Home » Blog » පරිස්සමින් දුවේ පුතේ ගංවතුරත් ඇවිත් ගියා

පරිස්සමින් දුවේ පුතේ ගංවතුරත් ඇවිත් ගියා

by lakehouse
0 comment

ගංවතුර ස්වාභාවික විපතකි. ගං වතුර උපද්‍රවයක් සෙමින් හෝ වේගයෙන් හට ගැනීමක් සිදු විය හැකි අතර , එය දින ගණනක් හෝ සති ගණනක් වුවද පැවතිය හැකි ය. ගංවතුර නිසා හානි බොහෝ ලෙස ඇති වේ. අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා, ඇළ දොළ ගලා යෑමෙන් ගංවතුර හට ගනියි. පුංචි දූලා පුතාලා මෑත කාලයේ ගංවතුර උවදුරු බොහෝ ලෙස දකින්නට ඇති. ඉතින් අද අපි කතා කරන්නේ ගංවතුර පිළිබඳයි.

ගංවතුර කියන්නේ කුමක්ද?

විශාල ජල කඳක් පිටාර ගලා ගොස් එය බිම් පෙදෙසක් ජලයෙන් ගිල්වා ගැනීම ගංවතුර ලෙස හඳුන්වයි. ප්‍රධාන වශයෙන් ගංවතුර ඇතිවන ආකාර දෙකකි. එනම්

* ක්ෂණික ගංවතුර

ක්ෂණික ගංවතුර යනු අකුණු කුණාටු ආශ්‍රිත වර්ෂාපතනය ඇසුරින් නිර්මාණය වන ගං වතුර වේ. සාපේක්ෂකව කෙටි කාලයකදී තීව්‍ර වර්ෂාපතනය හේතුවෙන් ක්ෂණික ගං වතුර තත්ත්ව ඇති වේ. මෙවැනි තත්ත්වයන් ඉතා කුඩා ප්‍රදේශයකට පමණක් බලපෑම දැකිය හැකි ය.

* ප්‍රාදේශීය ගංවතුර

ගංගා ද්‍රෝණියක පිටාර ගැලීම නිසා විශාල ප්‍රදේශයක් යට කරමින් ඇති වන ජල ගැලීමේ තත්ත්වය ප්‍රාදේශීය ගංවතුර ලෙස හඳුන්වයි.

ප්‍රාදේශීය ජල ගැලීම් හේතුවෙන් විශාල මිනිස් ජීවිත සංඛ්‍යාවක් දේපළ විනාශ වීමක් වාර්ෂිකව සිදු වේ. එමෙන්ම ප්‍රවාහන හා සන්නිවේදන සේවාවන්ට අලාභ හානි සහ අවහිරතා ඇති වීමෙන් සිදු වන ආර්ථික අලාභය ද විශාල ය.

ගංවතුර තත්ත්වය හා ඊට බලපාන හේතු

* සෙමින් වර්ධනය වන ගංවතුර තර්ජනය

පවතින වැසි වැඩියෙන් ඇද හැලීම හෝ හිම කැට බවට පත්වීම් වේගවත් වීම, ගංගාවල ජල ප්‍රමාණය වැඩි කිරීම සඳහා බලපානු ලබයි. ඊට අදාළ හේතූ වන්නේ විශාල මෝසම් වැසි, චණ්ඩ මාරුත සහ නිවර්තන දේශගුණයන්ගේ වායු පීඩනය, විදේශීය සුළං සහ අයිස් කැටි සඳහා බලපාන උණුසුම් වැසි ආදියයි.

* මෝය

සාමාන්‍යයෙන් කුණාටු සුළං නිසා ඇති වන මුහුදු වඩදිය බාදිය දිය රැලිවල එකතුව මීට බලපානු ලබයි. නිවර්තන සුළි කුණාටු හෝ අතිරේක නිවර්තන සුළං කුණාටු මඟින් ඇතිවන කුණාටු දිය වැල් මේ ගණයට අයත් වේ.

* වෙරළ ආශ්‍රිතව ඇතිවන කුණාටු

විශාල මුහුදු කුණාටු හෝ අනෙකුත් උපද්‍රවයන් මීට හේතු වේ. නිවර්තන සුළං කුණාටු හෝ අතිරේක නිවර්තන සුළි කුණාටුවලින් ඇතිවන කුණාටු දිය වැල් මෙයට අයත් වේ.

* වෙනත් අක්‍රමවත් ඉදිකිරීම්

ගලා බැසිය නොහැකි මතු පිටක ජලය එකතු වීම හේතුවෙන් හා වේගයෙන් විසුරුවා හැරිය නොහැකි විටදී ගංවතුර ඇති විය හැකි ය.

ගංවතුර බලපෑම් ප්‍රාථමික බලපෑම්

* භෞතික හානි –

පාලම්, මෝටර් රථ, ගොඩනැඟිලි, කාණු පද්ධති, මහාමාර්ග හා උමං ආදී ඕනෑම ගොඩනැඟීමක් මත ඇති වන හානියකි.

* හදිසි අනතුරු –

ජලයේ ගිලීම හේතුවෙන් මිනිසුන් හා අනෙකුත් ජීවීන් මියයෑම් , වසංගත හා ජලයෙන් ඇතිවන රෝග පැතිරීමට මෙය බලපානු ලබයි.

* විවිධ රෝග පැතිරීම-

අපවිත්‍ර වූ ජලය නිසා විවිධ රෝග පැතිරීමට ඇති ඉඩකඩ වැඩි ය.

ද්විතීයික බලපෑම්

* ජල සැපයුම්

ජල දූෂණය, බීමට ගන්නා පිරිසුදු ජලය හිඟ වීම.

* රෝග

සනීපාරක්ෂක තත්ත්වයන්, ජලයෙන් බෝවන රෝගවල ව්‍යාප්තිය.

* භෝග හා ආහාර සැපයුම්

අස්වැන්න නැති වීම හේතු කොට ගෙන ආහාර භෝගවල ඇතිවන හිඟ ය. ගංගා අද්දර පිහිටි පහත් බිම්, ගංවතුර නිසා එකතු වන වැලි හා රොන් මඩ තැන්පතුවලින් පෝෂණය වේ.

* වගා හානිය

ගංවතුරට ඔරොත්තු නොදෙන බෝග විශේෂ මිය යයි.

තෘතීයික දිගු කාලීන බලපෑම්

* ආර්ථීක

ආර්ථීක තර්ජනයන්, සංචාරක කර්මාන්තයන්හි තාවකාලික බිඳවැටීම්, පිරිවැය නැවත ගොඩනැංවීම්, ආහාර හිඟ වීම මඟින් ඇතිවන මිළ ඉහළ යෑම් හේතු වේ.

ගංවතුර තත්ත්වය පාලනය

ලෝකයේ ඇති බොහෝ රටවල්, ගං වතුර අවදානම ඇති කරන ගංගා ඉතා හොඳීන් කළමනාකරණය කරනු ලැබේ. ගං ඉවුරු කඩා වැටීම් වැළැක්වීම සඳහා ඉවුරු බැ¼දීම්, ජලාශ ජල ටැංකි හා අමුණු තැනීම් වැනි ආරක්ෂක ක්‍රම යොදා ගනියි. මෙම ආරක්ෂාවන් බිඳ වැටුණොත්, ඒ සඳහා භාවිත කිරීමට වැලි බෑග් සහ සුළං පිරවූ අත් නළයන් භාවිත කරනු ලැබේ. වරායන් ආශ්‍රිත ගංවතුර සඳහා යුරෝපා සහ අමෙරිකානු රටවල් මුහුදු බිත්ති, වෙරළ පෝෂකයන් හා බාධක දූපත් වැනි වෙරළ ආරක්ෂාවන් යොදනු ලැබේ.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department