උතුරුමැද පළාත් ගණිතය විෂය සමත් වීමෙ ඉහළම ප්‍රතිශතය ලබාගත් පාසැල් ඇගයීමක් පසුගියදා උතුරුමැද පළාත් සභා පරිශ්‍රයේදී උතුරුමැද ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විය. උතුරුමැද පළාත් 2023 අ.පො.ස. සාමාන්‍ය පෙළ 11 ශ්‍රේණිය ශිෂ්‍ය සංඛ්‍යාව 300ට වැඩි පාසල්වලින් ගණිතය විෂය සමත් වීමේ ඉහළම ප්‍රතිශතය තඹුත්තේගම කලාපයෙන් අ/ තඹුත්තේගම මධ්‍ය මහා විදුහල ලබාගත් බව විදුහල්පති ඒ. ජී. ජයතුංග මහතා පවසයි.
උතුරුමැද පළාත් සමත් වීමෙ ඉහළම ප්‍රතිශත ලැබූ පාසල් අතරට අ/ තඹුත්තේගම මධ්‍ය මහා විදුහල ගෙන ආ ආදරණීය ගණිත ගුරු කැල , ගරු විදුහල්පතිතුමා සහ නියෝජ්‍ය විදුහල්පතිනිය (සංවර්ධන) සමඟ උතුරුමැද පළාත් සභා පරිශ්‍රයේදී සම්මාන සහතික අතැතිව ඡායාරූපයට පෙනී සිටි අයුරු.
තලාව සමූහ – – බී.ඩබ්.ඩී. ධර්මකීර්ති