ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ රජරට සේවය මඟින් විසුරුවා හරිනු ලබන සමනල උයන, දේදුනු හැන්දෑව, රජරට මිණිමුතු යන ළමා වැඩසටහන් සඳහා දායක වන දූ දරුවන් වෙනුවෙන් සංවිධාන කළ පුහුණු වැඩමුළුවක් ඉකුත්දා රජරට සේවා එළිමහන් රඟහලේදී පැවැත්විණි.
නිවේදන කටයුතු, පිටපත් කියවීම, ගුවන් විදුලි නාට්‍ය, කවි සහ ගී ගායනා, තාක්ෂණික උපකරණ භාවිතය, ගුවන් විදුලි ළමා ගීත ආදිය පිළිබඳ දරුවන් දැනුම්වත් කිරීම මෙහිදී සිදුකෙරිණි. රජරට සේවා පාලක ප්‍රසන්න දිසානායක, ගුවන් විදුලි මාධ්‍යවේදී සමන් අබේවර්ධන, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදිනී ලිලී වඩුගේ යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබාදෙන ලදි. දූ දරුවන්, මව්පියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාව සඳහා එක් වී සිටියහ.
තලාව සමූහ – – බී.ඩබ්.ඩී. ධර්මකීර්ති