ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාතික පුහුණු කිරීමේ මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා වූ 150 වැනි වතාවට පවත්වනු ලබන උසස් පාඨමාලාව නුවරඑළිය පීඩෘ බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයේදී පැවැත්විණි. එම උසස් පාඨමාලාව යනු බාලදක්ෂ ආචාර්යවරයකු හෝ ආචාර්යවරියක් විධිමත් ලෙස හා ක්‍රමවත් ලෙස පුහුණුව ලැබූ අයකු ලෙස සළකනු ලබන සංකේතයකි .
එම පාඨමාලාව රාත්‍රී 9 ක නේවාසික පාඨමාලවක් වන අතර, එහි ද්විතීයික කොටස සම්පූර්ණ කළ අයකුට ජාත්‍යන්තරව පිළිගත් ලී පදක්කම් සහතිකය, ලී පබළු ප්රදානය ,පළමු වැනි ගිල්වෙල් උද්‍යාන බාලදක්ෂ සමූහයේ කරලේන්සුව හා ගිල්වෙල් වොගලයට හිමිකම් කිවහැකි ය.
ලොව පළමු උසස් පාඨමාලාවේ ඉතිහාසය
බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ රොබට් බේඩ්න් පවෙල් සාමිවරයා විසින් ලියන ලද ඉජධභබඪදඨ ටධප ඕධරඵ පාඩම් මාලාවේ මුල් කොටසින් දක්වා තිබුණේ අනාගත බාලදක්ෂයන් පුහුණු කිරීම සම්බන්ධයෙනි. බී.පී නායකයන් පුහුණු කිරීමට පෙර පිරිමි ළමයින් අල්ලා ගැනීමට අවශ්‍ය බව තේරුම් ගෙන සිටියේය.පුහුණු කටයුතු පිළිබඳ සියලු කරුණු එම පාඩම් මාලාවේ 6 වැනි කොටසින් අවසන් කිරීමට එහි ප්‍රකාශකයා වූ සර්.ආතර් පියර්සන් විසින් තීරණය කර තිබිණි.
(‘ඉජධභබඪදඨ ටධප ඕධරඵ’ තනි පොතක් වශයෙන් 1908දී ප්‍රකාශයට පත් කිරීමට පෙර එය දෙසතියකට වරක් බැගින් පළකර ඇති පාඩම් මාලාවකි )
බාලදක්ෂයන් සඳහා බොහෝ ප්‍රායෝගික උපදෙස් සහ ප්‍රයෝජනවත් ඉඟි 6 වැනි පාඩම් මාලාව හෙවත් අවසන් කොටසේ අඩංගු වූවදි සුදුසු පුහුණු යෝජනා ක්‍රමයක් එහි සඳහන් වූයේ නැත.
බේඩ්න් පවෙල්ගේ අභිප්‍රාය වූයේ බාලදක්ෂ සංවිධානයක් ලෙස සැකසිය. යුතු බවත් ඔහු බාලදක්ෂ කාණ්ඩ ක්‍රමය සමඟ බාලදක්ෂ බලකාය , YMCA වැනි සංවිධාන අනුව බාලදක්ෂ ව්‍යාපාරය දුටුවේය. එමෙන්ම බාලදක්ෂයන්හට නීති රීති හා ප්‍රතිපත්ති ( POR – Policy of Rules & Regulations ) අවශ්‍යතාවන් නොදුටුවේය. ඔහුගේ හමුදා ජීවිතයේ මෙන් දැඩි විනය නීති හා නිල ක්‍රමයක් භාවිත කරනවාට වඩා ආදර්ශයෙන් ළමයින් දිනා ගත හැකි බව බී.පී. ගේ පිළිගැනීම විය.
එහෙත් යම් ආකාරයේ කේන්ද්‍රීය ව්‍යුහයක් හා ස්ථාවර පුහුණු අවශ්‍යතාව ප්‍රතික්ෂේප කළ නොහැකි බව ඔහු වටහා ගෙන සිටියේය.
බ්රවුන්සී දූපතේ කඳවුර හා හම්ෂෝන්ග් කඳවුරු දෙකේදී බී.පී. විසින් යම් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කළත් එයින් අනතුරුව එය අනෙක් අය අනුගමනය කිරීමක් නොවීය.
බ්රවුන්සී දූපතේදී පවත්වනු ලැබූ පරීක්ෂණාත්මක කඳවුරෙන් අනතුරුව බාලදක්ෂ කටයුතු එක්සත් රාජධානිය පුරා වේගයෙන් ව්‍යාප්ත විය.විශ්‍රාම වැටුපක් ලබන ජෙනරාල්වරයකුට එයට අවශ්‍ය ආකාරයේ පරිපාලන ව්‍යුහයක් දරාගත නොහැකි විය. එමෙන්ම මූලස්ථාන ගැසට් පත්‍රයේ මුල් වසර තුළ ස්ථිර නායකත්වක අවශ්‍යතාව පිළිබඳ ලිපිවලින් පිරී ගියේය .
ඇතැම් බාලදක්ෂ ආචාර්යවරුන් හැඳ සිටියේ තමන්ගේ හමුදා උත්සව නිල ඇඳුමෙනි. (බොහෝ අය බ්‍රිතාන්‍ය හමුදාවේ සේවයේ යෙදී සිටි බී.පී. ගේ මිතුරන් විය.)
ඔවුන් අවුරුදු 7-8 වයසේ ළමයින් බාලදක්ෂයන් ලෙස බඳවා ගෙන තිබූ අතර සමහරු අවුරුදු 13 වනතුරු බඳවා ගැනීමට අවසර නොමැති විය.මේ ආකාරයේ විවිධ නීති රීති බාලදක්ෂ ආචාර්යවරුන් පවත්වා ගෙන ගිය අතර, යම් පැහැදිලි නීති මාලාවක් සහ යම් ආකාරයේ පුහුණු වැඩසටහන් නොමැතිව ව්‍යාපාරයට ඉදිරියට යා නොහැකි බව පැහැදිලි විය. වර්ෂ 1908 සැප්තැම්බර් 28 දින බේඩ්න් පවෙල් විසින් ලේකම්වරයකු විසින් පවත්වාගෙන යනු ලබන ප්‍රාදේශීය කමිටු පිහිටුවීම දිරිමත් කරන ලද ලිපියක් බෙදා හරින ලදි. ඒ සඳහා වැඩිහිටි නායකයකු වූ එරික් වෝකර්ගේ සහාය ලැබිණි.
” බාලදක්ෂයන් “නම්වූ ශීර්ෂය යටතේ ප්‍රාදේශීය කමිටුවල රාජකාරී සම්පූර්ණයෙන් විස්තර කර ඇති ලිපියක් බී.පී. විසින් ලියූ අතර, එහි මෙසේ සඳහන් විය. ” බාලදක්ෂ ආචාර්යවරුන් ඔවුන්ගේ යෝග්‍යතාව සහ ළමයින්ට ඉගැන්වීම සඳහා සුදුසු පිරිමි අය යම් ආකාරයේ පරීක්ෂණයකින් සමත් විය යුතු බව යෝග්‍ය බව පෙනේ. ඒ අනුව මට සුදුසු, සුදුසුකම් සහිත කෙටි විෂය මාලාවක් සකස්කර ඇත්තෙමි.
බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා වන පරීක්ෂණ ලිපියට අමුණා ඇත.”
ඊළඟ කොටසින් බාලදක්ෂ ආචාර්යවරුන් සඳහා බී.පී. විසින් සකස් කළ විෂය මාලාව.
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය
කොළඹ