Home » Blog » සමස්ත ලංකා නව නිපැයුම් ජයග්‍රහණ දෙකක් තඹුත්තේගම මැදි මහා විදුහලට

සමස්ත ලංකා නව නිපැයුම් ජයග්‍රහණ දෙකක් තඹුත්තේගම මැදි මහා විදුහලට

by thanushika
0 comments

පසුගියදා කොළඹ විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරන ලද සමස්ත ලංකා නව නිපැයුම් තරගාවලියේ ප්‍රථම ස්ථානය හා සමස්ත ලංකා තත්ත්ව කව නව නිපැයුම් තරගාවලිය තෙවැනි ස්ථානය ඩබ්ලිව්. එස්. ඒ. රන්දුනු බණ්ඩාර සිසුවා විසින් ජයග්‍රහණයකර තිබේ.

ඩබ්ලිව්. සී. ජී. රන්දුරු බණ්ඩාර සිසුවා විසින් කොළඹ විශ්වවිද්‍යාලය මඟින් සංවිධානය කරන ලද සමස්ත ලංකා නව නිපැයුම් තරගාවලිය තෙවැනි ස්ථානය දිනාගෙන තිබේ.

සමස්ත ලංකා මෙම ජයග්‍රහණ දෙක තඹුත්තේගම මැදි විදුහලට ලබාගෙන තිබෙන්නේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනකු වීම මෙහි ඇති විශේෂත්වයකි.

මේ ජයග්‍රහණය සඳහා තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති ඒ. ජී. ජයතුංග මහතාගේ උපදෙස් මත විද්‍යාලයීය නව නිපැයුම් අංශයේ ගුරු අසංක සේනානායක මහතාගේ නොමඳ සහයක් ලැබී තිබේ.

තලාව සමූහ – – බී.ඩබ්.ඩී. ධර්මකීර්ති

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department