Home » Blog » පුංචි ලේඛකයෝ

පුංචි ලේඛකයෝ

by thanushika
0 comments

පරිසරය සුරකින්නා පරිසරය විසින් සුරකින්නේ ය

පලා පැහැය හැම කල්හිම
රැඳි දිලෙන පොළොවේ
ඉවත දමන දඬුව වුව ද
දලු දා යළි පැළ වේ

යන මහගමසේකරයන් විසින් රචිත “සරු පොළොවක් අපට ඇතේ යන” කවි පන්තියේ ඇති කවිය අප කවුරුත් අසා ඇත. අප රටේ පස බොහෝ සරු බවට මෙම කවියම සාක්ෂි සපයයි. පෙරදිග ධාන්‍යාගාරය යන විරුදාවලිය ශි‍්‍ර ලංකාව දිනා ගත්තේ එතරම් ධාන්‍ය වගා කිරීමට ශ්‍රී ලංකාවේ පස සරු වූ නිසා ය. අතීතයේ මෙන්ම අදට ද බොහෝමයක් වටිනා ඒක දේශික ශාකවලට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ අතීත වගා බිම් අද වන විට විශාල වශයෙන් විනාශ වෙමින් පවතී. එහෙත් අප එය සිදු වීමට ඉඩ දිය යුතු ද? කිසිසේත්ම නොවේ.

සිංහරාජය, විල්පත්තුව වැනි වන අඩවි ද ඇති ශාක හා විශාල විවිධත්වයකින් යුතු පක්ෂීන්, උරගයන්, සිවුපාවන් ද අලංකාර කෘමින් ද අද වන විට වඳ වෙමින් පවතී. පක්ෂීන් වශයෙන් ගතහොත් රතු දෙමළිච්චා, ඇටි කුකුළා වැනි පක්ෂීන් ද මේ ඉරණමට ලක් වී තිබේ. ගංගාවන්හි මෙන් ම සාගරවල ජීවත් වන ජීවීහු ද මෙලෙස මිය යති. ඔවුන් මිය යන්නේ ජල දූෂණය නිසා හෝ ගංගා හා සාගර පතුල් විනාශ වීම නිසා ය. ප්ලාස්ටික් හා පොලිතින් සාගරයට මුදා හැරීමෙන් වසරකට ජලජ ජිවීන් මිලියන 1ක් පමණ මිය යති. ඒ අපගේ වැරැදි නිසා නොවේද?

අප දැන් සිදු කළ යුත්තේ ඒ පිළිබඳ සිතා පසුතැවීම නොව අනාගතයේ පරිසර දූෂණය වීම වැළක්වීම ය. අපි අදම අපේ වත්තේ ඉඩ තිබෙනා තැනක පැළයක් සිටුවමු. කුඹුක් ගසකට ජල උල්පතක් සුරැකිය හැකි ය. කුඹුක් ගසක් නොවුණත් ඕනෑම වටිනා ගසක් සිටුවා පරිසරයට සත්කාර කරමු. එවිට අප වැඩිහිටියකු වූ දිනක එම ගස විශාල සාරවත් ගසක් වී තිබෙනු නිසැක ය.

කවිඳු දිලීප විතානගේ

13 ශ්‍රේණිය

කෑ/ දෙහි/ තල්දූව බෞද්ධ ජාතික පාසල

———————-

මම තොටියෙක්මි

අලුයම අවදි වී ඔරුවට ගොඩ වූ විට
ගම්මුන් එන යන ගමන නතරවන තුරුම
මධ්‍යම රාත්‍රී වන තුරුම සේවය කළ යුතුයි මා
අවාසනාවට අප දෙස බලන
කෙනෙක් නොමැති තරමටම
මගේ රැකියාවට කාලයක්
සීමා වී නොමැති හෙයින්
පාලම් නැති මහා පිටිසර පළාතක
ගඟක, ඔයක් හරහා
ගමන් කරන්නා වූ
ඔරුවේ සියලු බඩු මුට්ටු පටවාගෙන
මිනිසුන් ද නංවාගෙන
ඔරුව පදින්නේ
ගලා යන වතුර හරහා
හබල් පහර ගසමින්
දිය පහර හරහා ඔරුව පදවා ගෙන
ආරක්ෂාකර ගැනීම ලෙහෙසි නොවුණත්
මගේ දෑත වීර්ය එයට කැපවෙයි
ගං ජලයට මා ගන්නා වෙහෙස
හොඳහැටි දැනේ යැයි
මට නිතර සිතෙන්නේ
මගේ වෙහෙස නිවා ගන්නට
නිතර උදව් කරන්නේ ගඟ වීමත්
ගං පතුලේ ඇති සිසිලස
මිහිමතට ගෙනැවිත්
මගේ වෙහෙස නිවා දමන්නේ
සුළං අපට පවන් සලන්නාක් මෙනි
දියෙන් එගොඩ වන අයගෙන්
ලබා ගන්නා ඉතා සුළු මුදලින්
ජිවිකාව ගෙන යන මාගේ
බලාපොරොත්තුව කෙදිනක හෝ තොටුපළට
පාලමක් ලැබෙන තුරු සේවය කරන්නට ය

කවිඳු දිලීප විතානගේ

13 ශ්‍රේණිය

කෑ/ දෙහි/ තල්දූව බෞද්ධ ජාතික පාසල

————————

මගේ රටට ආදරෙයි

අපේ රටේ ඇති
දේශීය දේ සුරකිම අභිමානයෙන්
සම්පත්වලින් පිරිපුන් මගේ රට
ආදරෙයි මගේ පුංචි රටට සැමදා

A. K. විස්මා ප්‍රමෝදි

6 ශ්‍රේණිය

හ/ශ්‍රී ලංකා සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය,

හම්බන්තොට

———————-

2025 වසර

නව වසර අරඹන්නේ
නව සිතුවිලි ඉපදෙන්නේ
සතුටු සිතක් ඇති වෙන්නේ
සිතට සිතක් එක් වෙන්නේ

දෙදහස් විසි පහ වසරයි අපි අරඹන්නේ
සතුටු සිනහ මුව’ගින් ඉතිරෙන්නේ
අමතක කරදා වෛර තරහකම්
කුඹි ගුලක එක ජනපදයක් සේ

එක්ව සිටිමු අපි යහළුවෝ විලසේ
ඔබට ජයෙන් ජයම වේවා!
සියලු දේ ලැබේවා!
දුක් දොම්නස් දුරු වේවා!
එකසිය විස්සට දෙසිය විස්සක් ආවඩා! ආයු බෝ වේවා!

අකීෆ් අහමඩ්

9 ශ්‍රේණිය

රෝයල් ජාත්‍යන්තර පාසල

කුරුණෑගල

—————————-

ගිලිහෙන හෙළ බස

අතපය හසුරුවමින් අදහස් දැක්වීමට පුරුදු වී සිටි මානවයා, බුද්ධියෙන් වර්ධනය වෙත්ම හඬ ශබ්දයන් ආභාස කොටගෙන එකිනෙකා අතර අදහස් හුවමාරු කිරීමට, භාෂාව නිර්මාණය කර ගෙන ඇත. ඒ අයුරින් භාෂා රැසක් ලොව පුරා බිහි වුවද, ලොව පැරැණිතම භාෂාව ශ්‍රී ලංකාවේ පැවති පුරාණ සිංහල භාෂාව බව දෙස් විදෙස් විද්වතුන් බොහෝමයකගේ මතයයි. ශ්‍රී ලංකාවෙන් හමුවන සෙල්ලිපි, ටැම් ලිපි, පුවරු ලිපි හා පුස්කොළ පොත් ආදිය දෙස බැලීමේදී එම මතයෙහි වරදක් නොවන බව අප සියලු දෙනාටම මනාව අවබෝධ වේ.

භාෂාවට අක්ෂර මාලාවක් අවශ්‍යම ද?

භාෂා භාවිතය පුද්ගලයාගෙන් පුද්ගලයාටත්, ප්‍රදේශයෙන් ප්‍රදේශයටත් වෙනස් ය. මුඛ පරම්පරානුගතව පැවත ආ භාෂාව ලිවීම ආරම්භ වීමත් සමඟ, අක්ෂර මාලාව බොහෝ සෙයින් අවශ්‍ය බව තේරුම් යන්නට ඇත. මක් නිසා ද යත් ලිවීමට නම් සියලු දෙනා දන්නා සහ තේරුම් ගත හැකි සංකේත භාවිත කළ යුතු වීමයි. අක්ෂර මාලාව ද සංකේතවලින් බි¼දී ආවක් බව භාෂා ඉතිහාසයේ සඳහන් වන කරුණකි. මුල් කාලීනව භාෂාවේ වචන සීමිත වුවද, වර්තමානය වනවිට එකම වචනයට සමාන අර්ථ ඇති වචන රැසක් නිර්මාණය වී තිබේ. අහස යන වචනයට ගගන, අඹර, ගුවන ආදී අර්ථ සම වචන තිබුණත්, අක්ෂර දෙස බලන විට ඒවා එකකට එකක් වෙනස්‍ ය. මේ සියල්ලටම පාදක වී ඇත්තේ අක්ෂර මාලාවයි. ක්‍රිස්තු පූර්ව යුගයේදී, ස්මාරක ලිපි ලිවීම සඳහා ගල් පුවරු හෝ ගල් ටැඹක් යොදා ගෙන ඇත්තේ ලේඛනයේ ස්ථාවරත්වය තබා ගැනීමට විය හැකි ය. ගලේ කෙටූ අකුර වගේ යැයි කියමනක් ද වර්තමාන සමාජයේ යම් ස්ථාවර දෙයක් ප්‍රකාශ කිරීමේදී යොදා ගැනෙන්නේ මේ නිසාම විය හැකි ය.

භාෂාවට ඇත්තේ අක්ෂර විතරද?

වාක්‍යයක් නිර්මාණය වන්නේ වචන කිහිපයක් එකට සම්බන්ධ වීමෙනි. නිවැරැදි අනුපිළිවෙළකට අනුව වාක්‍යයක් නිර්මාණය කිරීමේදී ව්‍යාකරණ භාවිත කරයි. ප්‍රකාශ කරන පුද්ගලයා, කාලය සහ ක්‍රියාව විවිධ අවස්ථාවලදී වෙනස් වන්නේ මෙම ව්‍යාකරණ රටා නිසා ය. වර්තමාන සිංහල භාෂාව ව්‍යාකරණ රටා කිහිපයකට පමණක් සීමා වුවද පුරාණ සිංහල භාෂාව යුග ගණනාවකදීම විවිධ වෙනස්කම්වලට ලක් වී තිබේ. කාලයාගේ ඇවෑමෙන් සිංහල භාෂාවේ ව්‍යාකරණ රටා රාශියක් අද වන විට ගිලිහී ගොස් ඇත. ශ්‍රී ලාංකේය ආදිවාසී ජනතාව අතර තවමත් සුරක්ෂිතව පවතින පුරාණ සිංහල භාෂාව ද එකම යුගයක පැවතියත් අප රටෙහි විවිධ ප්‍රදේශවලට අනුරූපව යම් යම් වෙනස්කම්වලට භාජනය වී තවමත් පවතියි.

වාෂිත හර්ෂණ

හරිස්චන්ද්‍ර ජාතික පාසල, මීගමුව

———————-

My School

My school is Leeds International School. It is big and nice school. There are 50 teachers and more than 500 children in my school. I am learning many subjects. These are English, Science, Art, Religion and Sinhala. My favourite subject is Science.

Gethmina

Leeds International School,

Ambalangoda

————————

My Pet

My pet is a cat. It name is Miky. It is black and white. It. likes very much to milk and biscuits. But it likes to meat too. I play with my pet cat. I love very much my micky. It also loves to me. It sleeps on my bed. My mother doesn’t like to it. But my mother and father love to my pet cat.

Gaurava Silva Gunarathna

W/K/ Chandravansha Vidyalaya,

Ragama


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department