විදේශීය තොරතුරු
1. ලොව පැරැණිතම කෘෂිකර්මය පිහිටි රට කුමක්ද?
2. ලොව පැරැණිතම සාහිත්‍ය ග්‍රන්ථය වන්නේ කුමක්ද?
3. රුසියාවේ රජ කළ අන්තිම සාර් රජු කවුද?
4. උතුරු රොඩේෂියාව යනුවෙන් අතීතයේ හැඳීන්වූ රට කුමක්ද?
5. ප්‍රථමවරට ලෝක සිතියම අඳීන ලද්දේ කවුද?
6. බටහිර ජර්මනියත් නැඟෙනහිර ජර්මනියත් එක්වූයේ කවදාද?
7. ජාත්‍යන්තර අධිකරණය පිහිටුවූයේ කවදාද?
8. රේඩාර් ක්‍රමය මුලින්ම සොයාගත්තේ කුමන වර්ෂයේද?
9. සේද ඇඳුම් භාවිතය ලොවට හඳුන්වා දුන්නේ කවුද?
10. ෂා රජ පරම්පරාව විසින් පාලනය කළේ කුමන රට ද?
11. නූතන චීනයේ නිර්මාර්තෘවරයා කවුද?
12. හිරු නොබසින අධිරාජ්‍යය වශයෙන් අතීතයේ හැඳීන්වූ රට කුමක්ද?
13. ලොව මුල්ම කාටුන් චිත්‍රපටය තැනුවේ කවුරුන් විසින් කුමන වර්ෂයේද?
14. නිරිතදිග අප්‍රිකාව යනුවෙන් අතීතයේ හැඳීන්වූයේ කුමන රටක් ද?
15. ශ්‍රී ජවහාර්ලාල් නේරුතුමාගේ අභාවය සිදු වූයේ කුමන වර්ෂයේද?
16. කොරියාව උතුරු සහ දකුණු වශයෙන් කොටස් දෙකකට බෙදුණේ කුමන වර්ෂයේද?
17. නිදහස් කින්නියාවේ පියා ලෙස හඳුන්වන්නේ කවුරුන්ද?
18. ලොව මුල්ම විදුලි පණිවුඩය යවන ලද්දේ කවුරුන් විසින් කවදාද?
19. නිදහස් ප්‍රතිමාව පිහිටා ඇත්තේ කොහිද?
20. බේරිං සමුද්‍ර සන්ධිය සොයා ගත්තේ කවුද?
විද්‍යාත්මක නාමයන්
1. ඉඟුරු ගසේ විද්‍යාත්මක නාමය කුමක්ද?
2. කෙසෙල් ගසේ විද්‍යාත්මක නාමය කුමක්ද?
3. ඉන්නලවල විද්‍යාත්මක නාමය කුමක්ද?
4. කූඩළු හඳුන්වන විද්‍යාත්මක නාමය කුමක්ද?
5. කොස්වල විද්‍යාත්මක නාමය කුමක්ද?
6. ගොයම් ගසේ විද්‍යාත්මක නාමය කුමක්ද?
7. මී මැස්සාගේ විද්‍යාත්මක නාමය කුමක්ද?
8. කළු වඳුරාගේ විද්‍යාත්මක නාමය කුමක්ද?
9. කොළ දිවියාගේ විද්‍යාත්මක නාමය කුමක්ද?
10. අරළු ශාකයේ විද්‍යාත්මක නාමය කුමක්ද?
11. මැඬියාගේ විද්‍යාත්මක නාමය කුමක්ද?
12. හාතවාරියා ශාකයේ විද්‍යාත්මක නාමය කුමක්ද?
13. ගෙමැස්සාගේ විද්‍යාත්මක නාමය කුමක්ද?
14. රට ලූනුවල විද්‍යාත්මක නාමය කුමක්ද?
15. හෙන්දිරික්කා ශාකයේ විද්‍යාත්මක නාමය කුමක්ද?
16. කොට්ටම්බාවල විද්‍යාත්මක නාමය කුමක්ද?
17. ගෝවා ගසේ විද්‍යාත්මක නාමය කුමක්ද?
18. තල්ගසේ විද්‍යාත්මක නාමය කුමක්ද?
19. පැණි දොඩම්වල විද්‍යාත්මක නාමය කුමක්ද?
20. කහවල විද්‍යාත්මක නාමය කුමක්ද?
දේශීය තොරතුරු
1. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් උසාවිය පිහිටුවූයේ කවදාද?
2. බෙදුම් නඩු විභාග කරනුයේ කුමන අධිකරණයේදීද?
3. යාපනයේ ජීවත්වන පුද්ගලයකුට බලපාන නීතිය කුමක්ද?
4. පේටන්ට් බලපත්‍රය යනු කුමක්ද?
5. ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ක්‍රීඩාව කුමක්ද?
6. ශ්‍රී ලංකාවේ වැඩිම කිරි ප්‍රමාණයක් ලබා ගන්නා පළාත කුමක්ද?
7. ශ්‍රී ලංකාවේ විශාලම සත්ත්ව ගොවිපොළ පිහිටා ඇත්තේ කොහිද?
8. ශ්‍රී ලංකාවේ වාසය කරන සතුන්ගෙන් විශාලම අං තට්ටුවක් හිමි සත්ත්වයා කවුද?
9 මෙරට වැඩි වශයෙන්ම සත්ත්ව ගොවිපොළවල් ව්‍යාප්තව ඇත්තේ කුමන දිස්ත්‍රික්කයේද?
10. ශ්‍රී ලංකාවට ආවේණික වැඩිම කිරි ප්‍රමාණයක් ලබා දෙන ගව විශේෂය කුමක්ද?
11. මී කිරිවලට වැඩියෙන්ම ප්‍රසිද්ධ ප්‍රදේශය කුමක්ද?
12. කලා වැව තැනුවේ කවුරුන්ද?
13. අලංකාර සීගිරියේ නිර්මාණකරුවා කවුද?
14. පරාක්‍රම සමුද්‍රය සෑදුවේ කවුද?
15. නිශ්ශංක ලතා මණ්ඩපය සෑදුවේ කුමන රජතුමා ද?
16. ශ්‍රී ලංකාවේ ප්‍රථම දහම් පාසල කුමක්ද?
17. චිත්‍රපටයට නැඟූ මුල්ම නවකතාව කුමක්ද?
18 මාදුරු ඔය ජලාශය විවෘත කළේ කුමන අවුරුද්දේද?
19. කන්තලේ වැව කරවූ රජතුමා කවුද?
20. ශ්‍රී ලංකාවේ නීති සංගමය ආරම්භ වූයේ කවදාද?
විද්‍යාත්මක හේතු
1. කාබන්ඩයොක්සයිඩ් වායුව හුනු දියරවලට යැවූ විට කිරිපාට වේ.
2 . වැසි දිනවල ගංගාවල ජලය බොර පාට වන්නේ ඇයි ?
3. අහස්කූරක වෙඩි නූලකට ගිනි තැබූ විට එහි වෙඩි බෙහෙත් දැවී දුම් පිටවන දිශාවට විරුද්ධව දිශාවට අහස්කූර ගමන් කරන්නේ ඇයි ?
4. එකම ආකාරයේ පන්දුවලට සමහර අයට වඩා දුරක් විසි වෙනසේ පහර දිය හැක්කේ ඇයි ?
5. ලෑල්ලකට යට වී තිබූ තණකොළ ටිකක් එක දිනකදී කහ පාට වේ. එම ලෑලි ඉවත්කර තැබූ විට නැවතත් තණකොළ පාට වෙන්නේ ඇයි ?
6. පැළෑටිවලට කෘත්‍රිම පොහොර දැමූ විට ජලය දැමිය යුත්තේ ඇයි ?
7. වානේ කෑල්ලක් ජලයේ ගිලුණත් වානේවලින් සාදන නැවක් ජලය පාවෙන්නේ ඇයි ?
8. වී සාම්පලයක් ජල බඳුනකට දැමුවිට සමහර වී ඇට ජලයේ ගිලුණත් සමහර වී ඇට මතුපිට පා වන්නේ ඇයි ?
9. කොටියාගේ රදනක දත් මිනිසාගේ රදනක දත්වලට වඩා තියුණු වන්නේ ඇයි ?
10. නිතර නිතර නිරාහාරව සිටින්නන්ගේ ආමාශයේ ප්‍රදාහය ඇතිවන්නේ ඇයි?
11. අමු අඹ, ඇඹරැල්ලා ආදිය වෑංජන ලෙස පිළියෙල කිරීමේදී හුනු සමඟ මිශ්‍රකර ටික වේලාවකින් ඇඹුල් රස අඩු වන්නේ ඇයි ?
12. මස් පිසීමේදී පැපොල් කැබලි කීපයක් එක් කරන්නේ ඇයි ?
13. ලුණු අධික ආහාර ගත්විට වැඩිපුර පිපාසය දැනෙන්නේ ඇයි ?
14. ධීවරයින් බීමට ජලය ගොඩබිමින් රැගෙන යන්නේ ඇයි ?
15. වෘත්තාකාර තණපිටියක් වටේ ඒකාකාර ප්‍රවේගයෙන් බයිසකලය පැදගෙන යන අයකුගේ ප්‍රවේගය නිතරම වෙනස් වන්නේ ඇයි ?
16. රේල් පාරක පීලි ඈතට යන විට ළංව ඇති ලෙස පෙනෙන්නේ ඇයි ?
17. කන්දක් ඉදිරියේ සිට තැබූ වෙඩිල්ලක හඬ ටික වෙලාවකට පසු නැවත ඇසෙන්නේ ඇයි ?
18. supersonic යානයක් ඇතුළේ ගමන් කරන්න ට එහි ශබ්ද නොඇසෙන්නේ ඇයි ?
19. බිම දිගේ වැඩෙන වැලක් ආධාරකයක් හමුවූ විට එහි එතී වැඩෙන්නේ ඇයි ?
20. වාහනවල ගමන් කරන විට සමහරුන්ට වමනය ක්ලාන්තය ඇතිවන්නේ ඇයි ?
දේශීය තොරතුරුවල පිළිතුරු
1. 1938 වර්ෂයේදී
2.දිසා අධිකරණයේ
3. තේසවලාමේ නීතිය
4. නව සොයාගැනීමක් නිපදවීමට හා විකිණීමට අයිතිය පවරන බලපත්‍රය
5. ක්‍රිකට්
6. මධ්‍යම පළාත
7. අඹේවෙල
8. ගෝනා
9. කුරුණෑගල දිස්ත්‍රික්කයේ
10. කේප්ප
11. රුහුණ
12. ධාතුසේන රජතුමා
13. සීගිරි කාශ්‍යප
14. මහා පරාක්‍රමබාහු රජතුමා
15. නිශ්ශංක මල්ල රජතුමා
16. ගාල්ලේ විජයානන්ද දහම් පාසල
17. කැලෑ හඳ
18. 1982 වර්ෂයේදී
19. දෙවැනි අග්බෝ
20. 1974
විදේශීය තොරතුරුවල පිළිතුරු
1. බැබිලෝනියාව
2. ඉන්දියාවේ ඍග්වේදය
3. දෙවැනි නිකලස් රජතුමා
4. සැම්බියාව
5. ශ්රීක ජාතික ක්ලෝඩියස් ටොලමි
6. 1990 ඔක්තෝබර් 3 වැනිදා
7. වර්ෂ 1924දී ය
8. 1946 වර්ෂයේදීයි
9. චීන ජාතිකයන්
10. ඉරානය
11. මාවෝ සේතුං
12. මහා බ්‍රිතාන්‍යය
13. වොල්ට් ඩිස්නි විසින් 1932දී ය
14. නැමීබියාව
15. 1964 මැයි 27 වැනිදා
16. 1945 වර්ෂයේදී
17. ජෝමෝ කීනියාටා
18. සැමුවෙල් මෝස් විසින් 1844 වර්ෂයේදී
19. ඉතාලියේ රෝම නගරයේ
20. රුසියානු ජාතික විට්ස් බේරිං
විද්‍යාත්මක හේතු පිළිතුරු
1. කාබන්ඩයොක්සයිඩ් වායු හුනුවලට එවූ විට කිරිපාට වන්නේ කැල්සියම් සෑදෙන නිසා ය.
2. වැස්සට ජලය සමඟ සේදී එන පස් නිසා ගංගාවල ජලය බොර පාටට හැරෙයි
3. අහස්කූර මත දැල්වූ විට පිටවන දුම මඟින් බලයක් ඇති කරයි. අහස්කූර සහ දුම මත සමාන බලයක් ප්‍රතිවිරුද්ධ දිශාවට ඇති කරයි.
4. යම්කිසි කාර්යයක් කිරීම සඳහා ශක්තිය අවශ්‍යය. හැමෝම එක ප්‍රමාණ ශක්තිය යොදවන්නේ නැත. ශක්තිය වැඩි අයට ඉහත කාර්යයන් ඉක්මනින් සිදු කිරීමට හැකි ය.
5. කොළපාට තණකොළවල ඇති හරිතප්රද සහ ශක්තිය සෑදීමට හිරු එළිය අවශ්‍ය ය. තණකොළවට යටවූ ලෑල්ලට හිරු එළිය නොලැබෙන නිසා හරිතප්රද නොසෑදෙයි. ලෑලි ඉවත්කර පසු නැවතත් හරිතප්රද සෑදෙන හෙයින් කොළ පාට වෙයි.
6. පොහොර ශාකයට උරා ගැනීම සඳහා එම ලවණ ජලයේ දියවිය යුතුය. එම නිසා පොහොර දැමු පසු ජලය යෙදීමක් සිදු කරයි.
7. ජලයට වඩා වැඩිය ඝනත්වයක් යකඩ කෑල්ලේ තිබේ. එහෙත් නැවක් සාදා ඇත්තේ ඇතුළත කුහරයක් සහිතව ය. එම නිසා එහි බරට සමාන බරක් ඇති ජල පරිමාව විස්ථාපනය වෙයි. එය නැව පාවීමට හේතු වෙයි.
8. ජලය ඝනත්වයට වඩා වැඩි ඝනත්වයක් ඇති වී ඇට ජලයේ ගිලුණුත් ජලයේ ඝනත්වයට වඩා අඩු ඝනත්වයක් සහිත වී ඇට ජලයේ පාවෙයි.
9. කොටියා මාංස භක්ෂක සත්ත්වයෙකි එම නිසා ගොදුර ඉරාගෙන අනුභව කිරීම සඳහා උගේ රදනක දත් තියුණුව වැඩී ඇත.
10. බඩගිනි දැනෙන විට ආමාශ බිත්තිවලින් ආමාශයික යුෂ ශ්‍රාවය වේ. මෙහි හයිඩ්්රක්ලෝරික් අම්ලය ද ඇත.ආහාර නොමැති නිසා ආමාශ බිත්තිවල තුවාල ඇති විය හැකි ය. එම නිසා නිරාහාරව සිටින්නන්ගේ ආමාශයේ ප්‍රදාහය ඇතිවේ.
11. මෙම ආහාරවල අම්ල අධික නිසා ඇඹුල් රස ඇතිවේ. භාෂ්මික ද්‍රව්‍යක් නිසා එය ප්රතික්රියාකර උදාසීන වන හෙයින් ඇඹුල් රස අඩුවේ.
12. මස් ප්‍රෝටීන් බහුල ආහාරයක් නිසා පැපොල්වල පැපේන් එන්සයිමය මස්වලට එකතු වී මස් මෘදුවේ.
13. ලුණු අධික ආහාර ගත් විට රුධිරය වැඩිපුර ලුණු අවශෝෂණය කරයි. එම ලුණු රුධිරයෙන් අඩුවීම සඳහා මුත්‍රා බවට හැරී ශරීරයෙන් ඉවත්වේ.
14. මුහුදු ජලය අධික ලවණ සහිත නිසා බීමට ගැනීම අපහසු ය. එම නිසා බීමට ලබා ගන්නා ජලය ගොඩබිමින් රැගෙන යයි.
15. ප්‍රවේගයට විශාල මෙන්ම නිශ්චිත දිශාවක් ඇත. වෘත්තාකාර තණපිටිය වටා ඒකාකාර ප්‍රවේගයෙන් බයිසිකලයක් පැදගෙන යන විට සෑම දිශාවක්ම වෙනස් වේ එම නිසා එම ප්‍රවේගය ද වෙනස් ය.
16. මිනිසාට ආසන්නව පිහිටි පෘෂ්ඨයේ කෝණය විශාල බැවින් ළඟ තිබෙන පින්තූරයක් පැහැදිලිව පෙනෙයි එහෙත් මිනිසා ඈත බලනවිට දෘෂ්ටි කෝණය කුඩා වන නිසා පින්තූරය එතෙරම්ම පැහැදිලි නොවේ මේ නිසා ඈත තිබෙන රේල් පීලි දෙක ළං වී තිබෙනවා ලෙස පෙනෙයි.
17. එම වෙඩිල්ල කන්දේ හැපී පරාවර්තනය වේ. එම නිසා වෙඩිල්ලේ හඬ දෙවරක් ඇසෙයි.
18. එම යානය ගමන් කරන වේගය ශබ්දය ගමන් කරන වේගයට වඩා වැඩි ය. මේ නිසා ශබ්දයේ හ½ඩ නො ඇසේ
19. බිම වැඩෙන වැලකට ආධාරකයක් යෙදීමෙන් එම වැලේ ස්පර්ශක කොටස් ආධාරකයෙහි එති වැඩෙනු දැකගත හැකි ය.
20. වාහන ගමන් කරන විට අභ්‍යන්තර කනේ පිහිටා ඇති කර්ණාලින්ද තරලය අක්‍රමවත් වී කම්පනය ඇති වේ. එම නිසා සිරුරේ සමතුලිතතාව නැතිවන හෙයින් ක්ලාන්තය සහ වමනය ඇති වේ .
විද්‍යාත්මක නාමයන්
1. සින්ජිබර් ඔපිසිනාලේ
2. මියුසා
3. කෙලේවුස් ටියුබරෝසුස්
4. ඉම්පෙටියෙන්ස් බොල්ස්මිනා
5. අටෝකාප්රස් ඉන්ටෙග්රිපෝලියා
6.ඔරයිසා සැටයිඩා
7.අපිස් මෙලිපිකා
8. පිතකස් වෙටුලුස් පිල්බිරිකි
9. ෆෙලිස් විවරිනා
10. ඒමනලිසා වෙබුලා
11. රානා ටෙම්පරේරියා
12. ඇස්පරගස් රැපිමෝසුප්
13. මුස්කා ඩොමෙස්ටිකා
14. ඒලියුම් සිපා
15. මිරාබිලිස් ජලපා
16. ටර්මිනේලියා කැටප්පා
17. බුස්සිකා ඔලෙරසෙයා
18. බොරාසුස් ප්ලැබිලිපර්
19. සිට්රූස් අවුරන්තියුම්
20. කුර්කුමා ලෝංගා
වන්දනා අබේසේකර