Home » Blog » පාසල් පුවත්

පාසල් පුවත්

by lakehouse
0 comments

‘පාර කියන අත්තම්මා’ 86 වැනි උපන් දිනය සමරයි

කෑගල්ල හෙට්ටිමුල්ල මාර්ගයේ හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විදුහල අසල මාර්ගයේ වසර 42කට වැඩි කාලයක් ස්වේච්ඡාවෙන් ළමයින් පදික මාරුවෙන් එහා මෙහා කළ ලිලී වයලට් මහත්මියගේ 86 වැනි උපන් දිනය නිමිත්තෙන් හෙට්ටිමුල්ල බණ්ඩාරනායක කනිෂ්ඨ විදුහලේ උත්සවයක් එම විදුහලේ විදුහල්පතිවරිය හා ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබිණි. මෙම අවස්ථාවට වර්තමාන විදුහල්පතිවරිය, එම පාසලේ හිටපු විදුහල්පතිවරු හා ආදි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ සහභාගි වී සිටියහ. ‘පාර කියන අත්තම්මා‘ නමින් පහ ශ්‍රේණිය සිංහල පොතට ද ඇය එක්ව තිබෙයි.

බුලත්කොහුපිටිය සමූහ- ඩබ්ලිව්. රෝහණ


පෙර පාසල් දරුවන්ගේ ආගමික සංහිඳියාව ඇතිකරලීමේ වැඩසටහනක්

පෙර පාසල් දරුවන්ගේ ආගමික සංහිඳීයාව ඇතිකරලීමේ වැඩසටහනක් පසුගිය දා බිබිල කණුල්වෙල පුරාවිද්‍යා කලාප කාර්යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

විවිධ ක්‍රියාකාරකම්වලින් සමන්විත වූ මෙම ප්‍රායෝගික වැඩමුළුවට කණුල්වෙල මුස්ලිම්, ඉකිරියන්පොළ සිංහල, බිබිලවත්ත දෙමළ පෙර පාසල්වල දරුදැරියෝ සහභාගි වූහ.

බෞද්ධ, හින්දු සහ ඉස්ලාම් දරුවන්ගේ ආගමික සංහිඳීයාව ඇතිකිරීම, සාමූහිකව වැඩ කිරීම, අවට පරිසරය හඳුනාගැනීම සහ රාජ්‍ය නිලධාරීන් හඳුන්වාදීම මෙහිදී සිදුකෙරිණි.

මෙම වැඩසටහනට කොටසර පියංගල රජමහ විහාරය, බිබිල කතෝලික පල්ලිය, කණුල්වෙල ජුම්මා මුස්ලිම් පල්ලිය නියෝජනය කරමින් ආගමික නායකයන් සහ බිබිල ප්‍රාදේශීය ලේකම් කපිල බණ්ඩාර මහතා ඇතුළු රාජ්‍ය නිලධාරීහු රැසක් සහභාගි වූහ.

ඌව වෙල්ලස්ස විශේෂ- ඩී.එස්. ගුණතිලක


“සවිමත්” ළමා සමාජයේ බක් මහ උලෙළ

හෝමාගම දියගම නැගෙනහිර, “සවිමත්” ළමා සමාජයේ බක් මහ උලෙළ, දියගම කනිෂ්ඨ විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. ‍හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල්. ඩී. තේනුවර, ගණකාධිකාරී පී.ආර්. කුරුප්පුආරච්චිගේ, ළමා හිමිකම් ප්‍රවර්ධන නිලධාරීනි ප්‍රතාපගේ යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් උත්සවය පැවැත්විණි. දියගම නැගෙනහිර ග්‍රාම නිලධාරිනී ආර්.එම්.ඩී. ජී.කේ. රාජසිංහ මහත්මිය විසින් උත්සවය සංවිධානයකර තිබිණි.

එම අවස්ථාවට හෝමාගම සහකාර ප්‍රාදේශීය ලේකම් චමල්. ඩී. තේනුවර මහතා ද, දියගම නැඟෙනහිර සහ බටහිර, කිරිවත්තුඩුව උතුර, දීපංගොඩ, කිතුලවිල යන ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරිහු ද, රාජ්‍ය නිලධාරිහු ද සහභාගි වූහ.

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department