Home » Blog » ඔබ දන්නවාද?

ඔබ දන්නවාද?

by thanushika
0 comments

දරුවන් ස්පොන්ජියක් වගේ ය. ඔවුහු සෑම දිනකම අලුත් දේවල් ඉගෙන ගැනීමට කැමැති අතර, දැනුම උරාගැනීමට බොහෝ ප්‍රිය කරති. විවිධ විනෝදජනක කරුණු ඔවුන්ගේ කුතුහලය පෝෂණය කරයි. සමහර දරුවන් තොරතුරු ඉක්මනින් ග්‍රහණය කරගන්නා අතර, තවත් සමහරු සෙමින් හෝ තොරතුරු ග්‍රහණය කරගනිති. මෙහි දැක්වෙන්නේ ස්පොන්ජියක් සේ දැනුම උරාගැනීමට ආසාවෙන් සිටිනා පුංචි ඔයාලාගේ දැනුම වැඩි කරන තොරතුරුයි.

*
ළැව් ගිනි ඉංග්‍රීසි භාෂාවෙන් හඳුන්වන්නේ ඹඪතඤ ටඪපඥ, ඡභඵඩ ටඪපඥ, ටධපඥඵබ ටඪපඥ යන නම්වලිනි.‍ ලොව සිදුවන ළැව් ගිනිවලින් වැඩි ප්‍රමාණයක් හට ගන්නේ අමෙරිකා එක්සත් ජනපදය ආශ්‍රිතව ය.
*
ළැව් ගින්නක් යනු වනාන්තරයක්, තෘණ භූමියක් හෝ නාගරික ප්‍රදේශයක මායිම වැනි වනගත භූමියක ඇවිළෙන, පාලනයකින් තොර වූ ගින්නකි. ගිනි නිවන භටයෝ ළැව් ගිනි සමඟ සටන් කරන විට මිනිස් ජීවිත, ව්‍යුහයන් සහ සම්පත් ආරක්ෂා කිරීම කෙරෙහි අවධානය යොමු කරති.
*
වාර්ෂික ළැව් ගිනිවලින් 90%ක් ඇති වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ය. මිනිසුන් සිතාමතාම සිදු කරන ක්‍රියා හෝ අහඹු ලෙස සිදුවන දේවල් නිසා ළැව් ගිනි ඇති වේ. උදාහරණ ලෙස එළිමහන් ගිනි මැළ, දුම්වැටි සහ අප්‍රවේසම්කාරී ක්‍රියාවන් දැක්විය හැකි ය.
*
නිදසුනක් වශයෙන්, අයාලේ යන ගිනිදැල්වලින්, ගිනි දැල්වීමක් හෝ මෝටර් රථ එන්ජිමකින් ඇති වන ගිනි පුපුරක් මඟින් වියළි තණකොළවලට ගිනි ඇවිළිය හැකි ය. මිනිසුන් විසින් ඇති කරන ලද ගිනි ගැනීම් සියල්ලම අහම්බයක් නොවේ. පරිසරයට, ගොඩනැඟිලිවලට හෝ මිනිසුන්ට හානි කිරීමට හිතාමතාම ගින්නක් ඇති කිරීම ගිනි තැබීම ලෙස හැඳීන්වේ. ගිනි තැබීම නීතියට පටහැණි අතර, භයානක ප්‍රතිවිපාක ඇති කළ හැකි ය. ගිනි තැබීම් නිසා ද ළැව් ගිනි ඇති වේ. ළැව් ගිනිවලින් 10%ක් පමණ අකුණු ගැසීම් නිසා සහ ගිනි කඳු පිපිරීම් වැනි ස්වාභාවික හේතු නිසා ඇති වන බව පැවසේ. නියඟය, අධික උණුසුම සහ තද සුළං ළැව් ගිනි දරුණු තත්ත්වයට පත්කළ හැකි ය.
*
ළැව්ගිනි සාමාන්‍යයෙන් පැයට සැතපුම් 14ක වේගයෙන් ගමන් කරයි.
*
ළැව්ගින්නක වේගය එය පවතින භූමි ප්‍රදේශය සහ කාලගුණික තත්ත්වයන් මත වෙනස් වේ. පොළොවේ සිට ගස් මුදුන් දක්වා ගිනිදැල් ඉහළට ගමන් කරන විට ළැව්ගිනි ඉක්මනින් පාලනය කළ නොහැකි ය.
*
මධ්‍යම එක්සත් ජනපදයේ සහ නැඟෙනහිර වෙරළේ ළැව් ගිනි නිතර සිදු වුවත් බටහිර ප්‍රාන්තවල (ඇලස්කාව, ඇරිසෝනා, කැලිෆෝනියා, කොලරාඩෝ, ඉඩාහෝ, මොන්ටානා,
නිව් මෙක්සිකෝ, නෙවාඩා, ඔරිගන්, ඌටා, වොෂින්ටන් සහ වයෝමිං) සිදු වන ළැව් ගිනි ඉතා විශාල ය.
*
ළැව් ගිනි හේතුවෙන් සෑම වසරකම අමෙරිකා එක්සත් ජනපදයේ අක්කර මිලියන 5-10ක් පමණ විනාශ වේ.
*
අමෙරිකා එක්සත් ජනපදයේ, ළැව් ගිනි පිළිබඳ නිල වාර්තා තැබීම ආරම්භ වූ 1983 සිට වාර්ෂිකව ළැව් ගිනිවලින් දැවී යන භූමි ප්‍රමාණය 223%ක වැඩි වීමක් සිදුවී ඇත. 1983 ළැව් ගිනි නිසා එරට අක්කර මිලියන 1.3 ක භූමි ප්‍රමාණයක් විනාශ විය. 2021 දී ළැව් ගිනි හේතුවෙන් අක්කර මිලියන 7.1ක් විනාශ විය.
*
මතුපිට ළැව් ගිනි (ඉභපටචජඥ ටඪපඥඵ)හටගන්නේ වනාන්තර තට්ටුවක් හරහා ගින්නක් සෙමින් ඇවිලෙන විට ය. මෙම වර්ගයේ ගින්න ජීවමාන වෘක්ෂලතා සහ ගස් පැළ විනාශ කරයි.
*
සුළං වේගයෙන් හමන විට හෝ වැල් වැනි ඉන්ධන ප්‍රභවයන් ගස් මුදුනට ගිනි ගෙන එන විට ගස් මුදුනේ ළැව් ගිනි (ඛ්පධඹද ටඪපඥඵ) හටගනී. ගස් මුදුනකින් තවත් ගස් මුදුනකට සුළඟ හමා යන විට මේ ආකාරයේ ගින්නක් වේගයෙන් පැතිර යයි.
*
ටෝර්නාඩෝ ළැව් ගිනි (ඊධපදචඤධ ටඪපඥඵ)යනු අතිශය දරුණු ගිනි හැසිරීමකි. ඒවා නිර්මාණය වන්නේ වායු උෂ්ණත්ව මාරුවීම් සහ සුළං ධාරාවේ වෙනස්කම් මඟිනි. මෙම වර්ගයේ ගිනි ඉතා ඉක්මනින් වර්ධනය විය හැකි ය.
*
මහාද්වීපයේ සාමාන්‍යයෙන් පවතින උණුසුම් හා වියළි දේශගුණය නිසා ඔස්ට්‍රේලියාවේ ළැව් ගිනි නිතර සිදු වේ. ඇත්ත වශයෙන්ම, ඔස්ට්‍රේලියාව යනු පෘථිවියේ වඩාත්ම ළැව් ගිනි අවදානම් රටයි.
*
සෑම වසකරම අමෙරිකා එක්සත් ජනපදයේ සහ ඔස්ට්‍රේලියාවේ ළැව් ගිනි 50,000–60,000ක් පමණ සිදු වන බව පැවසේ.


බත් කූරන් විශේෂ 5000ක් සිටින බව පැවසේ. බත් කූරන් දිනකට මදුරුවන් 30 සිට 100 දක්වා ප්‍රමාණයක් ආහාරයට ගන්නා බව පැවසේ. බත්කූරන් බහුලව දැක ගත හැක්කේ වැව් පොකුණු ඇළ දොළ අසල ය. එනම් කරදිය ආශ්‍රිතව නොව මිරිදිය ආශ්‍රිතව ය.

පූ වලහාගේ දිනය සෑම වසරකම ජනවාරි 18 දින සමරනු ලැබේ. මෙම දිනය මෙදිනට යෙදීමට හේතු වී තිබෙන්නේ විනී ද පූ කතා මාලාවෙහි (Winnie-the-Pooh) රචකයා වන ඉංග්‍රීසි ජාතික ලේඛක ඒ්. ඒ්. මිල්නේගේ උපන් දිනය එදිනට යෙදී තිබීමයි. මෙම දිනය සැමරීම 1986 වසරේදී ආරම්භ වී තිබේ.

ලෝක ලුවී බ්රේල් දිනය සෑම වසරකම ජනවාරි 04 දින සමරනු ලැබේ. දෘශ්‍යාබාධිතයන් සඳහා වූ බ්රේල් ක්‍රමය සොයාගත් ප්‍රංශ ජාතික ලුවී බ්රේල්ට උපහාර පිණිස ඔහුගේ උපන්දිනය යෙදෙන ජනවාරි 04 දින මෙම දිනය සමරයි.

ලොව ජනප්‍රියම පලතුරු යුෂ පානය වන්නේ දොඩම් යුෂයි. බොහෝ රටවල උදෑසන ආහාර වේලෙහි අනිවාර්ය අංගයකි දොඩම් යුෂ. දොඩම් නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛතම රට වන්නේ බ්‍රසීලයයි.

ඇතැම් අයිස් ගුහා ඇතුළත උණුදිය උල්පත් පිහිටා තිබෙන බව ඔබ දන්නවාද?

ජපන් භාෂාවෙන් පොත හඳුන්වන්නේ ‘හොන්’ යන නමිනි.

බ්‍රිතාන්‍ය ජාතික ලේඛක රෝල්ඩ් ඩාල් ඔහු විසින් ලියන ලද පොත් අතරින් වඩාත් ප්‍රිය කළ පොත වූයේ ඕජ්ට් පොතයි.

හර්ෂණී ගමගේ

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department