Home » Blog » Lake Winnipeg  (විනිපෙග් විල)

Lake Winnipeg  (විනිපෙග් විල)

by thanushika
0 comments

Winnipeg විල කැනඩාවේ මැනිටෝබා පළාතේ පිහිටා ඇත. මෙම පළාත උතුරු අමෙරිකාවට ආසන්න ය. මෙම විල වර්ග කිලෝමීටර් 24514 තරම් විශාල ය. සාපේක්ෂ වශයෙන් නොගැඹුරු විලකි. මෙහි දකුණු කෙළවර විනිපෙග් නගරයට කිලෝමීටර් 55 ක් උතුරින් පිහිටා තිබේ. Winnipeg විල කැනඩාවේ හයවැනි විශාලතම මිරිදිය විලයි. මෙම විලෙහි උපරිම දිග මීටර් 416ක් පමණි. මෙහි පළල කිලෝමීටර් 40ක් පමණ වේ. Winnipeg විලෙහි සාමාන්‍ය ගැඹුර මීටර් 12කි. මෙම විලෙහි නැඟෙනහිර ප්‍රදේශයේ පෞරාණික බෝරියල් වනාන්තරය සහ කුඩා ගංගා කිහිපයක් පිහිටා තිබේ. වර්ෂ 2018දී යුනෙස්කෝ ලෝක උරුමක් ලෙස මෙය නම් කළේ ය. ඉතින් අප මේ සූදානම් වන්නේ පුංචි දූලා පුතාලට Winnipeg විල පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

මෙම Winnipeg  විල සහ මැනිටෝබා විල ප්‍රාග් ඓතිහාසික ග්ලැසියර ඇගසිස් විලෙහි නටබුන් ලෙස හඳුන්වා දිය හැකි ය. එහෙත් මීට අවුරුදු 4000කට පෙර Winnipeg  විලෙහි වියළී ගිය දකුණු ද්‍රෝණියක් පිළිබඳ සාක්ෂි ද හමුවී තිබේ. විල අතර ප්‍රදේශය ඉන්ටර්ලේක් කලාපය ලෙස හඳුන්වයි. මේ මුළු ප්‍රදේශයම මැනිටෝබා පහත්බිම් ලෙස හඳුන්වයි.

හෙන්රි කෙල්සි 1690 වර්ෂයේදී Winnipeg  විල ප්‍රථම වතාවට දුටුවේ ය. ඔහු මෙම විල සඳහා ක්‍රී භාෂාවේ භාවිත වන නමක් භාවිතකර තිබේ. winipek  යනු මඩ සහිත ජලය යන්නයි. La Verendrye  වර්ෂ 1730දී මෙම ප්‍රදේශයේ පළමු බළකොටු ඉදි කරන විට විල Ouinipigon ලෙස හැඳීන්වී ය.

මෙම විලෙහි මත්ස්‍ය විශේෂ විශාල ප්‍රමාණයක් ජීවත් වෙති. ලැම්ප්‍රේ, කැට්ෆිෂ්, ස්ටර්ජන්, Codfish, Sunfish  සහ Drum යන මත්ස්‍ය ප්‍රභේද නියෝජනය කරයි. ගිම්හාන මාසවලදී Winnipeg  විල ආශ්‍රිතව විවිධ පක්ෂීන් කැදලි සාදනු ලැබේ. හුදෙකලා, ජනාවාස නොවූ දූපත්, පෙලිකන්, ලිහිණියන් සහ ටර්න් පක්ෂීන්ට වෙන් වේ. මෙම පක්ෂීන්ට ආහාර ලබා ගැනීමට සහ ඔවුන්ගේ පැටවුන් පෝෂණය කිරීමට වගුරු බිම්වල ඉඩකඩ තිබේ. තාරාවෝ මෙන්ම, පාත්තයෝ ද මෙම විලෙහි ජීවත් වෙති.

Winnipeg  විල කැනඩාවේ ඇති විශාලතම ජල පෝෂකය ප්‍රදේශය වේ. මෙම විලට පළාත් හතරකින් පැමිණෙන ගංගා සම්බන්ධ වේ. Winnipeg විල උතුරු ප්‍රදේශයේ ඇති නෙල්සන් ගංගාවට එකතු වෙයි. මෙය ලොව විශාලතම ජල පෝෂක ප්‍රදේශයයි. මෙලෙබ් ඩ්‍රේන් (ජලාපවාහන ඇළ), ඩ්‍රන්කන් ගඟ, අයිස්ලන්ත ගඟ, වොෂෝ බේ ක්‍රීක්, ෂුගර් ක්‍රීක්, බීවර් ක්‍රීක්, මිල් ක්‍රීක්, මූස් ක්‍රීක්, ෆිෂර් ගඟ, ජැක්හෙඩ් ගඟ winnipeg විලෙහි අතු ගංගා වේ.

කලක් කැනඩාවේ Goldeye හි ප්‍රධාන මූලාශ්‍රය වූයේ මෙම විලයි. එම නිසා මෙම විලෙහි සිටි මත්ස්‍යයන් winnipeg Goldeye ලෙස හැඳීන් වේ. Winnipeg  විල ප්‍රවාහන කටයුතු සඳහා ද යොදාගෙන තිබේ. ජනයා ඔරු සහ යෝර්ක් බෝට්ටුවලට අමතරව ඇන්සන් නෝර්තප්, කීනෝරා, ප්‍රිමියර්, ප්‍රින්සස් සහ විනිටෝබා වැනි ජල යාත්‍රා භාවිතකර තිබේ. වර්තමානය වන විට ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන එම්. එස්. ලෝඩ් සෙල්කිර්ක් දෙක මගී නෞකාව ඇතුළු වාෂ්ප බෝට්ටු කිහිපයක් විලෙහි ගමන් කරයි.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department