Gyeongbokgung මාලිගය වර්ෂ 1395 ඉදිකරන ලදි. මෙම මාලිගය දකුණු කොරියාවේ උතුරු සෝල් හි පිහිටා ඇත. Gyeongbokgung ජොසොන් රාජවංශයේ ප්‍රධාන රාජකීය මාලිගාව වේ. ජොසොන් රාජවංශය විසින් ඉදිකරන ලද සුවිසල් මාලිගා පහෙන් විශාලතම මාලිගාව වන්නේ මෙයයි. Gyeongbokgung මාලිගය රාජකීය පවුලේ නිවහන සහ රජයේ ආසනය ද වේ. 19 වැනි සියවසේ දී ගෝජොං රජුගේ පාලන සමයේ දී රෙජන්ට් හියුංසොන් කුමරුගේ නායකත්වයෙන් මෙම මාලිගාවේ කාමර 7,700ක් පමණ ප්‍රතිසංස්කරණය කර ඇත. පුරාණ කොරියාවේ වාස්තුවිද්‍යාත්මක මූලධර්ම අනුව Gyeongbokgung රජ මාලිගය නිර්මාණය කර ඇත . ඉතිං මේ සූදානම පුංචි දූලා පුතාලට සුන්දරත්වයෙන් යුතු Gyeongbokgung මාලිගාව පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.
“Gyeongbok” යන නමෙහි තේරුම වන්නේ “නව රාජ වංශයට වාසනාව සහ සමෘද්ධිය ලැබේවා” යන්නයි. Gyeongbokgung මාලිගය Hunminjeongeum නිර්මාණය කර බෙදා හරින ලද ස්ථානයක් ද විය. Gyeongbokgung මාලිගය වර්ෂ 1592දී ජපන් ආක්‍රමණයේදී විනාශ විය. මෙම මාලිගයෙහි නටබුන් තිබිණි. යුද්ධය අවසන් වී වසර 270කට පසුව වර්ෂ 1867දී මෙම මාලිගාව නැවත ප්‍රතිසංස්කරණය කරන ලදි. Gojong රජු විසින් මෙම මාලිගාව ප්‍රතිසංස්කරණය කිරීමේදී Taewonjeon ශාලාව සහ බ්ඪඡධඬණචඥ වැනි නව ගොඩනැඟිලි මාලිගාවට එකතු කරන ලදි.
Gyeongbokgung මාලිගාවේ ප්‍රධාන දොරටු හතරකි. මෙහි ප්‍රධාන දොරටුවට දකුණින් Gwanghwamun පිහිටා ඇත. බටහිරින් Yongchumun දොරටුව , උතුරින් Sinmumun දොරටුව සහ නැඟෙනහිරින් කොරියාවේ ජාතික කෞතුකාගාරය වේ. මෙම මාලිගාව පිහිටි ස්ථානය සෝල්හි හදවත වූ අතර, සාම්ප්‍රදායික භූගෝලීය පිළිවෙතට අනුව මෙම ස්ථානය සුබ ලෙස සලකනු ලබයි. Gyeongbokgung මාලිගය ජොසොන්හි රාජකීය සංස්කෘතිය , මාලිගා ජීවිතය සහ ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ දර්ශන සපයයි. මෙම මාලිගය දීප්තිමත් වර්ණ සහිත සිවිලිමකින් යුක්ත වේ. මාලිගයේ වහලයේ නිර්මාණයකර ඇති සත්ත්ව හා මිනිස් රූප තුළින් නපුරු ආත්මයන් දුරු කිරීම සහ අභ්‍යන්තර සාමය පිළිබිඹු කරයි.
Gyeongbokgung මාලිගාවේ විවිධ ස්ථාන දැකගත හැකි ය. කොරියාවේ ජාතික කලා කෞතුකාගාරය, Geunjeongjeon ශාලාව, Gyeonghoeru Pavilion,කොරියාවේ ජාතික ජන කෞතුකාගාරය, Hyangwonjeong මණ්ඩපය ආදිය එම ස්ථාන වේ. කොරියාවේ ජාතික මාලිගා කෞතුකාගාරය යනු ජොසොන් රාජවංශය සිටි ප්‍රධාන මාලිගාව වන Gyeongbokgung මාලිගය පිහිටි ස්ථානයේ පිහිටි ජාතික කෞතුකාගාරයකි. කෞතුකාගාරය පුරාණ කාලයේ සිට 19 වැනි සියවසේ අග භාගය දක්වා වූ කෞතුක වස්තු, කලා සහ සංස්කෘතික ගුණාංග හරහා කොරියාවේ ඉතිහාසය මවාපායි. Geunjeongjeon ශාලාව ජොසොන් රාජවංශයේ ප්‍රධාන මාලිගා ගොඩනැඟිල්ල සහ උසම රාජ්‍ය ශාලාව වේ. එය රාජාභිෂේක සහ සිංහාසන උත්සව සඳහා භාවිත කරන ලදි. මෙම ගොඩනැඟිල්ල මහල් දෙකකින් යුක්ත වන අතර, උස මීටර් 12කි. පළමු මහලේ සිංහාසනයක් ඇති අතර, එය රජුගේ සර්වබලධාරි බව සංකේතවත් කරනු ලබයි. ස්ථීර සහ විශේෂ ප්‍රදර්ශන යන දෙකම පවත්වමින්, ජන කෞතුකාගාරය සියවස් ගණනාවක් පුරා කොරියානු ජීවිතය පරිණාමය වී ඇති ආකාරය පිළිබඳ අවධානය යොමු කරයි. Gyeongbokgung මාලිගා භූමියේ වඩාත්ම ඡායාරූප ගත කරන ලද ගොඩනැඟිල්ල වන්නේ Hyangwonjeong මණ්ඩපයයි. මෙම අලංකාර පැගෝඩා ශෛලියේ ගොඩනැඟිල්ල වර්ෂ 1875දී පමණ ගෝජොං රජු විසින් ඉදිකරන ලද ඉතා කුඩා ෂඩාස්‍රාකාර ඉදිකිරීමකි. මුර උත්සවය වෙනස් කිරීම Gyeongbokgung මාලිගයේ වඩාත් ජනප්‍රිය දේවලින් එකකි. එමෙන්ම සාම්ප්‍රදායික කොරියානු සංගීතය, දේශීය නැටුම්, පාසල්වල නැටුම් සංදර්ශන සහ වෙනත් සංස්කෘතික උත්සව නිතිපතා මෙම මාලිගාවේ පවත්වනු ලබයි.
චතුරි ලක්ෂිකා