බාලදක්ෂ පාඩම් මාලාව – 56
භෞතික දේවල් :
පුරෝගාමී ව්‍යාපෘතියක් සඳහා ව්‍යුහයක් තැනීමේදී ලණු,කඹ හා ලී දඬු එයට උපයෝගි කරමින් තනනු ලබයි .මෙහිදී ලණු, ලී දඬු හා කඹ කෙතරම් ශක්තිමත් වුවද එම ව්‍යුහය තැනීමට යොදා ගන්නා ගැට මත එහි සාර්ථකත්වය රැ¼දී පවතී.
අප කෙතරම් දුරට ගැට පිළිබඳ දැන සිටියත් අදාළ ස්ථානයට හෝ අවශ්‍යතාව අනුව යොදන ගැට හෝ බැමි පිළිබඳව අවබෝධයක් නොමැති වුවහොත් ඔබගේ පුරෝගාමී ව්‍යාපෘති අසාර්ථක විය හැකි ය. එසේම ගැට හා බැමි ශක්තිමත් ලෙස නොයෙදුවහොත් එය ද එම ව්‍යාපෘතියේ අසාර්ථක භාවයට හේතු විය හැකි ය. එබැවින් පුරෝගාමී ව්‍යාපෘතියක් හෙවත් පුරෝගාමී ව්‍යුහයක් තැනීමේදී මූලිකව ගැට හා බැමි පිළිබඳ මනා අවබෝධයක් තිබිය යුතු ය .
අප පුරෝගාමී ව්‍යාපෘතියක ව්‍යුහයක් තැනීමේදී එය භාවිත කරන්නේ කුමක් සඳහා ද යන්න ද අවබෝධ කරගත යුතු ය. උදාහරණයක් ලෙස වඳුරු පාලමක් තැනීමේදී එහි බලය රඳා පවතින්නේ කඹ හා කඹ ගැටගසන ගස් දෙක මත ය. ඔබට සවිමත් ගස් නොමැති ස්ථානයක් වුවහොත් ඒ සඳහා විකල්පයක් තෝරා ගත යුතුයි .එහිදී ලී දඬු පාදමක් ඔබට අවශ්‍ය විය හැකි ය . එම පාදම මතින් පාලමේ බලය රඳවන කඹ ස්ථානගත කිරීමේදී හා පාදම ශක්තිමත් ලෙස රඳවා තබා ගැනීමට හැන්ඩිබිලි යෙදවුමක් හා රැඳවුමක් හෝ කිහිපයක් යෙදිය යුතුයි .
හැන්ඩිබිලියක් මඟින් කඹ ශක්තිමත් ලෙස ඇද ගැනීමට හැකි වන අතර, එය කප්පි හෙවත් බොලොක්ක සහිත මෙවලම් ක්‍රියාවලියකි.
එසේම ඒ සඳහා යොදා ගන්නා රැඳවුම්, ලී කූඤ්ඤ වලින් සමන්විත ය. දැන් ඔබ පුරෝගාමී ව්‍යාපෘතියක් සඳහා ලණු, ලී දඬු, කඹ හා යොදන ගැට පමණක් නොවන බව දන්නවා ඇති. ඒ සඳහා තවත් දෑ තිබිය යුතු බවත් ඒවා සාමූහිකව ක්‍රියාත්මක වන පද්ධතියක් බවත් ඔබට අවබෝධයක් ඇත.
පිරිස් කළමනාකරණය :
පුරෝගාමී ව්‍යාපෘතියක සාර්ථකත්වය රැ¼දී ඇත්තේ එහි භෞතික දේවල් මත හා එහි ක්‍රියාකාරී පිරිසකගේ දක්ෂතාව මත ය. කාණ්ඩ ව්‍යාපෘතියක් සෑදීමේදී එහි සාමාජිකයන් නායකයකු විසින් මෙහෙයවීම ඉතා වැදගත් ය. ඔහු කාණ්ඩ නායකයා හෝ වෙනත් අයකු විය හැකි ය. කවරකු හෝ නායකත්වය දරන්නේ ද ඔහුට සිය ව්‍යාපෘතිය පිළිබඳ මූලික අවබෝධය තිබිය යුතු ය. ඔහු විසින් සෙසු පිරිස මෙහෙයවා සිය ව්‍යාපෘතිය නිම කිරීමේදී කාල කළමනාකරණ ගැන ද සිතිය යුතු ය. එබඳු සාමූහික පිරිසකගේ මෙහෙයවීමෙන් හා භෞතික දේවල් උපයෝගි කර ගැනීමෙන් නිමා කරන සාර්ථක පුරෝගාමී ව්‍යාපෘතියක් සැබැවින් සතුටට හේතුවකි.
මීළඟ කොටසින්
හැන්ඩිබිලි යනු කුමක්ද හා රැඳවුම් වර්ග ගැන
ධර්මලාල් ගුණවර්ධන
බාලදක්ෂ ආචාර්ය
නාලන්දා විද්‍යාලය,
කොළඹ.
—————————-
ගංවතුරෙන් පීඩාවට පත් වූ මාතර බාලදක්ෂයන්ට ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්වරයාගේ මැදිහත් වීමෙන් සහන
මාතර දිස්ත්‍රික්කයට ඇඳහැළුණු ගංවතුරෙන් පීඩාවට පත් බාලදක්ෂ දරුවන් 118 දෙනකුහට අවශ්‍ය පොත් පත් ලබා ගැනීම සඳහා අවශ්‍ය වව්චර් පත් ලබාදීම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ මැදිහත් වීමෙන් සිදුකෙරිණි.
එලෙස ලබාදුන් වව්චර්පත් බාලදක්ෂයන්ට බෙදාදීම මාතර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, මූලස්ථාන පොලිස් පරික්ෂක රොෂාන් චමින්ද හෙට්ටිආරච්ච් මහතාගේ ප්‍රධානත්වයෙන් මාතර දිසා බාලදක්ෂ මූලස්ථානයේ දී පසුගියදා බෙදා දෙනු ලැබිණි.
මෙම අවස්ථාවට සහාය මූලස්ථාන කොමසාරිස් ( මාධ්‍ය ) නුවන් කොඩිකාර මහතා, දිසා කොමසාරිස් පී.එච්.එස්. මංගල, විධායක කමිටු සභාපති අමිත් කරුණාරත්න, සහාය දිසා කොමසාරිස්වරුන් වන මනෝජ් සංජය, ප්‍රදීප් චානුක, චන්ද්‍රිකා ගුණවර්ධන, නුවන් ලියනගම මහත්වරුන්, කලාප කොමසාරිස්වරුන් සහ බාලදක්ෂ ආචාර්ය මහත්ම මහත්මීහු සහභාගි වී සිටියහ.

සොබාදහමේ ගවේෂණ චාරිකාව
බාලදක්ෂ ප්‍රදානයට නියමිත එළිමහන් ක්‍රියාකාරකමක් ලෙස සිරිමාපුර මහා විද්‍යාලයේ බාලදක්ෂයන් 20 දෙනෙක් සහ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ බාලදක්ෂයන් 44 දෙනකුගේ සහභාගිත්වයෙන් සොබාදහමේ ගවේෂණ චාරිකාවක් සංවිධානය කර තිබිණි. කලාඔය නිම්නයේ රක්ෂිත වන පියසක මෙම චාරිකාව සිදු කෙරිණි. ස්වාභාවික ගල්තලා මතින්, වන ලැහැබ ඇතුළින් තුරුලතාවන්ගේ මෙන්ම කලාඔයේ දිය සිසිල විඳ ගනිමින් පා ගමනින් ගිය මේ ගමන ඉතා සුන්දර මතක සටහන් එක්කළ අපූරු අත්දැකීමක් විය.