Home » Blog » වෙස් තැබීමේ මංගල්‍යය

වෙස් තැබීමේ මංගල්‍යය

by thanushika
0 comments

ප්‍රථම වතාවට උතුරු කොළඹ ඩිලාසාල් විදුහලේ රංගාභිෂේක 2025 හිසවෙස් තැබීමේ මංගල්‍යය පසුගිය දින බෞද්ධ වතාවත්වලට මුල් තැන දෙමින් කොටහේන පරමානන්ද විහාරයේදී ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව විදුහල් පරිශ්‍රයේදී සිදු කෙරිණි.

නර්තනාචාර්ය බුද්ධික ප්‍රභාත් අබේසිරිවර්ධන යටතේ නර්තනය ප්‍රගුණ කළ දරුවන් 12ක් හිස වෙස් පැලඳී අතර, එයින් වැඩි පිරිසක් කතෝලික දරුවන් වීම විශේෂත්වයකි.

විදුහල්පති ගරු ජෝසප් ජෙයකාන්ත් සහෝදරතුමන් ස්වාමීන් වහන්සේලා ද ඩිලාසාල් නිකායික සහෝදරතුමන්ලා ද කන්‍යා සොහොයුරියන් ද ඇතුළුව ආගමික නායකයන් උතුරු කොළඹ පාසල්වල විදුහල්පතිවරුන්, විශේෂ ආරාධිත අමුත්තන්, නර්තනාචාර්යවරුන් විශාල පිරිසක් ද විද්‍යාලයේ ගුරුභවතුන්, සිසු දරුවන් සහ මව්පියවරු ද සහභාගි වූහ.


You may also like

Leave a Comment

1964 වසේ ජූලි 27 වනදා ආරම්භ කල මිහිර පුවත්පත ජාතියේ දූ පුතුන්ගේ දැනුම් තක්සලාව ලෙසින් බොහෝ කාලයක් පුරාවට ලාංකීය දූ පුතුන්ට දැනුම ලබා දෙන පුවත්පතකි.

පත්තර මහගෙදර ලේක්හවුස් පවුලේ ප්‍රකාශනයක් ලෙසින් මිහිර පුවත්පත ඔබ වෙතට පත්වේ.

All Right Reserved @2024. Designed and Developed by Lakehouse IT Department