29
බෙන්තොට , මහවිල කනිෂ්ඨ විද්‍යාලයේ තෛපොංගල් දින සැමරුම් උලෙළ ජනවාරි 19 දින එම විදුහලේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි .
විදුහල්පතිනී අනූෂා නිර්මලී රංචාගොඩ මහත්මිය ඇතුළු ගුරු මණ්ඩලය මවුපියන් සමඟ එක්ව සංවිධානය කළ මෙම උලෙළ ගවයාට සත්කාර කර දාස්පෙතියා මල් මාලයක් දැමීම, පොංගල් බත සෑදීම, දමිළ කෑම වර්ග සකසා සිසුන්ට ලබාදීම සහ විද්‍යාලයේ සෞන්දර්ය අංශය ඉදිරිපත් කළ දමිළ සෞන්දර්ය අංග රැසකින් සමන්විත විය.
ඌරගස්මන්හංදිය සමූහ – අයි. ජයරත්න