Home » Blog »  පිටපත් රචනයට දස්කම් දක්වන නඳුන් දර්ශන ප්‍රේමතිලක

 පිටපත් රචනයට දස්කම් දක්වන නඳුන් දර්ශන ප්‍රේමතිලක

by thanushika
0 comments

විවිධ දක්ෂතා ඇති දරුවෝ බොහෝ ය. ඔවුහු තමන්ගේ හැකියාවන් ඔප්නංවමින් පාසල මෙන්ම තමන්ගේ ජීවිතය ද ජය ගැනීමට උත්සාහ දරති. නිර්මාණකරණය යනු විවිධ ක්ෂේත්‍ර කෙරෙහි විහිදී ගිය වටපිටාවකි. වේදිකාව, පිටපත් රචනය, රඟපෑම මෙන්ම කලා අධ්‍යක්ෂණය කෙරෙහි ද ඇතැම්හු දක්ෂතා දක්වති. එවැනි දක්ෂතා ඇති දරුවකු පිළිබඳ කතා කිරීමටයි මේ සූදානම. ඔහු රත්නපුර සීවලී මධ්‍ය විද්‍යාලයේ නඳුන් දර්ශන ප්‍රේමතිලකය. අපි දැන් ඔහු කියන කතාව අසමු.

”මම කුඩා කාලයේ සිටම නිර්මාණකරණයට ගොඩක් කැමැතියි. නිර්මාණකරණය කියන්නේ ආයාසයෙන් ලබා ගන්න බැරි දෙයක්. නිර්මාණයක් කිරීමට අපට හැකියාව ලැබෙන්නේ සහජයෙන්ම ලැබෙන දක්ෂතා නිසා. බොහෝ යාළුවන් තමන්ගේ සහජ දක්ෂතා හඳුනා ගන්නේ නැහැ. හඳුනා ගත්තත් ඒවා ක්‍රියාවේ යොදවන්නේ නැහැ. සමහර වෙලාවට අධ්‍යාපන කටයුතු නිසා වෙන්න පුළුවන්. ඒත් අපි ජීවිතය සමබර කරගන්න උත්සාහ දරන්න අවශ්‍යයි. අද හෙට කියලා හැම දෙයක්ම කල්දාන එකේ තේරුමක් වෙන්නේ නැහැ. අපි අද කළ යුතු දේ අදම කරන්න අවශ්‍යයි. එතකොට තමයි අපේ ජීවිතය අර්ථවත් වෙන්නේ.”

” මම පාසලේ වේදිකා නාට්‍යවලට සම්බන්ධ වෙලා තිබෙනවා. ඒ වගේම වීදි නාට්‍යවලටත් සම්බන්ධ වෙලා වැඩ කටයුතු කළා. ඒක හරිම විනෝදකාමීයි. වේදිකා නාට්‍යයක් හෝ වීදි නාට්‍යයක් වුවත්, මේ හැම දෙයකට මම දායකත්වය ලබා දුන්නා. ඒක මම කළේ හරිම සතුටෙන්. අපේ රොකට් චිත්‍රපටයටත් මම දායක වුණේ ස්වකැමැත්තෙන්මයි. ඒකෙ පිටපත රචනා කළේ මමයි. මේ හැම දෙයකට අපේ කණ්ඩායමේම සහයෝගය ලැබුණා. මෙහිදී අපට යෝධ සෙවණැල්ලක් වුණු සකුන්තලා මිස් අපට අමතක කරන්න බැහැ. සකුන්තලා මිස් විතරක් නෙවෙයි එයාගේ පවුලේ අයගෙනුත් අපට සහයෝගයක් ලැබුණා.”

”මම කලා විෂයන්වලින් අ.පො.ස උසස් පෙළ හදාරනවා. මේ වගේ නිර්මාණවල යෙදෙන්න ඒක මට ලොකු සහයෝගයක් වෙනවා. අපේ පාසලේ හිටපු විදුහල්පතිතුමා මෙන්ම වර්තමාන විදුහල්පතිතුමාත් අපට විශාල සහායක් ලබලා දෙනවා. ඒක අපේ නිර්මාණවලට පිටිවහලක්. ගුරු මණ්ඩලය මෙන්ම මව්පියන් ලබලා දෙන දිරියත් අපට ලොකු ආශීර්වාදයක්. ඉදිරියේදී චිත්‍රපට ක්ෂේත්‍රයට දිගටම රැඳී සිටීමට අප බලාපොරොත්තු වෙනවා.”

ඔහුගේ සියලු බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටුවේවා යැයි අපි මිහිර වෙතින් සුබ පතමු.

රූපාන්ති බුලත්සිංහල

ඡායාරූප – නිශ්ශංක විජේරත්න

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department