ගාල්ල දිසා බාලදක්ෂ සංගමය හා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකය එක්ව සංවිධාන කරන ලද ජීවිතාරක්ෂක පුහුණු පාඨමාලාවේ
01 වැනි කණ්ඩායමේ පුහුණුව හික්කඩුව මුහුදු තීරයේදී ආරම්භ කෙරිණි.
මෙහිදී බාලදක්ෂයන් වෙත මූලික ජීවිතාරක්ෂක ක්‍රම ශිල්ප න්‍යායන් හා ප්‍රයෝගික පුහුණුව ලබාදීම සිදු කරයි.
මෙහි සමාරම්භක අවස්ථාවට ගාලු දිසා බාලදක්ෂ කොමසාරිස් උපුල් කලන්සූරිය, වැඩසටහනේ දිස්ත්‍රික් සම්බන්ධීකාරක, දිස්ත්‍රික් මානවක බාලදක්ෂ ආචාර්ය, වෛද්‍ය රොෂානි වීරතුංග, විද්‍යාලෝක බාලදක්ෂ සමූහයේ බාලදක්ෂ ආචාර්ය ඩී. සුරේෂ් පුෂ්පකුමාර, ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ හික්කඩුව පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සී. එන්. ටී. හේවගේ යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.
නුවන් කොඩිකාර