Home » Blog » පැන්ඩා මෙහෙයුම

පැන්ඩා මෙහෙයුම

by thanushika
0 comments

චිත්‍රපටයක් යනු සරලවම කිවහොත් මනස වෙනත් දිශාවකට නැඹුරු කරන අපූරු බෙහෙතක්. එම චිත්‍රපට තුළින් තමන්ගේ රසාස්වාදය අනුව තෝරා බේරාගෙන චිත්‍රපට නැරැඹීම අද සමාජයේ බොහෝ දෙනා ප්‍රිය කරන දෙයක්. මෙය විනෝදාංශයක් වශයෙන් ද පවත්වාගන්නා අය බොහෝ සිටිනවා. ක්‍රියාදාම, ත්‍රාසජනක, ශෝකාන්ත මෙන්ම උත්ප්‍රාස චිත්‍රපට ආදී එකිනෙකට වෙනස් ගණයේ චිත්‍රපට බොහොමයක් බිහි වෙන බව ලෝකය දෙස බැලූ කල්හි ඕනෑම කෙනකුට එය තේරුම් ගැනීමට හැකියාව තිබෙනවා.
චිත්‍රපට අපට එක් එක් ආකාරයෙන් වර්ග කිරීමට හැකියි. ඒ අතර ඉතා විනෝදකාමී ලෙස නැරැඹීමට හැකි චිත්‍රපට ලෙස ළමා චිත්‍රපට හැඳීන්විය හැකියි. එම ළමා චිත්‍රපට ලංකාවේ මෙන්ම ලෝකයේ ද ඉතා ශීඝ්‍රයෙන් බිහිවෙමින් පවතිනවා. කුඩා ළමයින් සෑම දෙනාම මෙම ළමා චිත්‍රපට නැරැඹීමට බොහෝ සෙයින් ආශා කරනවා. ඇයි ද කිවහොත් ඒ අය මෙම ළමා චිත්‍රපට මඟින් වින්දනයක් මෙන්ම විශාල සතුටක් ද ලබනවා. ඒ නිසා ලෝකයේ චිත්‍රපට පිළිබඳ අධ්‍යයනය කිරීමෙන් මේ ගැන අපට අවබෝධ කරගන්න පුළුවන්.

ලෝකයේ චිත්‍රපට පිළිබඳ විමසා බලද්දී බොහෝ චිත්‍රපට අපට හමු වෙනවා. උදාහරණයක් ලෙස පැන්ඩා මෙහෙයුම (Panda Plan)) ළමා චිත්‍රපටය හැඳීන්වීමට පුළුවන්. මෙම පැන්ඩා මෙහෙයුම ළමා චිත්‍රපටය ජැකී චෑන් නම් ළමා චිත්‍රපට නිර්මාතෘ විසින් චීනයේ නිර්මාණ කරන ලද්දක්. මෙම පැන්ඩා මෙහෙයුම චිත්‍රපටය නැරැඹීමට කුඩා දරුවන් සෑම දෙනාම කැමැතියි. එයට හේතුව මේ ළමා චිත්‍රපටය ළමයින්ගේ මනසට ඉතා තදින්ම කාවැදී තිබීමයි. පැන්ඩා මෙහෙයුම නම් චිත්‍රපටය සෑම ළමයකුටම ඉතා රසවත් මෙන්ම විනෝදජනක කතාවක්. ළමයින් සෑම වේලාවකම මෙම චිත්‍රපටයේ අත්දැකීමට සමාන අත්දැකීම් ලබා ගැනීමට ආසා කරනවා. එයට හේතුව විනෝදජනක වීමට සම්පූර්ණයෙන්ම හැඩගන්වන ලද චරිත මෙම ළමා චිත්‍රපටයේ ඇතුළත්ව තිබීමයි. මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට මූලික වී ඇති කතාව වන්නේ ජැකී චෑන් නම් ජනප්‍රිය සටන් නළුවාට දුර්ලභ ගණයේ පැන්ඩා පැටවකු හදා වඩා ගැනීමට ආරාධනාවක් ලැබීමයි. මෙම අවස්ථාව ජැකී නම් පුද්ගලයා ඉතා කැමැත්තෙන් පිළිගන්නවා. එයට හේතුව ඒ සඳහා බොහෝ ප්‍රේක්ෂකයන්ගේ ආදරය හිමි වීමයි. එහෙත් අවාසනාවකට දරුණු මැර කල්ලියකුත් මේ පැන්ඩා පැටියව පැහැර ගැනීමට උත්සාහ ගන්නවා.

මේ පැන්ඩා මෙහෙයුම චිත්‍රපටය නරඹන පුංචි ළමයින් ක්‍රියාදාම තරුවක් ලෙස චෑන්ගේ තත්ත්වය ගැන විහිළු කරමින් විනෝදයෙන් නරඹනවා. ඇත්ත වශයෙන්ම මෙම චිත්‍රපටය නැරැඹීමට හේතු වන්නේ පැන්ඩාව පැහැර ගැනීමේදී ජැකී චෑන්ට පැන්ඩාව බේරගන්න පුළුවන්ද යන්නත්, කවුද පැන්ඩාව පැහැර ගන්න එන කල්ලිය යන්නත්, පැන්ඩාව පැහැර ගන්න හේතුවන කාරණාත් නිසායි. ඕනෑම කෙනකු මේ ගැන සිතා මේ චිත්‍රපටය නැරැඹීමට ආශා කරනවා. කෙටියෙන්ම කිවුවොත් මෙය ජැකී චෑන්ගේ පරමාදර්ශී අනුවාදයකි. මෙහිදී ඔහු ඇත්තටම වාදනය කරන්නේ ජැකී චෑන් යන කීර්තිමත් සිනමා තරුව යන වචනයයි. ඉතින් මේ හේතූන් නිසා සෑම කුඩා දරුවෙක්ම මේ ආකාරයේ ළමා චිත්‍රපට නරඹන්න ආශා කරනවා.

ලෝකයේ නිෂ්පාදිත බොහොමයක් ළමා චිත්‍රපට අතර මේ චිත්‍රපටයේ කැපී පෙනෙන ලක්ෂණ තියෙනවා. එයට හේතුව වන්නේ ඒවා නිර්මාණය කරන පුද්ගලයන් ඒ සඳහා ගැළපෙන ආකාරයෙන් සංසිද්ධි නිර්මාණය කරලා තියෙන නිසායි. කුඩා ළමයින්ගේ සිතට මෙන්ම මනසට ද ඉතා තදින් ඒවා කා වැදීම එයට හේතුවයි. මේ නිසා මෙම පැන්ඩා මෙහෙයුම හෙවත් (Panda Plan)) ළමා චිත්‍රපටය ලෝකයේ ඉතා ජනප්‍රියත්වයට පත් වූවක් වුණා.

ඉහත දැක්වූ ළමා චිත්‍රපටය දෙස බැලූ කල්හි ළමා චිත්‍රපටයක් යනු කුමක්දැයි කියා අපට අවබෝධයක් ගන්නට පුළුවන්. ඒ සඳහා සුදුසු ආකාරයෙන් චරිත හා සංසිද්ධි තෝරා ගත යුතු ය. ඉතින් ලෝකය පුරා ඉතා ජනප්‍රිය ළමා චිත්‍රපටයක් ලෙස මෙම පැන්ඩා මෙහෙයුම (Panda Plan)) ළමා චිත්‍රපටය හඳුන්වන්න පුළුවන්.

හෙෂාරා නිසින්දි


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department