ගම්පහ සුමේධ බාලදක්ෂ සමූහය නව වසරේ වැඩ ආරම්භ කරමින් විද්‍යාලයේ ආචාර්ය බංගලාදේශයේ සුමන ස්වාමීන් වහන්සේ විසින් පාසල් පරිශ්‍රයේදී සුමධුර ධර්ම දේශනාවක් පැවැත්වූහ. එම වැඩසටහන සිඟිති, පෝතක සහ බාලදක්ෂ අංශ සමඟ එක්ව බාලදක්ෂ නායිකා විසුද්ධිකා රණසිංහ මහත්මිය විසින් මෙය සංවිධානයකර තිබිණි.
පා ගමන් පාඨමාලාව නුවරඑළිය පීඩෲහිදී
ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ පුහුණු කිරීමේ අංශය මඟින් සංවිධානය කරන “පා ගමන් පාඨමාලාව” පෙබරවාරි මස 01 වැනිදා සිට 03 වැනිදා දක්වා නුවරඑළිය පීඩෲ බාලදක්ෂ ක්‍රියාකාරකම් මධ්‍යස්ථානයේදී පැවැත් වේ.
මෙය බාලදක්ෂ හා මානවක බාලදක්ෂ නායකයන් වෙනුවෙන් පවත්වනු ලබන අතර, ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස්, නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා මහතා ඇතුළු පුහුණු කිරීමේ මණ්ඩලය විසින් මෙය සංවිධානය කරනු ලබයි.