දේශීය තොරතුරු
1. නත්තල් උත්සවය සමරනු ලබන්නේ කුමන ආගමිකයන්ද ?
2. ශ්‍රී ලංකාවේ ජාතික කොඩියේ තැඹිලි පාට තීරුවෙන් කියවෙන්නේ කුමන ජනතාව ද ?
3. දක්ෂිණ අධිවේගී මාර්ගයේ සංකේතය කුමක්ද ?
4. රත්නපුරය අයත් වන පළාත කුමක්ද ?
5. බතලේගොඩ පිහිටියේ කුමන පර්යේෂණායතනයක්ද?
6. පානීය ජලය ලබාගැනීමට ඉදිවූ ජලාශය කුමක්ද ?
7. ශ්‍රී ලංකාවේ දිගම ගංගාව කුමක්ද ?
8. මුල්ම ගුවන් යානයක් ශ්‍රී ලංකාවට පැමිණි වර්ෂය කුමක්ද ?
9. අනුරාධපුර රාජධානිය මුල්ම පාලකයා කවුරුන් ද ?
10. දඬු මොණරය නම් අහස් යානාවක් ගැන කියැවෙන රජතුමා කවුරුන්ද ?
11. හෝර්ටන් තැන්න දිස්ත්‍රික්ක තුනකට අයත් වේ. එම දිස්ත්‍රික්ක කුමක්ද ?
12. නොරොච්චෝලේ බලාගාරය පිහිටියේ කුමන දිස්ත්‍රික්කයේද ?
13. 1989දී ආරම්භ වූ ලංකාවේ මුල්ම ජංගම දුරකතන සමාගමේ නම කුමක්ද ?
14. 1818 වර්ෂයේදී බ්‍රිතාන්‍ය පාලනයට එරෙහිව දියත් කළ ඌව කැරැල්ල මෙහෙය වූ නායකයා කවුරුන්ද ?
15. ශ්‍රී ලංකාවේ ජාතික ක්‍රීඩාව කුමක්ද ?
16. ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ගණන කීයද ?
17. ශ්‍රී ලංකාවේ ඇමැති ධුරයක් ලද ප්‍රථම කාන්තාව කවුරුන්ද ?
18. ශ්‍රී ලංකාවේ ප්‍රථම බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයා කවුරුන්ද ?
19. සිංහල භාෂාව රාජ්‍ය භාෂාවක් බවට නීතිගත කළේ කවදා ද ?
20. තේ පර්යේෂණ ආයතනය පිහිටා ඇත්තේ කොහේ ද ?
විදේශීය තොරතුරු
1. ලොව පළමු විදුලි පඩිපෙළ නිර්මාණය කළේ කවුද?
2. පළමුවරට ඉංග්‍රීසි ඕඩය හරහා පියාසර කළ ගුවන් නියමුවරිය කවුද?
3. සිකුරු ග්‍රහයා වෙත යවන ලද ප්‍රථම යානය කුමක්ද ?
4. රජයේ අනුබද්ධ නොවන විශාලතම පුස්තකාලය කුමක්ද ?
5. ලොව දිගම ප්‍රාකාරය කුමක්ද ?
6. අයිස්වලින් ගහන වු මහද්වීපය කුමක්ද ?
7. ජපානයේ ප්‍රධාන ආගම කුමක්ද ?
8. ලොව ප්‍රකට බිග් බෙන් ඔරලෝසු සීනුව සාදන ලද්දේ කවුරුන් සිහිවීමටද ?
9. ඉන්දියාවේ ප්‍රාන්ත ආණ්ඩු ගණන කීයද ?
10. දූපත් 1087කින් සමන්විත දිවයින කුමක්ද?
11. තම රටේ ආකෘතිය ජාතික කොඩියට යොදා ඇත්තේ කුමන රටේ ද ?
12. අතින් වියන ලද බුමුතුරුණු සඳහා ලොව ප්‍රකට රටක් වන්නේ කුමන රටද?
13. ලොව ගැඹුරුතම ළිඳ කුමක්ද ?
14. කිමෝනාව කුමන රටක ඇඳුම් විශේෂයක් ද ?
15. චීනයේ ජාතික සත්ත්වයා කවුද?
16. ටැන්සානියාවේ ජාතික සත්ත්වයා කවුද?
17. ලොව ඉතා පැරැණි රස පැළෑටිය කුමක්ද ?
18. මිනිසා තේ ගසෙහි ප්‍රයෝජනයට ගනු ලබන්නේ කුමන කොටසද ?
19. අධිරාජ්‍යවාදී නැපෝලියන් බොනපාට් පිටුවහල් කළ දූපත කුමක්ද ?
20. පළමු ලෝක යුද සමය වසර කීයක් පැවතුණාද ?
කලා තොරතුරු
1. ශ්‍රී ලංකාව ගැන ලියවී ඇති පළමු ග්‍රන්ථය කුමක්ද ?
2. ගේ කුරුල්ලෝ නවකතාවේ කතුවරයා කවුරුන්ද ?
3. ඉන්දියාව සොයා ගැනීම (Discover of India) කාගේ කෘතියක්ද ?
4. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ තුන් ඈඳුතු නවකතා කුමක්ද ?
5. Animal Farm කාගේ කෘතියක්ද ?
6. සෑම වසරකම සමරනු ලබන ජූලියස් පුචික් නමැති අසහාය මාධ්‍යවේදියා කුමන රටක විසූ අයෙක්ද ?
7. සිංහල වෙදකම සම්බන්ධයෙන් යෝගාවරණය නමැති ග්‍රන්ථය ලිව්වේ කවුරුන්ද ?
8. දෙපා නොලද්දෝ කෘතිය රචනා කළේ කවුරුන්ද ?
9. සෑම වසරකම මාර්තු දෙවැනිදා ගුණ සමරන ශ්‍රේෂ්ඨ සිංහල පඬිවරයා කවුරුන්ද ?
10. සිංහලයේ මහා කාව්‍ය කෘති දෙක කුමක්ද ?
11. ශ්‍රී රාහුල හිමියන්ගේ පියා ලෙස සැලකෙන්නේ කවුරුන්ද ?
12. කෑරගල පද්මාවතී පිරිවෙන අයත් යුගය කුමක්ද ?
13. අසිරිමත් ඉන්දියාව නමින් සිංහලට නඟා ඇති මුල්ම කෘතියේ කතුවරයා කවුරුන්ද ?
14. පැරකුම්බා සිරිත අයත් වන්නේ කවර කෘති කාණ්ඩයටද ?
15. දුනුවිල හටන ලියූ කතුවරයා කවුරුන්ද ?
16. ලෝකයේ වැඩි භාෂා ගණනකට පරිවර්තනය කරන ලද බෞද්ධ පොත කුමක්ද ?
17. ‘මගේ සරසවි’ කෘතිය රචනා කරන ලද්දේ කවුරුන්ද ?
18. චම්පු කාව්‍ය යනු මොනවාද?
19. වින්සන්ට් වැන්ගෝ චිත්‍ර ශිල්පියා කුමන ජාතිකයෙක් ද?
20. තෙරේසා මවුතුමියගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය කළ චිත්‍රපටය කුමක්ද ?
විද්‍යාත්මක හේතු
1. කඳුකර ප්‍රදේශවල සමහර තැන්වල උස ගස් පෝලිමක් සිටුවා ඇති අයුරු දැකගත හැක්කේ ඇයි ?
2. රසායනික සමීකරණයක් සංතුලනය කළ යුත්තේ ඇයි ?
3. ප්‍රබල භෂ්ම අතේ වැටුණු විට ප්‍රථමාධාර ලෙස ජලයෙන් හොඳීන් සෝදා දෙහි ඇඹුල් ගෑම සුදුසු වන්නේ ඇයි ?
4. නිර් ජලීය කොපර් සල්පේට් වාතයට තැබූ විට නිල් පාට වන්නේ ඇයි?
5. අලුතෙන් සිටුවන ලද පැළෑටි දින කිහිපයක් යන තෙක් මළානික වන්නේ ඇයි ?
6. ලුණු අධික ආහාර ගත්විට වැඩිපුර පිපාසය දැනෙන්නේ ඇයි ?
7. සමහර රටවල ක්‍රිකට් ක්‍රීඩකයන් දිවා කාලයේ ක්‍රීඩා කරන විට සුදු ඇඳුම් අඳීන්නේ ඇයි ?
8. පෙට්‍රල් පහසුවෙන් දැල්විය හැකි අතර, පොල්තෙල් එතරම් පහසුවෙන් දැල්විය නොහැක්කේ ඇයි ?
9. හයිඩ්්රජන් පෙරොක්සයිඩ් දුඹුරුපාට බෝතල්වල අසුරා ඇත්තේ ඇයි ?
10. ජලාශයක පතුල එසවී පෙනෙන්නේ ඇයි ?
11. වැසි දිනවලදී ගස් නැඟීම අපහසු වන්නේ ඇයි ?
12. බොරළු පාරක වාහන පදින විටදීට වඩා තණකොළ සහිත බිමක වාහන පදිනවිට ලිස්සා යන්නේ ඇයි ?
13. රේල් පීල්ලකට කන තැබූ විට දුම්රියක් එන බව හඳුනා ගත හැකි වන්නේ ඇයි ?
14. කම්මලේ බල්ලාට හෙණ ගැහුවත් ගාණක් නෑ කියන්නේ ඇයි ?
15. අතීතයේ කාලයට වඩා වර්තමාන ලෝකයේ ජනගහනය වර්ධනය වේගවත් වන්නේ ඇයි ?
16. කඳු බෑවුම්වල වනාන්තර එළි කිරීම නිසා පහත්බිම්වල වතුර ගැලීම බහුලව සිදුවන්නේ ඇයි ?
17. සීතල වනවිට සමේ රෝම කෙළින් වන්නේ ඇයි ?
18. දෙහි ගෙඩියක් කැපූ පිහිය නොසෝදා තැබුවොත් මලකඩ සෑදෙන්නේ ඇයි ?
දේශීය තොරතුරු පිළිතුරු
1. ක්‍රිස්තියානි ආගමිකයන්
2. ශ්‍රී ලංකාවේ දමිළ ජනතාව
3. E01
4. සබරගමු පළාත
5. වී පර්යේෂණායතනය
6. ලබුගම ජලාශය
7. මහවැලි ගඟ
8. ක්‍රිස්තු වර්ෂ 1910
9. පස්වැනි මිහිඳු රජතුමා
10. රාවණා රජු
11. බදුල්ල, රත්නපුර, නුවරඑළිය
12. පුත්තලම දිස්ත්‍රික්කය
13. සෙල්ටෙල්
14. මොණරවිල කැප්පෙටිපොල දිසාව
15. වොලිබෝල්
16. 332
17. විමලා විජයවර්ධන මැතිනිය
18. ෆ්රෙඩ්රික් නෝර්ත්
19. 1956
20. තලවාකැලේ
විදේශීය තොරතුරු පිළිතුරු
1. අමෙරිකානු ජාතික Jesse Reno
2 අමෙරිකානු ජාතික හැරියට් කුම්බි
3. Venera 1
4. නිව්යෝර්ක් මහජන පුස්තකාලය
5 චීන මහා ප්‍රාකාරය
6. ඇන්ටාක්ටිකාව
7. ෂින්තෝ
8. සර් බෙන්ජමින් හෝල්
9. 21
10 මාලදිවයින
11. සයිප්‍රසය
12. ඉරානය
13. එක්සත් රාජධානියේ පිහිටි Woodingdean Water Well
14. ජපන් රටේ ඇඳුමක් ය.
15. පැන්ඩා
16. ජිරාෆ්
17. ඵබඥමඪච
18. තේ ගසේහි දල්ල කොටස
19. ශාන්ත හෙලේනා දූපත
20. වසර 7
කලා තොරතුරු පිළිතුරු
1. රාමායණය
2. ආර්. ආර්. සමරකෝන්
3. ශ්‍රී ජවහර්ලාල් නේරු
4. ගම්පෙරළිය, යුගාන්තය, කලියුගය
5. ජෝර්ජ් ඕවෙල්
6. චෙකොස්ලෝවැකියාව
7. මයුරපාද පරිවේණාධිපති බුද්ධ පුත්‍ර හිමි
8. කේ. ජයතිලක මහතා
9. කුමාරතුංග මුනිදාස මහතා
10. කවි සිළුමිණ හා කාව්‍යශේඛරය
11. රුහුණේ රජ කළ වික්‍රමබාහු නමැති යුවරජ
12. කෝට්ටේ යුගය
13. ඒ. එල්. බාෂ්මි
14. ප්රශස්ති කාව්‍ය ගණයට
15. දුනුවිල ගජනායක නිලමේතුමා
16. පාලි ධම්මපදය
17. මැක්සිම් ගෝර්කි
18. ගද්‍ය පද්‍ය දෙකම මිශ්‍ර වූ නිර්මාණ
19. නෙදර්ලන්ත ජාතිකයෙක්
20. Mother Theresa in the name of Gods poor
විද්‍යාත්මක හේතු පිළිතුරු
1. කඳුකර ප්‍රදේශවලට තද සුළං ඇතිවෙයි. මේ නිසා පාංශු ඛාදනය ද ඇතිවේ. මේ නිසා උස ගස් පෝලිමක් සිටුවා ඇත. මෙය වාකඩ නමින් හැඳීන්වේ.
2. ස්කන්ධ සංස්ථිය නියමයෙන් පැහැදිලි කෙරෙන අන්දමට රසායනික ප්‍රතික්‍රියාව පෙර හා පසු ස්කන්ධය වෙනස් නොවී පැවැතිය යුතු ය. මෙම නියමයට අනුකූලව සමීකරණය තුලනය කළ යුතු ය.
3. දෙහි ඇඹුල් ගෑ විට භෂ්ම තනුක වේ. වේදනාව අඩුවී භෂ්ම උදාසීන බවට පත්වේ.
4. නිර්ජලීය කොපර් සල්ෆේට් සුදු පාට ය. වාතයේ ජල වාෂ්ප උරා ගත්විට කොපර් සල්ෆේට් නිල් පාටට හැරෙයි.
5. පැළෑටි ගලවා නැවත සිටුවන විට ඒවාට ජලය උරා ගැනීමට අපහසු ය. දින කිහිපයක් ගිය පසුව මූල කේෂ පසට එක්වීමට පටන් ගනියි.
6. ලුණු අධික ආහාර ගත් විට රුධිරයේ වැඩිපුර ලුණු අවශෝෂණය වෙයි. එම නිසා ලුණු ජලය වශයෙන් රුධිරයෙන් පිටවෙයි. එවිට පිපාසය දැනෙයි.
7. ක්‍රීඩා කරන විට සුදු ඇඳුම් ඇ¼දීමෙන් පසු වැටෙන තද සූර්ය රශ්මිය සුදු පාට මඟින් පරාවර්තනය කරයි. එම නිසා සුදු ඇඳුම් ඇඳගෙන සෙල්ලම් කරයි.
8. යම් දෙයක් දැවීමට විජලන උෂ්ණත්වයක් අවශ්‍ය වේ. පෙට්‍රල් එම විජලන උෂ්ණත්වයට ඉක්මනින් පත් වේ. එම නිසා පොල්තෙල් වලට වඩා පෙට්‍රල් දැල්විය හැකි ය.
9. ආලෝකය මඟින් හයිඩ්රජන් පෙරොක්සයිඩ් වියෝජනය වෙයි. මෙය වැළැක්වීම සඳහා දුඹුරු පාට බෝතල්වල අසුරා ඇත.
10. ජලාශයක පතුලේ සිට එන ආලෝක කිරණ ජලය වෙන් කරන පෘෂ්ඨය අවලම්බනයෙන් බැහැරට හැරෙයි. එම නිසා ආලෝකය ගමන් කරන මඟ වෙනස් වන හෙයින් ජලාශයෙහි පතුල එස වී පෙනෙයි.
11. වැසි දිනවලදී ගසේ කඳ තෙමී ඇති හෙයින් පාදය තැබීමේදී ඝර්ෂණ බලය අඩු වේ. එම නිසා පාදය ලිස්සා යෑමට ඉඩ ඇති බැවින් ගස් නැඟීම අපහසු වෙයි.
12. බොරළු පාරක වාහන පදින විට ඝර්ෂණ බලය වැඩි ය. එම නිසා ලිස්සා නොයයි. තණකොළ සහිත පාරක වාහන පදින විට ඝර්ෂණ බලය අඩුවී ලිස්සා යෑම සිදුවිය හැකි ය.
13. වාතයට වඩා හොඳීන් රේල්පීල්ල දිගේ ශබ්දය ගමන් කරයි. ඝන රේල් පීල්ල නිසා කන තැබූ විට ශබ්දය ඇසෙයි.
14. උගේ කන ශබ්දයට අනුවර්තනය වූ නිසා එයට ප්‍රතිචාර නොදක්වයි.
15. අතීතයේදී බොහෝ රෝග සඳහා බෙහෙත් සොයාගෙන තිබුණේ නැත. එම නිසා මිනිසුන් මිය යෑම සිදුවිය. වර්තමානයේ බෙහෙත් සොයාගෙන ඇති නිසා මිනිස්සු මිය යෑමේ ප්‍රමාණය අඩුවී වර්තමාන ලෝකයේ ජනගහනය වර්ධනය වේගවත් වේ.
16. එම එළිකිරීම නිසා සෝදා පාළුව වැඩි වේ. පස් පහළ කොටසට තැන්පත් වූ විට වර්ෂා කාලයේදී ඉක්මනින්ම පිටාර ගලයි.
17. මිනිසා අචලතාපී සත්ත්වයෙකි. උෂ්ණත්වය වෙනස්වීම අනුව මිනිස් සිරුරේ උෂ්ණත්වය වෙනස් නොවී පවතින නිසා සීතල දැඩි වූ විට සීතලක් දැනෙයි .
18. පිහිය සාදා ඇත්තේ යකඩවලිනුයි. දෙහිවල ආම්ලික දේවල් නිසා මල බැඳීම සිදුවේ. සෝදා තැබුවොත් මළ සෑඳීම ඇතිවිය හැකි ය.
ජගත් අබේකෝන්