පඬු අබා හෙවත් පණ්ඩුකාභය රජු
ඔහු ගැන කතා කළහොත් උපන්දා සිට මරණය පෙනි පෙනී දිවි ගෙවූ පණ්ඩුකාභය කුමරා තමන් නිසා මරණයට පත් වූ සම වයසේ මිතුරන් ගැන බෙහෙවින් කනගාටු වූයේ ය. නිරතුරුවම කුමරුන් සිටින ඉසව් පිළිබඳ විමසිල්ලෙන් පසු වූ ඔහුගේ මාමාවරුන් නැකැත්කරුවන් පැවසූ අනාවැකිය හිස් මුදුනින් පිළිගැනීම මහත් අභාග්‍යයක් විය. එම සැකය කෙසේවත් ඔවුන්ගේ සිත්සතන්වලින් ඉවත්කර දමන්නට නොහැකි බව වටහා ගත් පසු දිවි රැක ගැනීමට පණ්ඩුකාභය කුමරා සමත් විය. නිකරුණේ තම අහිංසක දරුවන් බුරුතු පිටින් මරා දැමීම නිසා එම සටනට සහයෝගය දීමට බොහෝ දෙනකු ඉදිරිපත් වීම අරුමයක් නොවේ. විවිධ වයස් මට්ටම්වලදී පණ්ඩුකාභය ගැවසෙන තැන් ගැන සැක පහළ කොට එම වයසේ දරුවන්ගේ ජිවිත පැහැර ගනු ලැබී ය. මේ භීෂණය තුරන්වූයේ පණ්ඩුකාභය කුමරු මාමාවරුන් අට දෙනෙක් මරා දැමීමෙන් පසුවයි.
එයින් පසු ජිවිතක්ෂයට පත්නොවී ඉතිරි වූ මාමාවරුන් දෙදෙනාගේ පූර්ණ ආශීර්වාදයෙන් පණ්ඩුකාභය කුමරු රාජාභිෂේකයට පත් විය. ඒ අනුව ස්වර්ණපාලි කුමරිය අගබිසව බවටත් අග්‍ර පුරෝහිත බවට චන්ද්‍රත් පත්විය. පුරා හැත්තෑ වසරක් තිස්සේ රජකළ මනා රාජ්‍ය පාලකයකු වශයෙන් පණ්ඩුකාභය නාමය ලංකා ඉතිහාසයට එක් වී තිබේ.
U. P. ගවේශ් සම්පත්
8 ශ්‍රේණිය B
ර/හුණවල ධර්මරාජ මහා විද්‍යාලය
——————–
මාගේ ආදරණීය පියාණනි
දස දුක් විඳ වැඩ කළ පියාණනි
බඩගින්නේ වැඩ කළ පියාණනි
දස දුක් විඳ මා දැඩි කළ පියාණනි
සසරේ බුදු වේවා! පියාණනි
ශෂිකලා කුමාරි ජයරත්න
9 ශ්‍රේණිය
මා/රත්/දික්කුඹුර විද්‍යාලය,
රත්තොට
————————
The last human
He is short as a pot,
A lifetime of few hours but not of years—a lot.
He has wisdom and knowledge,
But lives in the future age.
-Akeef Ahamed
අවසන් මිනිසා
ඔහු කළයක් මෙන් මිටියි,
ඔහුගේ ආයු කාලය පැය කිහිපයකි,
ඔහුට බොහෝ දැනුම ඇත,
එහෙත් ඔහු අපේ අනාගතයයි.
අකීෆ් අහමඩ්
මේ දියුණු වන කාලය යැයි බොහෝ දෙනා සිතුවත් මෙහි අඳුරු පැත්ත කිසිවෙක් නොදකියි. මෙය ලෝකයේ මනුෂ්‍යයන් පිරිහෙන කාලය යි. අනාගතය වන විට මනුෂ්‍යයන්ගේ ආයුෂ ගණන අවුරුදු පහක් තරම් අඩු වේ. එම මනුෂ්‍යයන්ට බුද්ධිය තිබුණ ද ඔවුන් නපුරු ය. මනුෂ්‍යයකුගේ උස අඟල් දොළහක් පමණ වේ.
වර්තමානයේ මනුෂ්‍යයකුගේ ඇඳුමක හා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ ඇඳුමෙහි ප්‍රමාණය බැලූ විට මනුෂ්‍යයන්ගේ පිරිහෙන කාලය මෙය යැයි අපට නිශ්චිතව කිව හැකි ය. ශ්‍රී ලංකාවේ ඇති වැව් බැලූ විට, තාක්ෂණයක් නොමැති කාලයේ සෑදූ වැව් වර්තමානයේ ඇති දියුණු තාක්ෂණයෙන් වත් සෑදීමට නොහැකි බැවින් ද මෙය මනුෂ්‍යයන්ගේ පිරිහෙන කාලය යැයි කියන්නට හැකි ය. මෙම කවියෙන් අනාගතයේ ඇති අවසාන මිනිසාගේ හැඩ රුව විස්තර කරයි.
මෙම කවියෙහි ඇති මිනිසා කළයක් තරම් මිටි ය. එමෙන්ම ආයු කාලය පැය කිහිපයකි. බොහෝ දැනුම ද ඥාන සම්භාරයක් ද ඇත්තෙකි.
මෙම කවියෙහි කාව්‍යාලංකාර (poetic techniques) මනාව යොදා ඇත. මෙහි ඇති කාව්‍යාලංකාර වන්නේ Rhyming couplets නැත්නම් අනුප්රාසය හා simile නැත්නම් උපමා ය.
Rhyming couplets යනු පද්‍ය බන්ධය කරන තාලයයි. මෙම කවියෙහි lot-pot, knowledge-age යන වචන විරිත නැත්නම් අනුප්රාසය වේ.
මෙම කවියෙහි මිනිසකුගේ උස කළයක උසට සමානකර ඇත. එය චඵ යොදමින් සමානකර ඇති නිසා මෙය simile නම් වෙයි.
මෙම කවිය ලෝකයේ අවසන් මිනිසාගේ හැඩ රුව මනාව පාඨකයාට විද්‍යමාන කරයි.
අකීෆ් අහමඩ්
——————
මම වනයක අතරමං වුණෙමි
අම්මාත් සමඟ මම දර සෙවීමට වනයට ගියෙමි. අම්මා දර සොයා එනතුරු මම වනයේ සිරි නැරැඹුවෙමි. මම ටික වේලාවකින් පිටුපස බැලුවිට අම්මා නොදුටුවෙමි. මම “අම්මේ! අම්මේ!” කියා කෑ ගැසුවෙමි. මා වනයේ අතරමං වුණායැයි මට දැනුණි. මට විශාල බියක් ඇති වුණි. මම වනයේ ගසක් යට නැවතී පිටුපස බැලුවෙමි. අම්මා පෙනෙන්න සිටියේ නැත. එවිට දසතින් මට කුරුල්ලන්ගේ කීචී බීචී කීචී බීචී නාදය ඇසුණි. මගේ සිතේ ඇති වූ බියජනක හැඟීම ටිකෙන් ටික නැතිවී යන බව මට හැඟුණි. මගේ මුහුණින් ද පුංචි සිනහවක් නැඟුණි. මට වනයේ ඈතට ගොස් අම්මා සෙවීමට සිතුණි. මම “අම්මේ අම්මේ” කියා කෑ ගැසුවෙමි. මට අම්මාගේ කටහඬ නොඇසුණි. මම නැවතත් “අම්මේ අම්මේ” කියා හයියෙන් කෑගසමින් වනයේ එහාට මෙහාට යමින් ඇඬුවෙමි. මට එක් දෙසකින් පුංචි ළමයින් දුව පැන නටන, කෑගසන හඬ ඇසුණි. මම තවත් හයියෙන් “අම්මේ අම්මේ” කියා ඇඬුවෙමි. ටිකක් දුරක් ගියවිට වෙල්යායක් හමු විය. මම වෙල්යාය දැක ප්‍රීතියට පත් වුණෙමි. ඒ, වෙල්යායේ පුංචි ළමයි සරුංගල් යවමින් ද, තව ළමයි පිරිසක් ක්‍රිකට් සෙල්ලම් කරමින් ද සිටිය නිසා ය. මටත් සෙල්ලම් කිරීමට යෑමට සිතුණි. අම්මා වෙල් යායේ සිටී දැයි මම ඈතට ගොස් බැලුවෙමි. අම්මා වෙල්යායේ ඈත කොනක සිටිනු මට නොපෙනෙයි. මට ද වෙල් යායේ පුංචි ළමයි සමඟ සරුංගල් යැවීමට සිතුණි. එහෙත් පුංචි ළමයි මාව සරුංගල් යැවීමට එක්කර නොගත්හ. ඈත වෙල්යායේ සිට මිනිසකු දර ගොඩක් රැගෙන එනු මම දුටුවෙමි. එවිට මට අම්මා මතක් විය. එවිට අම්මා මා ළඟට ඇවිත් “දුවේ” කියා කතා කළා ය.
පී.වී. ශෂිනි රශ්මිකා
8 ශ්‍රේණිය
ර/ කලවාන ජාතික පාසල
——————
ඕක් ගසක විලාපය
ආදරණීය ඕක් ගස – මා එෙ¼ඩ්ර දියණියකි
කඳු මතින් දුර ගෙවා – මා මිතුරු බැටළුවන් සමඟ ඔබ බැලීමට පැමිණියෙමි
සැණින් බැලූ කල විසල් ගසකි – හොඳින් බැලුවිට ජීවය පිරි අයෙකි
වැඩුණු අතුපතර මත හරිතවත් තුරුපත් ය
ඔබ වටා පිරිවරා හරිත විලෝ ගස් ය
මා කුඩා කෙල්ලකි – ඔබ විසල් මහා ගසකි
කවදද ඔබ ඉපදුණේ? කවරෙක්ද ඔබේ අම්මා?
මා විමසුවත් ඔබෙන් ලද පිළිතුර තුරුපත් සෙලවීම ය
දැන් මා යා යුතු ය – මා පියා, මව බලා සිටිති
ආයුබෝවන් ඔබට….
කාලය ගෙවී ගොස් ය. මා දැන් තුරුණු දියණියකි
නැවත ඔබ සිහිවිණි
ඔබ සොයා පැමිණියෙමි
අහෝ! එදා දුටු සවිය ගත – අද දිරා ගොසිනි
එදා පිරිපුන්ව සිටි – හරිත පත් මැලවී ගොස්
දුඹුරුවන් ඔබේ බඳ දැන් මඳක් ඇලව ඇත
කුමක් ද ඔබට වූයේ? කෝ ඔබේ සවිමත් දෑත්?
මා විමසුව ද ඔබ නිහඬ ය – තුරුපත් ද නොසෙලවුණි
ඔබ මේ මියගොස් ද? නැවත නිහඬ ය.
ලෝක ධර්මය ඔබට බලපා ඇති සෙයකි.
සියල්ලන්ගේ ඉරණම එයයි මට වැටහුණු තරමට
පිනිපා සත්පියුමි
12 ශ්‍රේණිය
බප/ මතු ශාන්ත මේරි ම. වි , මතුගම
———————–
සොඳුරු මිතුදමක කතාව
වැලි කතර අතරෙහි සිරවුණු මා හට
මගේ දිව තෙමාලන පැන් බිඳක් වේ.
නුඹ ඈත මහ සයුර දෙස විඩා බර නෙත් හෙළන
තාරකාවකි. මා ගොඩබිමේ පහන් ටැඹ විලසට
කරුණාව නොදන්නා රුදුරු හදවත වෙත
ඔබ දුන් ආදරේ ඔසු බිඳුව හෙමිහිට
සඳක් වන්නට දරන සිත මාගේ වෙනස්
කළ අව පසක් නොදක්නා තරුව වන්නට කියූ
සොඳුරු මිතුදමක හඬ ඔබයි මගේ සොහොයුරිය.
කලණි මුතුපබා
9 ශ්‍රේණිය
වෙන්නප්පුව ශුද්ධ වූ පවුලේ බාලිකා මහ විදුහල