Home » Blog » ලෝකයේ උමං මාර්ග

ලෝකයේ උමං මාර්ග

by thanushika
0 comment

පාලම් මෙන්ම උමං මාර්ග ද නූතන ඉංජිනේරු තාක්ෂණයේ ආශ්චර්යයකි. අපගේ නවීන තාක්‍ෂණය සමඟින්,අපට වඩාත් වේගවත් හා දක්ෂ ලෙස කැණීම් කළ හැකි ය. එහි ප්‍රතිඵලයක් ලෙස විශාල උමං ජාල ඇති වී තිබේ. එමඟින් ස්ථාන අතර ගමන් කිරීමට යන කාලය අඩුකර ගත හැකි වේ. වඩාත් ආකර්ෂණීය උමං මාර්ග ලෝකයේ සෑම රටකම දැකගත හැකි ය. දිගම උමං මාර්ග යුරෝපය සහ ආසියාව වැනි මහාද්වීපවල පිහිටා ඇත. මෙවර මිහිර පෝස්ටරය සැකසෙන්නේ ලෝකයේ පිහිටා ඇති උමං මාර්ග ඇසුරෙනි .

Gotthard Base Tunnel

 

 

Gotthard Base  උමඟ යනු ස්විට්සර්ලන්තයේ ඇල්ප්ස් කඳුකරය ඔස්සේ දිවෙන දුම්රිය උමඟකි. මෙම උමං මාර්ගය වර්ෂ 2016 ජූනි මාසයේදී විවෘතකර ඇත. මෙහි දිග කිලෝමීටර් 57.09 ක් පමණ වේ. ලොව දිගම දුම්රිය සහ ගැඹුරුම ගමනාගමන උමං මාර්ගයකි. මෙය Gotthard අක්ෂයේ හදවතෙහි පිහිටා ඇත. Gotthard Tunnel  සහ Gotthard Road  උමඟට පසුව Uri  සහ Ticino කැන්ටන් සම්බන්ධ කරන තුන්වැනි උමඟ පිහිටයි. ටොන් 67,000 ක්‍රියාන්විතයේ පළමු වසරේදී සෑම දිනකම දුම්රිය 120ක් උමඟ ඔස්සේ ගමන් කරන ලදි. වර්ෂ 2017 අගෝස්තු මාසයේදී සාමාන්‍යයෙන් දිනකට පුද්ගලයන් 10,400ක් උමඟ හරහා ගමන්කර ඇත. මෙම මාර්ගය ඔස්සේ ඉතාලියේ සිට ස්විට්සර්ලන්තය දක්වා දුම්රිය සේවා වර්ෂ 2020 සිට වේගවත් විය. Gotthard Base  උමඟෙහි ප්‍රධාන අරමුණ වන්නේ ඇල්පයින් බාධකය හරහා දේශීය ප්‍රවාහන ධාරිතාව වැඩි කිරීමයි.

Marmaray Tunnel

තුර්කියේ පිහිටි  Marmaray උමඟ යනු කිලෝමීටර් 13.6ක උමං මාර්ගයකි. මෙය අර්ධ වශයෙන් Bosphorus  යටතේ ධාවනය වන අතර, ඉස්තාන්බුල්හි යුරෝපීය සහ ආසියානු ප්‍රදේශයේ පවතින දුම්රිය මාර්ග සමඟ සම්බන්ධ කරයි. මෙම උමඟ යුරෝපයේ Kazlıcesme  සිට ආසියාවේ Ayrılık Cesmesi දක්වා දිවෙන අතර, Bosphorus  යටතේ කිලෝමීටර 1.4ක දුරකට විහිදෙයි. මෙහි කාර්යයන් සඳහා රජය විසින් නව ස්ථාන පහක් නිර්මාණය කරන ලදි. එනම් Kazlıcesme, Yenikapı, Sirkeci,Uskudar  සහ Ayrılık Cesmesi  වේ. Marmaray  උමඟ වර්ෂ 2013 ඔක්තෝබර් 29 වැනි දින මගී ගමනාගමනය සඳහා විවෘත කරන ලදි. වර්ෂ 2019 මාර්තු මාසයේදී Marmaray  ව්‍යාපෘතියේ භූගත කොටස නිමකර ඇත. YHT සහ භාණ්ඩ ප්‍රවාහන සේවා ඇතුළු සාමාන්‍ය දුම්රිය ගමනාගමනය මෙම උමඟ ඔස්සේ ධාවනය වීමට පටන් ගත්තේ ය. Marmaray  උමඟෙහි මුහුද යට කොටස ලෝකයේ ගැඹුරුම ගිල්වන ලද නළ උමඟ වේ. එහි ගැඹුරුම ස්ථානය මුහුදු මට්ටමේ සිට මීටර් 60ක් පමණ ය.

Seikan Tunnel

ජපානයේ ප්‍රධාන දූපත වන හොන්ෂු සහ උතුරු අසල්වැසි දූපතක් වන හොකයිඩෝ සමඟ සම්බන්ධ කරන උමං මාර්ගයකි. Seikan උමඟ යනු ස්විට්සර්ලන්තයේ Gotthard Base උමඟට පසුව ලොව දිගම උමං මාර්ගයයි. මෙම උමං මාර්ගයේ දිග කිලෝමීටර 53.8ක් පමණ වේ. Seikan  උමඟෙහි දුම්රිය මාර්ගයක් පිහිටා ඇත. මෙම උමඟ ඉදිකිරීම සඳහා අනුග්‍රහය දක්වන ලද්දේ ජපන් ජාතික දුම්රිය සේවය විසිනි. Seikan  උමඟ ඉදිකිරීම වර්ෂ 1964දී ආරම්භකර ඇති අතර, වර්ෂ 1988දී පමණ මෙහි වැඩ නිම කරන ලදි. මෙහි කැණීම් සඳහා එක්වර කම්කරුවන් 3000ක් පමණ සේවය කරන අතර, ගුහා, ගංවතුර සහ වෙනත් අනතුරු හේතුවෙන් ජීවිත 34ක් පමණ අහිමි විය. මෙම උමං මාර්ගය භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සඳහා, කෘෂිකාර්මික භාණ්ඩ ප්‍රවාහනය සඳහා වැදගත් මධ්‍යස්ථානයක් ලෙස පවතී. වර්ෂ 2016දී මෙම උමඟ ෂින්කන්සන් “බුලට් දුම්රිය” සඳහා පහසුකම් සලසා ඇති අතර, අනෙකුත් මගී මාර්ග නතර කරන ලදි.

Yerba Buena Island Tunnel

Yerba Buena Island Uv` Yerba Buena උමඟ ලෙස ද හඳුන්වනු ලබයි. මෙය අමෙරිකා එක්සත් ජනපදයේ කැලිෆෝනියාවේ සැන්ෆ්රැන්සිස්කෝහි අධිවේගී උමං මාර්ගයකි. Yerba Buena Island  උමඟ යෙරේබා බුවන දූපත ඔස්සේ සැන්ෆ්රැන්සිස්කෝ -ඕක්ලන්ඩ් බේ පාලම් සංකීර්ණයේ කොටසකි. වර්ෂ 1936දී බේ පාලම විවෘත කිරීමේදී මෙය ලොව විශාලතම සිදුරු සහිත උමං මාර්ගය විය. මෙම උමඟ තට්ටු දෙකකි. මුලින් නිම කරන ලද ඉහළ තට්ටුව මෝටර් රථ ගමනාගමනය සඳහා වෙන්කර ඇත. මෙය අඩි 9යි අඟල් 8යි පළල බැගින් වූ මංතීරු හයකින් යුක්ත වේ. පහත තට්ටුව බර ට්‍රක් රථ සඳහා මංතීරු තුනකට බෙදා ඇත. මෙම උමඟ ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු මෙහෙයවනු ලබන්නේ මාර්ග ගමනාගමනය පමණි. සෑම තට්ටුවකම එක් දිශාවකට ගමන් කිරීමට හැකි ගමනාගමන මංතීරු පහක් ඇති අතර, අධික බරැති ට්‍රක් රථ ගමනාගමනය සඳහා ඉහළ තට්ටුව පහත් කරන ලදි. ඉහළ තට්ටුව බටහිර දෙසට වාහන ගමනාගමනය සඳහා වෙන්කර තිබූ අතර, පහළ තට්ටුව නැඟෙනහිර දෙසට ගමන් කිරීම සඳහා වෙන්කර ඇත.

Smart Tunnel

මැලේසියාවේ පිහිටි ඉථචපබ උමඟ කිලෝමීටර් 9.7ක් පමණ දිගකින් යුක්ත වේ. මෙය අග්නිදිග ආසියාවේ දිගම කුණාටු ජලාපවහන උමං මාර්ගයයි. මෙම උමඟෙහි ප්‍රධාන අරමුණ වන්නේ ක්වාලාලම්පූර්හි හදිසි ගංවතුර ගැටලුව විසඳීමයි. Smart  උමඟෙහි කොටස් දෙකක් ඇත. සාමාන්‍ය තත්ත්වකදී නම් ජලය හරවා නොයවයි. දෙවැනි ස්වරූපයේ උමං මාර්ගය සක්‍රිය කළ විට ගංවතුර ජලය යතුරුපැදි උමඟට යටින් ඇති බයිපාස් උමඟ ඔස්සේ ගමන් කරයි. මෙම අධිවේගී උමං මාර්ගය සැහැල්ලු වාහන සඳහා පමණක් සුදුසු වේ. යතුරුපැදි සහ බර වාහන සඳහා අවසර නැත.

Eisenhower Tunnel 

Eisenhower  උමඟ අමෙරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝහි ඩෙන්වර් සිට සැතපුම් 60ක් බටහිරට වන්නට පිහිටා ඇත. මෙය ද්විත්ව සිදුරු සහිත මංතීරු හතරකින් යුත් වාහන උමං මාර්ගයකි. Eisenhower  උමඟ මුහුදු මට්ටමේ සිට අඩි 11,158ක උපරිම උන්නතාංශයකින් යුක්ත වේ. මෙය ලෝකයේ උසම වාහන උමං මාර්ගවලින් එකකි. වර්ෂ 1973දී විවෘත කරන ලද මෙය බටහිර දෙසට යන සිදුර නම්කර ඇත්තේ එක්සත් ජනපද ජනාධිපති ඩ්වයිට් ඩී. අයිසන්හවර්ගේ නමිනි. නැඟෙනහිර දෙසට යන සිදුර වර්ෂ 1979දී නිම කරන ලද අතර, එය එක්සත් ජනපද සෙනෙට් සභිකයකු වන එඩ්වින් සී.ජොන්සන් වෙනුවන් නම්කර ඇත.

New Guanjiao Tunnel

New Guanjiao  උමඟ Qinghai  පළාතේ Guanjiao කඳුකරයේ Qinghai -Tibet දුම්රිය මාර්ගයේ 2 වැනි මාර්ගයේ ඇති උමං මාර්ගයකි. මෙම උමඟෙහි මුළු දිග කිලෝමීටර් 32.645ක් පමණ වේ. මෙහි උමඟෙහි වැඩ නිම කිරීමෙන් පසු මෙය චීනයේ දිගම දුම්රිය උමං මාර්ගය වූ අතර, ලෝකයේ සිව්වැනි දිගම උමං මාර්ගය බවට ද පත් විය. New Guanjiao  උමඟ නිර්මාණයකර ඇත්තේ පැයට කිලෝමීටර් 160ක් පමණ වේගයෙන් ගමන් කළ හැකි සමාන්තර තනි ධාවන උමං මාර්ග දෙකක් සඳහා ය. මෙහි ඉදිකිරීම් වර්ෂ 2007දී ආරම්භකර ඇති අතර, වැඩ නිමකර ඇත්තේ වර්ෂ 2014 අප්‍රේල් මාසයේ ය.New Guanjiao  උමඟ වර්ෂ 2014 දෙසැම්බර් 28 වැනි දින විවෘතකර ඇත. මෙම උමඟෙහි ඊසානිදිග ද්වාරය ටියැන්ජුන් ප්‍රාන්තයේ සහ නිරිතදිග ද්වාරය උලාන් ප්‍රාන්තයේ පිහිටා තිබේ.

GuadrramaTunnel

Guadrrama උමං මාර්ගය ස්පාඤ්ඤයේ Madrid Asturias  අධිවේගී දුම්රිය මාර්ගයේ ප්‍රධාන කොටසක් වන Sierra de Guadrrama ඔස්සේ දුම්රිය උමං මාර්ගයකි. මෙය ස්පාඤ්ඤයේ විශාලතම උමං මාර්ගය වන අතර, ලෝකයේ පස්වැනි විශාලතම උමං මාර්ගය වේ. උමඟ තනි සමාන්තර නළ දෙකකින් සමන්විත වේ. බටහිර නළයේ දිග මීටර් 28,407ක් සහ නැඟෙනහිර නළයේ දිග මීටර් 28,418ක් වන අතර, එය ස්පාඤ්ඤයේ දිගම උමං මාර්ගය වේ. මෙම උමඟ වර්ෂ 2007 දෙසැම්බර් මාසයේදී ගමනාගමනය සඳහා විවෘත කරන ලදි. මෙය මූලික වශයෙන් AVE අධිවේගී මගී දුම්රිය විසින් භාවිතකර ඇත. මෙම උමඟ මධ්‍ය රේඛාවේ සිට මීටර් 30ක් දුරින් එකිනෙකට සමාන්තර සිදුරු යුගලයකින් සමන්විත වේ. මේ සෑම සිදුරකම විෂ්කම්භය මීටර් 8.50ක් පමණ ය.මෙම සිදුරු අවට භූ ගර්භය කළු ගල් සහ ග්‍රැනයිට් වැනි ආග්නේය පාෂාණ සහ විකෘති පාෂාණවලින් නිර්මාණය වී තිබේ.

Channel Tunnel

Channel උමං මාර්ගය එංගලන්තය සහ ප්‍රංශය අතර දුම්රිය උමඟ යටින් දිව යයි. මෙම උමඟ කිලෝමීටර් 50ක් පමණ දිගින් යුක්ත වේ. මහා බ්‍රිතාන්‍ය දූපත හා යුරෝපීය ප්‍රධාන භූමිය අතර, ඇති එකම ස්ථාවර සම්බන්ධකය වන්නේ මෙම උමඟයි. මෙය ලෝකයේ ඇති උමං මාර්ගයක දිගම දිය යට කොටස වන අතර , මෙම උමඟ ලෝකයේ තුන්වැනි දිගම දුම්රිය උමං මාර්ගය වේ . උමං මාර්ගයේ දුම්රිය සඳහා වේග සීමාව පැයට කිලෝමීටර් 160ක් පමණ වේ. Channel උමඟෙහි ඉදිකිරීම් වර්ෂ 1988දී ආරම්භ වූ අතර, වර්ෂ 1994දී අවසන් විය. වර්ෂ 1985 දී පවුම් බිලියන 5.5ක් ඇස්තමේන්තුකර ඇත. මෙය මෙතෙක් සැලසුම් කරන ලද වඩාත්ම මිල අධික ඉදිකිරීම් ව්‍යාපෘතියක් විය.

Memorial Tunnel ( අනුස්මරණ උමඟ)

අනුස්මරණ උමඟ යනු මීටර් 854 මංතීරු දෙකක වාහන උමං මාර්ගයකි. අනුස්මරණ උමං මාර්ගය අමෙරිකා එක්සත් ජනපදයේ බටහිර වර්ජීනියාහි පිහිටි මෙම උමං මාර්ගයේ ඉදිකිරීම් වර්ෂ 1952දී ආරම්භ විය. මෙහි ගමනාගමනය වර්ෂ 1954 නොවැම්බර් 8 වැනි දින විවෘත කරන ලදි. අනුස්මරණ උමං මාර්ගය ඉදිකිරීම් සඳහා පෘථිවියේ කියුබික් මීටර් 70,000ක් චලනය කිරීමට අවශ්‍ය වූ අතර, එය සංවෘත පරිපථ රූපවාහිනී නිරීක්ෂණ ඇති පළමු උමං මාර්ගය විය. එකල බටහිර වර්ජිනියා ටර්න්පයික් හැඳීන්වූයේ “සැතපුම් 88 ආශ්චර්යයක්” ලෙසිනි.

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department