මගේ ලෝකයේ වීරයා
මගේ ලෝකයේ වීරයා වන්නේ මගේ තාත්තා ය. තාත්තා වෙහෙස මහන්සි වී මා වෙනුවෙන් වැඩ කරයි. මාව පෝෂණය කරන්නේ තාත්තා ය. මම තාත්තාගේ ගතිගුණවලට ගොඩක් කැමැතියි. අම්මා ගෙදර වැඩ කරමින් මාගේ අධ්‍යාපන කටයුතු සොයා බලද්දී තාත්තා කරනුයේ මට අවශ්‍ය දේවල් සැපයීමයි. මම කැමැති ඕනෑම දෙයක් මගේ තාත්තා මට ගෙනැවිත් දෙයි. මගේ තාත්තා වගේ තාත්තා කෙනකු ලැබීම පිළිබඳ මට විටක ආඩම්බරයක් ද ඇති වේ. තාත්තා මාව පාසලට එක්කගෙන යයි. ඒ වගේම තාත්තා අම්මාත් මාවත් විනෝද ගමන් එක්කගෙන යයි. තාත්තේ ඔබේ ගුණ මට සෑම විටම සිහිපත් වෙයි. එනිසා සෑම දිනකම මගේ වීරයා වන්නේ මගේ ආදරණීය තාත්තා ය. මගේ ජීවිතේ මා ලැබූ හොඳම උපදේශකයා වන්නේ ද තාත්තා ය. මේ ලෝකයේ බොහෝ වීරයෝ සිටියත් මගේ ලෝකයේ වීරයා තාත්තා ය. සෑම තාත්තා කෙනකුම දරුවාගේ ලෝකයේ වීරයකු විය යුතු යැයි මම සිතමි. මන්දයත් තාත්තා යනු දරුවකුගේ ලෝකයේ පෙරගමන්කරු ය. මගේ තාත්තේ මම ඔයාට ගොඩක් ආදරෙයි.
ඔනිෂි දනුල්යා පහන්දි
6 ශ්‍රේණිය
තංගල්ල බාලිකා විදුහල
තංගල්ල
කුරුම්බැට්ටි මැෂිම
කුරුම්බැට්ටි ගෙඩිය අරන්
පොතු ගලවා ඉරටු දමා
තාත්තා මට හදලා දුන්න
කුරුම්බැට්ටි මැෂිම මගේ
වැටේ තියෙන ගසක කොළේ
අරගෙන මැෂිමට තියලා
කිටි කිටි සද්දෙන් කරකා
මම මැහුවා ඒ මැෂිමෙන්
මැෂිමෙන් කොළයක් මහද්දි
බූලා කිටී ළඟට ඇවිත්
මැෂිම දිහා බලන් ඉ¼දී
හරි සතුටින් මා එක්කම
හිරුති ප්‍රශංසා රන්දුනු
6 ශ්‍රේණිය
මිනු/ නාලන්දා බාලිකා විදුහල
මගේ රට
මගේ රට ඉන්දියන් සයුරේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් ලස්සන රටකි. මෙවැනි රටක මා ඉපදීම වාසනාවකි. අපේ රටේ අග නගරය වන්නේ ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරයයි. මගේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් ආදී විවිධ ජන කොටස් ජීවත් වෙති. මගේ රට සොබා සෞන්දර්යයෙන් පිරි අලංකාර රටකි. දිය ඇලි, ලස්සන කුරුල්ලෝ, දුර්ලභ ගස් වැල් වර්ග මගේ රටේ තිබේ. මේ රට පාරාදීසයක් බඳු යැයි මට සිතෙයි. ලෝකයේ අනෙක් රටවල් සමඟ සැසඳීමේදී මගේ රටේ ගිනි කඳු, නායයෑම්වලින් අවම රටකි. එහෙත් ඉඳහිට ගංවතුරවලින් අප පීඩාවට පත් වේ. එහෙත් ඒ අපේම වැරැදි නිසා යැයි මට සිතෙයි. එනිසා අප, අපේ වැරැදි දුර්වලතා සාදාගෙන අපේ රටේ පරිසරයට හානි නොවන ලෙස කටයුතු කළ යුතුයි. මෙයින් අපේ රට සැමදාම රැක ගැනීමට අපට හැකියාව ලැබේ. මම මගේ රටට සෑමදාම ආදරෙයි.
ජනූ ආදිත්‍යා
3 ශ්‍රේණිය
හ/තංගල්ල ප්‍රාථමික විදුහල
තංගල්ල
නිල් අහසත් අපි වගෙයි
නිල් අහස හරිම ලස්සනයි. මම උදෑසනට මෙන්ම සවසට ද අහස දෙස බලමි. රෑට මල් පිපිලා වගේ අහසේ තරු පායා තිබෙනවා. පාට පාට වලාකුළු එහා මෙහා යනවා. හිරු එළිය වැටුණහම වලාකුළු හරිම ලස්සනයි. මට ගොඩක් වෙලා අහස දිහා බලාගෙන ඉන්න හිතෙනවා. පුංචි අපිත් පාට පාට දේවල්වලට ගොඩක් කැමැතිය. ඒ වගේ ඉක්මනින් වෙනස් වෙලා අලුත් දේවල් කරන්නත් අප කැමැතියි. අහසත් ඒ වගේමයි එක වෙලාවකට වහිනවා. තවත් වෙලාවකට පායනවා. මොනවා වුණත් හරිම සුන්දරයි. රෑ අහසේ තරු රටා දිහා බලාගෙන බොහෝ දේවල් නිරීක්ෂණය කරන්නත් මම කැමැතියි. මේ නිරීක්ෂණය මට කියලා දුන්නේ මගේ අම්මා. අම්මා පුංචි කාලේ ඒ නිරීක්ෂණය කිරීම්වලට මාව පුරුදු කළා. අපේ පාසලේ විද්‍යා ගුරුවරුත් ඒ දේවල් අපට කියා දෙනවා. ඇත්තටම අහස කියන්නේ හරිම ලස්සන වස්තුවක්. අහස දිහා බලලා ඉගෙන ගන්න අපට බොහෝ දේවල් තියෙනවා.
විදුනි අනුජනා දිසානායක
5 ශ්‍රේණිය
මලියදේව බාලිකා විද්‍යාලය
කුරුණෑගල
හරි ලස්සන උදෑසන
හිරු කුමරා පෙරදිග අහසේ දිලිසෙමින් පායාඑයි. කුරුලු රෑන් කෑම සොයා වේගයෙන් පියාඹති. පිනි බිඳු මල් පෙති මත වැටී දිලිසෙයි. හිරු කුමරා මුළු පරිසරයම ආලෝකවත් කරයි. අම්මා මුළුතැන්ගෙයි මහන්සි වී වැඩ කරයි. අපි පාසල් යෑමට සැරසෙන්නෙමු. අහසේ වලාකුළු පාවෙමින් එහේ මෙහේ යයි. සුළඟ වලාකුළු එහාට මෙහාට ඇදගෙන යයි. කුරුල්ලෝ පියාඹති. මල් සිනාසෙනු සේ මට පෙනෙයි. මී මැස්සෝ රොන් සොයා පියාඹති.
සනුක උදම්මෙන්
3 ශ්‍රේණිය
හ/ තංගල්ල ප්‍රාථමික විදුහල
තංගල්ල