ආදරණීය දුවේ පුතේ, අප සියලු දෙනාම එක දැයක ජීවත්වන දූ දරුවන් බව ඔබ මතක තබා ගත යුතුයි. කුමන ජන වර්ගයක වුවත්, කුමන ආගමක වුවත්, ඔබ තාමත් කුඩා දරුවන් බව ඔබ මතක තබා ගත යුතුයි. කුඩා කාලයේදී පොත පතින් ලබන අධ්‍යාපනය මෙන්ම සමාජයෙන් ලබන අධ්‍යාපනය ද ඔබට ඉතා වැදගත් වේ. ආගම දහමින් ලබන අධ්‍යාත්මයෙන් පෝෂණය වූ දරුවකු ලෙස ඔබ සමාජයට එක් වූ විට ඔබට ඔබේ යහළු යෙහෙළියන්ට ආදරයෙන් කරුණාවෙන් සැලකීමට හැකියාව ලැබේ. මේ නිසා ඔබ අධ්‍යාත්මයෙන් පිරිපුන් දරුවකු වන්න උත්සාහ කරන්න. එවිට ඔබට ඔබේ පාසලේ අධ්‍යාපන කටයුතු වුවත් කරගෙන යෑමට පහසු වේ. ඒ සඳහා අවශ්‍ය පහසුව අධ්‍යාත්මයෙන් ඔබට හිමි වේ.
ඉවසීම, ක්ෂණිකව මතක ශක්තිය ධාරණය කරගැනීමට ඔබට හැකියාව ලැබේ. මතක ශක්තිය ඇති කරගැනීමට නම් සංයමය ඉතා වැදගත් වේ. මේ නිසා ඔබ යහපත් සංයමයෙන් යුක්ත දරුවකු වන්න උත්සාහ දරන්න.
මිහිර කර්තෘ රූපාන්ති
07මේක චීන රටෙන් බිහි වූ අපූරු ළමා චිත්‍රපටයක්. කතාවේ නම ඉර්ණව්ඒඊඒ ර්‍ණජ් ඊඩ්ඡ් ඹ්ධ්ඊඊඹ්ඡ් ඩ්ඡ්ච්ට්ඡ්ඩ්ර්ණට්. මෙය ‘පුංචි ඉත්තෑවා’ නමින් ටයිටස් තොටවත්තයන් විසින් සිංහල භාෂාවෙන් හඬ කවා බොහෝ කලකට පෙරදී ජාතික රූපවාහිනියේ විකාශය කළා.
කතාව ගලා යන්නේ ඩෝ ඩෝ නමැති චීන ජාතික පිරිමි ළමයා, ටින්කා නමැති ඉංග්‍රීසි ජාතික දැරිය සහ රොමැන්ටෝ නමැති
කළු ජාතික පිරිමි ළමයා වටායි.
ඩෝ ඩෝ චීනයේ ගම්බද ප්‍රදේශයක තම සීයා සමඟ කොමඩු හේනක ජීවත් වෙනවා . චීන කටු චිකිත්සාව හැදෑරීමට අමෙරිකාවේ සිට පැමිණි රොමැන්ටෝගේ මව සහ ටින්කාගේ පියා දරුවන්ට නිදහසේ සෙල්ලම් කිරීමට සහ වටපිටාවේ ඇවිදයෑමට ඉඩ ලබා දෙනවා.
ඩෝඩෝට සුරතලයට ඇති කරන්නට පුංචි ඉත්තෑ පැටියෙක් සිටිනවා . සීයාගේ කොමඩු හේනෙන් නිතරම ඩෝ ඩෝ කොමඩු කඩලා ඉත්තෑවාට දෙනවා. ඉත්තෑ පැටියාගේ කූරු මත කුඩා බෙරි ගෙඩි රඳවමින් ඩෝඩෝ විනෝද වෙනවා. එක දවසක් ඉත්තෑ පැටියා අතුරුදන් වෙනවා. ඩෝඩෝ හරිම දුකෙන් ඉත්තෑ පැටියා හෙව්වත් හමු වන්නේ නෑ. කොමඩු හේන අසල කැලෑවේ ඇවිද යන රොමැන්ටෝට සහ ටින්කාට ඉත්තෑ පැටියා හමු වෙනවා. ඔවුන් දෙන්නා ඉත්තෑ පැටියාව මාරුවෙන් මාරුවට තමන් ළඟ තබා ගන්නවා. එක දවසක් කොමඩු ගෙන එන්නට ඩෝඩෝගේ කොමඩු හේනට යන ටින්කලාට ඩෝඩෝ හමු වෙනවා. මුලින් ඔවුන් මිතුරු නොවුණත් පසුව ඔවුන් මිතුරු වෙනවා. ඉත්තෑ පැටියාට පාර හොයාගන්න ඩෝඩෝ විසින් ඇඳ, තැනින් තැන දමන ලද ඉත්තෑ පැටියාගේ චිත්‍ර සටහන් ද ටින්කලා දකිනවා. ඒත් ඔවුන් තමන් ළඟ ඩෝඩෝගේ ඉත්තෑ පැටියා සිටින බව ඩෝඩෝට පවසන්නේ නෑ. පසුව ඉත්තෑ පැටියා ටින්කලා ළඟ සිටින බව ඩෝඩෝ දැනගන්නවා. මුලින් ඩෝඩෝ ඒ ගැන තරහ ගන්නවා. ඒත් සීයා ඩෝඩෝට තේරුම් කර දෙන නිසා පසුව ඩෝඩෝ, ටින්කලා සමඟ සමගියෙන් ඉත්තෑ පැටියා බෙදා ගන්නවා. ඔවුන් එළිමහනේ ඇවිදිමින් සොබාදහම රස විඳමින් සෙල්ලම් කරමින් විනෝද වෙනවා. ඩෝඩෝ පුංචි නළාවක් පිඹිනවා. රොමැන්ටෝ ගිටාරයක් වාදනය කරනවා. ටින්කා මවුත් ඕගනය වාදනය කරනවා. එවිට ඉත්තෑ පැටියා ඔවුන් අසල නිදහසේ ඇවිද යනවා.
දුරු රටින් පැමිණි ටින්කා සහ රොමැන්ටෝ චීනයෙන් ආපසු යන දිනය උදා වෙනවා. ඔවුන් මිත්‍රත්වයේ සමරු සටහන් ලෙස පුංචි පුංචි තෑගි බෝග ද හුවමාරු කරගන්නවා. ඩෝඩෝ කූඩුකර සෑදූ ලේනුන් කුරුල්ලන් සහ ඉත්තෑ පැටියා මේ පොඩිත්තන් එක් වී ආපසු සොබාදහමට මුදා හරිනවා. ඔවුන් ගීතයක් ද ගයනවා. එහි තේරුම වන්නේ
“මිතු දමින් අපව වෙළිලා . අපේ පාටවල් වෙනස් වුණාට අපේ හැඟීම් එකයි. අපි අපේ දෙමාපියන්ටයි මිතුරන්ටයි රටවලටයි ආදරෙයි. අපි අත්වැල් බැඳගෙන හෙට දවසට පා නඟමු. මිතුරනි මිතුරනි මිතුරනි” යන්නයි. ඉත්තෑ පැටියා නිසා තරහ වී ඉත්තෑ පැටියා නිසාම මිතුරු වූ පොඩිත්තන්ගේ කතන්දරය තමයි පුංචි ඉත්තෑවා ළමා චිත්‍රපටයෙන් දැක්වෙන්නේ.
චීන ජාතික ඩෝඩෝගේ සම කහ පාටයි. ඒ කියන්නේ ඩෝඩෝ අයත් වන්නේ මොංගෝලියානු ජන වර්ගයටයි. ඉංග්‍රීසි ජාතික ටින්කාගේ සම සුදු පාටයි. ඒ කියන්නේ ඇය කොකේසියානු ජන වර්ගයටයි අයත් වන්නේ. කළු අමෙරිකානු ජාතික රොමැන්ටෝගේ සම කළු පාටයි. ඔහු අයත් වන්නේ නීග්‍රෝ ජන වර්ගයටයි. ඒත් ඔවුන්ගේ සමෙහි වර්ණය හෝ සංස්කෘතික විවිධත්වය ඔවුන්ගේ මිත්‍රත්වයට ළෙන්ගතුකමට කිිසිසේත්ම බාධාවක් වන්නේ නෑ. කොහේ සිටියත් කුමන වර්ණයේ සමක් තිබුණත් ළමයින් ළමයින්ම බව මෙම චිත්‍රපටයෙන් කියා දෙනවා. ඒ විතරක් නෙවෙයි සොබාදහමට අයිති සතුන් ආපසු සොබාදහමටම ලබා දිය යුතු බවත් අනවශ්‍ය ලෙස සතුන් සිරකර තබා ගැනීම නොකළ යුතු බවත් වටහා දෙනවා.
ඉතින් පුංචි දුවලා පුතාලට මම ඉත්තෑ පැටියාගේ කතන්දරය සහිත ළමා චිත්‍රපටය මතක් කළේ ඔයාලාටම වෙන් වූ දිනයක් එනම් ලෝක ළමා දිනය මේ මාසයේ 01 දාට යෙදී තිබුණු නිසයි. ඔයාලාත් විවිධ හේතු නිසා වාදභේද ඇති කර නොගෙන ඩෝඩෝලා වගේ ඔයාලාගේ මිතුරන් සමඟ ආදරණීයව සතුටින් ළමා කාලය ගත කරන්න. සොබා දහම ඇසුරු කරන්නත් අමතක කරන්න එපා.
-හර්ෂණී ගමගේ
ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ මෙන්ම ලෝක බාලදක්ෂ නායකයාව සිටි රොබට් බේඩ්න් පවෙල් සාමිවරයා තම ජීවිතයේ වැඩි කාලයක් උඩු රැවුලකින් සැරසී සිටියේය.
ඩැනියල් කාටර් බියර්ඩ්
කම්මුල් හා නිකට වටා රැවුල මෙන්ම උඩු රැවුලකින් යුතුව සිටි ඩැනියල් කාටර් “ඩෑන් මාමා “යන ආදරණීය නාමයෙන් හඳුන්වනු ලැබූ , අමෙරිකා එක්සත් ජනපදයේ බාලදක්ෂ කටයුතු ආරම්භ කිරීමට උපකාරී වූ අයෙකි. එමෙන්ම එක්සත් ජනපද බාලදක්ෂ නිල ඇඳුම සැලසුම් කළ ඩෑන් මාමා බේඩ්න් පවෙල් හා සමානව රැවුලකින් සැරසී සිටියේය .
චාල්ස් එල්. සොමර්ස්
ෂෙට්රොන් මාදිලියේ උඩු රැවුලකින් යුතුව සිටි චාල්ස් සොමර්ස් අමෙරිකානු බාලදක්ෂ සංගමයේ මිනසෝටා හි පිහිටි කැනෝ කඳවුරේ ප්‍රධානියා ලෙසින් 1940 දී එම කඳවුර පිහිටු වීමට කටයුතු කළ අයෙකි. එම කඳවුර වාර්ෂිකව බාලදක්ෂයන් 4000කට වැඩි පිරිසකට පුහුණුව ලබා දෙයි.
විලියම් හොවාර්ඩ් ටාෆ්ට්
වංශාධිපති පන්නයේ උඩු රැවුලකින් යුතුව සිටි විලියම් හොවාර්ඩ් අමෙරිකාවේ 27 වැනි ජනාධිපතිවරයා මෙන්ම අමෙරිකානු බාලදක්ෂ සංගමයේ ( BSA ) )පළමු ගෞරවනීය සභාපතිවරයා ය. විලියම් ජනාධිපතිවරයා අමෙරිකානු බාලදක්ෂ ව්‍යාපාරය තම දේශය තුළ ව්‍යාප්ත කිරීමට ඉමහත් දායකත්වයක් ලබා දුන්නේය .
විලියම් ඩී. බෝයිස්
ෂෙට්රොන් විලාසිතාවේ උඩු රැවුලකින් යුතුව සිටි විලියම් අමෙරිකානු බාලදක්ෂ සංගමයේ නිර්මාතෘවරයා ය. විලියම් බොයිස් 1910 දී එංගලන්තයේ කළ සංචාරකින් අනතුරුව අමෙරිකාවට පෙරළා පැමිණ එහි බාලදක්ෂ ව්‍යාපාරය ස්ථාපිත කළේය .
අර්නස්ට් තොම්සන් සෙටන්
ආකර්ෂණීය උඩු රැවුලකින් සිටි අර්නස්ට් සෙටන්, හොලිවුඩ් නළු සෑම් එලියට්ගේ පෙනුමට සමාන පෙනුමකින් යුතු විය. බී පී විසින් Scouting for boys පොත ලිවීමට මූලික ආකෘතිය ලබාගත්තේ අර්නස්ට් විසින් රචිත ” ඉන්දියානු වන ශිල්පය” පොතෙනි. ග්රන්ථ කතුවරයකු මෙන්ම චිත්‍ර ශිල්පියකු ලෙසින් කටයුතු කළ අර්නස්ට් 1902 – 1921 දක්වා අමෙරිකානු බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂයා ලෙස කටයුතු කළේය .
එඩ්වඩ් උර්නර් ගුඩ්මන්
සම්භාවනීය ෂෙට්රොන් උඩු රැවුලකින් යුතු එඩ්වඩ් ගුඩ්මන් 1930 සහ 1940 අමෙරිකානු බාලදක්ෂ සංගමයේ වැඩසටහන් අධ්යක්ෂ ලෙස සේවය කළේය. අමෙරිකානු බාලදක්ෂ නායකයන් සඳහා අත්පොත ලිවීමට පුරෝගාමියා වූයේද එඩ්වඩ් උර්නර් ගුඩ්මන් ය.
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ
විදේශීය තොරතුරු
1. ලෝකයේ පළමුව මිනිසෙක් අභ්‍යවකාශයට යවන ලද්දේ කුමන රටකින් ද?
2. දෙවැනි ලෝක යුද්ධය අවසන් වූයේ කිනම් අවුරුද්දක ද?
3. අමෙරිකාවේ පළමු ජනාධිපතිවරයා කවුරුන් ද?
4. යුනෙස්කෝ ලෝක උරුම වැඩියෙන්ම ඇති රට කුමක් ද?
5. ලෝකයේ වැඩියෙන්ම අදහනු ලබන ආගම කුමක් ද?
6. ජපානයේ අගනුවර කුමක් ද?
7. පිරමීඩ සෑදූ ශිෂ්ටාචාරය කුමක් ද?
8. ලෝකයේ පළමු අගමැතිනිය කවුරුන් ද?
9. ඔරිගාමි කලාවට ප්‍රසිද්ධ රට කුමක් ද?
10. රටවල් දෙකක් වෙන්වන දිගම මායිම කුමක් ද?
11. ආදරයේ නගරය යැයි හඳුන්වන්නේ කුමන නගරයක් ද?
12. සම්බා නර්තනයට ප්‍රකටම රට කුමක් ද?
13. ලෝකයේ උසම ගොඩනැඟිල්ල කුමක් ද?
14. කැනඩාවේ ජාතික ග්‍රීෂ්ම ඍතු ක්‍රීඩාව කුමක් ද?
15. කැනඩාවේ ජාතික ශීත ඍතු ක්‍රීඩාව කුමක් ද?
16. ලෝකයේ වැඩියෙන්ම කෝපි අපනයනය කරන රට කුමක් ද?
17. ඉන්කා නගරයට ඇති නාමය කුමක් ද?
18. ඉන්දියාවේ ප්‍රධාන ආගම කුමක් ද?
19. කැන්ගරුවන් වැඩියෙන්ම සිටින රට කුමක් ද?
20. බ්‍රසීලයේ ප්‍රධාන භාෂාව කුමක් ද?
විද්‍යා තොරතුරු
1. මිනිසුන් ආශ්වාසය කරන්නේ කුමන වායුවක් ද?
2. මිනිසුන් ප්රාශ්වාසය කරන්නේ කුමන වායුවක් ද?
3. රත්තරන් ආවර්තිතා වගුවේ ඇත්තේ කෙසේ ද?
4. ජලයේ ර්ථඩ මට්ටම කොපමණ ද?
5. මිනිස් අමාශයෙහි ඇති අම්ලය කුමක් ද?
6. ආලෝකයේ වේගය කොපමණ ද?
7. අඩුම බලය ඇති පරමාණුව කුමක් ද?
8. හිරුට ආසන්නම ග්‍රහලෝකය කුමක් ද?
9. සෞරග්‍රහ මණ්ඩලයේ කුඩාම ග්‍රහලෝකය කුමක් ද?
10. හිරුගේ මතුපිට උෂ්ණත්වය කොපමණ ද?
11. අභ්‍යවකාශයට ගිය පළමු යානය කුමක් ද?
12. පෘථිවි හරයේ ඇත්තේ මොනවා ද?
13. පෘථිවිය බිහි වූයේ අවුරුදු කීයකට පෙර ද?
14. පෘථිවියේ ජීවය බිහි වූයේ අවුරුදු කීයකට පෙර ද?
15. රතු ග්‍රහයා යනු කුමක් ද?
16. සෙනසුරුවල විශාලතම සඳ කුමක් ද?
17. බ්‍රහස්පති ග්‍රහයාට සඳවල් කොපමණ තිබේ ද?
18. සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම යමහල කුමක් ද?
19. පෘථිවි චන්ද්‍රයාගේ විශාලතම කන්ද කුමක් ද?
20. දෙවැනියට විශාලතම ග්‍රහලෝකය කුමක් ද?
දේශීය තොරතුරු
1. ජාතික කෞතුකාගාරය පිහිටියේ කොහේද?
2 මාර්ටින් වික්‍රමසිංහ ජනකලා කෞතුකාගාරය පිහිටියේ කොහේද?
3 පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානය පිහිටි පළාත කුමක්ද?
4 මහවැලි ගංගාවට ආසන්නව පිහිටි විශ්වවිද්‍යාලය කුමක්ද?
5 සබරගමුව විශ්වවිද්‍යාලය පිහිටියේ කොහේද?
6. කෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ආරම්භ කළේ කිනම් අවුරුද්දක ද?
7. කෲව් මැකලම් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ පළමු උගත්
ශ්‍රී ලාංකිකයා කවුරුන් ද?
8. මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය ආරම්භ කළේ කිනම් අවුරුද්දක ද?
9. මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ නිල ලත් කොපමණ සංඛ්‍යාවක් සිටියේ ද?
10. මැනිං ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයේ නිල නොලත් කොපමණ සංඛ්‍යාවක් සිටියේ ද?
11. ලංකා ජාතික සංගමයේ පුරෝගාමියා කවුරුන් ද?
12. උගත් ශ්‍රී ලාංකිකයන් අතරින් ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව පිළිබඳ 1908 වසරේ දී විධිමත් සන්දේශයක් යටත් විජිත භාර ලේකම්වරයාට ඉදිරිපත් කරන ලද්දේ කවුරුන් ද?
13. පේදුරුතුඩුව පිහිටා ඇත්තේ කුමන දිස්ත්‍රික්කයක ද?
14. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණන කොපමණ ද?
15. ධාතුසේන රජු විසින් ඉදිකරවන ලද වැවකි.
16. පරාක්‍රම සමුද්‍රය පිහිටි දිස්ත්‍රික්කය කුමක් ද?
17. කළුතරින් මුහුදට ගලා බසින ගංගාව කුමක් ද?
18. හෝර්ටන්තැන්න සොයා ගත්තේ කවුරුන් විසින් ද?
19. මහරත්මල් බහුල කොහේ ද?
20. හෝර්ටන්තැන්න කුමන වර්ගයට අයත් බිමක් ද?
ලෝකයේ පිහිටීම සම්බන්ධ තොරතුරු
1. එවරස්ට් කන්ද පිහිටි රට කුමක්ද?
2. එවරස්ට් කන්ද ප්‍රථම වරට තරණය කරනු ලැබූ පුද්ගලයා කවුරුන්ද?
3. එවරස්ට් කන්ද පිහිටි කලාපය හඳුන්වන්න?
4. ලොව දෙවැනියට උස කන්ද කුමක්ද?
5. ම්2 කන්ද අයත් රටවල් මොනවාද?
6. ම්2 කන්ද ප්‍රථම වරට තරණය කරන ලද පුද්ගලයන් කවුරුන්ද?
7. ලොව තෙවැනියට උස කන්ද වන කන්චෙන්ජුන්ගා කන්ද අයත් රටවල් මොනවාද?
8. කන්චෙන්ජුන්ගා කන්ද ප්‍රථම වරට තරණය කළ පුද්ගලයන් කවුරුන්ද?
9. ලොහොට්සේ කන්ද අයත් කලාපය කුමක්ද?
10. ලොව උසම කඳු අතරින් සිව්වැනි ස්ථානයේ සිටින ලොහොට්සේ කන්ද අයත් රට කුමක්ද?
11. ලොහොට්සේ කන්ද ප්‍රථම වරට තරණය කළ කණ්ඩායම කුමක්ද?
12. ලෝකයේ දක්නට ලැබෙන ප්‍රධාන වනාන්තර වර්ග මොනවාද?
13. උතුරු අමෙරිකානු උත්තර (ටයිගා) වනාන්තර ඇති ප්‍රදේශ මොනවාද?
14. එහි විශාලත්වය කොපමණද?
15. වයඹ දිග පැසිෆික් වැසි වනාන්තර දක්නට ඇති ප්‍රදේශ මොනවාද?
16. වයඹ දිග පැසිෆික් වැසි වනාන්තර අයත් වනාන්තර වර්ගය කුමක්ද?
17. එහි විශාලත්වය කොපමණද?
18. කැලිෆෝනියානු කේතුධර වනාන්තර පිහිටි ප්‍රදේශ මොනවාද?
19. එය අයත් වනාන්තර වර්ගය කුමක්ද?
20. එහි විශාලත්වය කොපමණද?
කලා තොරතුරු
1. වහල්ලු කෙටිකතාව රචනා කරන ලද්දේ කවුරුන් විසින්ද?
2. වෙසක් පහන කෙටිකතාවේ රචකයා කවුරුන්ද?
3. දිසොන්චිනාහාමි කෙටිකතාවේ කතුවරයා කවුරුන්ද?
4. නොනිමි සිත්තම කෙටිකතාවේ රචකයා කවුරුන්ද?
5. ස්නේහය කෙටිකතාව රචනා කළේ කවුරුන් විසින් ද?
6. ඇරැව්වල නන්දිමිත්ර මහතාගේ ප්‍රථම කෙටිකතාව කුමක්ද?
7. ඇරැව්වල නන්දිමිත්රගේ ළමා සහ යොවුන් සාහිත්‍ය නිර්මාණ මොනවාද?
8. කරත්තය කෙටි කතාවේ රචකයා කවුරුන්ද?
9. සෝමරත්න බාලසූරියගේ ප්‍රථම කෙටිකතාව කුමක්ද?
10. අකුරට යන වෙලාවේ කෙටිකතාවේ රචකයා කවුරුන්ද?
11. කවියකුට අත්දැකීමක් යන කෙටිකතාවේ රචකයා කවුරුන්ද?
12. කළු සපත්තු ග්‍රන්ථයේ රචකයා කවුරුන්ද?
13. මිනිස් වටය කෙටිකතාවේ රචකයා කවුරුන්ද?
14. හැත්තෑ ලක්ෂයෙන් එකෙක් කෙටිකතාවේ රචකයා කවුරුන්ද?
15. ගස් කෙටිකතාවේ රචකයා කවුරුන්ද?
16. නිදහස් උදෑසන කෙටිකතාවේ රචකයා කවුරුන්ද?
17. කීර්ති වැලිසර ලියූ ප්‍රථම කෙටිකතාව කුමක්ද?
18. දොරමඩලාව කාව්‍ය ග්‍රන්ථය රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?
19. වයිරෝඩිය ග්‍රන්ථය රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?
20. අඟුටුමිට්ටා කෘතිය රචනා කරන ලද්දේ කවුරුන් විසින් ද?
පිළිතුරු
දේශීය තොරතුරු – පිළිතුරු
1. කොළඹ 07, ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවතේ
2 ගාල්ල දිස්ත්‍රික්කයේ කොග්ගල
3 මධ්‍යම පළාත
4 පේරාදෙණිය විශ්වවිද්‍යාලය
5 බෙලිහුල්ඔය
6. 1910දී
7. පොන්නම්බලම් රාමනාදන් මහතා
8. 1920දී
9. 14
10. 23
11. පොන්නම්බලම් අරුනාචලම් මහතා
12. ජේම්ස් පීරිස් මහතා
13. යාපනය දිස්ත්‍රික්කයේ
14. 25
15. කලා වැව
16. පොලොන්නරුව
17. කළු ගංගාව
18. ඉංග්‍රීසින් විසින්
19. හෝර්ටන්තැන්නේ
20. තෙත් කලාපයේ තෘණ භූමියකි.
විදේශීය තොරතුරු- පිළිතුරු
1. සෝවියට් දේශයෙන්
2. 1945
3. ජෝර්ජ් වොෂින්ටන්
4. ඉතාලිය
5. ක්‍රිස්තියානි ආගම
6. ටෝකියෝ නගරය
7. ඊජිප්තු ශිෂ්ටාචාරය
8. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය
9. ජපානය
10. අමෙරිකාවේ හා කැනඩාවේ මායිම
11. පැරීසිය
12. බ්‍රසීලය
13. බර්ජ් ඛලීෆා
14. ලැක්‍රොස්
15. අයිස් හොකී
16. බ්‍රසීලය
17. මාචු පීචු
18. හින්දු ආගම
19. ඔස්ට්‍රේලියාව
20. පෘතුගීසි භාෂාව
කලා තොරතුරු – පිළිතුරු
1. මාර්ටින් වික්‍රමසිංහ
2. ජී. බී. සේනානායක
3. ගුණදාස අමරසේකර
4. කේ . ජයතිලක
5. සයිමන් නවගත්තේගම
6. කය මිස සිත නැති දන
7. සුවඳ, ලස්සන පුත්තු පුංචි තරුවක් පායලා සුන්දර කතන්දරය මානව මිත්‍රයෝ
8. සෝමරත්න බාලසූරිය
9 පඳුරු ගසා කිරි වැදිලා
10 ඒ. වී. සුරවීර
11 රංජිත් ධර්මකීර්ති
12. ජයතිලක කම්මැල්ලවීර
13. එරික් ඉලයප්පආරච්චි
14 ලියනගේ අමරකීර්ති
15 නිශ්ශංක විජේමාන්න
16 කීර්ති වැලිසර
17 ගස් කට්ටිය
18 දයාසේන ගුණසිංහ
19. ඩබ්.ඒ. සිල්වා
20 හේමපාල මුනිදාස
විද්‍යා තොරතුරු – පිළිතුරු
1. ඔක්සිජන් (O2)
2. කාබන්ඩයොක්සයිඩ් (CO2)
3. Au
4. 7
5. හයිඩ්‍රොක්ලෝරික් අම්ලය (HCL)
6. 300,000 km/s
7. ඉලෙක්ට්‍රෝන
8. බුධ
9. බුධ
10. 5,500°C
11. ස්පුට්නික් 1
12. මැග්මා
13. අවුරුදු බිලියන 4.5කට පෙර
14. අවුරුදු බිලියන 3.5කට පෙර
15. අඟහරු ග්‍රහයා
16. ටයිටන්
17 92
18. ඔලිම්පස් මොන්ස්
19. මොන්ස් හියුජෙන්ස්
20. සෙනසුරු ග්‍රහලෝකය
ලෝකයේ පිහිටීම් සම්බන්ධ තොරතුරුවලට පිළිතුරු
1. නේපාලය සහ චීනය (ටිබෙට්)
2. 1953 මැයි 29 දින එඩ්මන්ඩ් හිලරි සහ ටෙනිසිං නෝර්ගේ විසින්
3. කුම්බු හිමාල්
4 K2
5 ටස්කෝර්ගාන් ටාජික් ස්වාධීන රාජ්‍යය, ෂින්ජියැං – චීනය, පකිස්ථානයේ උතුරුදිග ප්‍රදේශය
6. 1954 ජූලි 31 ලිනෝ ලැසිඩෙල්ලි සහ අචිලී කොම් පැග්නෝනි විසින්
7 නේපාලය සහ ඉන්දියාව
8 1955දී ජෝර්ජ් බෑන්ඩ් සහ ජෝයි බ්‍රවුන්
9 හිමාලය
10 නේපාලයේ කුම්බු ප්‍රදේශය
11 1956 මැයි 18 දින ස්වීස් ජාතිකයන් කණ්ඩායමක්
12. වැසි වනාන්තර ( නිවර්තන සහ සමශීතෝෂ්ණ)
* ටයිගා
* සමශීතෝෂ්ණ දෘඪ ශාක වනාන්තර
* නිවර්තන වියළි වනාන්තර
13 බටහිරින් අමෙරිකා එක්සත් ජනපදයේ හා මධ්‍යම ඇලස්කාවේ සිට නැඟෙනහිරින් කැනඩාව, මධ්‍යම ලැබ්රඩෝර් දක්වා
14 වර්ග කි.මී. මිලියන 6.25 (වර්ග සැතපුම් මිලියන 2.4)
15. පැසිෆික් වෙරළ තීරයේ ඇලස්කා බොක්ක ඔස්සේ සිට අමෙරිකා එක්සත් ජනපදයේ උතුරු දිග කැලිෆෝනියාව සහ කැනඩාව දක්වා
16 සමශීතෝෂ්ණ වැසි වනාන්තර
17 වර්ග කි.මී. මිලියන 1.2
18. අමෙරිකා එක්සත් ජනපදයේ මධ්‍යම කැලිෆෝනියාව, සියරා නෙවාඩාහි බටහිර බෑවුම්
19 සදාහරිත සමශීතෝෂ්ණ වනාන්තර
20 වර්ග කි.මී. 43,600
අකීෆ් සහ රොහන්සා
සාහිත්‍යය මාසය ගෙවී ගිය අතර, ජාතික කියවීමේ මාසයත් උදාවෙලා තිබෙනවා. සාහිත්‍යය මාසය නිමිත්තෙන් වාර්ෂිකව පවත්වනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලා භූමිය ආශ්‍රිතව සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේදී පසුගිය දා පැවැත්වුණා. මෙවර පොත් ප්‍රදර්ශනය විශේෂයි.
ඒ මොකද දන්නවද? ඒ තමයි මෙවර පැවැත්වූයේ 25 වැනි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය වීම. ඒ කියන්නේ පොත් ප්‍රදර්ශනය සිය රිදී ජුබිලිය සැමරුවා. ඒ නිසා තමයි පොත් ප්‍රදර්ශනය ගැන තොරතුරු ටිකක් පුංචි ඔයාලාට කියාදෙන්න සිතුවේ. ඔන්න එහෙනම් පොත් ප්‍රදර්ශනයේ ඉතිහාසය ටිකක් දැනගෙන මාත් එක්ක පොත් ප්‍රදර්ශනයේත් ටිකක් ඇවිදලා එමු.
ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය
පොත් ප්‍රකාශකයන්ගේ සංගමය එක් වී පළමු පොත් ප්‍රදර්ශනය 1999 වසරේ සැප්තැම්බර් 1-4 දින දක්වා කොළඹ ජාතික කලා භවනේදී පවත්වා තිබෙනවා. මෙම පොත් ප්‍රදර්ශනය ජාතික පොත් ප්‍රදර්ශනය නමිනුයි මුලින්ම පවත්වනු ලැබුවේ. 2000 වසරේදී ද කලාභවන අසලදී මෙම පොත් ප්‍රදර්ශනය පැවැත්වූවා. 2001 වසරේදී බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදී ජාත්‍යන්තර මට්ටමෙන් පොත් ප්‍රදර්ශනය පැවැත්වීම ඇරැඹුණු අතර, එයින් පසු එය ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නමින් හැඳීන්වීමට පටන් ගත්තා. වසරින් වසර පොත් ප්‍රදර්ශනය වඩාත් පුළුල් වූ අතර, වර්තමානයේදී එය, බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවට යාබදව පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක ශාලා පරිශ්‍රයේ වඩාත් විධිමත්ව දැවැන්තව පවත්වා ගෙන යනු ලබනවා. ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට දේශීය පොත් ප්‍රකාශකයන්ට අමතරව වරින් වර විදේශීය පොත් ප්‍රකාශන කුටි ද ඇතුළත් වෙනවා. ඊට අමතරව පොත් ප්‍රදර්ශනය පවත්වන දින දහය තුළදී විවිධ සාහිත්‍යය සම්මන්ත්රණ, සාහිත්‍යය දේශන, පොත් දොරට වැඩීම් , වීදි නාට්‍ය වැනි අංග ද එහි පැවැත්වෙනවා. පොත පතට ළැදි ලොකු කුඩා සැමට සතුට සහ දැනුම යන දෙකම ලබාගත හැකි කදිම අවස්ථාවක් ලෙස මෙම පොත් ප්‍රදර්ශනය හඳුන්වන්න පුළුවන්.
පොත් කියවන පොඩිත්තෝ
මිහිර කියවන පුංචි දුවලා පුතාලා වෙනුවෙන් අපි පොත් ප්‍රදර්ශන භූමියට ගියා පොත් මිලදී ගන්න වගේම පොත් කියවන පොඩිත්තන් හඳුනාගන්නත්. මේ ඉන්නේ අපිත් එක්ක පොත් කියවීම ගැන අදහස් දැක්වූ පොඩිත්තන් කිහිප දෙනකුයි.
මේ අපට මුලින්ම හමු වුණ පුංචි පුතා කියූ කතාව.
“මගේ නම ප්‍රශාන්. මගේ වයස අවුරුදු අටයි. මම ඉගෙන ගන්නේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහලේ. මං ඉංග්‍රීසි ළමා කතන්දර පොත් කියවන්න ගොඩක් කැමැතියි. ණචජඬ චදඤ බඩඥ ඡඥචදඵබචතඬ සුරංගනා කතාවට සහ තඪබබතඥ පඥඤ පඪඤඪදඨ ඩධධඤ කතාවට මං ආසයි. තාත්තත් එක්ක තමයි මං පොත් ප්‍රදර්ශනයට ආවේ.”
ඊළඟට අපට තවත් පුංචි පාඨකයෙක් හමු වුණා. එයාගෙ නම සගීත්.
“මගේ නම සගීත්. මං ඉගෙන ගන්නේ කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ . මං ගොඩක් කැමැති අබිරහස් කතා කියවන්නයි.”
ඊනිඩ් බ්ලයිට්න් නැන්දා ලියූ අබිරහස් කතා පොතක් තමයි ඒ වෙලාවෙත් සගීත්ගේ අතේ තිබුණේ.
ඊළඟට අපට තවත් පොත්ගුල්ලියක් හමු වුණා. එයාගේ නම සනුමි. නුගේගොඩ අනුලා විද්‍යාලයේ 6 ශ්‍රේණියේ ඉගෙන ගන්නා ඇයත් ඊනිඩ් බ්ලයිට්න් නැන්දාගේ රසිකාවියක්. මෙලනි අමරතුංග නැන්දා පරිවර්තනය කළ ඊනිඩ් නැන්දාගේ අබිරහස් කතා පොතකට තමයි ඒ වෙලාවෙත් සනුමිගේ හිත ගිහින් තිබුණේ. ඒ විතරක් නෙවෙයි සනුමි, හැරී පොටර් කතා මාලාවටත් ගොඩක් කැමැති බව ඇය කිව්වා. සිංහල, ඉංග්‍රීසි භාෂා දෙකන්ම රචනා වූ පොත් කියවන්න කැමැති බවත් හැම අවුරුද්දකම පොත් මිලදී ගන්න බුක් ෆෙයාර් එන බවත් සනුමි කිව්වා.
ගම්පහ ප්‍රදේශයෙන් පැමිණි ඔමෙත් නම් කතන්දර පොත් ගොඩක් කියවන්න තරම් ලොකු නෑ. පෙර පාසල් යන පොඩිත්තෙක් වන ඔමෙත් පුතා පින්තූර සහිත කතන්දර පොත් පෙරළා බලමින් සතුටු වෙන ආකාරය අපි දැක්කා.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ 7 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඉසුරි දියණිය එක්කත් අපි කතා කළා.
“ මං ගිය අවුරුද්දෙත් බුක් ෆෙයාර් ආවා. මේ ආවේ දෙවැනි වතාවට. මම ඊනිඩ් නැන්දගේ කතා පොත් ඉංග්‍රීසි භාෂාවෙන් සහ සිංහල භාෂාවෙන් යන දෙකෙන්ම කියවනවා.“
පොත් තෝරන ගමන් ඉසුරි එහෙම කිව්වා.
නුගේගොඩ අනුලා විදුහලේ ඉගෙනුම ලබන තවත් පොත් ගුල්ලියක් අපට හමු වුණා. එයාගේ නම ඉමන්දි. එයා අන්දරේගෙ කතා කියවන්න කැමැතියි කියලා කිව්වේ හිනාවෙමිනුයි. එයාට අන්දරේගෙ විහිළු කතා මතක් වෙලාද දන්නෙ නෑ හිනා ගියේ. ඉමන්දි ඉංග්‍රීසි පොත් කියවන්නත් කැමැතියි කියලා කිව්වා.
ඊළඟට අපට හමු වුණා නිවුන්නු දෙන්නෙක්. ඒ දෙන්නා තමයි කොළඹ මියුසියස් විදුහලේ 2 ශ්‍රේණියේ ඉගෙනුම ලබන එනුකි සහ එනුලි. එයාලා වැඩිපුර කියවන්නේ ඉංග්‍රිසි පොත් බවත් එයාලගේ ප්‍රියතම ලේඛිකාව ඊනිඩ් බ්ලයිට්න් බවත් කිව්වා. මේ ඉන්නේ එයාලා සුරංගනා කතා පොතක් කියවන ගමන්.
දුර ඈත ඉඳන් බුක් ෆෙයාර් එක බලන්න ආව පොත්ගුල්ලියක් එක්කත් කතා කරන්න අපි අමතක කළේ නෑ. මේ දියණිය අම්මත් එක්ක ඇවිත් තිබුණේ කෑගල්ලේ ඉඳලයි. කෑගල්ල ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ ඉගෙන ගන්නා ඇයගේ නම සෙතුමි. ඇය පොතකට වැළමිටකුත් තියාගෙන හරිම උනන්දුවෙන් පොතක් කියවනවා දැකපු නිසයි අපි ඇය එක්ක කතා කළේ. ඇය පළමු වතාවට තමයි බුක්ෆෙයාර් ඇවිත් තිබුණේ. පාසල් පුස්තකාලයෙනුත් පොත් කියවන සෙතුමි, හැරී පොටර් කතා මාලාවට ආතර් කොනන් ඩොයිල්ගේ ෂර්ලොක් හොම්ස් පොත්වලටත් වැඩිපුර කැමැති බව කිව්වා. රික් රියෝඩන් ලියූ පර්සි ජැක්සන් කතාවලටත් ඇය කැමැති බව කිව්වා. උතුරු පිටිගල ඉඳන් ආව වයස අවුරුදු අටක් වන ලෙහන්ස පුතාත් පොත් තෝරමින් සිටියා.
ප්‍රදර්ශන භූමියෙන් ලැබුණු පොත් කුටි පිළිබඳ තොරතුරු ඇතුළත් සිතියම පෙරළා බලමින් හරිම උනන්දුවෙන් පොත් කුටි සොයමින් යන පොඩිත්තන් ද අපි දුටුවා. ජානකී සූරියආරච්චි නැන්දාගේ කතන්දර පොත් කුටියටත් සිබිල් නැන්දාගේ කතන්දර පොත් තිබූ පොත් කුටිවලටත් පොඩිත්තන්ගේ සිත් දිනාගන්න හැකි වී තිබෙනු දැකගන්න ලැබුණා. ඒ වගේම ලේඩිබර්ඩ් ඉංග්‍රිසි ළමා කතාවලටත් පොඩිත්තන්ගේ කැමැත්ත යොමු වී තිබුණා.
ඉතින් පුංචි ඔයාලාත් මේ වසරේ බුක් ෆෙයාර් ගියේ නැතිනම් ලබන වසරේවත් හැකි නම් බුක්ෆෙයාර් ඇවිත් පොතක් දෙකක් මිලදී ගෙන සාහිත්‍යය රසය විඳගන්න.
හර්ෂණී ගමගේ
ඡායාරූප – ශාන් රූපස්සර
තංගල්ල, හ/ ගුරුගොඩැල්ල වීරසිංහ කනිෂ්ඨ විද්‍යාලයේ
විදුහල්පතිනිය
රේණුකා කොඩිතුවක්කු මහත්මිය
වර්තමානයේ පාසල්වල සිටින දරු පරපුර ඉතා දක්ෂයි. ඒ වගේම ඒ අය සෑම විටම අත්හදා බැලීම්වලට යොමු වූ පිරිසක්.
මේ අත්හදා බැලීම්වලින් විවිධ දේවල් ගොඩනැඟීමට ඔවුන් බොහෝම කැමැතියි. මෙවැනි දරු පිරිසක් අධ්‍යාපනය ලබන විද්‍යාලයක විදුහල්පතිනියක වූ තංගල්ල හ/ ගුරුගොඩැල්ල වීරසිංහ කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිනිය වන රේණුකා කොඩිතුවක්කු මහත්මිය අනාගත දරු පරපුර වෙනුවෙන් අදහස් දැක්වූයේ මේ අයුරිනි.
” මගේ පාසලේ දක්ෂ දරුවන් විශාල පිරිසක් ඉන්නවා.
ඒ අය විවිධ අංශවලින් දක්ෂ බව පැහැදිලිවම කියන්න අවශ්‍යයි. සමහර දරුවන් ක්‍රීඩාවලින් දක්ෂයි. තවත් දරුවන් සාහිත්යවලට
දක්ෂයි. තවත් අය නව සොයා ගැනීම්වලට දක්ෂයි. ඒත්
ඒ දරුවන්ට ඔවුන්ගේ හැකියාවලින් ඉදිරියට යෑමට අපේ පාසලේ පහසුකම් නැහැ. අපේ පාසල කනිෂ්ඨ විද්‍යාලයක්. ඒත් අපි දරුවන්ව සෑම දෙයකටම පුරුදු පුහුණු කරනවා. ඒක ගුරුවරු වශයෙන් අපේ යුතුකමක්.”
” දරුවනුත් සිය කැමැත්තෙන්ම ඔවුන්ගේ දක්ෂතා දක්වන්න ඉදිරිපත් වෙනවා. මේ නිසා අපට දරුවන්ගේ දක්ෂතා හඳුනාගන්න හැකියාව තියෙනවා. ඒ හැකියාව උපරිම අයුරින් යොදා ගනිමින් අප ඔවුන්ට පාසලේ සුදුසු ස්ථානයක් ලබා දීමට කටයුතු කරනවා. නාට්‍යමය හැකියාවන්, සංගීතමය හැකියාවන් සහ නැටුම් කෙරෙහි හැකියාවන් ඇති දරුවන් වශයෙන් විවිධ දක්ෂතා ඇති දරුවන් අපට හඳුනා ගන්න ලැබුණා.”
” අපේ පාසල 1979දී ආරම්භ වූ පාසලක්. වර්තමානයේදී වුවත්, අපේ පාසලේ තිබෙන්නේ ඒ කාලයේ සෑදූ ගොඩනැඟිලි. ඒත් අප ඒ ගොඩනැඟිලිවල සිටිමින් තමයි මේ වනවිටත් දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්නේ. මේ වන විට අපේ පාසලේ සිටින්නේ සීමිත දරුවන් පිරිසක්. ඒ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන ගුරුවරු විසි එකක් පමණ සිටිනවා. ඒ අයගෙන් පාසලට උපරිම සහයෝගයක් ලැබෙනවා. ඒ සහයෝගය මම අගය කරනවා. බොහෝ වෙලාවට අපේ පාසලේ සිටින්නේ දක්ෂතාවයෙන් හෙබි දරුවන්. එම දරුවන්ට අපෙන් විය යුතු සහයෝගයක් ලබා දෙන්නයි අවශ්‍ය වෙන්නේ. මේ සහයෝගය ලබාදීමට නම් අප, අපේ පාසලේ දරුවන් හඳුනාගත යුතුයි. එසේ හඳුනා ගැනීමට අපොහොසත් වුවොත් දරුවන් ඉදිරියට ගෙන ඒමට හැකියාව අපට ලැබෙන්නේ නැහැ.”
” දරුවන් කෙතරම් දක්ෂ වුවත්, ඒ දරුවන්ගේ අවශ්‍යතා පිරිමහන්න තරම් හැකියාවක් අපට නැහැ. එයට හේතුව අපේ පාසලේ පහසුකම් නොමැතිවීමයි. අපේ පාසලේ දරුවන්ගේ අවශ්‍යතා ඉටු කරන්න ප්‍රමාණවත් පහසුකම් තිබේ නම්, ඒ දරුවන් මෙයටත් වඩා ඉදිරියට ගෙන යෑමට හැකියාවක් ලැබෙනවා.
මම හිතන්නේ හැකියාව ලබා දෙන්න කැමැති පුරවැසියන් සිටිනවා නම් ඒ උපකාරය අප ආදරයෙන් බලාපොරොත්තු වෙනවා. දරුවන් කියන්නේ අපේ ඉදිරි පරම්පරාවයි. ඒ ඉදිරි පරම්පරාව වෙනුවෙන් අප කටයුතු කිරීම අපේ පරම යුතුකමක්.”
එතුමියගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු වේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.
රූපාන්ති බුලත්සිංහල
ඡායාරූප – පාසලේ ඡායාරූප අංශය
කෙන්ටින් ජාතික වනෝද්‍යානය තායිවානයේ හෙංග්චුන්ග්,ටෙන්චුන්ග් පිංටිංහි පිහිටා ඇත. මෙම වනෝද්‍යානය තායිවානයේ පැරැණිතම සහ ප්‍රධාන දූපතේ දකුණු දෙසින් පිහිටි ජාතික වනෝද්‍යානයකි. මෙය බාෂි ඕඩය ඔස්සේ තායිවාන දූපතේ දකුණු කෙළවර ආවරණය කරයි. විධායක යුවාන්ගේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් මෙම වනෝද්‍යානය පරිපාලනය කරනු ලබයි. වර්ෂ 1984 ජනවාරි 01 වැනි දින කෙන්ටින් ජාතික වනෝද්‍යානය ආරම්භ කළේ ය. කෙන්ටින් යන්නෙහි තේරුම වන්නේ මාර්ග සොයන්නන් හෝ පුරෝගාමීන් යන්නයි. මෙම ජාතික වනෝද්‍යානයට අමතරව කඳු, වනාන්තර, තණබිම්, වැව්, වැලි කඳු, වෙරළ සහ කොරල්පර ඇතුළත් වේ. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට සුන්දරත්වයෙන් යුතු කෙන්ටින් ජාතික වනෝද්‍යානය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
කෙන්ටින් ජාතික වනෝද්‍යානය වර්ග කිලෝමීටර් 181ක් පමණ භූමි ප්‍රදේශයකින් සහ වර්ග කිලෝමීටර් 152ක් පමණ මුහුදු ප්‍රදේශය ආවරණය කරනු ලබයි. මෙම වනෝද්‍යානය නන්වන් සහ බනානා මුහුදු බොක්ක,පැසිෆික් සාගරය ,තායිවාන සමුද්‍ර සන්ධියෙන් සහ ලුසොන් සමුද්‍ර සන්ධියෙන් වට වී ඇත. කෙන්ටින් ජාතික වනෝද්‍යානය Kaohsiung සිට කිලෝමීටර් 90ක් පමණ දුරින් සහ ඊචඪදචද සිට කිලෝමීටර් 140ක් පමණ දුරින් පිහිටා තිබේ. මෙම වනෝද්‍යානය උතුරේ සිට දකුණට විහිදෙන දිගු හා පටු Hengchun Longitudinal නිම්නයෙන් කොටස් දෙකකට බෙදී ඇත. බටහිර වෙරළ තීරයේ කොරල්පර ගල්පරවලින් පිරී ඇති අතර, වනෝද්‍යානයේ උතුරේ කඳු විශාල සංඛ්‍යාවක් මෙන්ම දකුණේ කොරල් කඳුතලා දක්නට ලැබේ. මෙහි ලොන්ග්ලුවාන් විලක් පිහිටා ඇත. නැඟෙනහිර දෙසින් කොරල් කඳුතලා සහ හුණුගල් ගුහා පිහිටා තිබේ. කොරල් කඳුතලා බිම්වල නැඟෙනහිර පැත්තේ සුළං සහ ගංගාවල ඒකාබද්ධ බලපෑමෙන් සෑදුණු අද්විතීය වැලි ගංගා, වැලි දිය ඇලි , කොරල් කඳු, ගිලී ගිය ගුහා ද ඇතුළත් වේ.
මෙම ජාතික වනෝද්‍යානයේ ක්ෂීරපායී විශේෂ 15ක්, පක්ෂි විශේෂ 310ක්, උරග සහ උභයජීවී විශේෂ 59ක්, මිරිදිය මත්ස්‍ය විශේෂ 21ක්, සමනල විශේෂ 216ක් සහ විවිධ කෘමි වර්ග මෙහි ජීවත්වෙති. ගොඩබිම් කකුළුවන් විශේෂ 26ක් මෙම ප්‍රදේශයේ වාසය කරන අතර, මෙය ලෝකයේ තනි ප්‍රදේශයක ඇති ඉහළම ගොඩබිම් කකුළුවන් විවිධත්වය වේ.
ormosan clouded leopard වැනි දේශීයව වඳ වී ගොස් ඇති දිය මී හරකුන් වැනි ගොඩබිම වෙසෙන ක්ෂීරපායින් විශේෂ 34ක් වාර්තා වී ඇත. වර්ෂ 1969 දී වනගතව වඳ වී ගිය ෆෝමෝසන් සිකා මුවන් වර්ෂ 1994දී කෙන්ටින් වනෝද්‍යානයට නැවත වරක් හඳුන්වා දෙන ලදි. චීන පැන්ගෝලින් දශයකට පසු නැවත මෙහිදී සොයා ගන්නා ලදි.
වර්ෂ 1860 ගණන්වල නාවික අනතුරු කිහිපයකින් පසු අමෙරිකානු සහ ජපන් රජය චීන රජයට කරන ලද ඉල්ලීම් අනුව එලුආන්බි ප්‍රදීපාගාරය වර්ෂ 1883දී නිම කරන ලදි.ප්‍රාදේශීය ගෝත්‍රිකයන්ගේ ප්‍රහාරවලින් ප්‍රදීපාගාරය ආරක්ෂා කිරීම සඳහා චීන හමුදා යැවීමට සිදු විය. ප්‍රදීපාගාරයේ ආරක්ෂාව සඳහා කාලතුවක්කු සහිත බළකොටුවකින් වට කරන ලදි. මෙම ප්‍රදීපාගාරයේ උස මීටර් 21.4ක් වන අතර, එහි ආලෝකය උදම් උස් ජලයට ඉහළින් මීටර් 56.4ක් පමණ වේ. සෑම තත්පර 10 කට වරක් ආලෝකය දැල්වෙන අතර, එහි පරාසය නාවික සැතපුම් 27.2ක් පමණ ය. මෙම ප්‍රදීපාගාරය පිහිටා ඇත්තේ මෙම ජාතික වනෝද්‍යානය අසල ය.
කෙන්ටින් ජාතික වනෝද්‍යානය නිවර්තන දේශගුණය සඳහා ප්‍රසිද්ධ වේ. වසර පුරා උණුසුම් දේශගුණයක් තිබේ. පිංතුංහි සෙසු ප්‍රදේශ සමඟ , දේශගුණය භූගෝලීය වශයෙන් නිවර්තන මෝසම් දේශගුණයක් ලෙස වර්ගීකරණයකර ඇත. සුප්‍රසිද්ධ ජාත්‍යන්තර රොක්-බෑන්ඩ් උත්සවය වර්ෂ 1995 සිට මෙම උද්‍යානයේ පවත්වා ඇත. වර්ෂ 2008 කේප් අංක 7 චිත්‍රපටයේ බොහෝ කොටස් රූගතකර ඇත්තේ කෙන්ටින් ජාතික වනෝද්‍යානයේ සහ ඒ අවට පරිසරයේ ය. මෙම ජාතික වනෝද්‍යානය නැරැඹීම සඳහා බොහෝ විදේශිකයෝ පැමිණෙති. වර්ෂ 2016 දී මිලියන 5.84ක් නරඹන්නන් සංඛ්‍යාවක් මෙහි පැමිණි අතර, මෙය තායිවානයේ වඩාත්ම ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් බවට පත් වී තිබේ.
චතුරි ලක්ෂිකා
ආත්තම්මා ගෙදර ආවේ හතර වටින් අඳුර ගලා එද්දී ය.
“තුන් ඇඳිරියත් ඇවිදින්. තවම නෑ පිළේ කුප්පි ලාම්පුවවත් තියලා. කෝ මේ ලොකු පිරිමි ළමයි දෙන්නා?” කියන ඇය චිමිනි ලාම්පුව දල්වා බරාඳයේ මේසය උඩින් තැබුවා ය.
“කවුද අද කණුවෙ පහන තිව්වේ….?”
“මායි……..මල්ලියි මලුත් පූජා කෙරුවා. ආත්තම්මෙ.” අපි කීමු.
“ආ………..මේ දෙන්නා අඳුන ගන්න බැරි තරමට වෙනස් වෙලා නේ. මොකද මේ කියල බැලුවෙ. කොණ්ඩ කපලා හොඳා……..හොඳා………..ඉස්කෝලෙ යන්නත් ළඟයි නේ.”
“මහ වනන්තරේ වගේනේ තිවුනෙ. මං පිල්ලෑවට ගෙහුං කප්ප ගෙන ආවා.”
“ඒක හොඳයි. දැන් මූණයි කටයි බේරිලා තියෙනවා”
“මොනවද අම්මේ මඟුල් ගෙදර එහෙම සූදානම?” අම්මා විමසුවා ය.
“අනේ! මං දන් නෑ දරුවො. පිළිවෙළකට කෙරිච්ච කිසිම දෙයක් නෑ.
ගෑනු රොත්තක් පිරිලා ඉන්නවා. පිටි කොටපු එකයි. පිටි හලපු එකයි විතරයි තමා කෙරිලා තියෙන්නෙ. වත්ත පිටිය සුද්ධ බුද්ද කරලා තියෙනවා. සාරංගලා ඇවිත් ගේ හුණුූගාලා බිම හෝදලා සායම් ගාලා තිබුණා.
මෙලහකට කොකිස් ටික දාලා මුංගෙඩි හදලා තියෙන්න එපා ය. ආස්මී නම් හදලා තිබුණා.
ඒ වුණාට කළ යුතුම දේවල් නම් කරලා නෑ. මං කැවුම් ටිකකට නම් පිටි ඒදලා කරලා දුන්නා. අම්මා කෙනෙක් නැති එකේ ඇති පාඩුව කියලා වැඩක් නෑ.
මනමාලයගෙ නැන්දලා නම් දෙන්නෙක් ඇවිල්ලා ඉන්නවා. ඒ මිනිස්සුන්ටත් හිතාගන්න බෑ කරන්න ඕන මොනාද කියලා.
මඩුව හදල තියෙනවා. අහල පහළ කොලු කුරුට්ටෝ බඩල්වනස්ස කුකුළු සායම් පොවලා ගෙනත් තිබුණා. තාම සරසලා නෑ.
මම ගෙහුං තමයි තුනපහ ටික හෝදලා දැම්මෙ. හෙට කොටලා හලා තියන්න කිව්වා. මිරිස් දවසෙන් වේළෙන එකක් නෑ. ඔක්කොටම තියෙන්නෙ තව දවස් පහයිනේ.
හෙට දිහාට හිච්චි හාමිනෙත් ගිහින් බලන්න. දරුවන්ගෙ අප්පච්චිටත් ගිහින් කරන්න වැඩ ඇති. මට නම් හෙට යන්න විදියක් නෑ.” ආත්තම්මා කීවා ය.
“අපටත් එහෙනම් උදව්වට යා හැකි නේද ආත්තම්මෙ?”
මම කීවෙමි.
“අපෙ අම්මේ ඔය ඉන්නෙ උදව් කරන්න මිනිස්සු. ඔන්න පාඩුවෙ ඉන්න. මඟුල් ගෙදර යනව නම් අපි එක්කර ගෙන යන්නම්…” අම්මා අපිව කපා හැරියාය.
“අපට හැමෝම එන්න කියලා තමයි බුලත් තට්ටුව ඇල්ලුවෙ.” මල්ලී ද කීවේ ය.
“දී කිරට බළල්ලුත් සාක්කිලු’ කියා ආත්තම්මා හිනැහුණා ය.
අපි පරාජය භාර ගතිමු. මඟුල් ගෙදර ගැන සිතින් අයින් කළෙමු. අප්පච්චීත්, අම්මාත් පසුදා පාන්දරම ගහලකොළදෙණියෙ ගෙදරට ගියේ කළ යුතු යමක් ඇත්නම් කරදීමට ය.
“ලොකු දරුවො අද මල්ලිත් එක්ක එකතු වෙලා රබර් ඇට එකතුකර තියන්න. හරේ මෙහේ යනව නෙවෙයි” අප්පච්චි කීවේ ය.
“පුතේ දෙන්න එක්ක හරේ මෙහේ යන්න එපා. අප්පච්චි කියූ දේ මතක ඇති මයෙ හිතේ.”
“ආත්තම්මා කොහෙ යන්නද හදන්නෙ?”
“අර ගලපාත මාමලා දිහාට ගෙහුන් මං විජහට එන්නම්. එහේ ලෙඩෙක් ඉන්නවනේ.”
“කවුද ලෙඩා? ආත්තම්මද වෙදා? කිව්වේ නැතුවම ආත්තම්මා බේත් දෙන්න යනවයැ.” අපි ඇසීමු.
“ඔන්න කරුණෙත්, විමලෙත් එනවා” කියූ ආත්තම්මා සුදු තුවායක් ද කරට දාගෙන ගෙන් පිටවී ගියා ය.
“මොකද කංචු ගේ පාළුවෙලා වගේ?”
“කවුරුත් නෑ විමලෙ. ගහලකොළදෙණියෙ ගෙදර ගියා. ආත්තම්මයි, මමයි, මල්ලියි ගෙදර හිටියේ. දැන් ආත්තම්මත් ගියා ගලපාත මාමලා දිහා. ලෙඩෙක් බලන්න යනවා කියලා.”
“මොන බොරු ද කවුද ලෙඩා? මං එතැනින් එද්දි මල්ලිකා නම් මිදුලෙ හිටියා. වෙන කවුරුත් පේන්න හිටියෙ නම් නෑ”
“අනේ මන්දා ලෙඩා එහේ කියලා තමා ගියේ.”
“හරි……..හරි මල්ලිකාගෙ අම්මට බබෙක් ලැබෙන්න හිටිය නේ.”
අම්මාත්, අප්පච්චිත් දවල් කෑමටවත් ගෙදර ආවේ නැත. ආත්තම්මා ද එනවිට ඉර හැරී හෝරා දෙකක් පමණ ගෙවී අවසන් ය.
මල්ලිත් මාත්, විමලෙ හා කරුණෙත් රබර් යායට පැන ටක් ටික් ගගා විසිරෙන ඇට එකතුකර මල්ලකට දැමුවෙමු. අද රබර් ඇට ඇහිඳීමට කතා කළාට ඔයාලගෙ සැලසුම ගැන
අපි ඇහුවෙ නැහැනේ. “මම කීවෙමි.
“අර හන්දියෙ වෙදුන්නැහේ කීවා පුස් ඇට දහයක් පහළොවක් ගෙනත් දෙන්නය කියලා. ඒක බලන්න ඔයලත් එක්කගෙන යන්නයි අපි ආවෙ. ඒත් ඉතින් ගෙදර කවුරුවත් නැහැනේ.
“ඒක තමයි. සුරුස් ගාලා එන්නම් කියපු ආත්තම්මවත් තාම නැහැනේ”
“හරි……….හරි…….අන්න ආත්තම්මා එනවා. අපි හවහ කැකුලංවිල කන්දෙ යමු. පුස්වැල් නම් ඕන තරම් තිබුණා”
මම කීවෙමි.
“මං පරමාදයි ද පුතේ?” ආත්තම්මා ඇසුවාය.
“අපි දන්නෑ. ඕං අපි රබර් ඇට ඇහින්දා. මලු දෙකක්ම පිරෙව්වා…….ආත්තම්මෙ අපි හවස් ජාමෙ පුස් ඇට ඇහිඳින්නට කන්දෙ යන්නයි ඉන්නෙ”
“ඕං එපා කියනවා නෙවෙයි” මම කී පසු මල්ලී ද එයට අත්වැල සැපයුවේ ය.
“එපා කියන්නෙ නම් නෑ. ඒත් මේ හවහ ජාමෙ යන්න එපා. උදේකට පලයල්ලා. ඔය කඳු යායෙ දෙවෙරාවල්වල අමනුෂ්‍ය දිෂ්ටි බල ගැන්වෙන ජාමෙ. කොයි එකටත් කරුණෙ දරුවො හෙට දිහාවෙ යන්න”
අපි මුහුණින් මුහුණ බලා ගතිමු. “එහෙනං කංචු හෙටම යමු.” කී කරුණෙත් විමලෙත් ආපසු ගියහ. අම්මත් අප්පච්චිත් ගෙදර ආවේ ඉන් පසුව ය.
“ආ………ඉලංදාරි මං කියාපු වැඩේ කරලා තියෙන්නෙ. ඉතින් පුතේ දවල්ට කෑවද?”
“නෑ…………..ආත්තම්මා ඇවිල්ලත් දැන් වැඩි වෙලාවක් නෑ. අපි කවුරුත් කෑවෙ නෑ.”
“හරි හොඳයි. උයපු දේ බෙදාගෙන කන්න බැරි ද?”
“අම්ම කොහෙද ගියේ?”
“මං ගියා දරුවො ගලපාත ගෙදර ජේන්ගෙ ලේලිට අසනීප වෙලා. හප්පෝ………. දරුවා ලැබෙන්න හරි අමාරු වුණා.
මං ගියපු ඒවැං ජීවිත දෙකම ගොඩදාන්න නොසෑහෙන වීරියක්
මට ගන්න සිද්ධ වුණා.” ආත්තම්මා කීවා ය.
“මොකෝ ඉතින් අම්මා ඔය පුරුදු වෙන්න කෙරුව වැඩක් ය. එහෙම අවදානමක් වෙන්නෙ නෑ.” අම්මා ද කීවාය.
“මෙයාලා මේ හැන්දැ කොරේ කන්දෙ යන්න දැඟලුවා. මගේ කටේ බලේට හෙට උදේට යන්න කීවා.” ආත්තම්මා අප ගැන විස්තරයක් දුන්නා ය.
“අප්පේ අර තෙල් වළං ළඟ ඉඳලා මට නම් ඇති වෙලා. හරිම විඩාවයි’ අම්මා කීවා ය.
“මඩුවත් සරහලා ඉවරයි. කොළ කෑලි කිසි දෙයක් මුහු කරන්නෙ නැතුව ඔක්කටම ගත්තෙ ළා පොල් අතුයි. ගොප්කොළයි විතරයි. හරිම ලස්සනයි. පාට පොවාපු බඩල්වනස්සා පොල්අතු මඩුව වටේටම සැරසුවා. උස ඉලත්තට්ටුව හොඳට මැද්දෙව්වා හරියට අලුත් එකක් වගෙයි.”
“මොනව දාල ද මැද්දෙ…..?”
“අන්නාසිපිලි තළලා, ගඩොල් කුඩු දාලා හොඳට මැද්දම දිළිසෙනවා”
“කුකුළා පහන මැද්දෙත් ඒ විදිහට තමා. දැන්නම් පිළිවෙළයි”
“හාමිනේගෙ කනකර මාල ඔක්කොම හරිද? අම්මගෙ නම් තියෙනවා. අම්මා යන්නෙ දෙවැනි
දවසෙනේ. මනමාලි කැන්දන් එනදාට අපි බුලත් ආදරයක් කියමු. පුංචි උන් නොගියට කාරි නෑ”
“ඔය මඟුලෙන් අපට වැඩක් නෑ. නේද අයියෙ?”. මල්ලී මගෙ කනටකර කීවේ ය.
රත්නා කහඳගමගේ
මාතර රාහුල විද්‍යාලයීය හයවැනි සිඟිති බාලදක්ෂ ගොමුවේ සිඟිති බාලදක්ෂයන් 84 දෙනෙකු සඳහා පදක්කම් පැලඳවීම විද්‍යාලයීය විදුහල්පතිනි සමිතා කුරුකුලසූරිය මහත්මියගේ මඟ පෙන්වීමෙන්, රාහුල විද්‍යාලයීය ජනාධිපති බාලදක්ෂ, වෛද්‍ය සඳුන් එස්. විතානගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
දිස්ත්‍රික් බාලදක්ෂ කොමසාරිස් සුදත් මංගල, ප්‍රාථමික අංශයේ නියෝජ්‍ය විදුහල්පතිනි හරීන්ද්‍රා මොහොට්ටාල, විද්‍යාලයීය සිඟිති බාලදක්ෂ සමූහය භාර ආචාර්ය දේවිකා මිහිරාණි අබේසිංහ ගුණවර්ධන, චන්දිමා තිලකරත්න යන මහත්මීන්ගේ අධීක්ෂණයෙන් මෙම උලෙළ පැවැත්විණි. මෙම අවස්ථාවට සහය කොමසාරිස් (සිඟිති) චන්ද්‍රිකා ගුණවර්ධන මහත්මිය ඇතුළු ආරාධිතයෝ රැසක් එක්ව සිටියහ.
නුවන් කොඩිකාර