Home » Blog »  මකර කතා

 මකර කතා

by thanushika
0 comments

Dragon Tales  යනු ජිම් කෝන් සහ රොන් රොඩෙකර් විසින් නිර්මාණය කරන ලද අධ්‍යාපනික මන: කල්පිත ළමා කතා මාලාවකි. වෙස්ලි යූරේ , ජෙෆ්රි ස්කොට්, ක්ලිෆ් රූබි සහ එලානා ලෙසර් විසින් මෙම ළමා කතා මාලාව වැඩි දියුණු කර ඇත. මෙය අධ්‍යක්ෂණය කරන ලද්දේ ටිම් එල්ඩ්‍රඩ්, ග්ලෝරියා ජෙන්කින්ස් ,බොබ් හැත්කොක් , කර්ට් වෝල්ස්ටෙඩ් සහ ෆිල් වෙයින්ස්ටයින් විසින් ය. මෙම කතා මාලාවේ මුල්ම රට වන්නේ කැනඩාවයි. Dragon Tales හි මුල් භාෂාව වන්නේ ඉංග්‍රීසි භාෂාවයි. මෙහි විධායක නිෂ්පාදකයන් වන්නේ ජිම් කෝන්, නීනා එලියාස් බැම්බර්ගර්, ජෙෆ් ක්ලයින් සහ ජෝඩි නුස්බෝම් ය. Dragon Tales ළමා කතා මාලාව වර්ෂ 1999 සැප්තැම්බර් 6 වැනි දින ඔවුන්ගේ අලුතින් නම් කරන ලද   PBS Kids block හි PBS ඔස්සේ විකාශනය කිරීම ආරම්භ කරන ලද අතර, එහි අවසන් කතාංගය වර්ෂ 2005 අප්‍රේල් 11 වැනි දින විකාශය විය. ඉතින් මේ සූදානම පුංචි දූලා පුතාලට Dragon Tales  ළමා කතා මාලාව පිළිබඳ තොරතුරු රැගෙන එන්නයි.

මෙක්සිකානු-අමෙරිකානු මානව සහෝදර සහෝදරියන් දෙදෙනකු වන හය හැවිරිදි එමී සහ සිව් හැවිරිදි මැක්ස්ගේ වික්‍රමාන්විතය මෙම ළමා කතා මාලාවෙන් ඉස්මතු වේ. ඔවුන්ගේ නව නිවෙසට ගිය පසු, ඔවුන් පුදුම කරවන මකරෙක් සොයා ගන්නා ආකාරය මෙහි දැක්වේ.

ඔවුහු වර්ණවත් මකරුන් වාසය කරන මන:කල්පිත ලෝකයක් වන ඩ්‍රැගන් ලෑන්ඩ් වෙත ගොස් මකරුන් හතරදෙනකු සමඟ මිතුරු වෙති. එමී සහ මැක්ස් නිතර ඩ්‍රැගන් ලෑන්ඩ් වෙත ගමන් කරන අතර, ඔවුන්ගේ මිතුරන්ට විශේෂිත ප්‍රශ්න ඉටු කිරීමට, ඔවුන්ගේ දෛනික ගැටලුවලට සහාය වීමට සහ ඩ්‍රැගන් ලෑන්ඩ් හි ඔවුන්ගේ අත්දැකීම්වලින් වැදගත් සදාචාරය ඉගෙන ගැනීමට උපකාර කරති. සෑම කතාංගයක් අවසානයේම එමී සහ මැක්ස් අත් අල්ලාගෙන පෘථිවියට ආපසු යෑමට සූදානම් වෙති.

මෙම ළමා කතා මාලාවේ ප්‍රධාන චරිත වන්නේ එමී , මැක්ස් , එන්රිකේ, කැසී , ඕර්ඩ්, සක් සහ Quetzal  යන අයයි. මෙහි එමී යනු 6 හැවිරිදි ගැහැනු ළමයෙක් වන අතර, මැක්ස්ගේ වැඩිමහල් සොහොයුරියකි. ඇයගේ හොඳම මිතුරිය කැසී ය. මැක්ස් යනු අවුරුදු 4 පමණක් වයසැති පිරිමි ළමයෙකි. ඔහු එමීගේ බාල සහෝදරයා වේ.

මැක්ස්ගේ හොඳම මිතුරා ඕර්ඩ් ය. එන්රිකේ වයස අවුරුදු 8 වැනි පිරිමි ළමයෙකි. ඔහු කොලොම්බියාවේ සිට එක්සත් ජනපදයට ගොස් වරක් පුවර්ටෝ රිකෝ හි ජීවත් වූ එමී සහ මැක්ස්ගේ නව අසල්වැසියා වේ. කැසී යනු යනු එමීගේ හොඳම මිතුරා වන ඉතා බුද්ධිමත්, ලැජ්ජාශීලී, හුරුබුහුටි සහ මිහිරි රෝස පැහැති ගැහැනු මකරෙකි. BMH, මැක්ස්ගේ හොඳම මිතුරා වන විශාල නිල් පැහැති පිරිමි මකරෙකි. ඔවුන් කලබල වූ විට හෝ බියට පත් වූ විට ඔහු නොපෙනී යයි. සක් සහ Wheezie  ප්‍රතිවිරුද්ධ පෞරුෂයන් සහිත කොළ සහ දම් පැහැති එකට බැ½දුණු නිවුන් මකරුන් වේ. Quetzal  යනු තරුණ මකරුන් සහභාගි වන The School in the Sky හි ගුරුවරයා වන මෙක්සිකෝවේ සිට පැමිණි වයෝවෘද්ධ කහ පිරිමි මකරෙකි. චිලී , සයිරස්, ආර්ලෝ, ෆින්, කිකී, කිඩූඩල් කුමරිය, ලෝර්කා, සයිමන් සහ මුංගුස් වැනි චරිත ද මෙම ළමා කතා මාලාවේ දක්නට ලැබේ.

Dragon Tales  ළමා කතා මාලාවට ධනාත්මක විචාර ලැබී ඇත. Dragon Tales කතා මාලාවෙන් ඉගෙනීමට ඇති ඇල්ම දිරිමත් කිරීම, ගැටලු විස¼දීම සහ අභියෝග ජය ගන්නා ආකාරය, දරුවාගේ වර්ධනයට සහ සංවර්ධනයට ධනාත්මක බලපෑමක් ඇති කරන බව විචාරක අදහස වේ. මකරුන් විවිධ වික්‍රමාන්විතයන් ආරම්භ කරන අතර, ඔවුන් බියට මුහුණ දෙන ආකාරය සහ විනෝදයෙන් කටයුතු කරන ආකාරය ඉගෙන ගන්නා ආකාරය ද මෙම කතා මාලාව ඔස්සේ පෙන්වයි.

චතුරි ලක්ෂිකා

 


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department