ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය සංවිධාන කළ පුහුණු , පෝතක සහ මාධ්‍ය සහය දිසා කොමසාරිස්වරුන්ගේ වැඩමුළුවක් ජනවාරි 18 වැනිදා ජාතික බාලදක්ෂ මූලස්ථානයේ දී පැවැත්විණි.
ජාතික පුහුණු කිරීමේ කොමසාරිස් කර්නල් පද්මලාල් පෙරේරා, සහය ප්‍රධාන කොමසාරිස් (මාධ්‍ය හා සංස්කෘතික ) ප්‍රභාත් කුලරත්න, සහය ප්‍රධාන කොමසාරිස් (පෝතක) රේණුකා සිල්වා යන මහත්ම මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ මේ වැඩමුළුව පැවැත්වුණු අතර, 2024 වර්ෂයේදී එම අංශ දිස්ත්‍රික් මට්ටමින් සිදුකර ඇති කාර්යය භාරය හා 2025 වසර සඳහා සිදුකළ යුතු කාර්යය භාරය පිළිබඳ මෙහිදී දැනුම්වත් කරන ලදි.
මේ අවස්ථාවට ප්‍රධාන බාලදක්ෂ කොමසාරිස් නීතිඥ ජනප්‍රිත් ප්‍රනාන්දු , නියෝජ්‍ය ප්‍රධාන කොමසාරිස් එම්. එෆ් .එස්. මුහීඩ් මහත්වරුන් ඇතුළු සහය ප්‍රධාන කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන්, සහය මූලස්ථාන කොමසාරිස්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.