Home » Blog » ඉන්දියාවට කඩිනමින් පුවත් බෙදන The Times Of India

ඉන්දියාවට කඩිනමින් පුවත් බෙදන The Times Of India

by thanushika
0 comments

(ටයිම්ස් ඔෆ් ඉන්දියා )

The Times Of India පුවත්පත TOI යන කෙටි යෙදුමෙන් හැඳීන්වේ. මෙය ඉන්දියාවේ ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කරන දිනපතා පුවත්පතකි. මෙය ටයිම්ස් සමූහයට අයත් සහ කළමනාකරණය කරනු ලබන ඩිජිටල් ප්‍රවෘත්ති මාධ්‍යයක් වේ. මෙම පුවත්පත ඉන්දියාවේ සිව්වැනි විශාලතම පුවත්පතයි. TIO පුවත්පත ලෝකයේ විශාලතම ඉංග්‍රීසි පුවත්පත වේ. මෙම පුවත්පත ඉන්දියාවේ පැරැණිතම ඉංග්‍රීසි පුවත්පත වේ. එහි පළමු සංස්කරණය සමඟ තවමත් සංසරණයේ පවතින දෙවැනි පැරැණිතම ඉන්දියානු පුවත්පත වේ. මෙය The Old Lady Of Bori Bunder යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබයි. වර්ෂ 1991 දී BBC විසින් ලොව හොඳම පුවත්පත් හය අතරට TOI ශ්‍රේණිගත කරන ලදි. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට The Times Of India යන පුවත්පත පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

TOI පළමු සංස්කරණය වර්ෂ 1838 නොවැම්බර් 03 වැනිදා The Bombay Times සහ Journal Of Commerce ලෙස නිකුත් කළේ ය. මහාරාෂ්ට්‍ර සමාජ ප්‍රතිසංස්කරණවාදියකු වන රාඕබහාදූර් නාරායන් දිනනාත් වෙල්කාර්ගේ මඟ පෙන්වීම යටතේ මෙම පුවත්පත බදාදා සහ සෙනසුරාදා දිනවල ප්‍රකාශයට පත් කළේ ය. මෙහි බ්‍රිතාන්‍යයේ සහ ඉන්දීය උප මහද්වීපවල ප්‍රවෘත්ති අඩංගු වේ. මෙම පුවත්පතෙ පළමු කර්තෘවරයා වූයේ Je Brennan ය. ඔහු වර්ෂ 1839දී මිය යෑමෙන් පසු ජෝර්ජ් Buist මෙම පුවත්පතේ කර්තෘ ධුරයට පත් වූයේ ය. වර්ෂ 1850 දී Times Of India පුවත්පත ජෝර්ජ් විසින් දිනපතා පුවත්පතක් බවට පත්කර ඇත. වර්ෂ 1860දී රොබට් නයිට් මෙහි කර්තෘවරයා වූයේ ය. ඔහු ඉන්දියාවේ පළමු ප්‍රවෘත්ති ඒජන්සිය ආරම්භ කළේ ය. මෙම පුවත්පත රටවල් පුරා යැවූ අතර, පසුව රොයිටර් පුවත් සේවයේ ඉන්දියානු නියෝජිතයා ලෙස මොහු පත් වූයේ ය. වර්ෂ 1861දී ඔහු බොම්බේ ටයිම්ස් සහ ස්ටෑන්ඩර්ඩ් පත්‍රයේ නම ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ලෙස වෙනස්කර ඇත. ඔහු පූර්ව බාධාවකින් හෝ බිය ගැන්වීම්වලින් තොර මුද්‍රණාලයක් සඳහා සටන් කළ අතර, පුවත්පත ජාතික ප්‍රමුඛත්වයට ගෙන ගොස් තිබේ. මෙම පුවත්පත් සමාගමේ පුද්ගලයන් 800කට වැඩි පිරිසක් සේවයකර තිබේ.

ශ්‍රීමත් ස්ටැන්ලි රීඩ් වර්ෂ 1907 සිට 1924 දක්වා TOI පුවත්පත සංස්කරණයකර ඇත. මහත්මා ගාන්ධි වැනි ඉන්දියාවේ ප්‍රධාන චරිතවලින් ලිපි හුවමාරු කරගෙන තිබේ. මොහු ඉන්දියානු කාලීන වැඩ කටයුතු පිළිබඳ විශේෂඥයකු ලෙස එක්සත් රාජධානියේ ගෞරවයට පාත්‍ර විය. TOI ප්‍රකාශයට පත් කරනු ලබන්නේ Bennett Coleman & Co.Ltd යන මාධ්‍ය කණ්ඩායම විසිනි. The Times Group නමින් සමාගමක් සහ අහමදාබාද් මිරර්, බැංගලෝර් මිරර්, මුම්බායි මිරර්, පූනේ මිරර් යන සමාගම් ප්‍රකාශයට පත්කර ඇත.

ToI සංස්කරණ මුම්බායි,අග්‍රා, අහමදාබාද්,අලහබාද්,අවුරංගාබාද්,බැරේලි, බැංගලෝර්, බෝපාල්,බුබනේස්වර්,කොයිම්බතූර්,චන්දිගාර් වැනි ප්‍රධාන නගරවල ඇත. මෙහි කැපී පෙනෙන සේවකයන් ලෙස ශාම් ලාල් ( සංස්කාරක), ගිරිලාල් ජේන්( සංස්කාරක සහ විශාරද ),සමීර් ජේන්( උප සභාපති) , ශෂී තරූර්( තීරු ලිපි රචක),ඍච් ත්‍රිවාදි ( හාස්‍ය ලිපි රචක),චේතන් භගත්( තීරු ලිපි රචක ඉරිදා TOI) වැනි පුද්ගලයන් පෙන්වා දිය හැකි ය.

දේශපාලනඥයන්ට, ව්‍යාපාරිකයන්ට, සංගම්වලට සහ ප්‍රසිද්ධ පුද්ගලයන්ට පුවත්පතට මුදල් ගෙවිය හැකි අතර, එහි මාධ්‍යවේදීන් ගෙවන්නාට අවශ්‍ය ප්‍රවෘත්ති රැගෙන යන ඉන්දියාවේ ගෙවන ප්‍රවෘත්ති භාවිතය ප්‍රථම වරට ආයතනගත කිරීම සම්බන්ධයෙන් TOI විවේචනයට ලක්ව ඇත. වර්ෂ 2005 දී, TOI විසින් “සන්නාම ප්‍රාග්ධනය” ලෙස ද හැඳීන්වෙන “පුද්ගලික ගිවිසුම්” භාවිත කිරීම ආරම්භ කළේ ය. වර්තමානයේ මේ පුවත්පත තිබෙන තත්ත්වයට පත් වූයේ ඒ අයුරිනි.

 

චතුරි ලක්ෂිකා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department