Home » Blog » Madeline Film (මැඩලින් චිත්‍රපටය)

Madeline Film (මැඩලින් චිත්‍රපටය)

by thanushika
0 comments

මැඩලින් ළමා චිත්‍රපටය Ludwig Bemelmans විසින් රචනා කරන ලද ළමා පොත් මාලාව සහ මැඩලින් නමින්ම සජීවිකරණ රූපවාහිනි කතා මාලාව ඇසුරින් 1998 වසරේදී නිර්මාණය වූ ළමා චිත්‍රපටයකි. මෙම ළමා චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන ලද්දේ ඩේසි වොන් ෂර්ලර් මේයර් (Daisy Von Scherler Mayer)) විසිනි. මැඩලින් ළමා චිත්‍රපටයෙහි තිර රචනය කරන ලද්දේ Mark Levin Jennifer Flackett  විසින් ය. Saul Cooper, Pancho Kohner, Allyn Stewart විසින් මෙම ළමා චිත්‍රපටය නිෂ්පාදනය කරන ලදි. Jeffrey Wolf  විසින් මැඩලින් ළමා චිත්‍රපටය සංස්කරණයකර ඇත. මෙය සිනමාකරණය කර ඇත්තේPierre Aim x. Michel Legrandවිසින් මෙම ළමා චිත්‍රපටයට සංගීතය සපයා ඇත. මැඩලින් චිත්‍රපටයේ නිෂ්පාදන සමාගම වන්නේ Tristar Pictures ය. මෙම ළමා චිත්‍රපටයේ මැඩලින් පොත් හතරක කතන්දර ඇතුළත් වේ. වර්ෂ 1998 ජූලි 10 වැනිදා මැඩලින් ළමා චිත්‍රපටය නිකුත්කර ඇත. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට මැඩලින් ළමා චිත්‍රපටය පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

වර්ෂ 1956දී පැරිසීයේදී , මැඩලින් නම් යොවුන් දැරිය තවත් ගැහැනු ළමයින් එකොළොස් දෙනකු සමඟ කතෝලික බෝඩිමකට යනු ලබයි. මෙහි සිටි ආදරණීය කන්‍යා සොහොයුරියක් වන ක්ලැවෙල් විසින් මෙම ගැහැනු දරුවන්ට උගන්වනු ලබයි. උද්‍යෝගිමත් සූපවේදිනියක් වන හෙලීන් විසින් මෙම දරුවන් පෝෂණය කරනු ලැබේ. පවුලක් හෝ මුදල් නොතිබුණ ද, මැඩලින් ධනාත්මකව සිතන ගැහැනු ළමයෙක් වන අතර, තරමක් දඟකාර ලෙස ද කටයුතු කරයි. මේ කතාවේ නිරූපණය වන පාසලේ හිමිකරු කොවිංටන් සාමිවරයාගේ බිරිය මේ වන විට මියගොස් සිටි බැවින් නිවෙස විකිණීමට ඇති ඔහුගේ අභිප්‍රාය හෙළි කරයි. තම පාසල වැසීමෙන් බේරා ගැනීම, අසල්වැසි පිරිමි ළමයා මෙල්ල කිරීම සහ දුෂ්ටයකු වන ඔහුගේ සැලැස්ම ප්‍රවර්ධනය කිරීම වැළැක්වීම මැඩලින් සහ ඇගේ මිතුරන්ට භාර වේ.

මැඩලින් ළමා චිත්‍රපටය වර්ෂ 1997 සිට වර්ෂ 1998 ජනවාරි දක්වා පැරිසීයේදී ප්‍රධාන රූගත කිරීම් සිදුකර ඇත. එවකට 9 හැවිරිදි වියෙහි සිටි ඉංග්‍රීසි නිළි හැටි ජෝන්ස් ප්‍රධාන චරිතයට පණ පොවන ලදි. පොත්වල ඇති බොහෝ සිදුවීම් චිත්‍රපටයේ දක්නට ලැබිණි.

හැටි ජෝන්ස් මැඩලින් ලෙසත්, Kristian De La Osa Pepito ලෙසත්, ක්ලෙයාර් තෝමස් අගතා “ඇගී” ලෙසත්, ලුසින්ඩා රේචල් ඩෙනිස් ලෙසත්, Eloise Eonnet  සිල්වෙට් ලෙසත්, Morgane Farcat, Marie-Odile  ලෙසත්,Pilar Garrard  බියට්‍රිස් ලෙසත් , එමිලි ජෙසුලා එලිසබෙත් ලෙසත්, ඇලිස් ලැවෝඩ් වෙරෝනිකා ලෙසත්, Chantal Christina Mangani  ලෙසත්, සෙරීනා ජෙසිකා මේසන් ලෙසත් මෙම ළමා චිත්‍රපටයේ ළමා චරිතවලට පණපොවා ඇත. වැඩිහිටියන්ගේ චරිත සඳහා ෆ්‍රාන්සස් මැක්ඩෝමන්ඩ් ක්ලැවෙල් මෙණෙවිය ලෙසත්, නයිජල් Hawthorne Cucuface Covington  ලෙසත්, ස්ටෙෆාන් ඕඩ්‍රන් මාරි – ගිල්බර්ට් කොවිංටන්ගේ ආර්යාව ලෙසත්, ආර්ටුරෝ වෙනිගාස් ස්පාඤ්ඤ තානාපතිවරයා ලෙසත්, Katia Caballero මහත්මිය ස්පාඤ්ඤ තානාපතිනිය ලෙසත්, Katia Tchenko මහත්මිය උස්බෙකිස්තාන් තානාපති ලෙසත්, බෙන් ඩැනියෙල්ස් ලියෝපෝල්ඩ් ගුරුවරයා ලෙසත් රඟ දක්වා තිබේ.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department