ජාතික කනිෂ්ට මලල ක්‍රීඩා තරගාවලියේ 2024 වයස අවුරුදු 20න් පහළ ඇවිදීමේ පිරිමි තරගය බියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පසුගිය දා පැවැත්විය.
මේ තරගය සඳහා දිවයින පුරා පාසල් ළමුන් විසිදෙදෙනකුගේ සහභාගිත්වයෙන් මීටර් 10,000ක් දුර ඇවිදීමේ තරගය මිනිත්තු 55.55.51 වැනි කාලයකදී නිමා කර මුළු දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ලබා ගැනීමට අ / ඉහළ බුල්නෑව විද්‍යාලයේ ඩබ්ලිව් .ඒ. දමින්ද හේරත් කුමාර සිසුවාට හැකි වී තිබේ.
පාසලේ විදුහල්පති විදුහල්පති ජී.ආර්. කේ. ගුරුසිංහ මහතාගේ ආරාධනයෙන් ඉකුත්දා තඹුත්තේගම කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් කලාපයේ ක්‍රීඩා නිලධාරීන් සමඟ අවට පාසල්වල විදුහල්පතිවරුන් සහ 80/90 දශකයේ ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ පාසලේ මව්පියන් සහ දුවාදරුවන්ගේ සහභාගිත්වයෙන් පාසලේ ප්‍රධාන ශාලාවේදී මොහුගේ ඇගයීම පිළිබඳ චාම් උත්සවයක් පැවැත්වීය.
මීට සමගාමීව 2024 ජාතික මලල ක්‍රීඩා තරගාවලිය බුල්නෑව විද්‍යාලයේ 16න් පහළ උස පැනීම තරග ඉසව්වේ මීටර් 5.92 පැන හතරවැනි ස්ථානය ලබාගන්නා ලද යූ.ජී. හේෂාන් සෙනුර සිසුවාට ද , 18න් පහළ මීටර් 3000ක් දුර දිවීමේ තරගයෙන් හතරවැනි ස්ථානය ලබාගත් ආර්.එම්. තරුෂිකා දෙව්මිණි රත්නායක ශිෂ්‍යාව ද ඇගයීමකට ලක් කරන ලදි.
තඹුත්තේගම අධ්‍යාපන කලාපයේ දුෂ්කර ගමක පාසලක් වන ඉහළ බුල්නෑව විද්‍යාලයේ පාසල් සිසුන් ජාතික තලයකට නැංවීමට උරදෙමින් වෙහෙස මහන්සි වී තම රාජකාරිය අකුරටම ඉටු කළ සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන ගුරු එම්.ටී. රෝහණ මහතා සමඟ පාසල් ක්‍රීඩා පුහුණුකරු එච්. කේ. එම්. නදීක රුවන් කුමාරසිංහ යන ගුරු මහත්වරුන්ට බෙහෙවින් ස්තුතිවන්ත වන බව බුල්නෑව විද්‍යාලයේ විදුහල්පති ජී.ආර්. කේ. ගුරුසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.
තලාව සමූහ -බී.ඩබ්.ඩී. ධර්මකීර්ති