ගමරාලගේ කතාව
අපේ ගමරාල පුහුල් උයලා කන්න හරිම ආසයි. ඒ වගේම ගමරාලගේ දුවයි පුතයි පුහුල් දෝසි කන්න හරිම ආසයි. ගම හාමිනේ රස ගුණ පිරි කෑම හදන්න හරිම ආසයි.
ඔන්න දවසක් ගමරාල පුහුල් කඩා ගන්න කියලා ගියා හේනට. “මොනවා හොඳම පුහුල් ගෙඩිය හොරු කඩාගෙන ගිහිල්ලා නේද?” පුහුල් කඩාගෙන යයි කියලා පඹයා දකියි කියලා ඔළුව බිඳලාම ගිහිල්ලා. ඒක දැකලා ගමරාලට හොඳටම කේන්තියි. ගමරාල මුළු ගමටම පණිවිඩයක් ඇරියා කුඹුරෙන් කපා ගත්ත වී කුරහන් දානයක් දෙනවා දුප්පත් අය දැන්ම ගම ගෙදරට එන්න කියලා. ඔන්න පණිවිඩය ලැබුණු ගමේ දුප්පත් මිනිස්සු ඇවිත් ගමරාලගෙන් වී කුරහන් මලු ඉල්ලාගෙන සතුටින් යන්න ගියා.
“බලන්නකෝ මගේ හේනේ තිබ්බ හොඳම පුහුල් ගෙඩිය කවුද කඩාගෙන ගිහිල්ලනේ.මට උන්දැව අහුවුණොත් නම් බලාගමුකෝ” මේ විදිහට එන හැම කෙනකුටම මේ හොරකම ගැන කිව්වා. මේ හොරකම ගමේ හැමතැනම කතා වුණා.
ඉතින් අප්පුවටත් මේ ගැන ආරංචි වුණා. අන්තිමට වී කුරහන් මල්ල ගන්න ආවේ අප්පුවා. ගමරාල ළඟට අප්පුවා ආවේ බයෙන් බයෙන් වගේ. “අනේ අපේ ගමරාලට බොහෝම පින් අපි වගේ අයට මෙහෙම සලකනවට. ගමරාලගේ හේනේ තිබිච්ච පුහුල් ගෙඩිය හොරකන් කරලා නේද?” අප්පුවා ගමරාලගෙන් ඇසුවා.
“පුහුල් හොරා කරෙන් දැනේ” ගමරාල කිවුවා. ඒක ඇහුණා විතරයි අප්පු, වී කුරහන් මල්ල බිමින් තියලා උරහිස පිහිදාගත්තා.
ඉන්පසු අප්පුවා මෙසේ පැවසුවා “අපොයි මට සමාවෙන්න ගමරාල උන්නැහේ මම තමයි පුහුල් ගෙඩිය කැඩුවේ.”
එවිට ගමරාල අප්පුගෙන් මෙසේ ඇසුවා. “අප්පුවෝ ඇයි පුහුල් ගෙඩිය හොරකම් කරේ?”
” අලි ඇවිත් කුඹුරයි හේනයි විනාශ කරලා දරුවන්ට කන්න දෙයක්
විදිහක් නෑ. උන් බඩගින්නේ කෑ ගහනවා. ඒ හින්දයි මං නොකියම පුහුල් ගෙඩිය කඩා ගෙන ගියේ.” අප්පුවා පැවසුවා.
”මීට පස්සේ අඩු පාඩුවක් තියෙනව නම් මට කියන්න ඕනේ. මීට පස්සේ කිසිම දවසක හොරකම් කරන්න හොඳ නෑ. අනුන්ගේ දේවල් හොරකම් කරන්නේ නැතුව වෙහෙස මහන්සි වී වැඩ කරන්න පුරුදු වෙන්න ඕන” ගමරාල කිවුවා.
ජී. ආලෝකා ඉඳුමිණි
6 ශ්‍රේණිය
ගා/ ක්‍රිස්තුදේව බාලිකා විදුහල,
බද්දේගම
—————–
සිතුවිලි
ඔබ දැනුමෙන් පොහොසත් වන්න. යහපත් සිතුවිල්ලෙන් පොහොසත් වන්න.
එවිට කිසිවකුටත් ඔබට දුප්පත් යැයි කිව නොහැකි ය.
ටී. රෙහෙන්සා සිහෙළි
7 ශ්‍රේණිය
හ/ සිංගප්පූරු මිත්‍රත්ව බාලිකා විද්‍යාලය
——————-
ගුරු මව්නි පියාණෙනි
ගණ අන්ධකාරයට සඳ කිරණක් සේ
දහවලට ළහිරු මඬලක් සේ
නියම්බිමට වැටුණු මහා වරුසාවක් සේ
ගිම්හානයට ආ වසන්තය සේ
සුවහසක් දුවා දරුවන්ගේ
නැණ නුවණ පාදන්නට වෙහෙසුණේ
නුඹම පමණයි..
දහසකුත් දුවා දරුවන්
සිප් කිරෙන් පෝෂණයකර
අනාගත ලොව කිරුළු පලඳිනා විට
එදෙස බලා රහසේම හිනැහෙන
වෙන කෙනෙක් ඇද්ද මිහිමත
ගුරු දෙවිවරුන් හැර
නිමේෂා නිල්මිණි
6 ශ්‍රේණිය
ශ්‍රීපාලි විදුහල , හොරණ
———————–
සුන්දර සිරි ලක් මෑණි
අනුරාපුර පොළොන්නරුව
සෙංකඩගල දඹදෙණියයි
රුහුණු පිහිටි මායාරට
සිංහ කොඩියට සෙවණයි
රුවන්මැලි, මිරිසවැටිය,
දළදා හිමි රැකවරණේ
ගාමිණි, පැරකුම්, ගජබා,
දවසේ අටුකොටු පිරුණේ
සමාධි පිළිමය, අවුකන,
සීගිරියේ බිතුසිතුවම්
හෙළ දෑතේ මහිම කියයි
ගල් කැටයම්, ලී කැටයම්
කලා, තිසා, තෝපා, මහ
පැරකුම්බා සයුර වගේ
ගලා ඇදෙයි රන් දියවර
නිල්වන් කෙත් යාය දිගේ
පේරාදෙණි, හග්ගල, ගම්පහ
පැත්තෙන් මල් සුවඳයි
හලාවතින් මුතු මතුවෙයි
රත්නපුරේ මැණික් දිලෙයි
ඇත්නම් මද්දුම කුමරෙක්
වන්නට ලැබුණත් මරණේ
පින්කර උපදිම් යළි යළි
පින්බර සිරිලක් දෙරණේ
තිසර දහම් දිසානායක
11 ශ්‍රේණිය
සිරිධම්ම විද්‍යාලය.
ගාල්ල