හේතු විරහිත යෝධ හෙවණැල්ල..
පටන් ගැනීම් කිසිත් නැති
අවසන් වීමට සේයාවක් නැතී
හේතු විරහිතව
ලේ කිරි නොකෙරුවට
කඳුළු දහදිය මුතුකැට කරපු
රෑ තිස්සේ අඳුරට මුසුවුණු
කඳුළු කැට දෙක තුනකින්
ලියවෙන්න ඇතී
පිදූ…
පුතු සෙනෙහේ අවසානයක් නැති
තාත්තා
අවමය එළියට උපරිමය ඇතුළට කිඳා
බස්සන අපූරු කවියකි නුඹ…
වටිනා මුතු ගෙනත් දී
කිමිදිලා පතුලට සාගරය
අඟුළු හැර ලබා දී
පිවිසෙන්න ලෝකයට අවසරය
යෝධ හෙවණැල්ල යට නෑ කිසිත් දුක් කරදර
ප්‍රදර්ශනය නැති නිසා අමාරුයි
දරාගන්න තාත්තාගේ ආදරය
ජී. එල්. එස්. ඒ. නිම්නෝදි
10 ශ්‍රේණිය
හ/ශ්‍රී ලංකා සිංගප්පූරූ මිත්‍රත්ව විද්‍යාලය
———————-
උදෑසන වදන්
නැවුම් දවසක ඇරැඹුමක්
නැවුම් සතියක මුල් දිනක්
සිතේ ඇති රැසක් පැතුමන්
සපල වන සුබ උදෑසනක්
ජිවිතය විඳින්න නම්
අමාරුම මොහොතවල් දරාගන්න
ජීවිතය දිනන්න නම්
චෝදනා අපහාස ආශීර්වාද කරගන්න
සතුටින් ඉන්න නම්
වැටෙන කඳුළු ගානේ හිත හයිය කරගන්න
වැරැදුණා කියා, වෙනස්කළ හැකි ද අතීතය
වුවමනායි කියා, නැවැත්විය හැකි ද කාලය
දුකයි කියා, අත්හැර දැමිය හැකි ද ජීවිතය
කෙලෙස හෝ දරාගත යුතු ය එය
ඩබ්ලිව්. බී. ඉනුකි තෙනාරා
6 ශ්‍රේණිය
හ/ශ්‍රී ලංකා සිංගප්පූරූ මිත්‍රත්ව විද්‍යාලය
Paddy
Paddy dances in the breeze,
With a chillness enough to freeze.
The dawn frost kisses the paddy,
Like his own daddy.
But the dad of paddy is only the farmer,
Who is strong like a hammer.
Paddy doesn’t grow with water alone,
He grows with copious perspiration of the farmer’s own.
-Akeef Ahamed
වී
සුළඟේ ගොයම් පැළ නටන්නට විය,
මිදෙන්නට තරම් සීතලක් ද සමඟ.
හිමිදිරි තුහින ගොයම් පැළ සිප ගනී,
ඔහුගේ ම තාත්තා වාගේ.
එහෙත් ගොයම් පැළවල තාත්තා ගොවියා පමණයි.
ඔහු මිටියක් මෙන් ශක්තිමත් ය.
ජලයෙන් පමණක් ගොයම් වගාව සිදු නොවේ
වී යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වගා භෝගයයි. ශ්‍රී ලංකාව පුරා වී වගාව ව්‍යාප්ත වී තිබේ. වී වගා කිරීම සඳහා වැව් හා ඇළවල් ද අතීතයේ රජවරු විසින් ඉදි කර ඇත. එයින්, වී වගාවට සියවස් ගණනක ඉතිහාසයක් ඇති බව ද අපට මනාව ප්‍රකාශ කළ හැකි ය. වී වගාව ගැන කතා කළ විට වී වගාවේ නියැළී, වී වගාවට තම දිවි කැප කරන ගොවියා අපට අමතක කළ නොහැකි චරිතයකි. එහෙත් ඔබ අප කිසිවෙක් මෙම වී වගාව පිටුපස සිටින දැවැන්ත චරිතය ගැන සිතන්නේ නැත. මෙම වී අපට ලබාගැනීමට උපකාර කරන්නේ ගොවියා ය. එමෙන්ම අපව ජීවත් කරන්නේ ද ගොවියා ය. එම නිසා දඹදෙණිය යුගයේ සිටි පණ්ඩිත පරාක්‍රමබාහු රජු, “මඩ සෝදා ගත් කල ගොවියා රජකමටත් සුදුසුයි” යන ආප්තෝපදේශය ද ප්‍රකාශකර ඇත.
ඉහත කවිය ගොඩනැඟී ඇත්තේ වී වගාව ප්‍රධාන කර ගනිමිනි. එහෙත් මෙම කවියෙන් වී වගාව හා ගොවියාගේ මහත් ශ්‍රමය ද පාඨකයාට පිළිබිඹු කරයි. මෙම කවිය මා විසින් රචිත කවියක් වන අතර, “Quatrain” යන කාව්‍ය ගණයට අයත් කවියකි.
මෙම කවියෙහි කාව්‍යාලංකාර රාශියක් තිබේ. එනම් rhyming couplets හෙවත් එළිවැට (විරිත), Hyperbole හෙවත් අතිශයෝක්තිය, Personification හෙවත් පුද්ගලාරෝපණය හා simile හෙවත් උපමා ය.
Rhyming couplets යනු අනුප්‍රාසයයි. මෙම කවියෙහි Breeze-freeze, Paddy-daddy, Farmer-hammer, Alone-own යන පදවලින් තාලයක් සාදයි. එය Rhyming couplets නම් වෙයි.
Hyperbole යනු යමක ඇති ස්වාභාවික පෙනුම ඉක්මවා විස්තර කිරීමයි. එය අතිශයෝක්තිය නමින් ද පැහැදිලි කළ හැකි ය. මෙම කවියෙහි “Paddy dances in the breeze,”, යන්නෙන් ගොයම් පැළ සුළඟ සමඟ නටනවා යැයි පවසයි. එය Hyperbole නම් වෙයි.
Personification යනු අචේතනික දෙයට මනුෂ්‍ය ගුණයක් ලබා දීමයි. මෙම කවියෙහි “The dawn frost kisses the paddy,”, යන්නෙන් තුහින, උදෑසන ගොයම් පැළ සිප ගන්න බව පැහැදිලි කරයි. මෙය personification නම් වේ.
Simile යනු like හෝ චඵ යොදා ගනිමින් යමක් යමකට සමාන කිරීමයි. මෙම කවියෙහි ” The dawn frost kisses the paddy, Like his own daddy.” යන්නෙන් තුහින, ගොයම් පැළවල පියාට සමාන කර ඇත. මෙය Simile නම් වේ.
මෙම කවියේ අවසානයේදී ගොයම් පැළ සෑදෙන්නේ ජලයෙන් නොව ගොවියාගේ දහදිය
මුගුරු ජලයෙන් බව පාඨකයාට පෙන්වා දෙයි. මෙම කවිය ගොවියාගේ නිහඬ සේවය ලෝකයට විදහාපාන කවියකි.
අකීෆ් අහමඩ්
———————-
අම්මා
බලාපොරොත්තු ගොඩක් මැද සිහින මවා
දස මාසයක් කුසේ තබා ගෙන මෙලොවට
මා බිහි කළ ආදරණීය අම්මා
ගතේ රුධිරය සුදුවන් කිරට හරවා
ඇය නිරතුරුවම පෝෂණය කළා අහසටත් පොළොවටත්
ඉහළින් ලබාදෙන ආදරය නිරතුරුවම
වටිනවා නොඅනුමාන ය
ඔබේ නම අදටත් මගේ හදවතේ පවතින්නේ
ගලේ කෙටූ අකුරක් මෙනි
මේ නිසඳැස ඔබට උපහාරයක්ම වේවා!
කේ. ජී. ඕෂිනි මිතුනිකා
7 ශ්‍රේණිය
හ/ශ්‍රී ලංකා සිංගප්පූරූ මිත්‍රත්ව විද්‍යාලය
———————-
ගුරු දෙගුරුන්
තුඩින් තුඩ ගුරු පෙමින්
රස කළ සිප් කිරෙන්
අමා දිය පොවා
සවිය නැති විහඟුන්ට
ඔබ සවියක් වුණා අත්තටු සාදා
උරණ වීමත් භේදයකි
විටෙක පන්තිය සිසාරා යන
අඬ දබරකම් කොතෙක් කළත්
ඔබේ ගුරු හද පාරමින්
සිත් නොදෙයි අප හට තළන්නට
ඔබේ කරුණා ගුණ නිසා
එහෙත් ඉඳහිට සැරවුණත් ඔබ
මගේ ඉදිරිය ගැන තකා
එවිට දඬුවම සිහිව එද්දී
ඉබේටම කන රතුවෙලා
දස දෙසින් දිවි ගෙනෙන මාවතේ
නැණ ගුණින් පිරි යසස් දරු කැල
සිප් හලින් නික්මෙන දිනේ
මා නිසා හැඬුවා ඔබේ සිත
තද කරන් ඒ ගුරු සිතේ දුක
පරණ රෙද්දෙන් අලංකාර කළ
අලුත් පන්තියේ ගුරු මේසයට
පිවිසියා ඔබ මවු සිනා ගෙන
ඒ. ඩී. සී. චමත්කා නෙත්සරණි
6 ශ්‍රේණිය
හ/ශ්‍රී ලංකා සිංගප්පූරූ මිත්‍රත්ව විද්‍යාලය
———————-
බළලාගේ කරේ මිණි ගෙඩියක් බැන්දා වගේ වගේ
ඔන්න ඉස්සර කාලේ එක්තරා ගම ගෙදරක මීයෝ බෝ වුණා. ගමරාලට ගෙයි විසුමක් නැති තරම්. රංචු එහේ මෙහේ දුවනවා. ඌ ඕනෑ දේත් කපනවා එපා දේත් කපනවා. ගෙදර මිනිසුන්ට හරිම කරදරේ. කන බොන දේ විතරක් නෙවෙයි රෙදි, පොත්පත්, ලී දඬු පවා කපනවා. ගමරාල දහඅතේ කල්පනා කරලා ලොකු බළල් තඩියෙක් ගෙනාවා. මේ බළල් තඩියත් හරිම කඩිසරයි. බළලා ගෙනාව දවසේ ඉඳලා මී රංචුව එකා දෙන්නා හැමදාම අඩු වෙලා යනවා. දැන් මේ මීගහනය ශීඝ්‍රයෙන් වඳ වෙනවා. මේ ගැන මීයෝ තැන තැන කතා වුණා. මහ මීයා කිවුවා. “අපි රැස්වීමක් තියලා බළලාගෙන් බේරෙගන්න විදිහක් කල්පනා කරමු” කියලා. ඒක හැමෝම අනුමත කළා.
දවසක් මීයෝ, බළලා ගෙයින් එළියට යනකල් බලන් ඉඳලා දුම්මැස්ස උඩට එකතුවෙලා සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවේදී විවිධාකාර අදහස් යෝජනා ආවා. තරුණ මීයෙක් කිවුවා. “මම ඕකව ලේසියෙන් අත් අරින්නේ නෑ මරනවා” කියලා. තවත් මීයෙක් කිවුවා. “උඹලා ඔක්කොම මාත් එක්ක වරෙල්ලා. අපි ඔක්කොම උගේ පිටට පැනලා හපලා හපලා දාමු” කියලා. “බෑ බෑ ඒක කරන්න බෑ උඹලට අපිට. ඌ පොඩී එකෙක් නෙවෙයි. මරන්න යන්නේ නැතුව වෙන දෙයක් කරමු” කියලා වයසක මීයෙක් කිවුවා.
“ඉතින් අපි මේ රැස් වෙච්ච එකේ අපි ගහගන්න ඕන නෑ. එක එක අදහස් තියෙනවනේ කමක් නෑ කියමුකෝ තව අදහසක්” වැඩිහිටි මීයා කියන්නට වුණා. බැරිම තැන එක් මීයෙක් කියා සිටියා “අපි බළලාගේ කරේ මිණි ගෙඩියක් බඳිමු එතකොට බළලා එනකොට සද්දේ ඇහෙනවනේ අපට හැංගෙන්න පුළුවන්” කියලා.
“ඇත්ත නේන්නම් ඒක නම් හොඳ අදහස “ මීයෙක් කිව්වා. ඒ යෝජනාවට වැඩි මනාපයක් එකතු වුණා.
“මං දැක්කා දුමේ කොනට තියෙනවා පුංචි මිණි ගෙඩියක්. ඒක, එක දවසක් මං දුවනකොට බිම වැටිලා මහා සද්දයකුත් ආවා. අපිට පුළුවන් ඒක බළල් තඩියාගේ කරේ එල්ලන්න “ මීයෙක් ආඩම්බරයෙන් කියා ගෙන ගියා.
හැමෝටම සතුටුයි. එක මීයෙක් මිණි ගෙඩිය ගෙනාවා. හයිය නූලකුත් හොයාගත්තා. මාලයක් වගේ හිටින්න හැදුවා. හොලවලා බැලුවාම සද්දේ හොඳට තියෙනවා.
“බළලාට නින්ද ගිය විට මිණි ගෙඩිය බඳීමු” තවත් මීයෙක් කිව්වා.
“ඒ වුණාට බළලාගේ කරේ ඔය මිණි ගෙඩිය එල්ලන්නේ කවුද?” එක මීයෙක් විමසුවා.
එවිට යෝජනාව ගෙන ආ මීයා හෙමින් සැරේ මාරුවුණා. ඔය අතරේ බළලා හෙමින් හෙමින් කුස්සිය පැත්තට එනවා පේනවා. “අන්න බළලා එනවා” එක එක්කෙනා හැංගුණා. මට නම් බෑ කිය කියා හෙමින් හෙමින් පල්ලම් බැස්සා. කටින් කයිවාරු ගැහුවට බළලා දැක්කම පණ ගැහෙනවා. බළලාට කිට්ටු වෙලා මිණි ගෙඩිය බඳින්න කවුරුත් නෑ. එක එකා බැරි බව නොකියා විවිධ හේතු කියලා ඇඟ බේරගත්තා. අත් වෙව්ලනවා, වෙද මහත්තයා හම්බවෙන්න තියෙනවා. තව කෑම හොයන්න මී දරුවන්ගේ ගැටලු මේ වගේ එක එක ජාති කියනවා. ඒත් බළලා ළඟ ළඟ එනවා පේනකොට ඒ අදහස් යටපත් වුණා. හැමෝම ඉක්මනට හැංගෙන්න දිව්වා.
අන්තිමට බලනකොට කාගේ කාගේත් කයිවාරු විතරයි. බළලාගේ කරේ මිණි ගෙඩි බඳින්න එක් කෙනෙක්වත් නෑ.
මීයෝ හැමෝම පල්ලම් බැහැලා ගුලට රිංගලා. ඉදිරිපත් වන්නට කෙනෙක් නෑ. අන්තිමට යෝජනාව පුස්සක් වුණා.
යමක් පුළුවන් බය නෑ කියලා ශබ්ද දාන අය අදාළ අවස්ථාවෙදි මුලු ගැන්විලා මුහුණ දෙන්නේ නැතුව හැංගෙනවා. කරන්න පුළුවන් එකක් ද බැරි එකක්ද කියලා බලන්නේ නැතුව යෝජනා ඉදිරිපත් කරනවා. ඒවා යෝජනා පමණයි. වැඩ කිරීමක් ක්‍රියාත්මක කිරීමක් වන්නේ නැහැ. ප්‍රශ්නයකට කෙතරම් හොඳ විසඳුම් යෝජනා ඉදිරිපත් වුව ද ප්‍රායෝගික නැත්නම් එහි පලක් නැත. දුබලයන් විසින් ප්‍රබලයන් පරාජය කරන්නට පලදායි නොවන යෝජනා හදනකොට එදා සිට මේ දක්වා මෙය කියන්නට කොයි කවුරුත් හුරු වුණා. “ඒකත් හරියට බළලාගේ කරේ මිණි ගෙඩි බැන්දා වගේ” කියලා.
බිහඳු සන්දිල් කීර්තිසේන
මලියදේව විද්‍යාලය,
කුරුණෑගල