Home » Blog » නිදහස් චතුරස්‍රය

නිදහස් චතුරස්‍රය

by thanushika
0 comments

ආදරණීය දුවේ පුතේ, හැත්තෑ හත්වැනි නිදහස් සමරුවේ අභිමුව ඉන්න අපි අද උරුමයක වගතුග ලිපියෙන් නිදහස් චතුරස්‍රය පිළිබඳ තොරතුරු සොයා බලමු.

නිදහස සිහිගන්වන්නට ඉදි කෙරුණු ගොඩනැඟිල්ලක් වශයෙන් සැලකෙන මෙම ගොඩනැඟිල්ල 1948 දී ශ්‍රී ලංකාවට නිදහස ලැබීමෙන් පසු එම නිදහස දිනා ගැනීම අර්ථවත් කිරීම සඳහා නිර්මාණය කරන ලද අනුස්මරණ ශාලාවකි.

අප විසින් සමරන ලද පළමුවැනි නිදහස් උලෙළ නිදහස් භූමියේ ඉදිකරන ලද තාවකාලික උත්සව ශාලාවක පවත්වා ඇති අතර, ඒ සඳහා එංගලන්තයේ හයවැනි ජෝර්ජ් රජු නියෝජනය කරමින් ට්තධභජඥඵබඥපහි ආදිපාදවරයා (හෙන්රි කුමරා) හා එම මැතිනිය සහභාගි වී තිබේ. ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී. එස්. සේනානායක මහතාගේ කාලයේදී නිදහස් සමරුව පැවැත්වීම සඳහා ගොඩනැඟිල්ලක අවශ්‍යතාව මුලින්ම මතුවී ඇති අතර, එවකට රජයේ වැඩ අමාත්‍යවරයාව සිටි ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතා විසින් එම ගොඩනැඟිල්ල ඉඳිකිරීමේ කටයුතු ආරම්භකර තිබේ. ඒ අනුව තුරඟ තරග සමාජයට අයත් භූමි භාගයක් ඒ සඳහා යොදාගෙන තිබේ. 1949 පෙබරවාරි හතරවැනි දින එනම්, දෙවැනි නිදහස් දිනයේදී නව නිදහස් මන්දිරයේ ඉදිකිරීම සඳහා මුල්ගල තබා තිබේ. එම ගොඩනැඟිල්ල මහනුවර මඟුල් මඩුවේ ආකෘතියට අනුකූලව සැලසුම්කර ඇති අතර,

ඒ සඳහා ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පීන් අට දෙනකුගේ දායකත්වය ලබාගෙන ඇත. එහි නායකත්වය රජයේ වැඩ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පියා වශයෙන් සිටි බ්‍රිතාන්‍ය ජාතික ඊධථ ව්ඥමඪතතඥ එරදදඥ-බ්ධදඥඵ මහතා විසින් සැපයූ අතර, හදිසියේ අසු පිටින් ඇද වැටී සිදු වූ ඩී. එස්. සේනානායක මහතාගේ අභාවයත් සමඟ මෙම ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නැවතී ඇත. යළිත් එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිතුමා යටතේ මෙම ඉදිකිරීම් ආරම්භකර ඇති අතර, 1954 පෙබරවාරි හතර වැනි දින පැවැත්වූ නිදහස් උලෙළේදී මෙම ගොඩනැඟිල්ල විවෘතකර තිබේ.

ආසන හාරසියයකට අධික සංඛ්‍යාවක් පැනවීමේ හැකියාව ඇති මෙම ගොඩනැඟිල්ලේ විවෘත භූමිය 25,000ක පමණ ජනතාවක් රැස්ව සිටීමට ඉඩකඩ සහිතව ඉදිකර තිබේ. ඍජුකෝණාස්‍ර හැඩයෙන් ඉදිකර ඇති නිදහස් මන්දිරයට ප්‍රවේශ වීමට ප්‍රවේශයන් දෙකකි. එම ප්‍රවේශයන් කොරවක්ගල්වලින් යුත් පියගැටපේළිවලින් සමන්විත වේ. මන්දිරය වටා සතර දිසාව වෙත යොමු වූ සිංහ රූප හතරක් දක්නට හැකි අතර, එමඟින් ශ්‍රී ලාංකික ජාතියේ අභිමානය නිරූපණය වේ.

මෙහි බිත්ති විජයාගමනයේ සිට ඇරැඹෙන සිංහලයාගේ ඉතිහාස කතාව සිතුවමට නඟා අලංකාරකර ඇති අතර, අතීත වීරයන්ගේ පිළිරූ එහි ප්‍රදර්ශනයකර තිබේ.

ඩී. එස්. සේනානායක මහතාගේ පිළිරුවක් ද නිදහස් මන්දිරය ඉදිරියෙන්ම ඉදිකර ඇත්තේ නිදහස වෙනුවෙන් ඔහු විසින් ලබා දෙන ලද දායකත්වය සිහිපත් කිරීම උදෙසා ය. 1983 අප්‍රේල් මස 2 වැනි දින රැස්වූ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙම ගොඩනැඟිල්ල සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයට පවරා දී තිබේ. ලාංකික අභිමානය ලෝකයට කියාපාන අභිමානවත් ගොඩනැඟිල්ලක් වශයෙන් මෙම ගොඩනැඟිල්ල හඳුන්වාදිය හැකි අතර, වර්තමානයේ එහි කෞතුකාගාරයක් ද ස්ථාපිතකර ජනතාවට දැනුම ලබාදීම ද සිදුකරනු ලැබේ. එම කෞතුකාගාරය 2008 පෙබරවාරි හතරවැනි දින මහජන ප්‍රදර්ශනය උදෙසා විවෘතකර ඇත. මෙම කෞතුකාගාරයෙහි දක්නට ලැබෙන තවත් විශේෂ අංගයක් වන්නේ 1983 සිට ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන්කර අරගලවලදී මිය ගිය යුද හමුදා, ගුවන් හමුදා, නාවික හමුදා හා පොලීසිය, සිවිල් ආරක්ෂක බළකායට අයත් සියලු රණවිරුවන්ගේ පෞද්ගලික තොරතුරු ඇතුළත් කොට සකස් කරන ලද පුස්කොළ පොත් එකතුවක් ප්‍රදර්ශනයට තබා තිබීමයි. එහි අඩංගු වී ඇති තොරතුරු පරිශීලකයන්ගේ ප්‍රයෝජනය සඳහා ලිපිගොනු වශයෙන් ද සකස්කර ඇත. එම දත්ත, ඡායාරූප ඇතුළත් කොට පරිගණක මෘදුකාංගයක් ද නිර්මාණයකර තිබේ.

ලක්නා නිරෝෂිමාලා


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department