Home » Blog » හෙට ලෝකය අපෙයි

හෙට ලෝකය අපෙයි

by lakehouse
0 comments

පරිසරය සුරකිමු

හැම තැන කුණු කසළ නොදමමු
තැන තැන කෙළ නොගස ඉඳිමු
පොලිතීන් පුච්චා නො ඉඳිමු
හැම දෙනා ම සතුටින් ඉඳිමු

වැලි ගොඩ දැමීමෙන් වළකිමු
තුරුලතා කැපීමෙන් වළකිමු
කැලෑ ගිනි තැබීමෙන් වළකිමු
සොබාදහම හට නමදිමු

පහත් බිම් ගොඩ නොකර ඉඳිමු
නැතිනම් ගංවතුර ගලයි
ගස් වැල් කැපීමෙන් වළකිමු
නැතිනම් වාතය නැතිවෙයි

ජලාශවල පොලිතීන් නොදමා ඉන්න
ජලයට කෘමිනාශක නොදමා ඉන්න
ගසක් කැපුවොතින් තව ගස් දෙකක් වවන්න
කුරුල්ලන්ට ඉන්නට තැන් සාදා දෙන්න

පී. දනුජි සුදම්යා

පාතේගම

මාර/ගොඩඋඩ මහා විදුහල

මාතර

————————

ඩෙංගු මාරයා විනාශ කරමු

පොල්කටු පොලිතීන් නොදා ඉමු
වතුර පිරෙන තැන් ඉවත් කරමු
කසළ නිසි ලෙස බැහැර කරමු
ඩෙංගු මාරයා විනාශ කරමු

ගෙවත්ත සතියට දෙවරක් පිරිසුදු කරමු
ටයර්වලට වැලි පුරවා දමමු
වතුර පිරෙන දෑ ඉවත් කරමු
ඩෙංගු මාරයා විනාශ කරමු

පරණ කැඩුණු බේසම්වල මල් සිටවමු
ප්ලාස්ටික් කෝප්පවල හැඩ කපවමු
පොහොර ගෝණිවල එළවළු පැළ සිටවමු
ඩෙංගු මාරයා විනාශ කරවමු

ජලය ගලා යන්නට කාණු කපමු
පොලිතින් ප්ලාස්ටික් වැනි දෑ එකතු කරමු
එකතු කරල එකතු කරලා බැහැර කරමු
ඩෙංගු මාරයා විනාශ කරමු

පී.පත්මි පසන්දි

12 ශ්‍රේණිය

මාර / සුජාතා විද්‍යාලය

මාතර

————————–

සාගරය අප හට දුන් ජීවය

පෘථීවියේ පෘෂ්ඨයෙන් 70%කට වැඩි ප්‍රමාණයක් සාගරයෙන් ආවරණය වී තිබේ. පෘථීවි ජෛව විවිධත්වයට නිවහන සාගරය බැව් අප හට රහසක් නොවේ. සාගරය මිනිසා ඇතුළු සෑම ජීවියෙක් සඳහාම ඔවුන්ගේ පෝෂණයට දායකත්වයක් සපයයි. පෘථීවියේ ඔක්සිජන්වලින් සියයට පනහක් නිපදවන්නේ ද සාගරය මඟිනි. ලොව පුරා බිලියන තුනක ජනගහනයකට ප්‍රෝටීන් සපයන ප්‍රධාන ප්‍රභවය ද මෙය වෙයි. ලෝකයේ ජනගහනයෙන් බොහෝ දෙනෙක් යැපෙන්නේ සාගරය ආශි‍්‍රත ධීවර, සංචාරක හා වෙනත් කර්මාන්ත සිය ජීවනෝපායන් කර ගනිමිනි. මිනිසුන්ගේ අහිතකර බලපෑම් නිසා සාගරයට සිදුව ඇති හානිය සුළු පටු නොවේ. සාගරයේ මත්ස්‍ය ගහනයෙන් 90%ක් ද කොරල්පර ද මේ වන විට 50%ක් පමණ විනාශ වී ඇත. සාගරය රැක ගැනීම මිනිසාගේ යුතුකමක් සේම වගකීමකි.

සාගරය රැක ගැනීමට අපට කළ හැකි දෑ බොහෝ වේ. අපගේ කාබන් පියසටහන හා බලශක්ති පරිභෝජනය අඩු කිරීම, ආරක්ෂිත හා තිරසාර මුහුදු ආහාර තෝරා රැකගැනීමට උදව් කිරීම, සාගර පරිසරය විනාශ කිරීමට දායක කිරීමේදී සාගර හිතැති දේ භාවිත කිරීම, සාගර පරිසරය ආරක්ෂා කරන ආයතනවලට අපගේ සහයෝගය ලබා දීම, සාගරය ආරක්ෂා කිරීම සඳහා ප්‍රජාවට බලපෑම් කිරීම, සාගර ගමන් හෝ ජලක්‍රීඩාවලින් සාගරයට බලපෑමක් වේ දැයි සැලකිලිමත්වීම, සාගර ජීවීන් රඳවා ප්‍රදර්ශනය කරන ස්ථාන දිරිමත් කිරීමෙන් වැළකීම ආදීි බොහෝ දෑ මිනිසුන් වන අපගෙන් සාගරය රැක ගැනීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වේ. සාගරය රැක ගැනීමට 4 R සංකල්පය ද ක්‍රියාත්මක කළ හැකිවේ. එනම් සම්පත් භාවිතය අඩු කිරීම (Reuse) 4. අනවශ්‍ය දේ භාවිත කිරීම වෙනුවට ප්‍රතික්ෂේප කිරීම (Refuse) ආදි පුරුදු පුරුදු විය යුතුය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ අනතුර සිදුවී දැනට අවුරුදු 3ක් ගෙවී ගොස් තිබේ. එය මෙතෙක් සාගරයට සිදුවූ විශාලම හා දරුණුම විනාශය සිදුවූ අනතුර වේ. නෞකාවෙන් නිදහස් වූ රසායනික ද්‍රව්‍ය ප්ලාස්ටික් කැබලි ආදී ද්‍රව්‍ය නිසා සාගර කැස්බෑවන් ඇතුළු මුහුදු ක්ෂීරපායින්, මත්ස්‍යයින් ඇතුළු විශාල ජීවීන් පිරිසක් මිය ගිය හ.

පැසිපික්, අත්ලාන්තික්, ඉන්දියන්, දකුණු ඇන්ටාක්ටික් සහ ආක්ටික් යනුවෙන් ලොව ප්‍රධාන සාගර පහකි. මේ සාගර අතරින් ප්‍රධාන තැනක් ඉන්දියන් සාගරයට හිමිවේ. ශ්‍රී ලංකාව එම සාගරයේ පිහිටි දිවයිනක් වේ.

අප රටට වඩා අට ගුණයක් විශාල සාගර කලාපයක් අප රට සතු වේ. එම නිසා සාගර පරිසර පද්ධතිවල තිරසාර පැවැත්ම අප රටේ ස්වාභාවික පරිසරයේත්, ආර්ථිකයේත් පැවැත්මට ඍජුවම බලපායි. සාගර සඳහා මිනිසාගේ අවධානය යොමු කිරීම සඳහා ජූනි මස 8 වැනි දිනය ලෝක සාගර දිනය ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නම්කර තිබේ. සාගරය පුනර්ජීවනය කිරීම ලොකු කුඩා අප සැමගේ යුතුකමක් සහ වගකීමක් බව සිත්හි තබා ගත යුතු වේ. එබැවින් සාගර දූෂණය කරන ක්‍රියාකාරකම්වලින් වැළකී සාගරය රැක ගැනීමට අත්වැල් බැඳ ගැනීම අප සැමගේ වගකීමකි.

නතාරි යසායුරි පනාගොඩ

9 වසර

බප/පිළි / ධර්මසේන ආටිගල බාලිකා විද්‍යාලය

කැස්බෑව

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department