Home » Blog » නෙට්බෝල් ජය මොනරාගල රාජකීය විදුහලට

නෙට්බෝල් ජය මොනරාගල රාජකීය විදුහලට

by thanushika
0 comments

මොනරාගල රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය සහ මහානාම කනිෂ්ඨ විද්‍යාලය අතර වාර්ෂිකව පැවැත්වෙන නෙට්බෝල් තරගය ජනවාරි 20 වැනිදා සිවුවැනි වරටත් මොනරාගල ප්‍රාදේශීය සභා ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

මෙහිදී ලකුණු 34ට 16ක් ලෙස ජය හිමිවූයේ මොනරාගල රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය කණ්ඩායමටයි. එම කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ගගනී ගිහාන්සා ක්‍රීඩිකාවයි. ඇය දැල්පන්දු රැජන හා හොඳම පන්දු විදින්නිය ලෙස ද අභිෂේක ලැබුවා ය. ජයග්‍රාහී කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස සමන්ලතා මැණිකේ සහ සඳුනි සමන්මලී යන මහත්මීන් කටයුතුකර ඇත. විදුහල්පති චමින්ද දේශප්‍රිය අත්තනායක මහතාගේ ආරාධනයෙන් මොනරාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා එම්. කේ. සමීරා හර්ෂණී මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූවාය.

ඩී. එස්. ගුණතිලක -ඌව වෙල්ලස්ස විශේෂ


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department