දිල්නුක සිල්වා පුතු විසින් සම්පාදනය කරන ලද ඔහුගේ මුත්තා වන ප්‍රවීණ පුවත්පත් කලාවේදී ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතාගේ චරිතාපදාන කෘතිය ” නොදුටු මුත්තා ” එළිදැක්වීම සැප්තැම්බර් 13 වැනි දින කොළඹ පදනම් ආයතනයේ දී සිදුකෙරිණි. ඒ සඳහා ආරාධිත අමුත්තන් ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජේ. බී. දිසානායක, ප්‍රවීණ පුවත්පත් කලාවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර, ප්‍රවීණ පුවත්පත් කලාවේදී පර්සි ජයමාන්න, ප්‍රවීණ පුවත්පත් කලාවේදී ප්‍රවීණ ලේඛක දෙනගම සිරිවර්ධන, ප්‍රවීණ ලේඛක කරුණාරත්න අමරසිංහ, ප්‍රවීණ ලේඛක ආචාර්ය ලීල් ගුණසේකර, ලේක්හවුස් සභාපති මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ජාතික රූපවාහිනියේ සභාපති මහාචාර්ය සුදන්ත ලියනගේ යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙන්ම දිල්නුක පුතු ඉගෙනුම ලබන මහරගම මධ්‍ය විද්‍යාලයේ සහකාර විදුහල්පති, ගුරුභවතුන් සහ සිසු සිසුවියන් රැසක් ද සහභාගි වූහ.
මෙහිදී චරිතාපදාන කෘති පිළිබඳ විශේෂ දේශනයක් කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විජයානන්ද රූපසිංහ මහතා විසින් පවත්වන ලදි. මිහිර, තරුණි, නවයුගය පුවත්පත්වල ආරම්භක කර්තෘ වන ශී‍්‍ර ලාල් හික්කඩුව ලියනගේ මහතා පිළිබඳ බොහෝ තොරතුරු ඇතුළත් මෙම ග්‍රන්ථය සරසවි ප්රකාශනයක් ලෙස මුද්‍රණය වී තිබේ. මෙම කෘතියේ පිට කවරයේ සිතුවම වන ශ්‍රී ලාල් හික්කඩුව ලියනගේ මහතාගේ රුව මිහිර හිටපු කර්තෘවරයකු වන ප්‍රවීණ චිත්රශිල්පී ජගත් හේවාපන්න මහතා විසින් ඉතා අලංකාරව ඇඳ තිබේ. පුවත්පත් කලාවේදීන්ටත් ජනමාධ්‍ය හදාරණ සිසුන්ටත් පුවත්පත් මාධ්‍ය පිළිබඳ උනන්දුවක් ඇති පාඨකයන්ටත් මෙම කෘතිය බෙහෙවින් ප්‍රයෝජනවත් වනු නොඅනුමාන ය.
සටහන
හර්ෂණී ගමගේ
ඡායාරූප-චින්තක කුමාරසිංහ