බෙන්තොට දෙද්දුව ප්‍රාථමික විදුහලේ ඉංග්‍රීසි භාෂා දින උලෙළ සිසුන්ගේ නර්තන හා ගායනාවලින් සමන්විතව ඇල්පිටිය අධ්‍යාපන කලාපයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ වින්ධ්‍යා සෙනෙවිරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් ජනවාරි 20 දින පෙරවරුවේ පැවැත්විණි .එහිදී සිසු සිසුවියන් පිරිසක් පිළිගැනීමේ ගීතය ඉදිරිපත් කළ අයුරුයි මේ. විදුහල්පති චන්දන ලද්දුවහෙට්ටි මහතාගේ උපදෙස් මත විද්‍යාලයේ ඉංග්‍රීසි විෂය ආචාර්ය පී.සී. හසන්තිකා මෙණෙවිය ඇතුළු ගුරු මණ්ඩලය මේ උලෙළ සංවිධානය කළහ.
බෙන්තොට එස්. මද්දෙවිතාන – ඌරගස්මන්හංදිය අයි. ජයරත්න