Home » Blog » රාජාවලියේ රජවරු

රාජාවලියේ රජවරු

by lakehouse
0 comments

ආදරණීය දුවේ පුතේ,

ශ්‍රී ලංකාව පාලනය කළ රජවරු පිළිබඳ කතා මේ දක්වාම අපි ඔබ වෙත ගෙන ආවෙමු. පසුගිය සතියේ අපි සද්ධාතිස්ස රජතුමා ගැන කතා කළෙමු ඔහුගෙන් පසු රජවරු කිහිප දෙනෙක් කෙටි කාලයක් අපේ රට පාලනය කළහ. ඔවුන් පිළිබඳ කතාව අපි අද ඔබට කියන්නෙමු.

තුල්ලත්ථන රජතුමා

සද්ධාතිස්ස රජතුමාගේ වැඩිමහල් පුත් කුමරා වූයේ තුල්ලත්ථන කුමරා ය. ඔහු වර්ෂයක පමණ කාලයක් රාජ්‍ය කළ අතර, ඔහු තල්නා යනුවෙන් ද හැඳීන් වේ. මේ කාලයේදී අවුල් සහගත රාජ්‍ය පාලනයක් තිබිණි. රටේ ජනතාව බොහෝ කලකිරීමකින් ජීවත් වූ බව ද වාර්තා වේ. මොහුගෙන් පසු සද්ධාතිස්ස රජුගේ දෙවැනි පුත්කුමරා රජ වූයේ ය.

ලජ්ජිතිස්ස රජතුමා

මොහු ලැමිණිතිස් යනුවෙන් ද හැඳීන් වේ. ලජ්ජිතිස්ස රජු විසින් බක්කි ඇළ අසල පිහිටි ගිරිකුම්භිල නම් විහාරය සාදන ලදි. මෙයින් පසු රජ වූයේ ඛල්ලාටනාග රජතුමා ය.

ඛල්ලාටනාග රජතුමා

ඛල්ලාටනාග කුමරු වසර 6ක් ඛල්ලාට නාග යනුවෙන් රජ කළේ ය. සද්ධාතිස්ස රජුගේ තෙවැනි පුත්‍රයා වූයේ ඔහු ය. මේ කාලය දුර්වල රාජ්‍ය පාලනයක් විය. මේ කාලයේදී කිසිදු ජනතා මෙහෙයක් සිදු වූයේ නැත. මොහුගේ රජ කාලයේදී මොහුව නෙරපා දැමූ මහා රත්තක නම් සෙනෙවියා රජ වූයේ ය.

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department