇත. ගැහැනු සතා පිරිමි සතාට වඩා කුඩා වන අතර, කෙටි වලිගයක් තිබේ. ග්‍රීන් ෆෙසන්ට් සම්බන්ධ ජනප්‍රවාද, මිථ්‍යා කතා, කාව්‍ය නිර්මාණ සහ සිතුවම් ජපානයේ බොහොමයක්ම ඇත. පිරිමි සතාගේ හිස් මුදුනේ කොළ පැහැති පිහාටු කිරුළක් තිබේ. දිගින් සෙන්ටිමීටර් 78 – 89 වන ග්‍රීන් ෆෙසන්ට් බරින් කිලෝ ග්‍රෑම් 800 – 900 අතර වේ. ග්‍රීන් ෆෙසන්ට් ජපානයට ඒකදේශික පක්ෂියෙකි.
ඔස්ට්‍රේලියාව – එමු
(Emu)
ඔස්ට්‍රේලියාවට ඒකදේශික වූ පක්ෂියෙකි. පියෑඹීමට නොහැකි පක්ෂියෙකි. ලොව උසම පක්ෂීන් අතර තුන්වැනි ස්ථානයේ සිටින පක්ෂියෙකි. මෘදු දුඹුරු පැහැති පිහාටු තිබෙන අතර, දිගු ගෙලක් සහ දිගු කකුල් තිබේ. එමු පක්ෂීන් මීටර් 1.9ක් දක්වා උසින් යුක්ත වේ. ශක්තිමත් ඍජු දෙපා තිබෙන නිසා වේගයෙන් කෙටි දුරක් ඇවිද යයි. පැයට කිලෝමීටර් 48ක් දුර යා හැකිය. සර්ව භක්ෂක පක්ෂි වර්ගයක් වන මොවුහු විවිධ වර්ගයේ පැළෑටි සහ කෘමි වර්ග ආහාරයට ගනිති. ඇතැම් දේශීය එමු විශේෂ වඳ වී යෑමේ තර්ජනයට මුහුණ පා තිබෙන බව පැවසෙයි.
ඥථභ යනු ඔස්ට්‍රේලියාවේ වැදගත් සංස්කෘතික සංකේතයක් වන අතර, එමු පක්ෂියාගේ රූප එරට වංශ සලකුණෙහි සහ විවිධ කාසිවල ද දක්නට ලැබේ. ස්වදේශික ඔස්ට්‍රේලියානු මිථ්‍යා කතාවල මෙම පක්ෂියා ප්රමුඛව දක්නට ලැබේ.
බංග්ලාදේශය – පොල්කිච්චා
( Oriental Magpie – Robin)
පොල්කිච්චා බංග්ලාදේශයේ ජාතික පක්ෂියා වේ. පාන් කිරිත්තා යන නාමයෙන් ද හඳුන්වයි. හුදෙකලාව සහ යුගල වශයෙන් ජීවත් වෙයි. මෙම පක්ෂීන්ගේ ශරීරය කළු සහ සුදු පැහැයෙන් යුක්ත වේ. දිගු වලිගයක් ද ඇත. දිගු වලිගයේ යටි පැත්ත සුදු පැහැයක් ගනියි. පොල්කිච්චාගේ දිග සෙන්ටිමීටර් 19ක් පමණ වේ. ඇතැම් විට ගසක කොළ මත එකතු වන වැසි ජලයෙන් ඔවුහු ස්නානය කරති. මෙම පක්ෂියා මාංශ භක්ෂක වේ. ඔවුහු ඉඳහිට මල් පැණි, හූනන්, කූඩැල්ලන්, සහ මාළු ආහාරයට ගනිති. බිත්තර 4 සිට 5 දක්වා දමනු ලබයි. මෙම බිත්තර ඕවලාකාර වන අතර, සාමාන්‍යයෙන් පිදුරුවල වර්ණයට ගැළපෙන දුඹුරු පැහැ ලප සහිත සුදුමැළි නිල්-කොළ වේ.
චීනය – කරමලය සහිත රතු කොකා
(Red Crowned Crane)
රතු ඔටුනු කොකා චීනයේ ජාතික පක්ෂියා වේ. රතු ඔටුන්න හිමි කොකා, මැන්චූරියානු කොකා ලෙස ද මෙම පක්ෂියා හඳුන්වනු ලබයි. පිරිමි සතුන්ගේ කම්මුල්, උගුර සහ ගෙල ප්‍රදේශය කළු පැහැති වන අතර, ගැහැනු සතාගේ මෙම ස්ථාන මුතු වැනි අළු පැහැයක් ගනියි. බෙල්ලේ කරපටි අළු පැහැයේ සිට කෝපි දුඹුරු දක්වා ද, ද්විතීයික ඒවා අඳුරු කළු සහ දුඹුරු පැහැයෙන් ද, ඔටුන්න සහ නළල අළු සහ තද පැහැති පිහාටුවලින් ද ආවරණය වී ඇත. බර කිලෝග්‍රෑම් 4.8 සිට 10.5 දක්වා වේ. මොවුහු බත්, කැරට්, බඩ ඉරිඟු , තෘණ, බට ශාකය , ජලජ ශාක, ගොළුබෙල්ලන්, මත්ස්‍යන්, කෘමීන් ද ආහාරයට ගනිති. ඔවුන් සාමාන්‍යයෙන් ආහාර සොයා ගන්නේ තම හිස බිමට සමීපව තබාගෙන, ආහාරයට ගතහැකි යමක් හමු වූ විට හොට මඩෙහි ගසා ගැනීමෙනි.
ශ්‍රී ලංකාව – වලි කුකුළා
(Jungle fowl )
වලි කුකුළා ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වේ. මෙම පක්ෂියාගේ දිග සෙන්ටිමීටර් 66ත් 72ත් අතර ය. බරින් ග්‍රෑම් 790ත් 1140ත් පමණ වේ. පිරිමි සතා ගැහැනු සතාට වඩා විශාල වන අතර, වඩාත් විචිත්‍රවත් පිහාටු ඇත. පිරිමි සතාට තැඹිලි – රතු සිරුරේ පිහාටු ඇති අතර, තද දම් පාට , කළු පැහැති පියාපත් සහ වලිගය ඇත. මෙම පක්ෂියා ලඳු කැලෑවල ජීවත් වේ. කිතුල්ගල , යාල සහ සිංහරාජ වැනි ස්ථානවල ද දක්නට ලැබේ.
දිවා කාලයේ වැඩි කොටසක් බිම ආහාර සොයමින් ගත කරන වලි කුකුළා පරීක්ෂාකාරී කුළෑටි පක්ෂියෙකි. ධාන්‍ය, වල් පැළෑටිවල බීජ, කුඩා පල වර්ග, මාංශල ශාක පත්‍ර සහ අංකුර, සලබයන්, පත්තෑයන් සහ වේයන් බඳු විවිධ කුඩා සතුන් වලි කුකුළාට ආහාර වේ.
රුසියාව- රන් රාජාලියා
(Golden eagle)
යනු උතුරු අර්ධගෝලයේ ජීවත් වන ගොදුරු කුරුල්ලෙකි. වඩාත් පුළුල් ලෙස ව්‍යාප්ත වූ රාජාලි විශේෂයකි. සියලුම රාජාලියන් මෙන්,මෙම පක්ෂියා ද ඇක්සිපිට්රිඩේ පවුලට අයත් වේ. ඔවුන් උතුරු අර්ධගෝලයේ වඩාත් ප්‍රකට ගොදුරු සොයන කුරුල්ලන්ගෙන් එකෙකි. මෙම පක්ෂීන් තද දුඹුරු පැහැයෙන් යුක්ත වන අතර, ඔවුන්ගේ පාදවල සැහැල්ලු රන්වන් – දුඹුරු පිහාටු ඇත. මෙම විශේෂයේ නොමේරූ රාජාලියන්ගේ වලිගයේ සුදු පැහැයක් ඇති අතර, බොහෝ විට පියාපත් මත සුදු සලකුණු ඇත. හාවුන්, මාමොට් සහ අනෙකුත් බිම් ලේනුන් වැනි සතුන් දඩයම් කිරීම සඳහා රන් රාජාලියෝ තම බලවත් පාද සහ විශාල තියුණු නියපොතු සමඟ ඔවුන්ගේ වේගවත් බව සහ කඩිසර බව යොදා ගනිති.
අමෙරිකා එක්සත් ජනපදය – තට්ට රාජාලියා
( Bald Eagle)
තට්ට රාජාලියා අමෙරිකා එක්සත් ජනපදයේ ජාතිකා පක්ෂියා වේ. තට්ට රාජාලියකුගේ පිහාටු සුදු පැහැති ය. හිස සහ වලිගය තද දුඹුරු පැහැයෙන් යුක්ත ය. වලිගය මධ්‍යස්ථව දිගු වන අතර, තරමක කුඤ්ඤ හැඩැති වේ. හොට සහ පාදය දීප්තිමත් කහ පැහැයක් ගනියි. කකුල් පෙදෙස පිහාටු රහිත ය. පසුපස ඇඟිල්ලේ ඉතා තියුණු නියපොතු තිබේ. මොවුන්ගේ ඉදිරිපස ඇඟිලිවලින් ලැබෙන ගොදුර නිශ්චලව තබා ගැනීමේ හැකියාව තිබේ. තට්ට රාජාලියාගේ සිරුරේ දිග සෙන්ටිමීටර 70ත් 102ත් අතර වේ. සාමාන්‍ය පියාපත් මීටර්1.8ත් 2.3ත් පමණ අතර ගනී. මෙම පක්ෂියා මුහුදු වෙරළ , ගංගා , විශාල විල් සහ වගුරු බිම් වැනි ස්ථානවල ජීවත් වේ.
චතුරි ලක්ෂිකා
කිලිමන්ජාරෝ කඳුවැටිය ටැන්සානියාවේ පිහිටා ඇත. මෙම කන්ද නිද්‍රාශීලි ගිනි කන්දකි. මෙය අප්‍රිකාවේ උසම කන්දයි. කිලිමන්ජාරෝ කන්දෙහි උස මීටර් 5895ක් පමණ වේ. මෙම කන්ද කේතුකාර කඳු තුනකින් සමන්විත ය. එනම් කිබෝ, මාවෙන්සි සහ ශිරා වේ. කිබෝ(Kibo) යනු කඳු මුදුන වන අතර, ගිනි කඳු ආකෘති තුනෙන් උසම කන්ද වන්නේ මෙයයි. මාවෙන්සි (Mawenzi) සහ ශිරා (Shira) මේ වන විටත් ක්‍රියාවිරහිත ය. කිබෝ (Kibo) කඳු මුදුන නිද්‍රාශීලී ලෙස සලකනු ලබන අතර, සමහර විට මෙය නැවත පුපුරා යා හැකි බවට මතයක් තිබේ. විද්‍යාඥයන් සොයා ගත් තොරතුරු අනුව මෙය අවසාන වරට පුපුරා ගොස් ඇත්තේ මීට අවුරුදු 360,000කට පෙර ය. කිබෝ කන්දේ අවාට දාරයේ උසම ස්ථානය උහුරු ලෙස හඳුන්වයි. උහුරු යන්නෙහි අර්ථය නිදහස යන්නයි. ඉතින් මේ සූදානම විශේෂිත වූ කිලිමන්ජාරෝ කන්ද පිළිබඳ තොරතුරු රැගෙන ඒමටයි.
අක්කර 250,000ක් පමණ ස්වාභාවික වනාන්තරවලින් කිලිමන්ජාරෝ කන්ද ආවරණය වී ඇත. මෙම කන්ද පාමුල බඩ ඉරිඟු,බෝංචි, සූරියකාන්ත සහ බටහිර කොටසෙහි තිරිඟු වගා කරයි. මෙහි සැවානා විශේෂ සහ වෘක්ෂලතාවල අවශේෂ කොටස් ද දක්නට ලැබේ. Tussock Grassland යනු කිලිමන්ජාරෝ කන්දේ බෑවුමේ ඇති ප්‍රදේශයක් වන අතර, එහි ජලය රඳවා තබා ගත හැකි වෘක්ෂලතා විශේෂ ද දක්නට ලැබේ. කිලිමන්ජාරෝහි දුර්ලභ වන සත්තු සිටිති. මොවුහු කඳුකරයේ පහළ කොටස්වල බහුලව ජීවත් වෙති. සීබ්රා,දිවියන් සහ හයිනා මෙන්ම කොටි ද මෙහි නිරන්තරයෙන් දක්නට ලැබේ.
වර්ෂ 1860දී ජොහාන් ලුඩ්විග් ක්රැප්ෆ් පවසා ඇත්තේ කිලිමන්ජාරෝ යන්නෙන් අදහස් කරන්නේ “ශ්‍රේෂ්ඨත්වයේ කන්ද” යන්න බවයි. මෙය “කාර්වාන් කන්ද” ලෙස ද හඳුන්වන බව ඔහු පවසා තිබේ. වර්ෂ 1885දී ජිම් තොම්සන් ප්‍රකාශ කළේ,Kilima-Njaro යනු උතුම් බවේ කන්ද යන්න බවයි. එමෙන්ම මේ කන්ද සුන්දරම කන්ද ලෙස ද ඔහු හැඳීන්වූයේ ය. මාධ්‍යවේදී ටොම් බිසෙල් පවසා ඇත්තේ කිලිමන්ජාරෝ යනු සාහිත්‍යමය අදහස් මැවෙන කන්දක් බවයි. ප්‍රකට ලේඛක අර්නස්ට් හෙමිංවේ ද හිමවලින් පිරුණු කඳු යාය ලෙස ද හඳුන්වයි. මෙම කන්ද තරණය කිරීම පිළිබඳ ඩේව් එගර්ස්ට ද අත්දැකීමක් තිබේ. ඔහු තමන්ගේ නිර්මාණවලට මෙම කන්ද අවට පරිසරය යොදා ගත්තේ ය. මේ අනුව ඔහු උන § Up the Mountain Coming Down Slowly කෙටිකතාව ලියා ඇත. පසුව මෙම කෙටිකතාව යොදා ගනිමින් කෙටි චිත්‍රපටයක් ද නිර්මාණය විය. වර්ෂ 1952දී ග්‍රෙගරි පෙක් මේ සඳහා රංගනයෙන් දායක වූයේ ය.
කිලිමන්ජාරෝ තරණය කිරීමට සහ බැසීමට මාර්ග හතක් ඇත. එනම් ලෙමොෂෝ, ලෙමොෂෝ වෙස්ටර්න්-බ්රීච්, මචමේ, මරන්ගු, ම්වෙකා, රොන්ගයි, ශිරා සහ උම්බි වේ. Machame මාර්ගය ඔස්සේ මේ කන්ද තරණය කිරීමට පිවිසෙන්නකුට එය දින හයකින් හෝ හතකින් නිම කළ හැකි ය. Lemosho මාර්ගය ඔස්සේ මේ කන්දට පිවිසෙන්නකුට දින හයත් අටත් අතර කාලයක් ගත වේ. රොන්ගයි මාර්ගය යනු ගමන් කිරීමට පහසුම මාර්ගයක් නම් නොවේ. කිලිමන්ජාරෝ කඳු වැටියට බටහිර දෙසින් පැමිණීමට නම් එම ගමන Lemosho පිවිසුමේදී ආරම්භ කළ යුතු ය.
කිලිමන්ජාරෝ කන්ද තරණය කළ වයස්ගතම පුද්ගලයා වූයේ ඈන් ලොරිමෝර් ය. ඇයගේ වයස අවුරුදු 89කි. මේ සඳහා ඇයට දින 37ක් පමණ ගත විය. ඇය 2019 ජූලි 18 වැනි දින මෙරට වේලාවෙන් සවස 3:14 ට උහුරු කඳු මුදුනට ළඟා වූවා ය. කඳු මුදුනට ගිය දෙවැනි වයස්ගතම මිනිසා වන්නේ අමෙරිකානු ජාතික රොබට් වීලර් ය. ඔහු 2014 ඔක්තෝබර් 2 වැනි දින කඳු මුදුනට පැමිණෙන විට වයස අවුරුදු 85ක් වූයේ ය.
චතුරි ලක්ෂිකා
දෙවැටේ පිපුණු කෝපි මල් පළාතම සුවඳවත් කරයි. අගල අද්දර නාගසේ ද මල් පිපී කෝපි මල් සුවඳ සමඟ මුසු වී ඇත.
නා මලේ සුවඳටත්, කෝපි මල් සුවඳටත් එක්වන බඹරු හා මී මැස්සන් කරන ගායනය විශේෂ ය.
කළු කපා යන එළියෙන් අපි තොටුපොළට ගොස් මුහුණ කට සෝදාගෙන ආවෙමු.
“මඟුල් ගෙදර යන්න වෙන්න ඇති. තාම බිම් කළුවර මැකිලත් නෑ. හදිසි මේ දෙන්නට නේ.” ආත්තම්මා කීවා ය.
“පුතේ….අපි යමු ටිකක් දවල් වෙන්න. අද අම්ම නොගියට අප්පච්චි යනවනේ.”
“මම නම් යනව තමයි. ළමයින් ඒක මතක තියා ගන්නවා හොඳයි. යාළුවොත් ඒවි සමහර විට. එහෙම වුණාට දඟලන්න නටන්න. සෙල්ලම් කරන්න බෑ” අප්පච්චි කීවේ ය.
ඔය තියෙන තියෙන කැවිලි ජාති ඔක්කොම කන්න
ඕනෙත් නෑ. තමන්ට ඇති තරමට බෙදා ගන්න.” අම්මා ද උපදෙස් දුන්නා ය.
වැඩිහිටියන්ගේ සියලුම නීති අපි පිළිගතිමු. හිරු එළියේ රස්නය වැඩි වන්නට පෙරාතුව අපි මඟුල් ගෙදරට යෑමට සූදානම් වුණෙමු.
ඒ අතර සුගතේ දුවගෙන ආවේ ය.
“ඒයි…කංචු. ඔයා ගෙදරද?”
“නෑ මඟුල් ගෙදරට යන්න සූදානම් වෙනවා. ඔයාලා යන්නෙ නැද්ද?”
“යනවා…..යනවා…….මං ආවෙ ඔයාගෙන් කලිසමට බඳින්න පටියක් ඉල්ලා ගන්න. මට පටියක් නෑ කංචු”
“මට තියෙන්නෙත් එක පටියයි. ඒක මට එපා ය”
මම කිව්වෙමි.
“කමක් නෑ. මං මොනව හරි කරගන්නම් කො” කියමින් සුගතේ ආපසු දිව ගියේ ය.
“මොකද යාළුවේ ආවෙ?” අප්පච්චි ඇසුවේ ය.
“කලිසමට බඳින්න පටියක් තියෙනවද බලන්නයි ආවෙ”
“ඉතින් දුන්න ද?”
“මගේ පටිය එයාට දුන්නම මං මොකද්ද බැඳන් යන්නෙ.”
මම කිව්වෙමි.
අප්පච්චීත්, ආත්තම්මාත්, මල්ලිත්, මමත් මඟුල් ගෙදර ගියෙමු. අප එහි යන විට කරුණෙත්, විමලෙත් තම තමන්ගේ වැඩිහිටියන් සමඟ පැමිණ සිටියහ.
“අන්න කට්ටිය ආවා. කෝ අපේ මනමාලි?” කියමින් ජානිස් ආතා කලබලයෙන් එහෙට මෙහෙට දුවයි.
“ආ…..දුව…..අන්න අම්ම තාත්ත, නෑයොත් ඇවිල්ලා. එන්න එන්න” ආත්තම්මා අලුත් මනාලියට කතා කළා ය.
සිනා පිරි මුවින් එළියට පැමිණි ඇය වැඩිහිටියන්ට
වැන්දා ය.
එයින් පසු ඔවුහු ආ ගිය කතාබහ හා පවුලේ ඇති නැති වත් පොහොසත්කම් ගෙන හැර දක්වමින් සිටියහ.
ඒ ඇසිල්ලේ මමත්, විමලෙත් මිදුලට පැන ගතිමු. පොල් අතු වියා සරසා ඇති මඟුල්මඬුව බඩල් හනස්සවලින්
අලංකාරකර ඇති අපූරුව හරිම ලස්සනයි.
මුලින්ම අපි මිදුල වටේ ඇවිද්දෙමු. පාට පාට කොළවලින් සමහර තැන් ලස්සනකර ඇත. මනමාලිගේ පැත්තෙන් පැමිණි අය අතර, අපේ වයසේ ළමයෙක් සිටියේ ය. අප මිදුලේ ඇවිදිනවා දුටු ඔහු කිහිප වරක්ම අප දෙස බැලුවේ ය. සුගතේ ඔහුට අත වැනුවේ ය.
ඒ හා සමඟම ඔහු අප හඳුන්නේ නැතත් අප වෙත දුවගෙන
ආවේ ය.
“අයියලා මොකද මට කතා කළේ?”
“අපි කතා කළේ ඔයා අපේ යහළුවෙක් කර ගන්න”
“අර අයත් එක්ක ඉඳගෙන ඉඳලා මට එපා වෙලා…”
“අපටත් එහෙම තමයි මල්ලි. අපි ටිකක් ඇවිදලා බලමු ද?”
“මාව හොයාවි. අර…………අර…………
අපේ සුදු ආච්චි එළියට ඇවිදින් බලනවා” ඔහු කීවේ ය.
“ආ ……….මගේ පුතාට යාළුවො කට්ටියක්ම මුණගැහිලානේ…” ඇය කීවා ය.
“ආ………..ඔය අපේ විදානෙ මහත්තයගේ පුත්තරයගෙ හිත මිතුරෝ ටික නේ. දරුවට පාළු ඇති. ඔහෙ හිටපුවා වෙ.”
අපේ පොඩි මාමා කියනු ඇසුණි.
එයින් පසු ඇය ගෙතුළට ගියා ය. අපි එළියේ පුටුවක ඉඳගෙන එක් එක් අයගේ ඇඳුම් කැඩුම්වල හැඩ, එන යන අය කවුද බලමින් සිටියෙමු. වරින්වර බීම හා මුංකැරලි ද
කෙසෙල් ගෙඩි ද බන්දේසියක තබා ගෙන එන විට අපි එපා නොකියා ඒවා කෑවෙමු.
“මල්ලි ඔයාගෙ නම අහන්න බැරි වුණා නේ”
“මගේ නම දයාරත්න, කවුරුත් මට කියන්නෙ රත්නෙ කියලා”
“මනමාලි ඔයාගෙ කවුද මල්ලි?”
“මනමාලි අපේ අම්මගෙ නංගි. අපේ පුංචි අම්මා. මම නම් කියන්නෙ පුංචි කියලා”
“ඔයාලා ඉන්නෙත් ඒ ගෙදරම ද?”
“අපෝ නෑ… අපේ ගම මහලපිටිය. ඒක හරි ලස්සන ගමක් අයියා. අපේ ගමට යන්නත් වාහන නෑ. ගුරුන් මාමගෙ බරබාගෙයි. ජයතුවාගේ කරත්තෙයි විතරයි වාහන කියලා තියෙන්නෙ….”
“අනේ අපේ ගමේ එහෙමවත් වාහන නෑ රත්නෙ මල්ලි. ගඟෙන් එතෙර වෙන්න නම් පාරු තියෙනවා. සුද්ද හදාපු වැල්පාලම තියෙනවා. නැත්නම් පයින්ම තමා. අපි ඉස්කෝලෙ යන්නෙත් පයින්.”
“මෙහේ පන්සලක් තියෙනවද?”
“තියෙනවා. මෙතෙන ඉඳලා ටිකක් දුරයි.”
මම කීමි.
“අපටත් පන්සලක් තියෙනවා. ඒක නම් තියෙන්නෙ නාගස්කන්ද මුදුනෙ. අපේ පන්සලට මං සුදු ආච්චිත් එක්ක යනවා. එතැනට ගියාම පහළ තියෙන ගේ දොර වතුපිටි සේරෝම පේනවා. කුඹුරුයාය එහෙම හරි ලස්සනයි.”
“මේ පැත්තෙ රබර් තියෙනවද?”
“ඔව්, ඔව්! යායක්ම තියෙනවා. හැබැයි අපේ මුත්තණ්ඩිගෙ”
“කාරි නෑ. කාගෙ වුණත්. ඔයාලා දන්නව ද ඔට්ටපාලු බෝල හදන්න ?”
“අපි දන්නවා කදුරු කරුවෙ ගැට ගහලා කැටපෝල හදන්න. බෝල නම් හදන්න දන්නේ නෑ.”
“මාත් දන්නවා. අපි නම් ගන්නෙ පේර අත්තක කරුවක්. ඔට්ට පාලු බෝල හදනවා. මං අයියලාට කියල දෙන්නම්කො.”
“රත්නෙ මල්ලි අපටත් කියල දෙන්නකො” මම කීවෙමි.
“කොහෙද රබර් තියෙන්නෙ ?”
“මේ ළඟත් තියෙනව කාගෙද නම් දන්නෙ නෑ”
“කාගෙ වුණාම මොකද අයියා. කවුරුත් ඇහුවොත් කියමු රබර් ඇට ඇහිඳින්න ආවා කියලා.”
“ඉතින් මොනාද කරන්නෙ..?”
“ගලවමු කැපුම් කට්ට. හීන් ඔට්ටපාලු ඒවා තමයි.”
“එහෙනම් යමු.”
වට පිට බලමින් මිදුලට වී සිටි අප ගැන වැඩිහිටියන්ගේ අවධානය අඩු විය. නිරතුරුව ම සෙනඟ ගැවසුණු නිසා අප ගැන සෙවීමට උනන්දු වීමක් ද නොවුණි.
අපි හතර දෙනාත්, රත්නෙ මල්ලිත් එකතුව මඟුල් ගෙදර වත්ත පහළට ආවෙමු. එතන මායිමේ කුඩා දිය ඇල්ලක්
ගලා බසී. එයට පුවක් කොට කැබලි දෙකක් දමා ඒදණ්ඩක් සාදා තිබිණි. එයින් එතෙර වූ පසු රබර් වත්තක් ය.
අපි රබර් ඇට තුන හතරක් අහුලා සාක්කු පුරවා ගතිමු.
ඒ අපේ ගැලවීමට බව රත්නෙ මල්ලී අපට කියා දුන්නේ ය. රබර් ගස්වල කිරි බේරී මිදුණු කැපුම් කට්ටය කිසි
කරදරයක් නැතුව ගලවා ගතිමු. ඒ ඔට්ටපාලු ටිකත්
අරගත් අපි ඒදණ්ඩෙන් ඇවිත් මෙතෙරව ගසක් යට
නතර වුණෙමු. රබර් ඇටයක් මැදිකර එය ඔතා බෝලයක් කරන හැටි රත්නෙ මල්ලි අපට කියා දුන්නේ ය.
අප නතර වී ඇත්තේ ගෙඩි ඉදුණු ඩොංකා ගසක් යට බව පෙනුණු හෙයින් ළඟ තිබූ වැටකින් පොලු කෑලි කඩා ගසට පොලු ගැසුවෙමු.
රත්නා කහඳගමගේ
ජාත්‍යන්තර ගුරු දිනය සැමරුවේ මේ ළඟදියි. මිහිර කියවන පුංචි ඔයාලාත් පාසලේදී ගුරු මව්පියවරුන්ට උපහාර දක්වන්න ඇති.
“ගුරුවරු දෙවිවරු වැනි යැයි” ද කියමනක් තිබෙනවා. මව්පියන්ට පසුව අප සැමගේම ජීවිතවලට ඉතාම සමීප පුද්ගලයන් තමයි ගුරුවරු කියන්නේ. අප වයස අවුරුදු පහේ සිට පාසල් යෑම ආරම්භ කළ පසු වසර 13ක් පමණ අපට ශිල්ප සතර කියා දෙන අතරේ ජීවිතයට ද මඟ පෙන්වනු ලබන්නේ ගුරුවරුන් විසින් ය. ළමයින්ගේ නැණස පාදනවා පමණක් නොව ගුරුවරු ළමයින්ට නිසි පාර සොයා ගැනීමට ආලෝකය සපයන පහන් ටැඹක් මෙන් ද කටයුතු කරති. මේ නිසාමදෝ ගුරුවරුන් සහ සිසුන් පිළිබඳ විවිධ සාහිත්‍යය කෘති සහ චිත්‍රපට ද අප රටේ සහ ලෝකයේ විවිධ රටවල වරින්වර නිර්මාණය වී තිබේ. ඉතින් ගුරු දිනයත් පසු වුණු නිසා ගුරුවරුන් පිළිබඳ නිර්මාණය වූ සාහිත්‍ය කෘති කිහිපයක් සහ ළමා චිත්‍රපට කිහිපයක් පිළිබඳ මතක් කරන්නයි මේ සූදානම් වන්නේ.
ගුරු වෘත්තිය ගැන කියවුණු කියමන්
* හොඳ ගුරුවරයකුගෙන් සිදුවන යහපත් බලපෑම් කිසිදා මකා දැමිය නොහැකි ය.
* හිස් සහ අඳුරු මනස, අධ්‍යාපනය නමැති ආලෝකයෙන් පුරවන හොඳ ගුරුවරයකු හරියටම අහසේ පායන හිරු වැනි ය. -අනමිකා මිෂ්රා
* එක පොතකට, එක පෑනකට, එක ළමයකුට, එක ගුරුවරයකුට ලොවක් වෙනස් කළ හැකි ය -මලාලා යුසෆ්සායි
* හොඳ ගුරුවරුන් ද අනුන්ගේ මාර්ගය එළිය කිරීමට කැපවන ඉටිපන්දම් වැනි ය.
* හොඳම ගුරුවරුන් යනු ඔබට බැලිය යුත්තේ කොතැනදැයි පෙන්වන සහ දැකිය යුතු දේ ඔබට නොකියන අයයි – ඇලෙක්සැන්ඩර් කේ. ට්රෙන්ෆර්
ගුරු ගීතය
ගුරු දිනය කියනකොටම මතක් වෙන සුප්‍රකට නවකතාවක් තිබෙනවා. ඒ තමයි කිර්ගීස්ථාන් ලේඛක චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද දුයිෂේන් හෙවත් පළමු ගුරුවරයා. මෙය ‘ෆස්ට් ටීචර්’ නමින් චිත්‍රපටයකට නැඟී තිබෙනවා. මෙය ගුරු ගීතය නමින් සිංහල භාෂාවට දැදිගම වී. රුද්‍රිගු විසින් අනුවර්තනය කර තිබෙනවා. මේ ඇසුරින් සිංහල චිත්‍රපටයක් ද නිපදවා තිබෙන අතර, එයද ළඟදීම තිරගත වීමට නියමිතයි.
දුයිෂේන් ගුරුවරයාගේ කතාව හෙවත් ගුරු ගීතය ලොව පුරා මෙන්ම සිංහල පාඨකයන් අතර ද නොමඳ ගෞරවාදරයට පාත්‍ර වී සිටියි. දුයිෂෙන් නම් ගුරුවරයා, අල්තීනායි නමැති දුප්පත් දැරියට ජීවිතය මෙන්ම සිප් සතර ද කියාදී ඇයට යහපත් අනාගතයකට මඟ පෑදූ ආකාරය මෙහි දැක් වේ. යොවුන් දැරියක වූ දුප්පත් අල්තීනායිට අධ්‍යාපනය ලබා ගැනීමට මඟ පාදා ඇයට ජීවිතය ජය ගැනීමට සහාය වන දුයිෂේන්, අල්තීනායිගෙන් ආපසු කිසිම ප්‍රතිලාභයක් බලාපොරොත්තු වන්නේ නැත. සැබෑ ගුරුවරයකුගේ ස්වභාවය ද එයයි.
තාරේ සමීන් පර්
හින්දි සිනමාවේ ප්‍රකට රංගන ශිල්පියකු වන අමීර් ඛාන් විසින් අධ්‍යක්ෂණය කර ප්‍රධාන චරිතය නිරූපණය කරන 2007 වසරේදී තිරගත වූ TARE SAMIN PAR (පොළොවේ පිපුණු තාරුකා යන තේරුමින්) ගොඩ නැඟුණු හින්දි චිත්‍රපටය ද ගුරුවරයකුගේ චරිතය වටා ගෙතී තිබේ.
මෙහි ප්‍රධාන චරිතය ඉෂාන් නමැති අට හැවිරිදි පිරිමි ළමයා ය . ඔහු ඩිස්ලෙක්සියා (දුර්අක්ෂරතාව) රෝගයෙන් පෙළෙන දරුවෙකි. ඔහු ඉගෙනීමට පසුගාමී දරුවෙකි. නේවාසික පාසලකට වී කොන් වී දුක්බරව සහ නොසන්සුන්ව සිටින ඉෂාන්ට එම තත්ත්වයෙන් මිදීමට උපකාර වන්නේ එම පාසලේ චිත්‍ර ගුරුවරයා රාම් ය. චිත්‍ර විෂය පිළිබඳ සැඟවුණු කුසලතාවක් ඉෂාන් තුළ ඇති බව වටහා ගන්නා රාම්, ඉෂාන්ට එම හැකියාවන් වැඩි දියුණු කර ගැනීමට උදව් කරයි. පාසලේ වර්ෂාවසානයේ චිත්‍ර සහ අත්කම් තරගයක් සංවිධානය කරන රාම්, එහිදී ඉෂාන්ගේ චිත්‍ර කලා හැකියාව ඉස්මතු වීමට ඉඩ පාදයි. ඉෂාන් එහිදී ජයග්‍රහණය කරයි.
සිසිරයේ ඕක් ගස
රුසියානු ජාතික යූරී නජිබින් ලියූ කෙටිකතාවක් වන සිසිරයේ ඕක් ගස ( වින්ටර් ඕක්) කතාවෙහි අන්තර්ගත වන්නේ සවුෂ්කින් නමැති පිරිමි ළමයා, ඕක් ගස සහ ගුරුතුමිය වටා ගෙතුණු කතාවකි. පාසලට ඒමට සෑමදිනම ප්‍රමාද වන සවුෂ්කින්ගෙන් ආන්නා වසිලියෙව්නා ගුරුතුමිය හේතු විමසයි. තමන් ඕක් ගස ඇතුළු කැලෑබද පරිසරය රස විඳීමින් දිනපතා පාසල් එන නිසා පාසලට ඒමට ප්‍රමාදවන බව සවුෂ්කින් පවසයි. එවිට ගුරුතුමිය ද ඔහු සමඟ එම කැලෑබද ප්‍රදේශයට ගොස් එම පරිසරය නරඹයි. ඕක් ගසට සහ ගහකොළ සතා සිව්පාවුන්ට සවුෂ්කින්ගේ ඇති ආදරය ආන්නා ගුරුතුමිය වටහා ගනියි. පාසල් ඒමට ප්‍රමාද වුවත් හැමදාම එම පාරෙන්ම එන ලෙස ගුරුතුමිය සවුෂ්කින්ට පවසයි. ළමා සිත හොඳීන් තේරුම් ගත් අපූරු ගුරුවරියකි ඇය.
ගුරුතරුව
ප්‍රවීණ නාට්‍යවේදී ජයලත් මනෝරත්නයන් විසින් රචනාකර නිපදවන ලද ගුරුතරුව වේදිකා නාට්‍යයේ ද දරුවන්ට ආදරයෙන් කරුණාවෙන් හොඳ නරක වටහාදෙන සාහිත්‍යය ගුරුවරයකුගේ චරිතයක් නිරූපණය වේ. ටිකිරි බණ්ඩාර නමැති දඩබ්බර සිසුවාට අනුකම්පාකර ඔහු යහමඟට ගන්නා ගුරුවරයකු ලෙස එම ගුරුවරයා කටයුතු කරයි.
මිදි පොකුර
ජපන් ලේඛක අරිෂිම තකෙඔ විසින් රචනා කරන ලද ආරිය රාජකරුණා විසින් පරිවර්තනය කරන ලද ජපන් කෙටිකතාවක් වන මිදි පොකුර කෙටි කතාවේ සිසුවකුට කාරුණික වන ගුරුතුමියකගේ චරිතයක් දැක් වේ. එහි පාසල් සිසුවකු තවත් සිසුවකුගේ දිය සායම් සොරකම් කළ බව හසු වුවද සොරකම් කළ සිසුවාට තරවටු නොකර සොරකම නිසා අපහසුතාවට පත්වූ සිසුවාව ලජ්ජාවට පත් නොකර නැවතත් එවැනි ක්‍රියාවක් නොකර සිටින ආකාරයට සිසුවාව සන්සුන් කරන අපූරු ගුරුතුමියකගේ චරිතයක් මෙම කෙටිකතාවේ දැක් වේ.
එම ග්රන්ථයේම එන තවත් ජපන් කෙටිකතාවක දුප්පත් දැරියක විසින් ධනවත් දැරියකගේ බෝනික්කකු සොරකම් කළ විට එය දැනගන්නා ගුරුතුමිය සොරකම සම්බන්ධයෙන් දුප්පත් දැරිය ගැන ධනවත් දැරියගේ සිතෙහි හටගත් අප්‍රසාදය ඉවත්කර ඇයව සන්සුන් කිරීමට කටයුතු කරයි.
අඹ යහළුවෝ
දුවලා පුතාලා කැමැතිම ළමා නවකතාවක් නේද අඹ යහළුවෝ. ඒ කතාවේ දුප්පත් නිමල්ට තෑගි උත්සවයට ඒමට අලුත් ඇඳුම් නැතිව සිටින විට නිමල්ගේ හොඳම මිතුරා සුනිල්, ගුරුතුමිය මඟින් එම ඇඳුම් නිමල්ට ලබා දෙනවිට ගුරුතුමිය ඉතා කාරුණිකව කටයුතු කරන ආකාරයත් ඔයාලාට මතක ඇති. නිමල්ටත් ලජ්ජාවක් නොවන ආකාරයට ගුරුතුමිය එම ඇඳුම් දෙමින් නිමල් සහ සුනිල් අතර මිත්‍රත්වයට සහාය වන ආකාරය එහි දැක් වේ.
හෝ ගානා පොකුණ
2016 වසරේදී තිරගත වූ හෝ ගානා පොකුණ චිත්රපටයෙහි ඇතුළත් වන්නේ ඉතා දුෂ්කර පාසලක ගුරු පත්වීමක් ලබා යන ගුරුතුමියක් එම පාසලේ අහිංසක දරුවන්ට ඔවුන් කවදාවත් දැක නොතිබූ මුහුද බලන්නට කොළඹ රැගෙන එන කතා පුවතකුයි. අහිංසක දරුවන්ගේ මුහුද බලන්නට තිබෙන ආසාව කෙසේ හෝ ඉෂ්ට කර දීමට එම ගුරුතුමිය මහත් වෙහෙසක් දරන ආකාරය මෙහි නිරූපණය වේ.
තාල
2019 වසරේදී තිරගත වූ තාල චිත්‍රපටයෙන් දැක්වෙන්නේ ද සංගීතය සහ ක්‍රීඩාමය ක්‍රියාකාරකම් ඇසුරෙන් දුෂ්කර පාසලක සිටින දූ දරුවන් පිරිසකට අධ්‍යාපනය කෙරෙහි උනන්දුවක් ඇතිකර ලොව ජය ගැනීමට මඟ පෙන්වන ගුරුවරයකු සහ ගුරුවරියක පිළිබඳයි.
මැටිල්ඩා
බ්‍රිතාන්‍ය ජාතික ලේඛක රෝල්ඩ් ඩාල් විසින් 1988 වසරේදී රචනා කරන ලද මැටිල්ඩා ළමා කතාවෙහි ද මැටිල්ඩා නමැති දැරියට උපකාර කරන්නේ පාසලේ ඇගේ ආදරණීය ගුරුතුමිය මිස් හනී ය. මව, පියා මැටිල්ඩා කෙරෙහි එතරම් කරුණාවක් නොදක්වන නිසා අවසානයේ මැටිල්ඩාට පිහිට වන්නේ මැටිල්ඩාව තේරුම් ගත් එකම පුද්ගලයා වන මිස් හනී ය. මෙය ඇසුරෙන් 1996 වසරේදී ළමා චිත්‍රපටයක් ද නිර්මාණය විය.
ගෝල්
2018 වසරේදී තිරගත වූ ගෝල් චිත්‍රපටය නිර්මාණය වී තිබෙන්නේ ගම්බද පාසලක දරුවන්ට පාපන්දු ක්‍රීඩාව පුහුණුකර ඔවුන්ට කොළඹ නාගරික සිසුන් පවා පරාජය කරමින් ජය ගැනීමට ධෛර්යයක් සහ ශක්තියක් ලබා දෙන ක්‍රීඩා ගුරුවරයකු වටා ය.
හර්ෂණී ගමගේ
හේරත්ගම ප්‍රාථමික විද්‍යාලයේ සිඟිති හා පෝතක බාලදක්ෂ නිල ලාංඡන පැලඳවීම වාරියපොළ කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ ආර්. එම්. නිමල් රත්නායක, සහය දිසා කොමසාරිස් (සිඟිති හා පෝතක) ජී.ඩබ්ලිව්. ආරියමාලා, දිසා බාලදක්ෂ නායක බුද්ධික දිසානායක යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලදි. විදුහල්පතිතුමිය ද මෙයට සහභාගි වූවා ය.
—————————–
පළමු අදියර පාඨමාලාව 18 සහ 19 මාතරදී
මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය සංවිධානය කරනු ලබන පළමු අදියර බාලදක්ෂ ගුරු පුහුණු පාඨමාලාව මේ මස 18 සහ 19 යන දිනවලදී මාතර දිස්ත්‍රික් බාලදක්ෂ මූලස්ථානයේ දී පැවැත්වේ.
දිසා කොමසාරිස් සුදත් මංගල මහතාගේ මඟපෙන්වීම යටතේ සහය දිසා කොමසාරිස් (පුහුණු) මනෝජ් සංජය ගීගනගේ මහතා විසින් මෙම පාඨමාලාව සංවිධානය කරනු ලබයි.
නුවන් කොඩිකාර
වයඹ රාජකීය විද්‍යාලයේ නවක පෝතක බාලදක්ෂයන් සාමාජිකත්වයට ඇතුළත් කිරීමේ උත්සවය දිසා කොමසාරිස් වෛද්‍ය කෝසල අමුණුගම, සහාය දිසා කොමසාරිස් (පෝතක) ජී.ඩබ්. ආරියමාලා, විදුහල්පති එච්. එම්. ආරියදාස යන මහත්ම මහත්මීන්ගේ ප්‍රදානත්වයෙන් පවත්වන ලදි. නවක පෝතක බාලදක්ෂයන් 64 දෙනකු සාමාජිකත්වයට ඇතුළත් කරන ලදි.
රොබට් බේඩ්න් පවෙල් වර්ෂ 1876දී බ්‍රිතාන්‍ය හමුදාවේ සේවයට එක්වී දෙවැනි ලුතිනන්වරයකු ලෙසින්13 වැනි හුසාර්ස් රෙජිමේන්තුවට අනුයුක්තව ඉන්දියාවේ ලක්නව් බලා ගිය අතර, ඔහුගේ හමුදා ජීවිතයේ වැඩි කාලපරිච්ඡේදයක් ගතවී තිබුණේ දකුණු අප්‍රිකාවේ ය. සිය චරිතාපදානයෙහි ඒ පිළිබඳ බීපී සඳහන් කරන්නේ මේ ලෙසිනි.”මගේ ජීවිතයේ සමීපතම නිවහන මෙන්ම මගේ මව් රට වන බ්‍රිතාන්‍ය හා සමීපතම රට වන්නේ දකුණු අප්‍රිකාවයි.
1907දී දකුණු අප්‍රිකාවෙන් සමුගත්ත ද විටින් විට එනම් 1936 දක්වා බීපී දකුණු අප්‍රිකාවේ සංචාරයකර තිබිණ . බීපී දකුණු අප්‍රිකාවේ ගතකළ අවස්ථා පිළිබඳ කාලානුරූපව දැක්වුවහොත් ඔහු පළමු වරට දකුණු අප්‍රිකාවට පා තබන්නේ වර්ෂ 1884දී ය.
පළමු සංචාරය – කපිතාන් බේඩ්න් පවෙල්ගේ වයස අවුරුදු 27
සිය රෙජිමේන්තුව වන 13 හුසාර්ස් සූලු යුද්ධය වෙනුවෙන් දකුණු අප්‍රිකාවේ නතාල්හි ස්ථානගතව සිටියදී දකුණු අප්‍රිකාවට ගොඩබට ඔහුගේ කාර්යය වූයේ සර් චාල්ස් වොරන්ට්ගේ බෙවුවාලන්තය (බොස්ට්වානා)ගවේෂණයට සහාය වීම ය. සර් චාල්ස් වොරන්ට් විසින් මැෆ්කිං ප්‍රදේශයේ සිතියම් සකස් කළ අතර, මේ කාලය තුළදී බීපී නතාල් මායිමට ඔබ්බෙන් සැතැපුම් 600ක භූමි ප්‍රදේශයේ රහසිගත ඔත්තු සේවාවේ නියැළී සිටියේ ය .
1887දී 2 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 30
සිය මාමා වූ ජෙනරාල් හෙන්රි ස්මිත් ගේ සහකාර ( ඒච්ඛ්) ලෙස බීපී කටයුතු කළ අතර, 1888 දී සූලු ට එරෙහිව සූලු ලන්තයේ මෙහෙයුම සම්බන්ධයෙන් ක්‍රියා කළේ ය.එමෙන්ම හමුදා ලේකම් ලෙස කටයුතු කරමින් බුද්ධි නිලධාරියකු ලෙස සේවය කරන ලදි .
1889දී 3 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 32
ස්වාසිලන්ත කොමිෂන් සභාවේ ලේකම් ලෙස බීපී කටයුතු කළ අතර, අග්‍රාණ්ඩුකාරවරයාගේ වැඩබලන ලේකම් ලෙස ද කටයුතු කළේ ය .1890 දී මෝල්ටාව වෙත මාරුකර යවන ලදි .
1896දී 4 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 39
දෙවැනි මැටබෙලේ යුද්ධයේදී බුලවායෝ වටලනු ලැබූ බ්‍රිතාන්‍ය – දකුණු අප්‍රිකා සමාගමට ආධාර කිරීම පිණිස බීපී නැවත දකුණු අප්‍රිකාවට පැමිණි අතර, මේ කාලපරිච්ඡේදය තුළ රොඩේෂියාව හෙවත් වත්මන් සිම්බාබ්වේහි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. එහිදී මේජර් ෆෙඩ්රික් රසල් බර්න්හැම් හඳුනා ගැනීම සිදු විය. මැටොපෝ කඳුකරයේ ඔත්තු බැලීමට කුඩා කණ්ඩායම් ( තධදඨ පචදඨඥ පඥජධදදචඪඵඵචදජඥ නචබපධත ) මඟින් ඔත්තු බැලීමේ කටයුතු අරඹන ලද අතර, මැටබෙලේ සටන වෙනුවෙන් සක්‍රීය දායකත්වය ලබා දෙන ලදි. එමෙන්ම මැටබෙලේ සටනේදී ” නොනිදන වෘකයා ” නම පටබැඳී ය. බාලදක්ෂ ව්‍යාපාරයේ එතිහාසික සිහිවටනයක් වූ ” කුඩු නළාව ” බීපීට හමුවූයේ මේ සමයේදී ය. මේ කාලපරිච්ඡේදය තුළ බේඩ්න් පවෙල් මැටබෙලේ ,අශාන්ති යන සටන් සඳහා ඍජුවම දායකත්වය සැපයුවේ ය.
1899දී 5 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 42
දෙවැනි බෝයර් සටන වෙනුවෙන් මැෆ්කිං නගරය ආරක්ෂා කිරීමේ වගකීම පැවරුණු අතර, මැෆ්කිං ශිෂ්‍යභට බළකාය ආරම්භ කරන ලදි. 1900 දී දකුණු අප්‍රිකා පොලිස් අශ්වාරෝහක හමුදාවේ ප්‍රධානියා ලෙස කටයුතු කළේ ය. මේ කාලයේදී ඒඪඤ බධ ඉජධභබඪදඨ ( ඔත්තු බැලීමට ආධාරක ) පොත පළ කරන ලදි .
1902දී 6 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 45
බෝයර් යුද්ධය අවසන් වූ අතර, ට්‍රාන්ස්වාල් හා ජෝශප් චම්බර්ලයින් අතර සම්බන්ධතාවක් ඇති විය.
1906දී 7 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 49
කෙනත් ආදිපාදවරයා සමඟ දකුණු අප්‍රිකාව බලා ගිය අතර, අශ්වාරෝහක කණ්ඩායම පරීක්ෂා කරන ලදි .
1907 පෙබරවාරි 18 දින දකුණු අප්‍රිකාවෙන් සමුගත් අතර, බාලදක්ෂ ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කිරීම පිණිස 1910 මැයි මසදී හමුදාවෙන් විශ්‍රාම ගනු ලැබීය .
1926දී 7 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 69
බේඩ්න් පවෙල් හා එම ආර්යාවගේ දකුණු අප්‍රිකා සංචාරයේදී බාලදක්ෂ හා බාලදක්ෂිකා ව්‍යාපාරය වෙනුවෙන් කටයුතු කරන ලදි.
1931දී ,10 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 74
බීපී ජූනි 9 සිට 27 දක්වා සිදුකළ ඔස්ට්‍රේලියානු හා නවසීලන්ත සංචාරයෙන් අනතුරුව දකුණු අප්‍රිකාව වෙත පැමිණි අතර, එහිදී දකුණු අප්‍රිකානු බාලදක්ෂ ව්‍යාපාරය හා බාලදක්ෂිකා ව්‍යාපාරයේ කටයුතු පරීක්ෂා කරන ලදි.
1936දී ,11 වැනි සංචාරය – බීපීගේ වයස අවුරුදු 79
වර්ෂ 1935 ඔක්තෝබරයේ දී බීපී ලන්ඩනයේ සිට මැන්ඩෝලාව වෙත ගිය අතර, දකුණු අප්‍රිකා බාලදක්ෂ සංගමයේ උත්සව අවස්ථා රැසකට සහභාගි විය. මේ සංචාරය සඳහා බේඩ්න් පවෙල් ආර්යාව හා දියණියන් දෙදෙනා වූ හෙදර් හා බෙටී ද එක්ව සිටියහ.
මෙම සංචාරයේදී බේඩ්න් පවෙල් සාමිතුමා මැලේරියාවෙන් පීඩා විඳී අතර, කෙසේ වෙතත් 1936 ජනවාරි 11 දින පළමුවැනි දකුණු අප්‍රිකා ජාතික ජම්බෝරිය නිල වශයෙන් විවෘත කරන ලදි. බීපී ඇතුළු සිය පවුල මාස 5ක් දකුණු අප්‍රිකාවේ ගතකළ අතර, 1936 මැයි 5 දින පෙරළා එංගලන්තයට පැමිණියේ ය .
1938දී, 12 වැනි මෙන්ම අවසන් දකුණු අප්‍රිකා සංචාරය – බීපීගේ වයස අවුරුදු 81
සිය සෞඛ්‍යය තත්ත්වය කෙමෙන් දුර්වල වෙද්දී වෛද්‍යවරුන් විසින් විවේකීව සිටින ලෙස දන්වා තිබියදී බීපී මැයි 2 දින කේප් ටවුන් (කේප් කොලනිය) වෙත පැමිණ සිටි අතර, බේඩ්න් පවෙල් ආර්යාව පැමිණ සිටියේ දකුණු අප්‍රිකා බාලදක්ෂිකා ව්‍යාපාරයේ උත්සව කිහිපයකට සහභාගි වීම සඳහා ය .කෙසේ වෙතත් බේඩ්න් පවෙල් සාමිවරයාට සිය අවසන් නිවහන ලෙස දකුණු අප්‍රිකාව තෝරා ගැනීමට ඒ වනවිට බ්‍රිතාන්‍යයේ පැවති දේශපාලන අස්ථාවරත්වය ද එක් හේතුවක් විය. අනෙක් කරුණ වූයේ හෙතෙම දරුණු හිසේ කැක්කුමකින් පීඩා විඳීන්නට වූ නිසා බ්‍රිතාන්‍යයේ කලබලකාරී පරිසරයට වඩා දකුණු අප්‍රිකාවේ කෙන්යාවේ පරිසරය විවේක ගැනීමට උචිත බව ඔහු සිතීමයි.
අප නිර්මාතෘවරයාට ජීවිත දෙකක් තිබී ඇති අතර, එයින් පළමුවැන්න සිය හමුදා ජීවිතයයි. දෙවැන්න බාලදක්ෂ ජීවිතයයි. මේ ජීවිත දෙකේම විවිධාකාර අවස්ථා සහ වැදගත් අවස්ථා රැසක් සිදුවී ඇත්තේ දකුණු අප්‍රිකාව සම්බන්ධයෙනි.
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ