නුවන් පිනවන රූස්ස ගසින් හෙබි ලඳු කැලෑ ගත නළවන සිසිල් දිය විසිරෙන දිය ඇළි, දෙසවනට සුවය ගෙනෙන සියොතුන්ගේ විවිධාකාර වූ නාද රටා, සුගන්ධවත් වූ පුෂ්පයන්හි සුවය විඳීන තුරුලතා අනේක විධ හැඩ මතුකරමින් ගලා යන ගංගා ඇළ දොළ සොබාදහම් මාතාව විචිත්‍රවත් කරන සතා සිව්පාවා යන සියලුම ජීවීන්ගේ හා අජීවීන්ගේ එකතුව පරිසරයයි. පරිසරය ඉතා සරලව හැඳීන්විය හැක්කේ අප අවට ඇති වටපිටාව ලෙසයි.
මේ ආකාරයේ සුන්දර විචිත්‍රවත් විවිධාකාර වූ පරිසරය දැකීමට අපේ නෙත් පෙරුම් පුරයි. අතීතයේ මුතුන්මිත්තෝ මේ පරිසරයෙන්ම වැඩ ගත්හ. මේ පරිසරයෙන් ලැබෙන දේවල්ම තමන්ගේ ප්‍රයෝජනයට ගත්තේ ඉතා භක්තියෙනි. එහෙත් ප්ලාස්ටික් පැමිණීමත් සමඟ මේ සියල්ලට තහංචි වැටී ඇත. බොහෝ දෙනා තමන්ගේ පරිභෝජනය සඳහා ප්ලාස්ටික් යොදා ගනිති. එහෙත් මෙයින් අප ඈත්විය යුතු ය. අතීතයේ මෙන්ම වර්තමානයේ ද සොබාදහම වෙත ළං විය යුතු ය.
තෙනුරි නවිත්මා කීර්තිසේන
5 ශ්‍රේණිය
කු/ මලියදේව බාලිකා විද්‍යාලය
කුරුණෑගල