ලෝකයේ මූල්‍ය ගනුදෙනු කරන ප්‍රසිද්ධ මූල්‍යායතන කිහිපයක් පිළිබඳ පුංචි ඔබව දැනුම්වත් කිරීම අපේ අරමුණයි. මේ මූල්‍යායතන පිළිබඳ ඇතැම් අය දන්නා අතර, බොහෝ අය මේ පිළිබඳ නොදනිති. ඉතින් දුවේ පුතේ, මේවායේ මූලස්ථාන එක් නගරයක පිහිටියත් අනෙක් ශාඛා ලෝකය පුරා විසිරී තිබේ. මේ පිළිබඳ තොරතුරු දැනගැනීමට ඔබත් කියවලා බලන්නකෝ.
China Construction Bank
මෙම බැංකුව චීනයේ පිහිටා ඇත.එය ලෝකයේ පවතින විශාලතම බැංකු අතරින් එකකි. එය 1954 වර්ෂයේදී බීජිං නගරයේදී ආරම්භ කරන ලදි. එහි ශාඛා ආසන්න වශයෙන් 13629ක් පමණ ඇත. සිංගප්පූරුව, ලන්ඩන්, ටෝකියෝ, හොංකොං, නිව්යෝර්ක් වැනි නගර කිහිපයකම එවැනි ශාඛා කිහිපයක් පිහිටා ඇත.
JP Morgan Chase Bank
මෙම බැංකුව අමෙරිකානු මූල්‍යය ආයතනයකි. එය J.P. මෝර්ගන් මහතා විසින් ආරම්භ කරන ලදි. එය ආරම්භ කරන ලද්දේ 1799 වර්ෂයේදී ය. මෙය ද ලෝකයේ පවතින විශාලතම බැංකු අතරින් ප්රමුඛත්වයක් උසුලයි. මෙය චිකාගෝ නගරයේ ප්‍රථම ජාතික බැංකුව ලෙස ද හැඳීන්විය හැකි ය.
Agricultural Bank of China
මෙම බැංකුව ද චීනයේ පිහිටා ඇත. මෙය ලෝකයේ පවතින ප්‍රථම විශාලතම බැංකු හතරෙන් එකකි. මෙය ආරම්භ කරන ලද්දේ 1951 වර්ෂයේ ජූලි මස 10 වැනි දින ය. මෙහි ද ශාඛා බොහොමයක් පවතින අතර, ඒවායින් කිහිපයක් නිව්යෝර්ක්, ටෝකියෝ, හොංකොං, ලන්ඩන් ආදී නගරවල පිහිටා ඇත. මෙහි සභාපති ලෙස රොමි උයන් මහතා කටයුතු කරයි.
Citi Bank
මෙම බැංකුව අමෙරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇත. මෙය නිව්යෝර්ක් නගරය පදනම් කරගෙන මූල්‍යමය ආයතනයක් ලෙස බිහි වී ඇත. එහි කොටස්කරුවන්ගේ සහයෝගයෙන් පොදු ආයතනයක් ලෙස කටයුතු කරයි. මෙහි සභාපතිනිය ලෙස කටයුතු කරන්නේ ජේන් ෆ්‍රාසර් මහත්මියයි. මෙම බැංකුව බහු බැංකු සේවාවන් සපයන ප්‍රධාන බැංකු අතරින් එකකි. මෙය 1998 වර්ෂයේදී ආරම්භ කරන ලදි.
ICBC Bank
මෙම බැංකුව ද ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් ප්‍රසිද්ධ බැංකුවකි. මෙම බැංකුව ද චීනයේ පිහිටා ඇත. මෙම බැංකුවේ සභාපති වශයෙන් කටයුතු කරනු ලබන්නේ ඩේවිඩ් වොං මහතා ය. මෙම බැංකුව 1984 වර්ෂයේ ජනවාරි 1 වැනි දින ආරම්භකර ඇත. මෙහි ආසන්න වශයෙන් ඒක පුද්ගල පාරිභෝගිකයෝ මිලියන 720ක් පමණ සිටිති. මෙම බැංකුව ද ලොව පවතින විශාලතම බැංකු අතරින් එකකි.
DBS Bank
මෙය සිංගප්පූරුවේ පිහිටා ඇත. මෙම බැංකුවේ සම්පූර්ණ නාමය වනුයේ The Development Bank of Singapore Limited වේ. මෙය ආසියාවේ ආරක්ෂිතම බැකුව ලෙස සලකයි.මෙහි ශාඛා 280ක් පමණ ඇත. ඒවායින් කිහිපයක් ඉන්දියාව, වියට්නාමය, ඔස්ට්‍රේලියාව,දකුණු කොරියාව, සෞදි අරාබිය, ජපානය, මැලේසියාව වැනි රටවල පිහිටා ඇත.
State Bank of India
මෙම බැංකුව ඉන්දියාවේ පිහිටා ඇත. එය ලොව විශාලතම බැංකු අතරින් 48 වැනි ස්ථානය ගනියි. තවද මෙය ඉන්දියාවේ විශාලතම බැංකුව ද වේ.මෙය 1955 වර්ෂයේ ජූලි මස පළමුවැනි දින
ආරම්භකර ඇත.මෙය පෞද්ගලික අංශයේ බැංකුවකි. මෙහි ශාඛා කිහිපයක් පිහිටා ඇති අතර, ඒවා බොහොමයක් ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කරගෙන බිහි වී ඇත.
National Australia Bank
මෙම බැංකුව ඔස්ට්‍රේලියාවේ පිහිටා ඇත. මෙය 1981 ඔක්තෝබර් මස 1 වැනි දින ආරම්භකර ඇත. මෙය ඔස්ට්‍රේලියාවේ පිහිටා ඇති විශාලතම මූල්‍යමය ආයතන හතරෙන් එකකි. මෙය ලෝකයේ විශාලතම බැංකු අතරින් 52 වැනි ස්ථානය හිමි කරගෙන ඇත. මෙය ද පෞද්ගලික අංශයේ බැංකුවකි.
Scotia Bank
මෙම බැංකුව කැනඩාවේ පිහිටා ඇත. මෙය කැනඩාවේ ප්‍රමුඛතම බැංකු පහ අතරින් තුන්වැනි ස්ථානය ගනියි. මෙය 1832 වර්ෂයේ ආරම්භ කරන ලදි. මෙම බැංකුවේ කාර්යාල ආසන්න වශයෙන් රටවල් 50ක පමණ පවතී. මෙහි පාරිභෝගිකයෝ මිලියන 21 ක් පමණ සිටිති. මෙය මාර්ගගත ක්‍රමයට භාවිත වන හොඳම බැංකුව ලෙස ද සලකයි.
Kookmin Bank
මෙම බැංකුව දකුණු කොරියාවේ පිහිටා ඇත. එය 1963 වර්ෂයේ නොවැම්බර් මස 1 වැනි දින ආරම්භ කර ඇත. මෙය අපට දකුණු කොරියාවේ විශාලතම බැංකුව ලෙස ද පෙන්වා දිය හැකි ය. මෙහි සේවකයෝ 26,000ක් පමණ සේවය කරති. මෙය දකුණු කොරියාවට පැමිණෙන සංචාරකයන් අතර ප්‍රසිද්ධම සහ හොඳම බැංකුව ලෙස ද පෙන්වා දිය හැකි ය.
ස්වේතා ගිමානි
කහවත්ත මහා විද්‍යාලය