ගොංගාලේගොඩ බණ්ඩා
ගොංගාලේගොඩ බණ්ඩා 1809 වර්ෂයේ මාර්තු මස 13 වැනි දින උපත ලැබීය. ඔහු ගොංගාලේගොඩ බණ්ඩා හෙවත් වන්සපූර්ණ දේවගේ ඩේවිඩ් යන නාමයෙන් ද හඳුන්වන ලදි. ඔහු විසින් 1848 වර්ෂයේදී මාතලේ කැරැල්ලට නායකත්වය දෙන ලදි. ඔහු සිංහලේ සිහසුන වෙනුවෙන් ශ්‍රී වික්‍රම සර්වසිද්ධි නමින් රජ වුවත් මෙම රජ තනතුර නිල රජ තනතුරක් ලෙස පිළිගැනීමක් සිදු නොවුණි. මෙලෙස ශ්‍රී ලංකාවේ නිදහස වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ ගොංගාලේගොඩ බණ්ඩා වයස අවුරුදු 40 සපිරූ පසු වර්ෂ 1849 දෙසැම්බර් මස පළමු වැනි දින මලක්කාවේදී අභාවප්‍රාප්ත විය.
වීර පුරන් අප්පු
වීර හැන්නදිගේ ෆ්රැන්සිස්කු ප්‍රනාන්දු නම් බිලිඳා උපත ලැබුවේ ක්‍රි. ව. 1812 නොවැම්බර් මස 07 වැනිදා ය. ඔහු අධ්‍යාපනය ලැබුවේ වෙස්ලියන් පාඨශාලාවෙනි. මුඩුබිම් පනත, තුවක්කු බද්ද, ඔරු බද්ද, බලු බද්ද, පාරු බද්ද වැනි විවිධ ක්‍රියා දියත් කළ අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අධිරාජ්‍ය විරෝධී සටනේ නායකත්වය ගැනීම ද මොහු විසින් සිදු කරන ලදි. මොහු විසින් 1848 නිදහස් සටනේදී ද සේනා මෙහෙයවන ලදි. පසුව ඔහු 1848 වර්ෂයේ අගෝස්තු 8 වැනි දින බෝගම්බර සිර ගෙදරදී මරණයට පත් විය.
වාරියපොළ ශ්‍රී සුමංගල හිමි
සුමංගල හිමියන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොළ ග්‍රාමයේ බමුණුකොටුවේ රාලහාමිගේ කිරිහාමි ලෙස උපත ලැබී ය. උන්වහන්සේ අස්ගිරි සංඝ සභාවේ අනු නායක ධුරය ද හෙබවීය. උන්වහන්සේ වඩාත් ප්‍රසිද්ධ වූයේ වර්ෂ 1815 දී උඩරට ගිවිසුම අත්සන් කරන අවස්ථාවේ සිංහලේ පාලනය නිල වශයෙන් බ්‍රිතාන්‍යයන්ට භාර දීමට ප්‍රථම ඉහළ නැංවූ බ්‍රිතාන්‍ය කොඩිය බිම දමා නැවත සිංහලේ කොඩිය ඔසවා තැබීමේ සිදුවීම නිසා ය. පසුව උන්වහන්සේ 1818 නිදහස් සටනේදී දන්ත ධාතුන් වහන්සේ දළදා මාළිගාවෙන් ඉවත්කර, නිදහස් අරගලයේ නායකයන් වෙත භාර දුන්හ. නිදහස ලත් දා සිට යාපන පටුනේ පිඬුසිඟා යැපෙමින් සිට උන්වහන්සේ එහිදීම අපවත් වූහ.
මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමි
උන්වහන්සේ 1823 වර්ෂයේ පෙබරවාරි මස 9 වැනි දින බළපිටිය මොහොට්ටිවත්ත ප්‍රදේශයේදී උපත ලැබී ය. 1874 වර්ෂයේදී උපසම්පදාව ලැබූ උන්වහන්සේ සතුව සිංහල, පාලි, සංස්කෘත හා ඉංග්‍රීසි යන භාෂා පිළිබඳ හසළ දැනුමක් විය. ඉන්පසුව බුදුදහම හා කිතු දහම අතර ඇති වූ පංචමහා වාද අතුරින් පාණදුරාවාදය සඳහා උන්වහන්සේ විසින් මූලිකත්වය ගෙන කටයුතුකර ඇත. එම නිසාම උන් වහන්සේ වාදීභසිංහ යන නාමයෙන් ද හැඳීන්විය. මෙලෙස ශ්‍රී ලාංකික නිදහස වෙනුවෙන් ඉමහත් සේවයක් ඉටු කළ උන්වහන්සේ 1890 වර්ෂයේ සැප්තැම්බර් මස 21 වැනි දින මෙලොවින් සමුගත්හ.
කොහුකුඹුරේ රටේ රාල
මෙතුමා බදුල්ලේ කොහුකුඹුර ප්‍රදේශයේදී උපත ලබා ඇත. ඔහුගේ නම වනුයේ පුංචි රාල බව ද සඳහන් වේ. මෙතුමා විසින් ඌව කැරැල්ල සඳහා ප්රමුඛත්වයක් ගෙන කටයුතුකර ඇත. මොහු විසින් ඉංග්‍රීසි කඳවුරු සඳහා මාරාන්තික ප්‍රහාර එල්ල කරන ලදි. ඉංග්‍රීසි පාලනයට පක්ෂපාතීව කටයුතු කළ කන්ද කැපූ උල්පත ගම්මැහැගෙරාල නම් පුද්ගලයා හදිසියේ මරණයට පත් වූ නිසා කොහුකුඹුරේ රාල එයට සැක පිට අත්අඩංගුවට පත් විය.
අනගාරික ධර්මපාලතුමා
මෙතුමා 1864 වර්ෂයේ සැප්තැම්බර් මස 17 වැනි දින මෙලොව උපත ලැබීය. අනගාරික ධර්මපාලතුමාගේ ගිහි නාමය වූයේ දොන් ඩේවිඩ් හේවාවිතාරණ ය. මෙතුමා ශ්‍රී ලාංකේය නිදහස් ව්‍යාපාරය සඳහාත් බුද්ධාගමේ පුනර්ජීවනය සඳහාත් විශාල සේවයක් ඉටු කළේ ය. ඉන්දියාවේ බුද්ධගයාව ආරක්ෂාකර ගැනීමට ද මෙතුමා විසින් විශාල සේවයක් ඉටු කරන ලදි. මෙලෙස විශාල සේවයක් ඉටු කළ මෙතුමා සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදි දිවියට පත් වී 1933 වර්ෂයේ අප්‍රේල් 29 වැනි දින මිය පරලොව ගියේ ය.
මොණරවිල කැප්පෙටිපොළ
මොණරවිල කැප්පෙටිපොළ උඩුගොඩ ප්‍රදේශයේදී මෙලොව උපත ලබා ඇත. වීර මද්දුම බණ්ඩාරගේ මව වූ ඇහැළේපොළ කුමාරිහාමි මොහුගේ සහෝදරිය විය. මොහු බ්‍රිතාන්‍ය පාලන සමයේදී මාතලේ ප්‍රදේශයේ මහ දිසාව ලෙස ඉංග්‍රීසින් විසින් පත් කරන ලදි. ඌව-වෙල්ලස්ස ජනතාව ගෙන ගිය අරගලය මොහු විසින් දීප ව්‍යාප්තව ගෙන යන ලදි. වර්ෂ 1818 නොවැම්බර් මස 25 වැනි දින මෙතුමා මෙලොවින් සමුගත්තේ ය..
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
සිකිම් මහින්ද හිමි යන නමින් ද හැඳීන් වූ මහින්ද හිමි ටිබෙටයේ දී උපත ලබා ඇත. උන්වහන්සේ කවියකු, ගත්කතුවරයකු ලෙස මෙරට ජාතික ව්‍යාපාරයට සහය ලබා දී ඇත. උන්වහන්සේ විසින් නිදහසේ දැහැන, නිදහසේ මන්ත්‍රය හා ජාතික තොටිල්ල වැනි විවිධ කෘති රචනාකර ඇත. මෙවැනි පොත් රචනා කිරීමේ අරමුණ වූයේ මෙරට ජනතාව තුළ නිදහස පිළිබඳ හැඟීම් ජනිත කරලීම හා ඔවුන් ඒ සඳහා පෙලඹවීමයි. මෙලෙස විශාල සේවයක් ඉටු කළ එස්. මහින්ද හිමි 1951 වර්ෂයේ මාර්තු මස 16 වැනි දින මෙලොව හැර ගියහ.
.
ඩී. බී. ජයතිලක මහතා
ඩී. බී. ජයතිලක මහතාගේ සම්පූර්ණ නම වනුයේ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක ය. මෙතුමා කැලණිය වරාගොඩ ප්‍රදේශයේදී උපත ලබා ඇත. මෙතුමා 1868 වර්ෂයේ පෙබරවාරි මස 13 වැනි දින මෙලොව උපත ලබා ඇත. ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාදායක සභාවේ උප සභාපති, ස්වදේශ කටයුතු අමාත්‍ය හා ලංකා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක ලෙස ද කටයුතුකර ඇත. මෙලෙස විශාල සේවයක් ඉටුකළ මෙතුමා වර්ෂ 1944 මැයි මස 29 වැනි දින ඉන්දියාවේ බැංගලෝර් ප්‍රදේශයේදී මෙලොව හැර ගියේ ය.
.
බූටෑවේ රටේ රාල
බූටෑවේ රටේරාල වෙල්ලස්සේ බූටෑව ප්‍රදේශයේ උපත ලබා ඇත. මෙතුමා වෙල්ලස්ස, බින්තැන්න යන දෙදිසාවේම රටේරාල විය. 1818 සටනට සහයෝගය ලබා දීම හා ඒ සඳහා සේනා සංවිධානය කිරීම හා ආයුධ සැපයීම ද එතුමාගේ ප්‍රධාන සේවා අතර විය. බූටෑවේ රටේරාලගේ නාමය ඇසූ සැණින් ඌවේ සිංහලයන් යුද පෙරමුණට ආ බව සඳහන් වේ. මෙලෙස විශාල සේවයක් ඉටුකළ මෙතුමාට 1818 වර්ෂයේ වප් මස තුන්වැනිදා මහනුවර බැක්ඩොවල් බළකොටුවට පහර දීම නිසා මරණ දඬුවම නියම විය.
ශ්වේතා ගිමානි
කහවත්ත මහා විද්‍යාලය