රටේ සංස්කෘතිය රැක ගැනීමට සුදුසු ආකාරයට අපේ දරු පරපුර හුරු කළ යුතුයි. ඒ වෙනුවෙන් කැපවුණු බොහෝ වැඩිහිටියන් කුඩා දරුවන් සංස්කෘතික අංගවලට පුරුදු පුහුණු කිරීම සාමාන්‍ය සිරිතයි. මේ වෙනුවෙන් විශේෂ මෙහෙවරක් ඉටු කරන සුජාතා විද්‍යාලය සිය සිසුවියන් පිරිවරාගෙන සංස්කෘතික සංදර්ශනයක් පැවැත්වීමට පසුගියදා කටයුතු කරන ලදි. මෙම ප්‍රදර්ශනය පසුගියදා නෙළුම් පොකුණ රඟහලේදී පැවත්වුණි.
ප්‍රාථමික අංශයේ සියලුම දියණිවරු මේ සඳහා සහභාගි වූහ. මේ ප්‍රසංගය සඳහා සංස්කෘතිකාංග රැසක් යොදා ගැනීමට කටයුතු කළ අතර, සාම්ප්‍රදායික මෙන්ම බටහිර නර්තනාංග ද නාට්‍යාංග ද යොදා ගැනීමට සුජාතාවෝ කටයුතු කළහ. මේ ප්‍රසංගය අර්ථවත් කිරීමට ප්‍රාථමික අංශයේ දියණිවරු 1100ක් සහභාගි වූහ. එකිනෙකට වෙනස් වූ අලංකාර නර්තනාංග අංග පැවැත්වීමට බොහෝ දියණිවරු එක්වූහ.
මේ අවස්ථාවට තුර්කි රාජ්‍යයේ තානාපති, බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ සහකාර ලේකම් සුජීවා පල්ලියගුරුගේ, කලාකීර්ති රවිබන්ධු විද්‍යාපති, මාධ්‍යවේදිනී ඔමායා කෝවිලගොඩගේ යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.
සංස්කෘතික අංග මිනිසුන්ගෙන් ඈත්වී යන අවස්ථාවක පාසලක් ලෙස මේ ගෙන ඇති තීරණ අපි අගය කරන්නෙමු. බොහෝ දෙනා තමන්ගේ සංස්කෘතියෙන් බැහැරවී යන යුගයක පාසලක් ලෙස මේ සිදු කරන මෙහෙවර ඉතා අගය කළ යුතු ය. මේ සඳහා කැපවී සේවය කළ විදුහල්පතිතුමිය, පාසලේ අධ්‍යක්ෂතුමිය ඇතුළු ගුරු මණ්ඩලයට අපි ස්තූතිවන්ත වෙමු.
ඡායාරූප- නිශ්ශංක විජේරත්න