Home » Blog » දොන් බාරොන් ජයතිලක මහතා

දොන් බාරොන් ජයතිලක මහතා

by lakehouse
0 comments

වීර නායකයන් අතරින් අති විශේෂ නායකයෙක් වන මොහු 1868 පෙබරවාරි 18 දිනයේ කැලණියේ වරාගොඩදී උපත ලැබුවේ ය. මොහුගේ පියා වූයේ දොන් දැනියල් ජයතිලක මහතා ය. මව එලිසියානා පෙරේරා වීරසිංහ මහත්මිය ය. ජයතිලක පවුලේ වැඩිමහල් පුත්‍රයා ය.

මෙතුමාට මුල කුරු ඉගැන්නුවේ රත්මලානේ ධර්මාලෝක හිමියන් ය. මෙතුමාගේ පියා රජයේ නිලධාරියකු වශයෙන් කටයුතු කළේ ය. එමෙන්ම ගමේ ආරච්චි මහතකු ද වූයේ ය. මෙම වකවානුවේදී බෞද්ධ පාසල් නොතිබුණු බැවින් ඔහු අධ්‍යාපනය ලැබීමට ක්‍රිස්තියානි පාසලකට ගියේ ය. එහෙත් මෙතුමා කුඩා කල සිටම බෞද්ධ ආගමට මහත් නැඹුරුවක් දැක්වූයේ ය. ඒ කාලයේදී මෙතුමාට ශ්‍රීමත් හෙන්රි ඕල්්කට් තුමා, විද්‍යාලංකාර පිරිවෙනේ මහා සඟරුවන හා මාවනැල්ලේ දේශීය වෙදැදුරා ද ඇසුරු කිරීමට අවස්ථාවක් ලැබුණේය. උපාධිය දක්වා අධ්‍යාපනය ලැබීමට මෙතුමාට අවස්ථාව උදා විය.

පසු කලෙකදී මහනුවර ධර්මරාජ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති වශයෙන් සේවය කිරීමට මෙතුමාට අවස්ථාවක් ලැබුණේ ය. එයින් පසු කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රථම සිංහල බෞද්ධ විදුහල්පතිවරයා ලෙස සේවය කිරීමට ද මෙතුමාට අවස්ථාව උදා වූයේ ය. අනතුරුව වැඩිදුර අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ධයටධපඤ විද්‍යාලයට ඇතුළුවීමට ද ජයතිලක මහතාට අවස්ථාව ලැබුණේ ය. එයින් අනතුරුව නීතිඥයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව උදා වූයේ ය. පසුව අධිනීතිඥයකු ලෙස දිවුරුම් දීමට ද භාග්‍ය උදා වූයේ ය.

1913 වසරේදී එතුමා ලංකාවට පැමිණ එවකට තිබූ මුස්ලිම් අරගලයට නායකත්වය ලබා දුන්නේ ය. මෙතුමා ඉංග්‍රීසීන් විසින් සිරභාරයට ද ගන්නා ලදි. පසුව ඔප්පු කරගැනීමට සාක්ෂි නැති සියලු දෙනා නිදහස්කර දැමීමට ඉංග්‍රීසීහු කටයුතු කළහ. 1931දී පැවති මන්ත්‍රී තරගයේදී කැලණිය ඡන්ද කොට්ඨාසයේ රාජ්‍ය මන්ත්‍රීවරයකු ලෙස තේරීපත් වීමට ජයතිලක මහතාට හැකි වූයේ ය.

මෙතුමා තරුණ බෞද්ධ සමිතියේ සභාපතිවරයා ද ශබ්දකෝෂයේ ප්‍රථම ප්‍රධාන කර්තෘවරයා ද වූයේ ය. පේරාදෙණිය විශ්වවිද්‍යාලය බිහිකිරීමට පුරෝගාමියකු ද වූයේ ය. එමෙන්ම මෙතුමා කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාලක මණ්ඩලයේ බලතල දැරූවේ ය. මෙතුමා බුදුගුණ අලංකාරය, දම්පියාඅටුවා, ගැටපදය, පන්සිය පනස් ජාතක පොත යනාදිය සහ සාහිත්‍යයේ එන පුරාණ ග්‍රන්ථ සංස්කරණය කොට නැවත ජනතාව අතරට පත් කිරීමේ වැඩසටහනක් ද ක්‍රියාත්මක කළේ ය.එමෙන්ම රුවන්මැලි මහා සෑය ප්‍රතිසංස්කරණය කිරීමේ රාජ්‍යමය වැඩසටහනට දායකත්වයක් දැරූ මෙතුමා බුරුම රටින් කොත් පැල¼දීමට පළිඟු ගෙන ඒමේ කාර්යයේදී පෙරමුණ ගෙන කටයුතු කළේ ය. රටට ජාතියට මෙතරම් සේවයක් කළ මෙතුමා 1944 මැයි මස 29 වැනිදා අවසන් හුස්ම හෙළුවේ ය.

ජගත් අබේකෝන්


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department