ආදරණීය දුවේ පුතේ, අඟහරු ලොවේ පස් පෘථිවිය මත නිර්මාණය කිරීමට අපේ විද්‍යාඥයෙක් සමත් වූ කතාවක් පිළිබඳ අප දැන් කියන්න සූදානම්. ඉතින් දුවේ පුතේ, අපි මේ සූදානම් වෙන්නේ ඒ ගැන නවතම කතාවක් කියන්නයි. ඉතින් දුවේ පුතේ, මේ කතාව කියවලා බලන්නකෝ.
ශ්‍රී ලංකාවේ ප්රමුඛ පෙළේ විද්‍යාඥයකු වන ආචාර්ය අරවින්ද් රවිභානු අඟහරු ග්‍රහයා මත ඇති පාෂාණවලට බොහෝ සෙයින් සමාන පාෂාණ පෘථිවිය මත නිර්මාණයකර ඇත. NASAහි කියුරියෝසිටි රෝවරයේ ඛණිජ අදත් භාවිත කරමින් ආචාර්ය රවිභානු සහ ඔහුගේ කණ්ඩායම Merideni Planum නම් අඟහරු ග්‍රහයාගේ නිශ්චිත කලාපයකින් පාෂාණ අනුකරණය කිරීමට සමත් වී ඇත. මෙම කලාපය එහි අද්විතීය භූ විද්‍යාත්මක ලක්ෂණ සඳහා ප්‍රසිද්ධ වන අතර, ආචාර්ය රවිභානු විසින් සාදන ලද කෘත්‍රිම පාෂාණ අඟහරුවල සැබෑ පාෂාණවලට සියයට අසූපහත් සියයට අනූවත් අතර ප්‍රමාණයට සමාන වේ.
ආචාර්ය රවිභානු ජෛව තාරකා විද්‍යා ජාත්‍යන්තර පර්යේෂණ ඒකකයේ (Eco Astronomy International Research Center) කොටසක් වන පාරිසරික තාරකා විද්‍යා ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානය(Bioastronomy International Research Unit)සමඟ කටයුතු කරයි. ඔහු විශ්වවිද්‍යාලය සහ අඟහරුගේ පර්යේෂණ කෙරෙහි අවධානය යොමු කරන අනෙකුත් ආයතන ඇතුළු මොරොක්කෝව, චීනය සහ අමෙරිකා එක්සත් ජනපදයේ විද්‍යාඥයන් සමඟ සහයෝගයෙන් කටයුතු කරයි. ඔහු අඟහරුගේ පර්යේෂණය සඳහා ලොව ප්‍රමුඛතම මධ්‍යස්ථානයක් වන The Mars Society- Mars Desert Research Stationහි තානාපතිවරයකු ලෙස ද කටයුතු කරයි.
ආචාර්ය රවිභානු විසින් නිර්මාණය කරන ලද කෘත්‍රිම අඟහරු සහ පෘථිවිය- ඇනලොග් ක්‍රියාකාරකම් ( පෘථිවිය -අඟහරු ඇනලොග් ක්‍රියාකාරකම් යනු අඟහරු ග්‍රහයා මත තත්ත්වයන් අනුකරණය කිරීම සහ අවබෝධ කරගැනීම සඳහා පෘථිවිය මත සිදු කරන ලද අධ්‍යයනයන් සහ අත්හදා බැලීම් වේ.) විද්‍යාඥයන් විසින් අඟහරු ග්‍රහයා හා සමාන ලක්ෂණ ඇති කාන්තාර හෝ ගිනිකඳු ප්‍රදේශ වැනි ස්ථාන උපකරණ පරීක්ෂා කිරීමට, ජීවය පැවතිය හැකි ආකාරය අධ්‍යයනය කිරීමට සහ අඟහරු ග්‍රහයා මත සිදු කළ හැකි මෙහෙයුම් ප්‍රගුණ කිරීමට භාවිත කරයි. මේ ක්‍රියාකාරකම් පර්යේෂකයන්ට අඟහරු ග්‍රහයා වෙත යෑමට පෙර ග්‍රහලෝකයේ අභියෝග සමඟ කටයුතු කරන ආකාරය ඉගෙන ගනිමින් එහි සැබෑ මෙහෙයුම් සඳහා සූදානම් වීමට උපකාර කරයි. අඟහරු ග්‍රහයා මානව ජනාවාස සඳහා යෝග්‍ය කිරීම පිළිබඳ පර්යේෂණ (terraforming) අභ්‍යවකාශ පතල් කැණීම, අඟහරු ග්‍රහයා මත ජීවත් වන්නේ කෙසේ ද සහ වැඩ කරන්නේ කෙසේ ද යන්න තේරුම් ගැනීමට මෙම උත්සාහය අවශ්‍ය වේ.
නාසා ආයතනයේ මාෂල් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ වසර 46ක් සේවය කළ නාසා ආයතනයේ හිටපු විද්‍යාඥයකු වන මහාචාර්ය රිචඩ් හූවර් මෙම කෘත්‍රිම අඟහරු පාෂාණවල ගුණාත්මක බව අගයකර ඇත. ඒවා NASA විසින් නිර්මාණය කරන ලද ඒවාට වඩා හොඳ බව ඔහු විශ්වාස කරයි. මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී මහාචාර්ය හූවර්, ආචාර්ය රවිභානු සහ අනෙකුත් විද්‍යාඥයන් පෘථිවියෙන් ඔබ්බට ජීවය පවතින්නේ කෙසේ ද යන්න පිළිබඳ අවධානය යොමු කරමින් ජෛව තාරකා විද්‍යාව සහ පොසිල පර්යේෂණය ශ්‍රී ලංකාවේ සිදු කරනු ඇත.
මෙම පර්යේෂණය ශ්‍රී ලංකාවට පමක් සීමා වූවක් නොවේ. මෙවැනි කෘත්‍රිම අඟහරු පස් වැඩි වශයෙන් ඉන්දියාවේ නිර්මාණය කිරීම පිළිබඳ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ (ISRO) හිටපු විද්‍යාඥයකු වන මහාචාර්ය ඵලංගෝවන් රාජගෝපාලන් මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. ඉන්දියාවේ ප්‍රකට විද්‍යාඥයකු වූ දිවංගත ආචාර්ය අබ්දුල් කලාම් සමඟ සමීපව කටයුතු කළ මහාචාර්ය ඵලංගෝවන් ද ආචාර්ය රවිභානුගේ කණ්ඩායමේ සාමාජිකයෙකි.
ආචාර්ය අරවින්ද් රවිභානු යනු පෘථිවියෙන් ඔබ්බට ජීවය පිළිබඳ අධ්‍යයනය සහ ඒ ආශ්රිත ජෛව තාරකා විද්‍යාව සහ ෆොසිල පර්යේෂණ ක්ෂේත්රවල පුරෝගාමියෙකි. අභ්‍යවකාශයේ ජීවය පිළිබඳ පාරිසරික අධ්‍යයනය කෙරෙහි අවධානය යොමු කරන ඡ්ඛ්ර්ණ තාරකා විද්‍යාව පිළිබඳ සංකල්පය ඔහු ලෝකයට හඳුන්වා දුන්නේ ය. අභ්‍යවකාශ ගවේෂණය සහ වෙනත් ග්‍රහලෝකවල පදිංචි වීම යථායෝක්ත අනාගතයක් සඳහා මානව වර්ගයා සූදානම් කිරීමට ආචාර්ය රවිභානු ඔහුගේ පර්යේෂණ සගයන් සමඟ කටයුතු කරන ආකාරය ලාංකේය දූදරුවන්ට ද ඉමහත් ආදර්ශයකි.
රුසින් තත්සර
මොරටුව විශ්වවිද්‍යාලය