Home » Blog » තරගය

තරගය

by thanushika
0 comment

අමෙරිකාව හා සෝවියට් දේශය අතර එදා සිට අද දක්වා තරගයක් තිබිණ. මොවුහු අභ්‍යවකාශයේ ද පොළොව අභ්‍යන්තරයේ ද තරග කළහ. අමෙරිකාව හා සෝවියට් දේශයේ අතර තරගයේ දී ඔවුහු අනෙකා පරයා යෑමට උත්සාහ කළහ. ඔවුහු ලෝකයේ බලවතා වීමට අදිටන්කර තරග කළහ.

අමෙරිකාවෙන් සඳට පා තැබීම සහ සෝවියට් දේශයෙන් සඳෙහි පස් පෘථිවියට රැගෙන පැමිණීම එහි තරගයක් විය. ඔවුහු අභ්‍යවකාශයේ තරග කොට පසුව දෙරණ අභ්‍යන්තරයේ ද තරග කිරීමට සිතා ගත්තෝ ය.

අමෙරිකාව පොළොව අභ්‍යන්තරයට යෑමට කැණීම් ආරම්භ කළේ ය. ඔවුන්ගේ අධිෂ්ඨානය වූයේ පොළොව හාරා ගෙන ගොස් කබොල විනිවිද පෙනී ප්‍රවාරණය වනතුරු හෑරීමයි. ඔවුන් මෙම කැණීම් ආරම්භ කළේ මෙක්සිකෝ අසල මුහුදෙහිදී ය. එහි ගැඹුර අඩි 183ක් වන අතර, එය මුහුදු මට්ටමේ සිට අඩි 3600ක් පමණ වේ. මෙතරම් ගැඹුරකට කැණීම් කළ ව්‍යාපෘතිය 1966 වසර වන විට අරමුදල් නැතිවීම හේතුවෙන් නවත්වන්නට සිදු විය.
රුසියාව නැත්නම් සෝවියට් දේශය අමෙරිකාව අබිබවා යෑමට පොළොව අභ්‍යන්තරයේ කැණීම් කටයුතු ආරම්භ කළේ ය. එහි ප්‍රතිඵලය වූයේ “Kola Super Deep Borehole” ය.

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department