රැයක අසිරියයි මැවෙන්නේ
අඳුරත් ළඟ ළඟ එන්නේ
බකමූණෝ ඉගිළෙන්නේ
අහසේ තරු දිලිසෙන්නේ
රැයක අසිරියයි මැවෙන්නේ
සඳ කිරණෙන් එළිය වෙන්නේ
මල් සුවඳත් හමා එන්නේ
වවුලෝ හැම තැන ඉන්නේ
රැයක අසිරියයි මැවෙන්නේ..
මිනිසුන් නින්දට යන්නේ
සීත සුළං හමා එන්නේ
කණාමැදිරියන් දිලින්නේ
රැයක අසිරියයි මැවෙන්නේ…
ඩී. ඩී. එච්. කේ. නෙත්‍යා
——————————-
තාත්තා
ලේ කිරිකර පොවා මා මෙලොවට බිහි කළේ අම්මා
දහඩිය වගුරුවා වෙහෙස මහන්සිය නොතකා
ගිනි අව්වේ පිච්චි පිච්චි වෙහෙස වුණු
එකම කෙනා තමයි තාත්තා
වීරෝදාර රණවිරුවකු ලෙස
වසර 35ක සේවය
මට හරි ආඩම්බරයි තාත්තේ
“මම දිනූ ලෝකයට වඩා වෙනස්ම ලෝකයක්
දකින්නම ඕන මගෙ පුතා”
කියලා කියූ එකම දෙවියා ඔයයි තාත්තේ
හරියට කෑමක් බීමක් නැතුව
හරියට අඳින්නෙවත් නැතුව
වෙහෙස වුණේ
“මගේ පුතා රජ කරවන්නයි” යන හැඟීම තිබුණේ
තාත්තා මට නොකිවුවට
ඔහු හිතන්න ඇත්තේ මගේ මහන්සියේ ප්‍රතිඵල
අත්විඳිනවා යන්නයි
කොච්චර අග හිඟකම්, බාධක, කම්කටොලු, තිබුණ ද
මට මේක ඕන කියූ ගමන්
තිස්තුන් කෝටියක් දෙවියන්ට පෙර
තාත්තේ ඔයා ඒ දේ ගෙනත් දුන්නේ හරිම සතුටින්
වැටි වැටී ඇවිදින ජීවිතේ
මගේ ලෝකයේ සදා අමරණීය
වීරයා ඔබයි තාත්තේ
ගිසඳී කවිශ්කි අහස්‍යා
8 ශ්‍රේණිය
——————————
තරු…
ඈතට පේන්නේ
හරි ලස්සනට දිලිසිලා
අඳුරු අහසට පුංචි පුංචි
එළි කැට ගේනවා වගේ…
ඒත්..
තරු කැට ඒ දිලිසෙනවා නෙවෙයි
තමන්ට දරා ගන්න බැරි තරම් දැවෙනවා
දැවි දැවී…
අඳුරු රාත්‍රිය හැඩ කරනවා
පුංචි කවිකාරියක්ගේ
තනිය මකනවා….
ඉතිං ඔයත් දැවි දැවී හරි
එළිය විහිදුවන
පුංචි තරු කුමාරිකාවක් වෙන්න
උත්සාහ කරන්න
තමන් දැවුණා වුණත්
කවුරුහරි තමන් නිසා සතුටු වේවි නේ..
ජී. එල්. එස්. ඒ. නිම්නාදි
10 ශ්‍රේණිය
—————————
Life cycle of Butterfly
A butterfly starts in an egg
Then became in to a caterpillar
Changes in to
a cocoon //
Oh after 5 days…
Caterpillar is
A butterfly…///
Has shiny wings
Has two antennas
Not eatings leaves
Drinking nectar
What a surprise
in a life of
a bu..tte..rfly…//
Loshithi Chavinsha
Grade 7
———————–
Tree
Do not cut me
Cried the tree
Because i give you
In my cool shade
you rest
Eat my fruits
These are best
Take in my fresh smell
Let me live
My life well
Ranumi Gayansa
Grade 6