භාරත බාලදක්ෂ සංගමයේ 75 වැනි රජත ජයන්ති සමරු ජම්බෝරිය ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තිරුචිපාලිහිදී පැවැත් වේ. එයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 38 දෙනකුගෙන් යුත් බාලදක්ෂ කණ්ඩායමක් සහභාගි වන අතර, ජාතික ධජය භාරදීමේ නිල උත්සවය ශ්‍රීි ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රථම ලේකම් ආචාර්ය.සී. රම්බාබු, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු, ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ජාත්‍යන්තර කොමසාරිස් විශේෂඥ වෛද්‍ය රජීව පීරිස්, සහය මූලස්ථාන කොමසාරිස් දර්ශන රණතුංග යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ශ්‍රී ලංකා කණ්ඩායම් නායක ගීත් රමේෂ් මහතා හට ජාතික ධජය භාරදීම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතා විසින් සිදු කරන ලදි. 75 වැනි රජත ජයන්ති ජම්බෝරියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නිල ඹඥඡ අඩවිය එළිදැක්වීම ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.