Home » Blog » යුදගනාව රජමහා විහාරස්ථ ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ දරුදැරියන්ට සහ ගුරුභවතුන්ට පාසල් පොත් සහ උපකරණ බෙදා දීම

යුදගනාව රජමහා විහාරස්ථ ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ දරුදැරියන්ට සහ ගුරුභවතුන්ට පාසල් පොත් සහ උපකරණ බෙදා දීම

by thanushika
0 comments

බුත්තල ඓතිහාසික යුදගනාව රජමහා විහාරස්ථ ශ්‍රී ධර්මෝදය දහම් පාසලේ ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සහ ගුරුභවතුන්ට පොත්පත් සහ පාසල් උපකරණ පරිත්‍යාගකිරීම ජනවාරි 19 දින විහාරස්ථ ධර්මශාලාවේදී පැවැත්විණි.

කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වන එස්. විජේනායක මහතා ඇතුළු පවුලේ සැම ඔවුන්ගේ දියණිය වන අමාෂා විජේනායක දැරියගේ ජන්ම දිනය නිමිත්තෙන් මෙම පරිත්‍යාගයන් සිදුකරන ලදි. මෙම අවස්ථාවට විහාරාධිපති ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන නායක ස්වාමීන්වහන්සේ ද සහභාගි වූහ.
ඩී. එස්. ගුණතිලක – ඌව වෙල්ලස්ස විශේෂ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department