ආදරණීය දුවේ පුතේ, අපට තිබෙන සඳට අමතර තවත් සඳක් තිබුණොත් කොහොම තිබේවිද? රාත්‍රී ආලෝකය වැඩි කරගන්න ඒ මඟින් අපට පුළුවන් වෙනවා. ඉස්සර අහස් මාලිගා හදනවා කියන කතාවත් දැන් කාලෙ ඇත්තක් වෙලා තිබෙනවා. අහස උසට ගොඩනැඟිලි, පාවෙන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වගේ අද ලෝකය තාක්ෂණය එක්ක ඉදිරියට ගිහින් තිබෙනවා. ඉතින් එහෙම කරපු අලුත් වැඩක් තමයි චීනයේ මේ කෘත්‍රිම සඳ ව්‍යාපෘතිය.
චීනය, නාගරික ප්‍රදේශවල රාත්‍රී ආලෝකකරණය සඳහා විදුලි බලය ඉතිරි කිරීමට ආලෝක ආධාරයක් ලෙස කෘත්‍රිම සඳක් (artificial moon) නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. 2018 දී පැවති Sichuan Aerospace Science and Technology Microelectronics System Research Institute (CASTMS) ආයතනයේ ප්‍රකාශයක් අනුව, මෙම ව්‍යාපෘතිය 2025ට පෙර සිදු කරන්න ඔවුන් බලාපොරොත්තු වෙලා තිබෙනවා.
චීනයේ මෙම කෘත්‍රිම සඳ, විශාල දර්පණ ක්‍රමයක් (mirrors) භාවිතකර ආලෝකය පෘථිවියට පරාවර්තනය කරනවා. මෙම උපකරණය පෘථිවියට කි.මී. 500-2000ක් පමණ ඉහළින් අහසේ ස්ථාපනය කිරීමෙන් නගරවල රාත්රියේදී පවතින ආලෝක අවශ්‍යතා පුරවා ගැනීමට හැකි වෙනවා.
ව්‍යාපෘතියේ අරමුණු විදුලි බලය ඉතිරි කිරීම
කෘත්‍රිම සඳ ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වන්නේ විදුලි පහන් සඳහා බෙහෙවින් කුඩා ආලෝක ප්‍රමාණයක් ලබාදී ඒ ආලෝකය නාගරික ආලෝකකරණය සඳහා විකල්පයක් ලෙස යොදා ගැනීමයි. මෙම කෘත්‍රිම සඳ පෘථිවියේ ප්‍රධාන නාගරික ප්‍රදේශවලට, විශේෂයෙන් චීන නගරයක් වන Chengduවල විදුලි පහන් අවශ්‍යතාව අඩු කිරීමට සැලසුම්කර ඇත.
ආපදාවලදී ආලෝක සහාය
භූමිකම්පන හෝ අනෙකුත් ආපදාවලදී විදුලිය බිඳවැටීමෙන් පසු කෘත්‍රිම සෙඳන් ලැබෙන ආලෝකය වඩාත් වැදගත් වේ.
ආර්ථික වාසිය
මෙම කෘත්‍රිම සඳ, සාමාන්‍ය පාරිභෝගික LED පහන් සමඟ සංසන්දනය කළ විට, වසරකට ඩොලර් මිලියන 170ක පමණ ආර්ථික වාසියක් ලබා දෙනු ඇතැයි චීන බලධාරීහු විශ්වාස කරති.
මෙහි ආලෝක ප්‍රබලත්වය සහ බලපෑම්
චීන බලධාරීන්ට අනුව, මෙම කෘත්‍රිම සෙඳන් සම්පූර්ණ සඳේ ආලෝකයට 8 ගුණයක් පමණ සමාන ආලෝකයක් නිකුත් කරනු ඇත.
ඉතින් ආදරණීය දුවේ පුතේ, අපේ ලෝකය මේ වගේ තවත් අපි හිතන සීමාවෙන් එහාට දියුණු වෙන්න පටන් අරන් තිබෙනවා. ඔයාලත් අලුත් දේ හොයන්න. කියවන්න. ඒ දැනුමෙන් අලුත් දෙයක් නිර්මාණය කරන්න.
රුසින් තත්සර