Home » Blog » බාලදක්ෂ පාඩම් මාලාව – 93

බාලදක්ෂ පාඩම් මාලාව – 93

by thanushika
0 comments

වමතින් අතට අත දීම බාලදක්ෂ ව්‍යාපාරයෙන් බිහිවූ දෙයක් ද ?

බාලදක්ෂයන් වමතින් අතට අත දීම සිදු කරන්නේ ඇයි?

මේ පිළිබඳ C.k. Abeywardana මහතා ලියූ ලිපිය හා සබැඳෙයි.

වමතින් අතට දීම ලෝකවාසී සෑම බාලදක්ෂයන්ගේ මෙන්ම බාලදක්ෂිකාවන්ගේ ද සාම්ප්‍රදායික උරුමයකි. එහෙත් මෙය බාලදක්ෂ ව්‍යාපාරයෙන් ආරම්භ වූ දෙයක් නොවේ. බාලදක්ෂයන්ගේ වමතින් අතට අත දීම පිළිබඳ හා එහි මූලාරම්භය පිළිබඳ වෙනස් පැහැදිලි කිරීම් හතරක් ඇත. එයින් දෙකක් බේඩ්න් පවෙල් සාමිවරයා විසින් දකුණු අප්‍රිකාවේ ලද අත්දැකීම් පාදකව ආරම්භ කළේ යැයි වන අතර, එයින්

පළමුවැනි මතය

දකුණු අප්‍රිකාවේ ගෝත්‍රික සමාජ දෙකක් අතර මිත්‍රත්වය පදනම් වූවකි. ඒ පිළිබඳ බී.පී. ගේ රහස්‍ය ලේකම්වරිය වූ අයිලීන් කේ. වේඩ් මහත්මිය විසින් ලියන ලද බී. පී. චරිතාපදානයේ මෙලෙස සඳහන්කර ඇත.

දකුණු අප්‍රිකාවේ ගෝත්‍ර දෙකක් නිරතුරුව එකිනෙකා හා සටන් වැද සිටි අතර, එක් දිනක් ඔවුන්ගෙන් එක් ගෝත්‍රික නායකයකු තම සතුරු පාර්ශ්වයේ නායකයා ඉදිරියේ පෙනී සිටියේ නිරායුධව ය. එහිදී තම හදවත පිහිටි වම් පසට අත තබා තමන් සාමය පිණිස නව ආත්මයකින් පැමිණියේ යැයි ද මෙන්න ඊට සාක්ෂිය යැයි පවසමින් වමත දිගු කර තිබේ. අනෙක් නායකයා ද එයට ප්‍රතිචාරය දැක් වූ අතර, වමතින් අතට අත දීම පොදු නීතියක් සහ පොරොන්දුව ලෙසත් ඊට අනුකූලව ආදරය හා විශ්වාසයේ සළකුණ ලෙස ප්‍රකාශයට පත් විය.

දෙවැනි මතය

අශාන්තියේ කුමසි අගනුවරදී ඇතිවූ අශාන්ති වරුන්ගේ නිර්භීතකම හා රණශූරත්වය පිළිබඳව වූ දෙබසයි.මේ පිළිබඳ රොවලන් සාමිවරයා විසින් ලියන ලද බේඩ්න් පවෙල් චරිතාපදානයේ සඳහන්ව ඇති අතර, එහි මෙලෙස සඳහන්කර ඇත.

බේඩ්න් පවෙල් හෙවත් බී. පී. මෙය තමන්ගේ දකුණු අප්‍රිකානු යුද සේවයේ යෙදී සිටියදී ලද අත්දැකීමක් විය. 1873 දකුණු අප්‍රිකාවේ අශාන්ති සටන අවසානයේදී දිනක් බී.පී. අශාන්ති නායකයකු වූ ” ක්වේකු ඇන්ඩෝ ” මුණගැසුණු අතර, ඔහුට සුබ පැතීම සඳහා සිය දකුණත දිගු කළේ ය. එහෙත් අශාන්ති නායකයා සිය වමත දිගු කළේ ය. මේ හා සමාන සිදුවීමක් බී.පී. අශාන්තියේ අගනුවර වන කුමාසි නුවරට ඇතුළු වීමේදී බී.පී. ගැන දැන සිටි අශාන්ති නායකයකු බී.පී.ට සුහදත්වය පළ කරමින් වමත දිගු කළේ ය. එවිට බී.පී. සිය දකුණත දිගු කළත් අශාන්ති නායකයාගේ ප්‍රකාශය වූයේ ” මගේ රටේ නිර්භීතභාවය දක්වන්නේ වමත සෙලවීමෙනි ” යන්නයි. තමන්ගේ රණශූරත්වයේ සංකේතය හා ආරක්ෂාව පිණිස වූ හෙල්ල හා පලිහ දකුණතින් දරා සිටින හෙයින් ද දකුණත දිගු කරන්නේ නම් එය තමන්ගේ රණශූරත්වය හා ආරක්ෂාව අත්හැර දැමීමක් වන හෙයින් තමන් වමත දිගු කරන බවයි .

තුන්වැනි මතය

වර්ෂ 1901 දී අර්නස්ට් තොම්සන් සෙටන් විසින් ලියන ලද The Birch Bark Roll of Wood craft  නම් වූ පොතේ මේ පිළිබඳ ලියා ඇති කාරණය .

හතරවැනි මතය

හතරවැනි මතය වන්නේ බටහිර අප්‍රිකාවේ ප්‍රධානියකු සහ ඔහුගේ විශ්වාසවන්ත අනුගාමිකයන් අතර භාවිත කිරීම සඳහා වෙන්කර ඇති වෙනස් චාරිත්‍රයක් ලෙස ය. කෙසේ වුවත් වමතින් අතට අත දීම පිළිබඳ මූලාරම්භය කොතැනින් ආරම්භ වී දැයි සනාථ කිරීමට හෝ ඉහත මතයන් හතර අසත්‍ය යැයි බැහැර කිරීමට නොහැකි ය.

කෙසේ වෙතත් බේඩ්න් පවෙල් සාමිවරයා විසින් බාලදක්ෂ ව්‍යාපාරයට එක් කළ කිසිදු දෙයක් අර්ථයෙන් තොර නොවේ. එහෙත් බී.පී. විසින් තම ව්‍යාපාරය සඳහා එන කරුණු එනම් ලාංඡන, කාණ්ඩ ක්‍රියා , ටෝටම් හා වන ශිල්පය පිළිබඳ අදහස් අර්නස්ට් තොම්සන් සෙටන්ගේ Woodcraft Indians  පොත ආශ්‍රිතව යොදාගෙන ඇත. බොහෝ විචාරකයන් මේ පිළිබඳ දක්වන්නේ බී.පී’ වමතින් අතට අත දීම පිළිබඳව තමන්ගේ දින සටහන්වල හෝ දිනපොත්වල කිසිදු සටහනක් නොමැති බවත් එය ඔහු අර්නස්ට් තොම්සන් සෙටන් හා හමුවීමෙන් පසුව එනම් 1901න් පසුව ඉදිරිපත් කළ අදහසක් බවත් බී. පී. අර්නස්ට් තොම්සන් සෙටන්ගේ පොතේ එන කරුණු තමන්ගේ අදහස් ලෙසින් ඉදිරිපත්කර ඇති බවයි . පසු කලෙක දෙදෙනා අතර ප්‍රබල ගැටුමකට හේතුවක් වූයේ ද මෙම කාරණාව ය.

කෙසේ වෙතත් සෑම බාලදක්ෂයකුටම හා බාලදක්ෂිකාවකටම තමන්ට ආවේණිකවූත් පොදු වූත් වමතින් අතට අත දීම යටින් පවතින ආදර හේතුවක් ඇත. තම මුළු හදවතින්ම මතුවන ආදරය සෙනෙහස හා මිත්‍රත්වය එයින් නිරූපණය කරයි.

ධර්මලාල් ගුණවර්ධන

බාලදක්ෂ ආචාර්ය

නාලන්දා විද්‍යාලය

කොළඹ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department