විශේෂණ පද
විශේෂ ගුණයක් ප්‍රකාශ කිරීමට භාවිත කරන පද විශේෂණ පද නම් වේ. විශේෂණ පද දෙවර්ගයක් තිබේ.
නාම විශේෂණ – නාම පදයක කිසියම් විශේෂ ගුණයක් ප්‍රකාශ කිරීමට යොදන පද නාම විශේෂණ පද නම් වේ.
ක්‍රියා විශේෂණ – ක්‍රියා පදයක කිසියම් විශේෂ ගුණයක් ප්‍රකාශ කිරීමට යොදන පද ක්‍රියා විශේෂණ පද නම් වේ
නත්තල් සීයා
හිම වාගේ සුදු රැවුලයි
දිගට දිගේ රතු ඇඳුමයි
මල්ල පුරා තෑගි ගොඩයි
දන්නවා ද ඔහු කවුදැයි
පුංචි ළමයි යැවූ ලියුම්
කියවයි ඔහු හරි සතුටින්
පිනිමුව බැඳී හිම යානෙන්
තෑගි බෙදයි හරි වේගෙන්
හොඳ ළමයට රන් කාසි
නරක අයට අඟූරු කෑලි
සෙල්ලම් බඩු රසකැවිලි
ඔහු ගෙන එයි මේ තෑගි
උතුරු ගෝලෙ වෙසෙන්නේ
සැඟවීලයි හිඳීන්නේ
දෙසැම්බරේ පෙනෙන්නේ
සැමට සතුට ගෙනෙන්නේ
මෙම කවියෙන් හමු වූ විශේෂණ පද
සුදු රැවුල – නාම විශේෂණ
රතු ඇඳුම – නාම විශේෂණ
පුංචි ළමයි – නාම විශේෂණ
සතුටින් කියවයි – ක්‍රියා විශේෂණ
හිම යානය – නාම විශේෂණ
වේගෙන් බෙදයි- ක්‍රියා විශේෂණ
හොඳ ළමයා – නාම විශේෂණ
රන් කාසි – නාම විශේෂණ
නරක ළමයා – නාම විශේෂණ
රස කැවිලි – නාම විශේෂණ
උතුරු ගෝලෙ – නාම විශේෂණ